මේකත් හෝමෝද ?![]()
කවුරු හරි මට ලඞ්කාවෙ හෝමෝ සින්දු ටික ලිස්ට් එකක් වශයෙන් දාපංකො![]()
තේරුං එක්ක![]()
මං හිතුවෙ පුන් සඳ රෑට ඇවිදින් එක විතරයි කියල හෝමෝ සින්දු වලට තියෙන්නෙ![]()
![]()
ඒ දෙසැම්බර් මාසයේ එක් වැහිබර හීතල හැන්දෑවකි. සිහින් පොදක් සමඟින් අපි බෝඩිං කාමරයට පිවිසුනේ හවස හය හමාරට පමණි. සුරතේ තිබූ පොත් කිහිපය මේසයට විසිකල අපි ඉක්මනින් නාගෙන පැමිණියේ බදුලු සීතල කපාගෙන යන උණුසුම් ඉඟුරු තේ එකක්ද සුරතින් රැගෙනය. පුටු ඇන්දේ නවා දමා තිබූ උදාරයාගෙ ඩෙනිම ගුලිකොට ඇඳට වීසිකල මම පුටුව අනිත් පැත්ත හරවා කකුල් දෙපැත්තට දමා එහි උනෙමි. ඒ වෙනවිටත් ඇඳ වියලට බරවී තේක බොමින් පොතක් දෙස බලා සිටි ලකියා මං වීසිකල ඩෙනිම ගෙන දොර මුල්ලට වීසි කරන විට ඉතා මනරම් වාග් මාලාවකින් අප දෙදෙනාටම සංග්‍රහ කල උදාර ඩෙනිම රැගෙන කාමරය හරහා ගැටගසා තිබූ රෙදි වැලට දැම්මේය.
"අඩේ දාපන්කො බං සිංදුවක්" මම කීවෙමි.
උදාරයා උගේ ෆෝන් එක ගෙන ගීතයක් ප්ලේ කොට එය මේසය මතට වීසි කලේය.
එය මා ඇළුම් කල ගීතයක් විය. කෙසේ වුවද උදාර ගීත විචාරය පටන්ගත්තේය.
"බලහංකො බං මේකි කියන කතාව, ඒකිගෙ මල්නම් පිපිලලු. ඒත් ගෙඩි නෑලු. ඕකිට ගෙඩි හදල දෙන්නනම් පුලුවන්...."
ඔහු එසේ කීවේ ගීතයේ "මල් පිපුනාට ගෙඩි නෑ තාම අඹ ගහට.." යන කොටසටයි.
මමද හූ මිටි තියමින් උගේ කතාවට පෝර දැම්මෙමි.
"ඒ ඕක නවත්තපං බං." ලකියා එසේ කීවිට අප පුදුම වූයේ වෙනදට මෙවන් කතාවල පුරෝගාමිය ඔහු වන හෙයිනි. එනිසා ඌ කීව එක මායිම් නොකර අපි අපේ විචාරය දිගටම කරගෙන ගියෙමු. කටට බ්රේක් නැති උදාර තවත් හිරිකිත කතාවක් කියා දැම්මේය. මටද හිනාව නවත්තාගත් නොහැකි විය. අපි දෙදෙනා හඬ නගා සිනාසුනෙමු. එක්වරම සිදුවූයේ නොසිතූ දෙයකි.
'දඩාස්' හඬින් ලකියා උගේ අත තිබූ පොත පොළොවේ ගැසීය. "අඩෝ @#%තො. ඔය කතාව නවත්තගනින්." යි මහ හඬින් කෑගසමින් ඇඳෙන් පැන අප දෙදෙනා අසලට පැමිණ අප දෙස බලා හිඳ දිගු සුසුමක් හෙලීය.
"මචං ඔය සිංදුවට මොකවත් කියන්නෙපා. මං ඔය සිංදුවට ගොඩක් ආදරෙයි බං. මං විතරක් නෙවෙයි, අපේ ගම් පළාතෙ හැමෝම ඔය සිංදුවට ආදරෙයි. ඔය අපේ ගමේ කතාව බං. ඔය අපේ ගමේ හැම ගෑනියෙක්ගෙම ජීවිතේ මචං. ඔය සිංදුවේ විදියටම අද රෑටත් අපේ ගමේ එවුන් හේන් රකින්න යනව බං. ගෑනු තනියම ගෙවල්වල හූල්ලනවා. උන් උන්ගෙ තරුණ කාලෙ හේනට කුඹුරටම දියකරනවා. තමන්ගෙ අලුත බැඳපු කෙල්ල කටු මැටි ගෙදර තනියෙන් දාල මූණ ඉඹල යන කොල්ලා සමහර විට ආයෙ ගෙදර එන්නෙ නෑ. ඌට අලි ගහනවා. ඕකයි මචං අපේ ගමේ ජීවිතේ. ඒ නිසා ඔය සිංදුවෙන් කියන්නෙ අපේ ගමේ ජීවිතේ බං. අපේ කෙල්ලොන්ගෙ ජීවිතේ. අපේ කෙල්ලන්ගේ ප්‍රාර්ථනේ. ඒනිසා අපි කවුරුත් ඔය සිංදුවට ජාතික ගීයට වගේ ආදරෙයි. ඒ නිසා ප්ලීස් මචං, උඹල වෙන ඕනි සිංදුවක් බයිට් එකට ගනිල්ලා. ඒත් මේ සින්දුව ජෝක් එකකට ගන්නෙපා.
