උඹලා හොල්මන් දැකලා තියෙනවාද ?

nkt

Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113


    ඉතින් බන් ඌ බිත්තියේ හැප්පිලා නේ ඔලුව පැලුනා කියල උබ කිව්වේ.
    ------ Post added on Jul 17, 2022 at 11:58 PM
    ඔව් , බොරුවක් නම් එහෙම ඔලුව පලගනී ද :baffled:
    අනික උ සල්ලි ගන්නවත් අවේ නැ
     
    • Like
    Reactions: GobbaSira and HAneo

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,061
    8,363
    113
    එයා තමා කිව්වේ මේකෙන් පුතා රටකට කන්න දෙන්න පුළුවන්. ගන්න වරම් තියන එකෙක්වත් ලංකාවේ නැ කියල. ඒ කියන්නේ එක ගන්නම බැ .
    නිධානයක් උඩ වාඩි වෙලා හිඟාකන ජාතියක් නේ බං අපි
     
    • Like
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    පාරට පැන්නත් නතර කරන්න නම් හොඳ නෑ හප්පගෙන හරි යන්න තියෙන්නේ. අස්ස ඔලුවක් තියෙන එකෙක් පාරට පන්නම මලමුත්තර පිට වෙනවා බය වෙන පාරට.
    මම නම් මචන් හප්පලා යන්නේ පහුවදා තමා ඇවිත් බලන්නේ මොකාද කියල. ඔය හොල්මන් කියල ඉන්නේ එක්කෝ හොරු. එක්කෝ මචන් ඔය සමහර වෙලාවල් ළග පාරවල් වල යන්නේ නැ හොල්මන් තියේ කියල ඒ හොල්මන් නෙමේ ඒ වෙලේ කසිප්පු පෙරන උන් තමා ඔය හොල්මන් සින් එක දාන්නේ. ඊට පස්සේ උන්ට දගර ටික ගැස් එක ලිප එහෙම ලේසි ගෙනියන්න. ලොල් ඉතින්
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,448
    6,325
    113
    e aya kiyala thibbe mawa leda karanwa manasikawa wattanawa arawa mewa.
    mata theruna widihata thibbe gedara innakota oluwe kakkum hadena eka tharaha yana eka thami. gedarin eliyata giyahama mara sahallui. :oo:
    amma gedara monawada pahan thiyala monawada kara sathiyakda koheda. oluwe kakkum hadena eka adu una.
    කපුරු තෙල් පහනක් පත්තු කරලා බලපන්.
     
    • Wow
    Reactions: RottenCOLT

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    නිධානයක් උඩ වාඩි වෙලා හිඟාකන ජාතියක් නේ බං අපි
    ලොවෙත්. ඔය වගේ නිදන් ඕනේ තරම් තියනවා. ඒවා ගන්න උරුමය තියෙන්න ඕනේ. ගන්න බැරි ඇයි කියල සයන්ටිෆික් පැත්තෙන් බැලුවොත් ඕක ගන්න යන උන් අනිවා පොලිසියෙන් පැනලා අල්ලනවා. එක්කෝ ඔය ගලකින් ලෙස්සලා වගේ වැටෙනවා. ඒ වගේ ගන්න බැරි වෙන අහබු සිදුවීම් වෙනවා. ගලක් බෙහෙත් කරනන් ගියපු සෙට් එකක් එක කරගන්න බැරුව දොසරෙකින් ගල පෙරලන්න ගිහින් .ඩෝසරේ හෝස් එකක් පුපුරලා එතන හිටි එකෙක් එතනමලු. අන්න එහෙම වෙලා තමා ඕක ගන්න බැරි වෙන්නේ. වැඩේ තියෙන්නේ මිනිස්සුන්ගේ හිතේ බය නිසා මේක වෙන්නේ අර නිදානේ බලයක් නිසා කියල හිතන්නේ. ඒ නිසා අයි යන්නේ නැ .
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඔව් , බොරුවක් නම් එහෙම ඔලුව පලගනී ද :baffled:
    අනික උ සල්ලි ගන්නවත් අවේ නැ
    ඕක බොරු කියල නම් මම කියන්නේ නැ බන්. හැබැයි කටදියෝ නම් 99% කරන්නේ බොරු. හොද උන් මචන් උබට අද කාලේ හොයන්න බැ . මම පිළිගන්න එකක් තමා ගෙවල් වල වාස්තු විද්‍යා දෝෂ කියන එක. හැබැයි බන් ඔය යක්කු බුතයෝ අනන් මනං නම් මම ෂුවර් කරන්නේ නැ . බුදු ගුණ වලට ඔය ඔක්කොම යටයි මචන් හරියට කරනවා නම්
     

