උඹලත් නිදි මතේ වාහන එලවන්න එපා මචන්

Sinhala King

Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    උඹලත් නිදි මතේ වාහන එලවන්න එපා මචන්

    ඊයේ උන අනතුරකින් මම අදුනන අංකල් කෙනෙක්ගේ දුව නැති වුනා, එයාගේ පුතාට, නෝනට අමාරුයි දෙන්නම බදුල්ලේ රෝහලේ නවත්තලා කියලා තමයි ආරංචිය. හිතන්න ඒ අංකල්ට මොනතරම් වේදනාවක් ඇතිද. පුතා තමයි වාහනේ එලවන් ගිහින් තියන්නේ. අංකල් ගමන ගිහින් නෑ. අනතුර වෙලා තියන්නේ නින්ද ගිය නිසා කියලයි කියන්නේ. ආරංචියේ හැටියට දුව කොළඹ ඉගෙන ගන්නවා, අව්රුද්දට එයාව ගෙදර එක්කන් එනකොට තමයි මේ ටික වෙලා තියන්නේ.

    මේ තියන්නේ නිව්ස් එක
    බණ්ඩාරවෙල හපුතලේ මාර්ගයේ ඔත්තෙකඩේ ප්‍රදේශයේ සිදුවු රිය අනතුරකින් තරුණියක් (22) මියගොස් තිබෙනවා. මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 40 ක පමණ ප්‍රපාතයකට පෙරලීමෙන් අනතුර සිදුව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කලේ.

    10 අලුයම මෙම අනතුර සිදුව තිබෙනවා. අනතුරින් එම තරුණියගේ මව සහ සොහොයුරා ද තුවාල ලබා ඇතැයි සඳහන්.ඔවුන් දියතලාව මුලික රෝහලට ඇතුලත් කර තිබෙනවා. (ආරංචියේ හැටියට දැන් බදුල්ලේ ගෙනිහින්, දෙන්නටම ටිකක් අමාරුයිලු)
    බණ්ඩාරවෙල ප්‍රදේශයේ පදිචිකරුවන් වන ඔවුන් හපුතලේ සිට බණ්ඩාරවෙල දක්වා ගමන් කරමින් සිටියදී මෙම අනතුරට ලක්වී තිබෙනවා.
    130530_1.jpg

    130530_2.jpg

    මේ දවස්වල ගමටයන, නෑගම් යන උඹලා නිදි මතේ නම් එලවන්න එපා.
    ඒවගේම මේකට සම්බන්ධ නැතත් බීලා එලවන්න එපා. තමන්ට මොනවහරි උනොත් නම් ඒක තමන්ට දැනෙන්නෙ නෑ. ඒත් දෙමව්පියෝ, සහෝදරයෝ කොහොම දරා ගන්නද. අනික තමන් එක්ක යන අනිත් අයට වගේම පාරේ යන මිනිස්සුන්ගේ ජීවිත වල වගකීමත් තියන්නේ එලවන කෙනාගේ අතේ. මේ දවස් වල ටිකක් හිමින් කල්පනාවෙන් වාහන එලවන්න.

    අප අතරින් වෙන්වුන සොයුරියට නිවන් සුව පතමි!
    තුවාල ලබා සිටන සොයුරාට හා එම මවට ඉක්මන් නීරෝගී සුවය පතමි!
     
    Last edited:
    • Like
    Reactions: 07sanjeewakaru

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ow ban mamath den sathi dekakata wage kalin heppuna ninda gihin gewal lagadima. welawata wife & baba pitipasse hitiye. katawath karadarayak ne. wahaneta tikak damage. me sere aurudu lawata itin. :(
     
    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    ඔහොම සීන් එකක් අපිටත් උනා බන් ,
    වෙන්ට මාමන්ඩිට නුවර වෙධීන් එකට ගිහිල්ලා එනකොට නින්ද ගිහිල්ලා .
    මගේ කෙල්ලගේ නහයට මැහුම් 8ක් දාල නතර උනේ .
    කටියම සිට් බෙල්ට් දාල හිටියට මගේ එකී සිට් එකේ නිදාගෙන ගිහිල්ලා .
    පාරෙන් පිට යන්න හදනකොට ඉස්සරහින් ආපු වැන් එකා අඩයක් තියලා උගේ මුනට මුණ .
    වාසනාවට උව සෙට් වෙලා වාහනේ නතර වෙලා තියෙනේ නැත්නම් අඩි 100ක් 200ක් පත්ලේ
     