"ඒක හරියට අපේ ජීවිත ජෝක් එකකට ගත්තා වගේ. අපේ ගෑනුන්ව අපහාසෙට ලක්කෙරුව වගේ. අපේ ගමේ ඉන්නෙ හරි අහිංසක මිනිස්සු බං"
කියමින් ඔහු හිස් තේ කෝප්පයද ගෙන කාමරයෙන් පිටව ගියේය. අපි දෙදෙනාට කට උත්තර නැතිවිය. ඇටි කෙහෙල් කාපු උගුඩුවෝ වගේ අපි මූණෙන් මූණ බලා සිටියෙමු.
ලකියා නොහොත් ලක්ෂාන්, උසස් පෙළ සඳහා බදුල්ලට පැමිණියේ අම්පාරේ සිටය. එනම් දිගාමඩුල්ලේ සිටය. එනිසා ඔහු මෙම ගීතයේ සුවඳ උපරිමේට විඳගත් අයෙකු විය. ලකී වැඩිපුර සිංදු අහපු එකෙක් නෙවෙයි. උගේ පවුලේ හේන් ගොවිතැන් කරන කවුරුත් හිටියෙත් නෑ. ඒත් ඌට උගේ ගමේ සුවඳ හොඳටම දැනිල තිබුනා. ඔහු ඒ අව්‍යාජ ගැමි සුවඳට දැඩිව බැඳිලා හිටියා.නමුත් මේ ගීතයේ කතාව අපේ ජීවිතයට එච්චරම සමීප නැති නිසා අපිට ඒ සංවේදී හැඟීම ඒ දවස් වල එච්චරම දැනුන් එ නෑ.නමුත් ලකිය අපි දෙන්නටම හොඳ පාඩමක් කියල දුන්නා. එදා ඉඳන් මේ ගීතය මගේත් ගීතයක් උනා.
ගීතය ඇහෙන හැම වෙලාවකම රටේ එක් කොටසක දිවි ගෙවන මගේම අයියලා, අක්කලාගෙ, මල්ලිලා නංගිලාගේ දාඩිය සුවඳ, ඔවුන්ගේ දුක වේදනාව මටත් දැනෙන්න ගත්තා. උන් මගේම එවුන් කියල මගේ පපුවට දැනෙන්න පටන්ගත්තා. ඒ විතරක් නෙවෙයි, ගීතය ඇහෙන හැම වෙලාවකම සීතල බදුල්ලට හිත දුවල ගියා. ජීවිතේ එක් පරිච්ඡේදයක් වෙච්ච හුරුපුරුදු බෝඩිං කාමරේ උනුසුම ආයෙත් හදවතට ගෙනාව. ඔක්කොටම වඩා රත්තරං යාලුවෙක්ගෙ සංවේදී හදවතක රස්නෙ හුඟාක් ළඟින් දැනෙන්න ගත්තා.
*******************************
ඉතිං මේ මතකයන් පෙළත් එක්ක විනාඩි හතලිහක් ගෙවිල ගියා. අර මුලින් කිව්ව කර්ණාංජලිකාව මොහොතකටවත් ඇහුනෙම නෑ. කොහොමහරි බහින තැනත් ළං උනා. මං එතනින් බැහැගත්තා. බස් එක ඈතට ඇදිල යනකොට "හිත හිරිවට්ටන ඔය ලොකු ඇස්දෙක ලියාගන්න සින්නක්කර.." යැයි කිසියම් පිසාචයකු කාන්තා ඇස් දෙකක් උගුල්ලා ගලවා උගේ අතට සින්නක්කරේටම ලබාදෙන ලෙස ඉල්ලමින් කෑමොර දෙනු මගේ දෙසවනට ලාවට ඇසීයමින් තිබුනා.
මෙවන් ගීත යැයි කියාගන්නා අඳෝනා අතර ඉහතින් කී ගීතය තැබිය යුත්තේ කිනම් මළුවකදැයි ගෙදරට පයින් එනතුරුම මගේ හිත මගෙන් ප්‍රශ්න කරන්න ගත්තා.
"පුන් සඳ රෑට ඇවිදින් හේනේ කළුව බිඳ
රන්කෙඳි සේම රන්වන් ඉරිඟු ඉඹිනවද
තුන්යම හීන දැක දැක මොටදැයි ගෙදර ඉඳ
රන්කඳ තාම පැල් රකිනවාදෝ නිදි නැතිව
නිල් තරු රෑන ඉඟි බිඟි පාන අහස යට
පිල්කඩ උඩම ඇලවී ඉන්න හිතයි මට
මී අඹ කන්න ගිරවුනි එන්න එපා හෙට
මල් පිපුනාට ගෙඩි නෑ තාම අඹ ගහට
රන් කඳ සේම පින්සර මාගෙ ඇතු නිදන
රන්මල් යාන හීනෙන් දකින පින පමන
තුන්පත් රෑන වේදෝ කෝම අප දෙදෙන
රන්කැටි පුතුට ඉඩ මදිවාද මගෙ යහන"
ගායනය - නිරෝෂා විරාජිනී
පද - රත්න විජේසිංහ
තනුව - ඔස්ටින් මුණසිංහ


