උඹලත් ගේ අවට මිනිස්සු එක්ක වලි දා ගන්නවද බන්? මේ අද හවස අපේ ගෙදර ඉස්සරහ කට්ටිය පට්ට වලියක් කාණු කේස් එහෙකට.. ඔය පින්තූරේ තියෙන විදියට අලුතින් ලෑන්ඩ් සේල් ඉඩම්ක් තියෙනවා.ඕකේ ගෙවල් 15 ක් විතර තියෙනවා.. ඔක්කොම පිටින් ආපු උන්.අලුත් ඉඩමට වෙනම අඩි 12 ක පළල් පාරක් දීලා තියෙන්නේ.. ඉන් පිට ඉන්නේ අවුරුදු 50 ක ගම්කාරයෝ... ඒ මිනිස්සු පාවිච්චි කරන්නේ පරණ අඩි 8 පාර.. පරණ ගම් කාරයෝ පට්ට හොඳයි. ෆයිට් එක තියෙන්නේ අලුතෙන් ආපු අයයි ගම් කාරයොයි අතර..
දැන් ඔක්කොම අලුතින් ආපු එවුන් පාවිච්චි කරන්නේ පරණ පාර.. එපා වෙනවා බන් වාහන දෙකක් සෙට් උනොත් එකක් ආපස්සට ගන්නම වෙනවා 100 m... අලුත් පාර ටිකක් දුර නිසා ඔක්කොම යන්න එනේ දැන් මේ පරණ පාරේ.. අලුත් පාරේ වතුර බැස්සීම ක්‍රමවත් නෑ.. දැන් ඒවත් බහින්නේ පරණ පාරෙන්.. ඒ පාරේ ඉඩම් වලටත් වතුර එනවා.. පරණ ගමේ එක්කෙනෙක් ඔය රතු පාටින් තියෙන දැන පොඩ්ඩක් උස්සලා පස් බැම්මක් දාලා.. ඉතින් ඕකට දැන් පට්ට වලි.. (ඊතල දක්වලා තියෙන පැති වලට තමයි වතුර බහින්නේ.. )
හවස පට්ට ගෝරිය මෙතන.. පාරේ කුණූ පුච්චනවා කියලා ඒකටත් වලි.. පාරේ වාහණයක් නවත්තලා තිබ්බත් ඒකටත් වලි.. අනේ මන්දා බන්..
උඹලා දන්නවා නම් කියපල්ලා එහෙම වතුර බස්සන කේස් අදාල කාටද? එහෙම කාටවත් ඕනේ විදියට පාරේ බම්පර් දාන්න පුළුවන්ද? අලුත් ලෑන්ඩ් සේල් එහෙකට පාරක් දීලා තියෙනවා නම් ඒකේ විතරද යන්න පුළුවන්?