    rckdck

    Well-known member
  • Oct 3, 2020
    561
    643
    93
    ඕක බොරු කියල නම් මම කියන්නේ නැ බන්. හැබැයි කටදියෝ නම් 99% කරන්නේ බොරු. හොද උන් මචන් උබට අද කාලේ හොයන්න බැ . මම පිළිගන්න එකක් තමා ගෙවල් වල වාස්තු විද්‍යා දෝෂ කියන එක. හැබැයි බන් ඔය යක්කු බුතයෝ අනන් මනං නම් මම ෂුවර් කරන්නේ නැ . බුදු ගුණ වලට ඔය ඔක්කොම යටයි මචන් හරියට කරනවා නම්
    බුදු ගුණ කියන්නෙත් එච්චර තමයි. කතෝලික උන්ගෙත් තියෙන්නෙ ඔය වගේ මතුරන ඒවා
    ඔක්කොම එකයි. උබලට බුදු ගුණ කිව්වොත් ඒක විතරයි හරි😂
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    බුදු ගුණ කියන්නෙත් එච්චර තමයි. කතෝලික උන්ගෙත් තියෙන්නෙ ඔය වගේ මතුරන ඒවා
    ඔක්කොම එකයි. උබලට බුදු ගුණ කිව්වොත් ඒක විතරයි හරි😂
    එකට මම වාද කරන්න යන්නේ නැ . එක ප්‍රක්ටිකලි කරන එකෙක් එක්ක ඕනේ එක ගැන කතා කරන්න මචන්
     
    • Like
    Reactions: S_M_S

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    ළඟදි මළගෙදරක ගියා. අපේ ගෙදර ඉඳන් 200m-300m වගේ. හවස 6ට විතර ගියෙ. ආපහු එද්දි රෑ 10.30 ට විතර ඇති. තනියෙන් ආවෙ පයින්. පාරෙ කවුරුත් නෑ. වාහනත් නෑ. ගෙවල් තියෙන්නෙත් 3,4 වගේ. බය හිතුණෙ නෑ.

    මේකෙ එවුන් දාලා තියෙන විස්තර කියවගෙන කියවගෙන යන කොට නම් ටිකක් බය හිතුණා.
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ළඟදි මළගෙදරක ගියා. අපේ ගෙදර ඉඳන් 200m-300m වගේ. හවස 6ට විතර ගියෙ. ආපහු එද්දි රෑ 10.30 ට විතර ඇති. තනියෙන් ආවෙ පයින්. පාරෙ කවුරුත් නෑ. වාහනත් නෑ. ගෙවල් තියෙන්නෙත් 3,4 වගේ. බය හිතුණෙ නෑ.

    මේකෙ එවුන් දාලා තියෙන විස්තර කියවගෙන කියවගෙන යන කොට නම් ටිකක් බය හිතුණා.
    ඉතින් උබ හරි බන්. මැරිච්ච මිනිසුන්ගෙන් අපිට කරදරයක් නැ නේ. අපේ හිත තමා බන්.
    ඔය වගේ වෙලාවට පොඩි සතෙක් ගහකට පැන්නත් අපි බය වෙනවා. එහෙම උනාම අනිවා බලපන් මොකක්ද කියල
    අපි කලබල උනේ සතෙක් පැනලා කියල දැනගත්තම බය නැති වෙනවා.එහෙම සිදුවීම් වෙලා හුරු උනාම බය වෙන්නේ නැ
     
    • Like
    Reactions: GobbaSira and S_M_S

    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,383
    2,578
    113
    colombo
    සංවේදී අය නැරඹීමෙන් වලකින්න.
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .


    මේ ඔය නිධානයක් ගන්න ගිහින් බහිරවයෙක් ගහලා මැරිලාලු. ගන්න ගිය උන් තමා අන්තිමේදී පොලිසියට එන්න කියලා තියෙන්නේ බය වෙච්චි පාර. ඕවට යන්න එපා පිස්සු විකාර වෙනවා ජීවිත. සාධාරණ විදියට හම්බු කරන් ජීවත් වෙන්න. :love: :yes:


