උඹ ආයේ ඉපදෙන්නැහැ!!

Emios

Well-known member
  • Dec 10, 2009
    75,134
    67,453
    113
    උඹ එහෙනම් දර්ශනයෙන් පහකල යුතු කෙලෙස් පහ කරලා සම්මා දිට්ඨියටම පත් උනා ඈ! ......මට ඇඬෙනවා යකෝ, ඉරිසියාවට...😳
    danuth wate aya innawa kiyala neda hitenne allanna puluwan kiyala.eka thama body eke illusion eka.malama dream eken awake wenawa.ita passe thamai shock wenne.dekapu allapu ahapau ekakwath real newe kiyala
     
    • Wow
    Reactions: ewijesekara

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,343
    6,522
    113
    ධර්මය, නිවන කියන්නෙත් පෘථග්ජන කෙනෙක්ට කතන්දරම තමයි.
    කතන්දර නොහැදෙන තැන තමයි අනිච්ච, අනාත්ම ධර්මය. අනිච්ච, අනාත්ම නිවන. අනිච්ච තැනක ධර්මය කියලා *දෙයක්* ඇත්තෙත් නැහැ. නිවන කියලා *දෙයක්* ඇත්තෙත් නැහැ.

    කතන්දර නරක නැහැ. කතන්දර අති සූක්ෂමව බුදු කෙනෙක් හදලා දේශනා කරලා තියෙන්නේ, කතන්දර වලම තියෙන අවුල නිසා මිනිස්සු හදාගත්ත දෘස්ටි ගැන මනසිකාර කරන්න යොමු කරන්න. හරියටම ජාතිය (මම සහ ලෝකය නැත්තම් පන්චඋපාදානස්කන්ධය ගොඩනැගෙන තැන/ සසර තනන වඩුවා/ අවිද්‍යාව) මනසිකාරය වෙන තැන (යෝනිසෝ මනසිකාරය) තමයි පෘථග්ජනයා පලවෙනි වතාවට අවිද්‍යාව, අවිද්‍යාව ලෙස දකින්නේ. අනිච්ච, අනාත්ම නිවන දකින්නේ. දුක්ක සමුදය තුලම නිරෝධයට පත් වෙන්නේ. සක්කාය දිට්ටිය බිදෙන්නේ. සෝවාන් ආර්ය ශ්‍රාවකයෙක් වෙන්නේ.

    ඒකතමයි කතන්දර කට පාඩම් කරලා නිවන් දකින්න බැරි. නුවනින් විමසීම කියන දේ සහ එලැබ සිටි සිහිය (සතිය) අනිවාරෙන් වැදගත්. ඉතින් කෙන කෙනාගේ ඉන්ද්‍රිය ධර්ම වැඩිලා තියෙන විදිහට, කෙනෙක්ට වචන 20 ඇහෙද්දි ධර්මය අවබෝධ වෙන්නත්, තව කෙනෙක්ට මේක ප්‍රතිපදාවක් විදිහට වැඩීමෙන් මාස 5 ඇතුලත අවබෝධ වෙන්නත් පුලුවන්. අවබෝධ කර ගන්න බැරි කෙනෙක් නැහැ.. ඉතාම පිලිවෙලට දාන, සීල, භාවනා මට්ටමෙන් පටන් අරන්ම පටිපදාවක් හදලා දේශනා කරලා තියෙන්නේ ඕනෙම කෙනෙක්ට මුල ඉදන්ම තියෙන අඩුපාඩු මගහැරලා, හරිගස්සන් ගිහින් නිවන දකින්න පුලුවන් වෙන විදිහට.



    දැන් තමයි වෙන්නේ. දැන් තමයි තියෙනවා.. කියලා විද්‍යාමාන වෙන්නේ. දැන් වෙන්නේ මොකක්ද කියන දේට තමයි ධර්මය නැත්තම් පටිච්ච සමුප්පාදය කියන්නේ. දැන් වෙන දේ පිරිසිද දැක්කහම, 'මැරුනට පස්සේ මොකක්ද වෙන්නේ..' කියන ප්‍රශ්නේ එනිනැහැ, මොකද මැරෙන්නත් *කෙනෙක්* මොහොත තුල හටගෙන නැති නිසා.
    ------ Post added on Nov 2, 2025 at 4:43 AM



    හැම අරමුණකම නිවන තියෙනවා, දකින්න කෞෂළ්‍යනම්.
    එක එක ඇදුම් ඇදම්/ හෙලුවෙන්, කොහෙ හිටියත්, ගොවියා ගොවියම තමයි. 😉
    ------ Post added on Nov 2, 2025 at 4:48 AM
    නිවනයි ලෝක විෂයයි astronomy සමානයි වගේ, අචින්තයි, දකින්න බෑ, අල්ලන්න බෑ, පැහැදිලි කරන්න බෑ, තේරුම්ගන්න බෑ. :unsure:
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    නිවනයි ලෝක විෂයයි astronomy සමානයි වගේ, අචින්තයි, දකින්න බෑ, අල්ලන්න බෑ, පැහැදිලි කරන්න බෑ, තේරුම්ගන්න බෑ. :unsure:

    නැහැ. ලෝකවිෂය අචින්තයි.. කියන්නේ ඉවර කරන්න බැහැ/ ඉවරයක් වෙන්නැහැ කියන එක. ලෝක විෂයන් තමයි astrology සහ astronomy කියන්නේ.

