උඹල කොල්ලු කනවද බං?

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,054
    1
    43,464
    113
    අපිත් කාල නෑ. ඉස්සෙල්ලාම ඊයෙ තම්බල තිබුන ඇට ටිකක්

    කෑව. පොඩි වල් ඇට රහක් එනව. නිකං කනේරු ඇට වගේ. මම කනේරු ඇට කාල නෑ. නිකං ඒ වගේ කියල හිතෙනව

    ආයෙනං කන්නෙ නෑ
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,054
    1
    43,464
    113
    ඕවා කාලා වැඩක් නෑ
    මේවා කාපං

    පොල් සම්බෝල
    මීකිරි
    බිත්තර
    හරක් මස්
    ඌරු මස්
    මාලු
    අලිගැටපේර
    හරක් මස්
    ඌරු මස් නොකමි
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,118
    46,739
    113
    ඔය කෙමිකල් ගහපු ජරා ඉන්දියන් මයිසූර් පරිප්පු වගේ නෙමෙයි කොල්ලු පට්ට ගුණයි අැඟට...විශේෂයෙන් ජිම් යන උන්ට..හැබැයි පරිප්පු වගේ නෙමෙයි හදන්න ටිකක් වෙලා යනවා...බණ්ඩාරවෙල අය නම් කනවා නිතරම... කොල්ලු හින්ඳලා උයලා, මංඤොක්කා දළු පොල් නොදා හොඳට කොටලා තිබ්බොටු ටිකකුත් තලලා ලාවට තෙම්පරාදුවක් වගේ දාලා අරන්, කරවල බැඳුමකුත් හදලා ගත්තනම් අායේ ඉතිං වෙන මුකුත් ඕන නෑ බත් ඵකට..හම්බේ ඒ සුවඳ නිකන් දැනෙනවා දැනෙනවා වගේ...🤩
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,659
    113
    kollu kiyanne monawda