    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    ow ban mamath den sathi dekakata wage kalin heppuna ninda gihin gewal lagadima. welawata wife & baba pitipasse hitiye. katawath karadarayak ne. wahaneta tikak damage. me sere aurudu lawata itin. :(

    ඔව් මචං නිදි මත නම් අනිවාර්යෙන්ම ටිකක් නිදාගන නැගිටලා මූන ටිකක් හෝදගෙන එලවන්න ඕනේ. ඒ වෙලාවට විනාඩි 15 ක්, පැය බාගයක් නිදාගත්තත් ඇති. ඒ පරක්කු වෙන වෙලාව වගේ නෙවෙයිනේ අනතුරකින් වෙන හානිය. වාහන වලට නම් වෙන ඩැමේජ් හදාගන්න පුලුවන්. සල්ලි එකතු කරලා වාහන ගන්න පුලුවන්, ඒත් ඉතිං ජීවිත ආයි ගන්න බෑනේ. ඒ දෙමව්පියෝ අව්රුදු 20 ගානක් ලමයි දෙන්නා හදලා දැන් එක ලමයෙක් නැති වුනා. අනිත් ලමයටත් අමාරුයි.:(
     
    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    ඔහොම සීන් එකක් අපිටත් උනා බන් ,
    වෙන්ට මාමන්ඩිට නුවර වෙධීන් එකට ගිහිල්ලා එනකොට නින්ද ගිහිල්ලා .
    මගේ කෙල්ලගේ නහයට මැහුම් 8ක් දාල නතර උනේ .
    කටියම සිට් බෙල්ට් දාල හිටියට මගේ එකී සිට් එකේ නිදාගෙන ගිහිල්ලා .
    පාරෙන් පිට යන්න හදනකොට ඉස්සරහින් ආපු වැන් එකා අඩයක් තියලා උගේ මුනට මුණ .
    වාසනාවට උව සෙට් වෙලා වාහනේ නතර වෙලා තියෙනේ නැත්නම් අඩි 100ක් 200ක් පත්ලේ

    ඔව් බං නින්ද අන්තිම බයානකයි. :( ඕක ගොඩක් වෙනවා දුර එලවනකොට. කතා කර කර යන්න කව්රුත් හිටියේ නැත්තං තමයි වැඩියම ඕක වෙන්නේ. අනිත් අයත් දුර යනකොට වාහනේ එලවන එක්කෙනත් එක්ක ටිකක් කතා කර කර නින්ද යනවද කියලා කල්පනාවෙන් යන්න ඕනේ.
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....

    ඔව් බං නින්ද අන්තිම බයානකයි. :( ඕක ගොඩක් වෙනවා දුර එලවනකොට. කතා කර කර යන්න කව්රුත් හිටියේ නැත්තං තමයි වැඩියම ඕක වෙන්නේ. අනිත් අයත් දුර යනකොට වාහනේ එලවන එක්කෙනත් එක්ක ටිකක් කතා කර කර නින්ද යනවද කියලා කල්පනාවෙන් යන්න ඕනේ.

    mata nam wife katha karalath nindenam uttara dela ban. welawata paraayine pas kandiyaka wedune. re 12.45ta.
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,539
    1,823
    113
    ලංකාවෙ අඩා...!
    අඩෝ මගෙ ඉස්කෝල කාලෙ හිටිය හොඳම යාළුවට එක පාරට නින්ද ගිහින් කාර් එක accident උනා...පවුලෙ 4යි..හතරම මරුටියෙ...අම්මයි මල්ලියි නැති උනා...තාත්තට කිසිම තුවාලයක් නෑ..යාළුව අමාරුවෙන් ගොඩ ආව..ඌ අම්මයි මල්ලියි නැතිඋනා කියල හරියටම දැනගත්තෙ තුන් මාසෙ දානෙ දවසෙ...:(:(:(:(
    තාත්තගෙ හිතේ දුක මට හිතාගන්ටවත් බෑ...මං තනියෙන් ඒ ගැන හිතල අඬල තියනවා..(මං අඬන එකෙක් නෙවෙයි)...:(:(
    යාළුවා ඉන්න තත්වය ගැන හිතන්ට මට ඇත්තටම හයියක් නෑ...
    ඉතින් කියන්ට තියෙන්නෙ...ජීවිතේ මාරම අනිත්‍යයි..තණ අග පිණි බිඳක්ම තමා...නිදිමතනං වාහනේ නවත්තල නිදියගනිං....තත්පරෙන් ඔක්කොම ඉවරවෙන්ට පුළුවන්...