    a.jpg





    b.jpg


    e.jpg

    c.jpg

    d.jpg
     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    මේක හොල්මන් කතාවක් නම් නෙමෙයි. මේක අයිති වෙන කැටගරි එක මොකක්ද කියලවත් මට හිතා ගන්න බෑ. ෆස්ට් ටයිම් තමයි මං මේ සිද්දිය වෙන කාට හරි කියන්නේ.
    දැනට අවුරුදු හතරකට විතර කලින් මං දකුණු පළාතේ තිබුන මගේ යාළුවෙක්ගේ ගෙදරක ගියා. ඒ ගෙදර පිටිපස්සේ තනිකර කුරුඳු මණ්ඩියක් තියෙන්නේ. කොහොමත් මුළු අවුරුද්දෙම වගේ කුරුඳු තලනවා. මේ සිද්දිය උනේ එක ලඟ දවස් දෙකක. පලවෙනි දවසේ රෑ නිදා ගන්න කලින් චූ පාරක් දාන්න කියලා මං යාළුවගේ ගෙදර පිටිපස්ස පැත්තට ගියා. ඒ වේලාවේ යාළුවගේ ගෙවල් පැත්තට කරන්ට් එක ගිහින් තිබුනේ. මං ඉතින් ෆෝන් එකේ ටෝච් එලියෙන් අහවල් වැඩෙත් ඉවර කරලා ආයි ගේ පැත්තට යන්න හදනකොට නිකමට වගේ කුරුඳු මණ්ඩිය දිහා බැලුවා. කුරුඳු ගස් වල කොණ්ඩුවේ වගේ සීමාවේ ඉඳලා ලොකු ගිණි බෝලයක් වගේ දෙයක් අහස දිහාට පා වෙලා \ climb කරා වගේ කියලා මං දැක්කා. ඒ එළිය හෙන බ්‍රයිට් සුදට හුරු රතු පාටක්. ඒක දැක්ක ගමන් මට මතක් උනේ අර ෆීනීක්ස් කියන කුරුල්ලව. කොහොම හරි ඒ එළිය තප්පර ගානකින් නැති වෙලා ගියා. ආයි දකින්න ලැබුනෙත් නෑ. මං ඒ ගැන අද වෙනකල් කාටවත්ම කිව්වේ නෑ. අඩුම ගානේ ඒ යාළුවට වත් කිව්වේ නෑ. උඹලට මොකක් හරි 'අමුතු' දෙයක් දැක්කට/ ඇහුනට පස්සේ, තමන් ඒ දැකපු හෝ ඇහුන දේ ගැන කාටවත් කියන්න හොඳ නෑ, කට වහගෙන ඉන්න ඕන කියලා හැඟීමක් ඇවිල්ලා නැද්ද? මට නම් ඒ සිද්දිය ගැන ඒ විදියට තමයි හිතුනේ. නිකන් මම දැකපු දේ මොකක්ද කියලා මටම ෂුවර් නෑ වගේ.
    එනිවේ, අනිත් දේ උනේ next දවසේ උදේ පාන්දර හතරට වගේ. ඒකත් මං චූ පාරක් දාන්න එළියට ගියාම උනේ. හැබැයි මං උදේ කිසිම දෙයක් දැක්කේ නෑ. මට ඇහුනේ සද්දයක්. ඒක නිකන් හරියට අර ෆිල්ම්ස් වල බෝම්බයක කවුන්ට්ඩවුන් එකේ සද්දේ වගේමයි. ඒත් ඒ සද්දේ එන්න පුළුවන් විදියේ කිසිම දෙයක් ඒ ලඟ තිබුනේ නෑ. මං ඒ සද්දේ ෆෝන් එකෙන් රෙකෝඩ් කර ගත්තා. මේ ලඟක් වෙනකල් ඒ වීඩීයෝ එක ෆෝන් එකෙ තිබුනා.
    අද වෙනකල් මං එදා ඒ දැකපු ඇන්ඩ් ඇහුන දේට කිසිම explanation එකක් මට හිතා ගන්න බෑ.
    Flare (පැරා) එකක් වෙන්න ඇති.
    බෝම්බෙ countdown එකේ සද්දෙ වගේ කෑගහන මොකෙක් හරි සතෙක් ඉන්නවා. සමහර දවස් වල රෑට ඇහෙනවා.

    * උඹේ අත්දැකීම වෙන එකක්ද දන්නෑ ඉතිං.
     

    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,383
    2,578
    113
    colombo
    ප.ලි. -
    මම දාපු පෝස්ට් එක බලලා චූ කරන්න යන්න බයයි නම් බෝතලේකටවත් කරලා මේසෙ යටින් තියාගෙන උදේට වීසි කරන්න. :lol::lol:
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,225
    1
    101,060
    113
    34
    Kalutara
    සංවේදී අය නැරඹීමෙන් වලකින්න.
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .


    මේ ඔය නිධානයක් ගන්න ගිහින් බහිරවයෙක් ගහලා මැරිලාලු. ගන්න ගිය උන් තමා අන්තිමේදී පොලිසියට එන්න කියලා තියෙන්නේ බය වෙච්චි පාර. ඕවට යන්න එපා පිස්සු විකාර වෙනවා ජීවිත. සාධාරණ විදියට හම්බු කරන් ජීවත් වෙන්න. :love: :yes:


    View attachment 178509




    View attachment 178510

    View attachment 178511
    View attachment 178512
    View attachment 178513
    මූනේ ක්ලියර් ෆොටෝ නැද්ද?
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,225
    1
    101,060
    113
    34
    Kalutara
    වේලාව පාන්දර 1යි දරුවා. අනික ඔය පිංතූර ටික විතරයි මම දැක්කේ තියෙනවා. මොකෝ බං අඳුරන එකෙක්ද?
    නෑ මූනේ මොන වගේ ඩැමේජ් ද තියෙන්නේ ඇඟිලි පාරවල් එහෙම තියේද බලන්න.