උඹලා කන මාළු ජාතිය මොනවද ?

san**

Well-known member
  • Feb 21, 2012
    5,644
    8,843
    113
    kandy
    මම නං මාසෙකට සැරයයි එළවලු මාළු ගන්න යන්නේ. පෑලියගොඩට තමයි යන්නේ.
    එළවලු, පලතුරු, මාළු, කරවල අනෙකුත් කෑම ජාති, ටිෂු, හන්කුරු, වොෂින් ලික්විඩ්, සර්වියට් වගේ අනෙක් ඒවත් එතැනින්ම ගන්නේ. මාසෙකට හරි යන්න ගන්නවා.

    මාළු නං ගන්නේ තලපත්, කෙලවල්ලෝ, ලින්නා, සාලයෝ. තව අඩුවට මොනා හරි මාළු වර්ගයක් තිබුනොත් ඒවාත් ගන්නවා.

    තලපත්, කෙලවල්ලා කපලා ගන්නේ. කිලෝ දෙක තුනක් වගේ.

    ලින්නා නං කුරී පිටින්ම කිලෝ කීපයක් ගන්නවා. සාලයෝ හරි ඊට අඩුවට තියෙන මාළු හරි කිලෝ 4 ක් වගේ ගන්නවා.

    ලින්නා වලින් ටිකක් සැමන් කරන්න ගන්නවා. අනිවා උයලා ගන්න.
    "ලින්නා වලින් ටිකක් සැමන් කරන්න ගන්නවා. " -- කොහොමද බන් එහෙම කරන්නේ ?
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    ලංකාවෙ කන්න ගුණදායකම, මිලෙන් සාධාරණම මාලුවා අලගුඩුවා. මාත් කන්නෙම උ‍ෟව තමයි. තව ලින්නාත් මරු, හැබැයි අලගුඩුවා තරම් රස නෑ.

    සතියට දෙපාරක් මම කියනවට අලගුඩුවො කටුත් එක්ක කාල බලපන්. විශේෂයෙන්ම නගින් නැති උන් ඉන්නවා නම් කාලා බලපන් සිද්ධ වෙන වෙනස.

    😁😁
    ------ Post added on Mar 31, 2025 at 7:03 PM
    අලගුඩුවා කියන්නේ එතරම් රස මාලුවෙක් නෙමේ නේ බන් ? අලගුඩුවා කියන්නේ අර පුංචි බලයා වගේ හරහට ඉරි තියන එකා නේද ?
     
    • Like
    Reactions: Kalegana

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    "ලින්නා වලින් ටිකක් සැමන් කරන්න ගන්නවා. " -- කොහොමද බන් එහෙම කරන්නේ ?
    මම කිරියෙම කලින් ඕක කිව්වා.

    සැමන් කිව්වේ සැමන් මාළු නෙමේ. ටින් මාළු තියෙන්නේ. අපි ඉතිං සැමන් කියලනේ කියන්නේ. එ වගේ හදාගන්නවා.

    ලින්නා මාළු තමයි ටින් මාළු වලත් තියෙන්නේ දැන්. අර ඉස්සර අනු ගණන් වල, අසූ ගණන් වල ආපු ජැක් මැකරල් එක නෙමේ.

    ලින්නා මාළු සුද්ද කරා මාළුවා කෑලි දෙකකට වගේ කැපුවා, ලුණු කුඩු ගම්මිරිස්, ඔලිව් තෙල්, කුරුඳු සහ වතුර දාලා ප්‍රෙෂර් කුකර් එකේ පැයක් අඩු ගින්නේ තම්බ ගත්තා.

    ඊට පස්සේ ඩීප්ෆ්‍රීසර් දැම්මා. ඕනී වෙලේට තෙල් දාලා හරි හොද්දක් හරි වෙන විදියකට හරි හදා ගත්ත.

    කට්ලට් වගේ දේවල් හදන්න ගන්නෙත් මෙහෙම තමයි

    මම නං කරන්ට් එකේ හදා ගන්නේ.