    අඩෝ ඒ අංකල්,ඇන්ටි එක්කයි...,පුතා එක්කයි දිගටම ලගින් හිටපන් මචෝ....ඒක කියල විස්තර කරන්ට බැරි දුකක්....:(:(:(
     
    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    mata nam wife katha karalath nindenam uttara dela ban. welawata paraayine pas kandiyaka wedune. re 12.45ta.

    :shocked: අඩනින්දෙන් වගේ උත්තර දෙන්න ඇති මචං. ඔයින් ගියා ඇති.
     
    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    අඩෝ මගෙ ඉස්කෝල කාලෙ හිටිය හොඳම යාළුවට එක පාරට නින්ද ගිහින් කාර් එක accident උනා...පවුලෙ 4යි..හතරම මරුටියෙ...අම්මයි මල්ලියි නැති උනා...තාත්තට කිසිම තුවාලයක් නෑ..යාළුව අමාරුවෙන් ගොඩ ආව..ඌ අම්මයි මල්ලියි නැතිඋනා කියල හරියටම දැනගත්තෙ තුන් මාසෙ දානෙ දවසෙ...:(:(:(:(
    තාත්තගෙ හිතේ දුක මට හිතාගන්ටවත් බෑ...මං තනියෙන් ඒ ගැන හිතල අඬල තියනවා..(මං අඬන එකෙක් නෙවෙයි)...:(:(
    යාළුවා ඉන්න තත්වය ගැන හිතන්ට මට ඇත්තටම හයියක් නෑ...
    ඉතින් කියන්ට තියෙන්නෙ...ජීවිතේ මාරම අනිත්‍යයි..තණ අග පිණි බිඳක්ම තමා...නිදිමතනං වාහනේ නවත්තල නිදියගනිං....තත්පරෙන් ඔක්කොම ඉවරවෙන්ට පුළුවන්...

    අඩෝ ඒ අංකල්,ඇන්ටි එක්කයි...,පුතා එක්කයි දිගටම ලගින් හිටපන් මචෝ....ඒක කියල විස්තර කරන්ට බැරි දුකක්....:(:(:(

    :( කියල වැඩක් නෑ මචං ඒ අංකල් ගැන හිතනකොට හිතට මාර අප්සට්. ඉතිං උඹ කියන තත්වේ හොදට තේරෙනවා.
    හිතපංකෝ තමන්ගේ එක දරුවෙක් නැති වුනා, නොනයි අනිත් ලමයයි තාම ඉස්පිරිතාලේ. කොච්චර වේදනාවක් දැනෙනවා ඇත්ද. හතුරෙකුටවත් මේ වගේ දෙයක් නම් වෙන්න එපා.
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,539
    1,823
    113
    ලංකාවෙ අඩා...!

    :( කියල වැඩක් නෑ මචං ඒ අංකල් ගැන හිතනකොට හිතට මාර අප්සට්. ඉතිං උඹ කියන තත්වේ හොදට තේරෙනවා.
    හිතපංකෝ තමන්ගේ එක දරුවෙක් නැති වුනා, නොනයි අනිත් ලමයයි තාම ඉස්පිරිතාලේ. කොච්චර වේදනාවක් දැනෙනවා ඇත්ද. හතුරෙකුටවත් මේ වගේ දෙයක් නම් වෙන්න එපා.
    මගෙ යාළුවගෙ තාත්ත කෑව,කන කට්ටනං හිතාගන්ටවත් බෑ මට...Accident වෙලා සතියෙන් පොඩිපුතා නැතිවෙලා ගෙදෙට්ට ගෙනාව..ඒ ගෙනාවෙ පුතාගෙ A/L results ආව දවසෙ...එතකොට එයාගෙ නෝනයි,ලොකු පුතයි තාම Hospital...ඇන්ටි අැහුවෙම චූටි පුතා ගැන...එයාට දැනුන අවුලක් කියල...ඒත් කොහොම කියන්ටද.....:sorry::sorry::(
    ඊලග සතියෙ ඇන්ටි නැතිවෙලා ඒ ගෙදෙට්ටම ගෙනාව...ඒතකොටත් ලොකු පුතා ICU එකේ..හොඳටම අමාරුයි....:(:(:(
    මගෙ යාළුව ගෙදර අාව පණපිටින්....ඒත් යථා තත්වයට එන්ට හුගක් කල්ගියා.....අංකල් කන කට්ටනං මට කවදාවත් කන්ට බෑ...:(:(
    මගෙ යාළුවගෙ හිතේ ගින්දර ගැන හිතා ගන්ටවත් බෑ.....:(:(

    ඔය ඔක්කොම එක තත්පරයෙ නොසැලකිල්ල.... වෙලාව තමා ඉතින්...!

    :(:(:(:(:(