උඹලට A-Level Results ආවට පස්සෙ දුක හිතුනෙ නැද්ද? මම නම් ඊයෙ Results ආවට පස්සෙ පොඩ්ඩක් දුකෙන් හිටියෙ. මං බං අපේ ඉස්කෝලේ Bio Section එකේ මුල් 10 දෙනා අතරෙ හිටියෙ. මං හැමදාම වගේ අපේ පන්තියෙ පළවෙනියා. ඒත් බං අන්තිමට මට 1st shy එකේ තිබ්බෙ C2 යි S1 යි. ඊට පස්සේ මං 2nd shy එකේ හරි ගොඩ යනව කියල හිතාගෙන 2nd shy එකත් ලිව්වා. ඒත් මට මේ සැරේත් ආවෙ C 3 ක් විතරයි. මං අද කල්පනා කරල බැලුවා මට මෙච්චරම Result එක අඩු වෙන්න හේතුව මොකක්ද කියලා. ඊට පස්සෙ මට ඒකට හේතුව තේරුණා. මට A-Level වල අන්තිම කාලෙ Software Engineering පැත්තට පොඩි ආසාවක් ආවා. ඊට පස්සෙ මං ඒ ගැන Research කරන්න පටන් ගත්තා. අන්තිමට ඒක over ගියා. ඊටපස්සේ මං drug එකකට addict වෙලා වගේ Software Engineering ගැන හොයන්න පටන්ගත්තා. එතකොට මට A-Level වලට පාඩම් කරන්න වෙලා මදි වුනා. සරලවම කිව්වොත් ඕක තමා මට A-Level වලට Results අඩු වෙන්න හේතුව. තව මං පොඩිම කාලෙ ඉඳන්ම මට Music Production කරන්නත් ආසාවක් තිබ්බා. මං ඒ ගැන A-Level කාලෙදිත් පොඩ්ඩක් හෙව්වා. (ඇත්තම කිව්වොත් මං 1st Shy එකේ Results එන්න කලින් යාලුවෙක්ගෙ voice එකකට Music හදලා Original Song එකක් Produce කරල ඒක YouTube එකටත් Release කරා.)
BTW මං A-Level කාලෙ Programming වලට අදාල YouTube videos බලන ගමන් ඒ videos ටික "My Programming Research" කියලා YouTube Playlist එකක් හදලා ඒකට save කරගත්තා. දැනට ඒ Playlist එකේ videos 538 ක් තියෙනවා. මං ඔයිටත් වඩා programming videos බලලා ඇති. ඒ සමහර එව්වා මට මේකට දාන්න බැරිවෙන්න ඇති. Software Engineering පැත්තෙ ඉන්න කට්ටිය මේ Playlist එක බලන්න. ඔයගොල්ලොන්ට වටින videos කීපයක් මේ Playlist එකෙන් හොයාගන්න පුළුවන් වෙයි. මං ඉස්සරහට අලුතෙන් බලන programming videos ටිකත් මං මේ Playlist එකට add කරන්නම්.
My Programming Research
ඒත් බං දැන් මට හිතෙනවා මට මෙහෙම Result එකක් ආපු එකත් හොඳයි කියලා. මොකද දැන් මට මං කැමතිම Field එක වෙච්ච IT Field එකේම දිගටම Studies කරන්න නිදහස තියෙනවා. මට මේ පාර A-Level වලට ආපු Result එකට යනවනම් යන්න වෙන්නෙ Agriculture Faculty එකකට විතරයි. Agriculture Faculty යනවට වඩා Private University එකක IT Faculty එකකට යන එක මට වාසියි කියලා අපේ අම්මලාට convince කරන්න මට පුළුවන් වුනා. මට බං දැන් තියෙන එකම අවුල මගේ Result එක ගැන අපේ පවුලේ කට්ටිය දුකෙන් ඉන්න එක විතරයි. අපේ පන්ති භාර මැඩම්ටත් මං මගේ Result එක කිව්වට පස්සෙ සෑහෙන්න දුක හිතුනා. Anyway, මං අම්මලාට කරදරයක් වෙන්නෙ නැතුව කොහොමහරි තනියෙන්ම සල්ලි හොයාගෙන IT Degree එකක් කරනවා. දැං මට ඊයෙ තරම් දුකක් නෑ. දැං මට මගේ path එක clear. මං කොහොමහරි Software Engineer කෙනෙක් වෙනවා. Wish Me Good Luck!!!