    සැමන් ටින් ගන්නවට වඩා එකට එකක් ලාබයි. රසයි.
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    Kakuluwo bookin set weno kiyanne mokakda , කලපු un මැරිච්ච un ganna than nadda , aye bello මැරිච්ච un ganne kohenda pana un epa
    ------ Post added on Mar 31, 2025 at 8:40 PM
    මගේ airbnb සීන් එකට booking වැටුනාම down payment ලැබෙනවා නේ බම්, එහෙම උනාම clients එන්න කලින් මාළු මස් බිත්තර වගේ ජාති ටික stock අරන් දාගන්නවා උන් මගේ place ඉන්න දවස් ගානට උන්ට කන්න බොන්න දෙන්න ඕනි නිසා

    මම ගොඩක් වෙලාවට මාළු bulk ගන්නේ මීගමුවේ අඳුරන කෙනෙක් ඉන්නවා එයාගෙන්, සමහර වෙලාවට පෑලියගොඩ මාකට් එකෙනුත් ගන්නවා ඉඳලා හිටලා, එහෙම නැත්තන් පැලවත්තේ මාළු කඩෙන් තමා ගන්නේ අපේ පියා අඳුරන කෙනෙක් තමා පැලවත්තේ place එක කරන්නේ, පියාට අඩුවටම මාළු හම්බවෙනවා ඉතින්.

    හිටපන් කලපු සීන් එක අහලා බලන්නම් මම මාළු ගන්න එකා ගෙන්, කලපු වල මාළු අවුල් නැද්ද බම් ඔය මඩ කකුළුවෝ එහෙම ඉන්නේ කලපු සීන් එකේ නේද?
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,927

    Aulak tiyenawa dan kalapu walata apa ජලය enawa , බැර ලෝහ micro plastic tiyenawa , karandu isso , kiri isso , kalu isso kanna asayi , bello ehema , pana pitin uyanna amarui api buddist hinda , mudu crab la nm marunu un innawa , owa gunayi nitara kanna honda ne , suddo wage
     
    Grand_Canyons

    Well-known member
  • Jul 18, 2022
    339
    428
    63
    ඒ සිංහළු.. බොළා මොනවද කන මාළු ජාතිය?

    පරිප්පු එක්ක හොඳ මාළු කෑල්ලක් කන්න බැලුවේ බන්.. චිකන් කාලම එපා වෙලා...

    කිරියේ ටිකක් දැන් තල තුනා බැඳලා වගකීමක් එහෙම ගෙනියන සෙට් එකක් නෙහ් ඉන්නේ.. කියහල්ලා බලන්න උඹලා කන මාළු ජාතිය..

    සතියට සැරයක්ද ගන්නේ ? කොහෙන්ද ගන්නේ ? ගණන් මිනුම් කොහොමද ?

    අර හොටෙල් වල හොඳ සුදුවට ඇඹුල් තියල් කෑලි ගැලවෙන මාළු මොනවද බන්? තලපත් ද ?
    කෙලවල්ලා
    බලයෝ
    පාට පාට ගල් මාළු 😂
    තලපත්
    ඉස්සෝ
    මඩු මාළු

    ඕවා තමා කන්නේ දිනපතා අල්ලන ඒවා අරන් කනවා ගෙනත් තියන් ෆ්‍රිජ් වල දාලා කාල පුරුද්ද නෑ එවෙලේ අල්ලපුවා ගෙනාවා හැදුවා කෑවා
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,644
    8,843
    113
    kandy
    මම කිරියෙම කලින් ඕක කිව්වා.

    සැමන් කිව්වේ සැමන් මාළු නෙමේ. ටින් මාළු තියෙන්නේ. අපි ඉතිං සැමන් කියලනේ කියන්නේ. එ වගේ හදාගන්නවා.

    ලින්නා මාළු තමයි ටින් මාළු වලත් තියෙන්නේ දැන්. අර ඉස්සර අනු ගණන් වල, අසූ ගණන් වල ආපු ජැක් මැකරල් එක නෙමේ.