    අශ්වයකුගේ ශක්තිය සහ ජවය අපට දෙන කොල්ලු



    මොනවද මේ කොල්ලු ?
    • කොල්ලු කියන්නෙ මුං ඇට,කව්පි වැනි වියළි ධාන්‍ය වර්ගයක්.
    • ලoකාවේ වගා කලහැකි වුවත් මෙහි වගා කරන්නේ ඉතාමත්ම සුලු වශයෙන්.
    • දියවැඩියාව, තරබාරුව, අර්ශස්, සන්ධි රෝග, මල බද්ධය, පිළිකා මෙන්ම ආසාදන වලටද ඉතාමත්ම ගුණ දායක ආහාරයක්.
    • ප්‍රෝටීන් බහුල ආහාරයක්. ඒ නිසා සිරුරේ මාoශපේශීන් වර්ධනය වන අතර සිරුරේ ගෙවී යන කොටස් අලුත්වැඩියා කිරීම පහසු කරයි.
    • වයසට යාමත් සමගම අස්ථි හා සන්ධි ආශ්‍රිතව ඇතිවන ගෙවීයාම නවතා දමයි. තවද ඒ නිසා ඇතිවන වේදනා, හිරි වැටීම්, ද සුවකර දෙනවා.
    • කැල්සියම් සහ පොස්පරස්, යකඩ, මැග්නීසියම්, ඛනිජ ලවන යහමින් ඇති නිසා දත් සහ අස්ථි වල පැවැත්මට හිතකරයි. රුධිරය නිපදවීමටත් උපකාර වෙනවා. හදවතට ද සුවිශේෂී ආරක්ශාවක් ලබා දෙයි.
    • මෙහි පෝෂණ කොටස් බහුල වන අතර ජීර්ණ තන්තු වලින්ද පොහොසත්. රුධිරයට සීනි මිශ්‍ර වීම පාලනය කරන නිසා දියවැඩියාව රෝගීන්ට ඉතාමත්ම ගුණදායකයි.
    • බඩවැල් ආශ්‍රිතව ඇතිවන පණු රෝග නැසීමටද හැකියාවක් සහිතයි. කොල්ලු තැම්බූ වතුර එම නිසා ළමුන්ට පානය කිරීමට දීමෙන් පණු බෙහෙත් දිය යුතු වන්නේ නැහැ.
    කොල්ලු ආහාරය සකස් කරගන්නා ආකාරය
    • කොල්ලු ඇට තරමක් තද ගතියෙන් යුතු නිසා රැයක් පුරා පොඟවා ගැනීම අවශ්‍යයි. ඒ ආකාරයෙන් පොඟවා ගෙන වතුර දමා තම්බා ගන්න. පොල් සහ ලුණු මිරිස් සමග හෝ කඩල ලෙස තෙම්පරාදු කර හෝ ආහාරයට ගන්නට පුලුවනි.
    • කොල්ලු කබලේ බැද කුඩුකර, පෙරුම්කායම් සමග තම්බා ආහාරයට ගත හැකියි.
    • කබලේ බැද,අඹරා හෝ කැබලිකර තරමක් පෙඟෙන්නට දමා ව්‍යoජනයක් ලෙසද පිස ගත හැකියි.
    • කබලේ බැද, පොඟවා, අඹරා සීනි සහ පොල්, ලුණු, මිශ්‍ර කර තේ පානය ට සුදුසු කැවිලි වර්ගයක් ලෙස සකසා ගන්නටත් පුලුවන්.
    • හොඳින් පොඟවා, තම්බා පොඩිකරගත් කොල්ලු, බ්ලෙන්ඩර් කරගෙන සාමාන්‍ය හොද්දක් හදන ආකාරයට සාදා ගන්නත් පුලුවන්. බත්, රොටී, පිට්ටු ආදී ඕනෑම ආහාරයකට සුදුසුයි.
    • සුදුලූනු මිශ්‍ර කර තම්බා පානය කිරීමෙන් පාදවල ඉදිමුම, සන්ධි කැක්කුම් ආදිය සුව වනවා.

     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,659
    113
    අපිත් කාල නෑ. ඉස්සෙල්ලාම ඊයෙ තම්බල තිබුන ඇට ටිකක්

    කෑව. පොඩි වල් ඇට රහක් එනව. නිකං කනේරු ඇට වගේ. මම කනේරු ඇට කාල නෑ. නිකං ඒ වගේ කියල හිතෙනව

    ආයෙනං කන්නෙ නෑ

    තම්බල නෙමෙයි ඔය උඩ තියෙන වීඩියෝ ඵකේ වගේ උයල කාපන්..පට්ට
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,867
    11,319
    113
    කොල්ලු හින්ඳලා උයලා, මංඤොක්කා දළු පොල් නොදා හොඳට කොටලා තිබ්බොටු ටිකකුත් තලලා ලාවට තෙම්පරාදුවක් වගේ දාලා අරන්, කරවල බැඳුමකුත් හදලා ගත්තනම් අායේ ඉතිං වෙන මුකුත් ඕන නෑ බත් ඵකට..හම්බේ ඒ සුවඳ නිකන් දැනෙනවා දැනෙනවා වගේ
    කාලා බලන්න ආසයි. කොල්ලු ඇට පින්තූර නැද්ද? අදමයි ඇහුවෙ
     
    • Like
    Reactions: AnuradhaRa

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,118
    46,739
    113
    කාලා බලන්න ආසයි. කොල්ලු ඇට පින්තූර නැද්ද? අදමයි ඇහුවෙ

    ඔහේ ඉන්දියන් කඩවල් වල අැති...kulthi dal කියල කියන්නේ ඉන්දියන් අය..ඕක ලංකාවේ හරියටම හදන්න දන්නේ බණ්ඩාරවෙල අය.කබලේ ටිකක් බැඳලා කොටල ගන්න ඕන.අපේ ගම ඵහේ නිසා මම නම් ඕනතරම් කාල තියෙනවා..

    Hours-Gram-150g.png