අපි අලුතෙන් හදල පදිංචියට ගිය ගෙදර බන් අපි හොදට හිටිය ඒ කලේ, මන් 5 වසරෙ , ඒ කාලේ ණය ප්රශ්නයක් තිබ්බා අපේ ගෙදර කෙන්ක්ට්, අහල පහල ගෙවල් කීපයකින් අරගෙනත් තිබ්බ, කොහොමහරි ගිහින් අන්තිමට කන්න නැති තත්වෙට වැටුන, ඒකාලේ හොදට note කරපු එකක් තමා පිරිත් කියල පිරිත් පැන් වත්තට ඉස්සට පස්සේ විනාඩි 10ක් විතර යනකොට අර ණය කාරයො ඔක්කොම ඇවිල්ල කෑගහන්න ගන්නව.
පස්සේ වෙන කරන්න දෙයක් නැති නිසා ඔය අංජනමක් බැලුව , මාත් ගියා අම්ම එක්ක එදා, අක්ක ගෙදර හිටියේ A /L වලට පාඩම් කර කර, අංජනම බලපු එකා හරියටම කිව්වා නෙ ගෙරට යන පාරේ ඉදන් ගෙදර තිබ්බ ගස් ජාති එහෙම, ඊට පස්සේ ගැනු ලමෙක් ගේ ඇතුලේ ඉගෙන පාඩම් කරනව කියලත් කිව්වා, උ හරියටම ඔක්කොම කිව්වා, පස්සේ කිව්වා වත්තේ ඉස්සරහ කොනේ බලවත් යකෙක්ව බන්දල ඉන්නව කියල, උට අවතේව කරන්න සෙට් එකකුත් ඉන්නවලු, මන් පට්ට බය උන ඕක අහල, එත් හැබය් අපිට මුකුත් කරදර වෙලා නම් නෑ ගේ ඇතුලේ ඉන්නකොට
අපි ඉස්සර නිදාගන්නේ සාලේ මෙට්ටේ දල ඔක්කොමල, උදේට නැගිටලා බලනකොට රතු පාට බින්දු බින්දු තියෙනව වටේටම ගේ ඇතුලේ tile පොලවේ, aya සමහර දවස් වලට පාන්දරට බල්ලා බුරනවා එක දිගට ගස් දිහා බලන්
ඔහොම ගිහින් එක එක තොවිල් පවා කරා උන් හරි කිව්වට් හරි ගියේ නැ, අපි ගේ විකුනන්න දාලා තිබ්බේ එත් මිනිස්සු බලන්න අවට කව්රුත් අපහු කතා කරන්නේ නැ
ඔහොම ගිහින් සල්ලිත් ඉවර වෙලා වෙන කරන්න දෙයක් ඇත්තෙම් නැති නිසා ඔය පාගොඩ පැත්තේ හපන්ගම කියල ගුරෙක් උ හොදය කියල උව ගෙන්නුව්, මු තව දෙන්නේක් එක්ක අවේ, ඕකට ඕනේ බඩු ඔක්කොමත් ගෙනල්ල මු දැන් උඩ තට්ටුවේ ඉදන් මොනාද මතුරනව්, අපිත් ඔය වැඩ වලට උදව් කර කර හිටිය පහල, මු පස්සේ ර 10ට විතර පඩි පෙළ බැහැගෙන පදිපෙලේ මැදට ඇවිල්ල නැවතිලා හිරියක් ඇරලා තාත්ත එක්ක කතා කර කර හිටිය, එහෙම ඉන්නකොට් මුව එකපාරම පස්සෙන් කව්රු හරි තල්ලු කලා වගේ පහලට දුවගෙන ඇවිල්ල ඉස්සර තිබ්බ බිත්තියේ ඔලුව වැදීල ඔලුව පලුන, පස්සේ තාත්ත අපිට පුටුවලින් ඉදගෙන ඉන්න කියල අරුව් hospital අරන් ගිය, ආපු අනිත් උන් දෙන්නත් ගිය, පස්සේ අරුගේ ඔලුවට මැහුම් දල, උන් අපහු ගෙදර අවෙත් නෑ එහෙම්ම ගිහිල්ල බයට,
පස්සේ ඉතින් මොකක් කරන්නද කියල හිතාගන්න බරුව් ඉන්නකොට් එක පව්ලක් අව ගේ ගන්න, හැබය් අඩු ගානට, කරන්න දෙයක් නැති නිසා වික්ක, ලක්ෂ 150ක් valuation කරපු ගෙදර විකිණුවේ ලක්ෂ 35කට, පස්සේ අපි බඩු අස් කරන් යන දවසේ පහල ගෙදර ආච්චි කෙනක් හිටිය මෙය එකපාරම ඇවිල්ල අඩන්න ගත්ත, පස්සේ මොකොද කියල අහල බලනකොට් මෙන්න කියපි එයාට අපි මෙහෙට අපු දවස් වල ඉරිසියා හිතිලා හුනියමක් කලාලු, කරලා මිනි අළු ගෙනල්ල ඉස්සලු වත්තට වැටට උඩින්අම්මප මරන් කන්න හිතුන ඒකිව, එත් ඒ ගැනිට බනින්නවත් අපිට මානසිකත්වයක් තිබ්බේ නැ තිබ්බ ප්රශ්න එක්ක,
පස්සේ අපි අලුත් ගෙදරකට ගියා කුලියට,
දැන්නම් ඒ ගෙදර ගත්ත අයට මොනා වෙලාද දන්නේ නැ අපි ඒ පැත්තටවත් ගියේ නැ අපහු, ඔය අතුරුගිරියේ වානගුරු මාවතේ ඉන්න අය සමහර විට දන්නවත් ඇති ඔය ගෙදර, දැනට අවරුදු 15 කට් වගේ කලින් තම ඕව උනේ. මාත් හොල්මන් විශ්වාස කරේ නැ එත් ඒ අත්දැකීම් එක්ක ඒවා නැ කියන්නත් බැ![]()
උඹේ කතාව කියවලා දුක හිතුනා බං.

අම්මප මරන් කන්න හිතුන ඒකිව, එත් ඒ ගැනිට බනින්නවත් අපිට මානසිකත්වයක් තිබ්බේ නැ තිබ්බ ප්රශ්න එක්ක,