    ලින්නා මාළු සුද්ද කරා මාළුවා කෑලි දෙකකට වගේ කැපුවා, ලුණු කුඩු ගම්මිරිස්, ඔලිව් තෙල්, කුරුඳු සහ වතුර දාලා ප්‍රෙෂර් කුකර් එකේ පැයක් අඩු ගින්නේ තම්බ ගත්තා.

    ඊට පස්සේ ඩීප්ෆ්‍රීසර් දැම්මා. ඕනී වෙලේට තෙල් දාලා හරි හොද්දක් හරි වෙන විදියකට හරි හදා ගත්ත.

    කට්ලට් වගේ දේවල් හදන්න ගන්නෙත් මෙහෙම තමයි

    මම නං කරන්ට් එකේ හදා ගන්නේ.

    සැමන් ටින් ගන්නවට වඩා එකට එකක් ලාබයි. රසයි.
    Thanx මචන් .. try කරලා බලන්නම්
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,755
    4,828
    113
    Aulak tiyenawa dan kalapu walata apa ජලය enawa , බැර ලෝහ micro plastic tiyenawa , karandu isso , kiri isso , kalu isso kanna asayi , bello ehema , pana pitin uyanna amarui api buddist hinda , mudu crab la nm marunu un innawa , owa gunayi nitara kanna honda ne , suddo wage
    දැන් හෝටල් / ගෙවල් වල සේරම ජරාව කලපු වලට. තව ගඟ ඉහලින් දාන ඒවත් අවසානේ කලපුව හරහා මුදට. බාදිය වෙලාවට මුදු වෙරළේ තිබෙන ඒවත් කලපුවට එනවා. ඉතින් සුපිරියක් තමා කලපුවේ එකතු වෙලා තියෙන්නේ. බෙල්ලෝ හා කලපු ඉස්සෝ තුල බැර ලෝහ එකතු වෙන්න පුළුවන්. තව කෘමි නාශක (වෙල්/ වගාබිම් හරහා එන වතුර නිසා) එකතු වෙන්නත් පුළුවන්. කාලයක් කෑවම සොරි වෙනවා. කරන්න පුළුවන් දේ තමයි එකම තැනින්/ ප්‍රදේශයෙන් එන මත්ස්‍ය නිෂ්පාදන එකදිගට කන එක නතර කරලා වරින් වර විවිද ප්‍රදේශ වල නිෂ්පාදන කන එක. තව ගැඹුරු මුහුදේ ඉස්සෝ කන්න පුළුවන්. ඒත් ඉතින් ඒවා අදුර ගන්න හැමෝටම බෑ. :cool:
     
    • Love
    Reactions: Tz4400

    dummy407

    Well-known member
  • Oct 26, 2020
    321
    451
    63
    Kelawalla, Balaya, Thalapath ganne. Balaya thamai mata nam rasa. sathiyakata sarayak Papiliyane malu kaden genawa.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,478
    4,479
    113
    අපි සතියට දවස් 3 ක් මස් 4 ක් මාළු. ඉස්සරනම් ලොකු මාළු තමයි දවස් 4 ම කෑවේ. ඒත් දොස්තර කිව්වා පොඩි මාළුත් කන්න කියලා. ඒ නිසා හාල්මැස්සෝ, වෙල්ල සූඩයෝ වගේ මොකක් හරි සතියකට එක දවසක් දානවා.

    පරා, මොරල්ලු, බල, හුරුල්ලෝ ( බදින්න ), තලපත්, වෙල්ල සූඩයෝ, බෝල්ලු ( බදින්න ), හාල්මැස්සෝ, ඉඳලා හිටලා තෝර, මීවැටි රසයි ඒත් කටු ඇර ඇර කන්න ඕනේ නිසා දැන් වැඩිය ගන්නේ නෑ
     
    • Love
    Reactions: Kalegana

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,555
    72,761
    113
    මාලඹේ
    අපි නම් කන්නෙ තලපත්. මෙකේ ඇඩ්මින් නම් කන්නේ නොර්වෙජියන් සැමන් ෆිලට් 🤭 උ හෙන කැ##යා.
    ගු කන උබ තලපත් කනවා කියලා අහපු එකත් සතුටුයි අපිට😍