ක්රිස්තියානි යාළුවෙක් මට මීට අවු 8කට විතර කලින් කියපු කතාවක්.,
පාරක් අයිනක වීදුරු පෙට්ටියක් ඇතුලෙ මිනිස්සුන්ට ආශිර්වාද කරන ඉරියව්වකින් දෑත් විදහගෙන ඉන්න ජේසුස් වහන්සේගේ විශාල ප්රතිමාවක් තිබිල තියෙනව.
පාර මොකක්ද කියල මතක නෑ. මේක අලුතින් කාපට් කරන ගමන් තිබුණ පාරක්.
පාර එක පැත්තකට මූන හරවල තිබුණ ප්රතිමාව රැයක් එළිවෙලා පහුවදා උදේ බලනකොට අංශක180කින් විතර හැරවිලා අනික් පැත්තට මූන හැරවිලා තියෙනවලු.
වහල තිබුණ වීදුරු පෙට්ටියක් ඇතුලෙ ක්රේන් එකක් නැතුව උස්සන්න බැරි තරම් බරක් තියෙන ප්රතිමාවක්. මේ වගේ හැරුන එක ලොකු හාස්කමක්.
මේ සිද්ධියෙන් පස්සෙ, මිනිස්සු වටවෙලා ඉටිපන්දම් පත්තුකරන්න, යාඥ්ඥා කරන්න, ආශිර්වාද ගන්න, මෙතනට ඇවිත් තියෙනව.
අන්තිමට මේ ප්රශ්නෙට උත්තරේ හොයාගෙන තියෙන්නෙත් ඒ පළාතෙ පල්ලියක ෆාදර් කෙනෙක්මයි.
කාපට් කරන පාර තලන්න ගෙනාපු වයිබ්රේට් රෝල කලින් දවසෙ රෑ පුරාම මෙතන වැඩ කරල. ඒකෙ වයිබ්රේට් එකට ටික ටික පිළිමෙත් වයිබ්රේට් වෙවී එක තැන රවුම් බාගයක් විතර කරකැවිල.