    නිවන කියන්නේ ලෝකෙට අයිති දෙයක් නෙමෙයි. ලෝකෙන් මිදීම කියන දේට දීපු එක නමක් තමයි නිවන කියන්නේ. නිවන් දකින්න කරන්න ඕනේ දේවල් මුල ඉදන් පිලිවෙලට පැහැදිලි කරලා තියෙනවා.
     
    • Like
    Reactions: ewijesekara

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    මේක ස්භාවධර්මයක්...! මේ කියන්නෙ අපි ස්භාව ධර්මය බවට පත්වෙන විදිය. බුදුහාමුදුරුවො කියන්නෙ ස්භාවධර්මයය කියන තවත් නමක්.
    ඔයා අතීත මතක වලට "මම" කිය කිය දුක් වෙන සතෙක්. ඔතන මම කියල කෙනෙක් නෑ කියලා අවබෝදකරගෙන, ප්‍රත්‍යක්ෂ කරගෙන මමත්වය හා බැදි සිතුවිලි නිරායාසයෙන්ම නැතිවෙලා ශුන්‍යත්වයේ පවතින්නේද ඔහු නිර්වානය බවට පත්වී අවසන් ය.
    නැ.

    x නැහැ කියන තැනම, නැති x කියන දේ,
    නිත්‍ය, ආත්ම, සුඛ සංඣාවෙන් අරන්,
    සක්කාය දිට්ටියට බැහැලා ඉවරයි.


    හටගෙන නොමැති බව, හම්බෙන්න බැහැ.
    මේක අර සෙල්ෆ් කන්ට්‍රඩික්ටොරිද මොකද්ද එකක් වගේ නේහ්?? :eek: :baffled: 🙏

    (දැන් ඉතිම් "ඒක තමයි උට්ටෝ "සෙල්ෆ්" එකක් නැහ්නං කෝමද ඩෝ කන්ට්‍රඩික්ට් වෙන්නෙ??" වගේ කෙශ් පැලෙන තර්ක එපා ඈ.)

    මැරිලා ඉපදෙන කතා අයින් කරමු.

    ඔයා ඉපදිලාද, ඔයා මැරෙනවද?
    ඔයා?
    ------ Post added on Nov 1, 2025 at 8:58 PM

    ඇයි බං ඒම?? :baffled: උඹමනේ දැන් මැරිල ඉපදෙන කතාවක් පෝස්ට් කොලේ:baffled:
     
    • Like
    Reactions: kingcapton

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,798
    113
    Earth
    ඔය කතාව නැට්ටෙන් අල්ලගත්ත අඩු මොලයො තමයි පව්කම් කරන්නෙ ආය ඉපදෙන් නෑ හින්දා..ඕක ඒත් උඩින් පේනවට වඩා ගැඹුරු කතාවක්නෙ ආය ඉපදෙන්නෙ ඉන්න එකා නෙමෙයි තමයි... බුදු හාමුදුරුවෝ ආත්මවාදීවත් අනාත්මවාදීවත් නෙමෙයි..
     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston

    මූට වෑල් බං! අවසාන චුති සිතක් ගැන නෙවෙයි බං බුදු හාමුදුරුවෝ දේශනා කලේ. වේලාම සුත්‍රය කියවපං. ඔය PITAKA LK වගේ එකක ඇති. මේ රාජගිරියේ පොර නම් බොරුමයි කියන්නේ..
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    මේක අර සෙල්ෆ් කන්ට්‍රඩික්ටොරිද මොකද්ද එකක් වගේ නේහ්?? :eek: :baffled: 🙏

    (දැන් ඉතිම් "ඒක තමයි උට්ටෝ "සෙල්ෆ්" එකක් නැහ්නං කෝමද ඩෝ කන්ට්‍රඩික්ට් වෙන්නෙ??" වගේ කෙශ් පැලෙන තර්ක එපා ඈ.)

    නැ. ඒක දැම්මේ @Hyaenidae කියන දෘස්ටිය ගැන විපස්සනා කරවන්න.

    ආත්මවාදී කෙනෙක්ට ධර්මය කියද්දි මුලින් උට නැත අන්තය ගැන කතා කරලා ඉන්න දෘස්ටිය වට්ටන්න ඕනේ. ඒ වගේම තමයි අනාත්මවාදී දෘස්ටියක ඉන්න කෙනෙක්ට ඇත අන්තයෙන් කතා කරලා ඉන්න දෘස්ටිය බිදින්න ඕනේ මුලින්. (මන් එහෙම කරන්නේ)

    සොලිඩ් කතන්දර නැහැ. සොලිඩ් කතා ඉගෙනගෙන නිවන් දකින්නැහැ. කතා හැදෙන්නැති/ හදන්න බැරි තැන තමයි නිවන.
    ඇත/ නැත දෙකම මිත්‍යා දෘස්ටිය ඇතුලේ පනවන්නේ පෘථග්ජනයා.

    නැති දෙයක්, නැහැ.. කියලා කොහොමත් හම්බෙන්න බැහැ.


    ඇයි බං ඒම?? :baffled: උඹමනේ දැන් මැරිල ඉපදෙන කතාවක් පෝස්ට් කොලේ:baffled:

    මැරිලා ඉපදෙන කතාවක් දැම්මේ, මැරිලා ඉපදෙනවා කියලා හිතන් ඉන්න අයට. @Hyaenidae කිව්වේ atheist ලගේ අනාත්මවාදය ගැන. මැරිලා-ඉපදීම පැත්තකින් තියලා, දැන් දරන විශ්වාසය, 'ඉපදෙනවා..' කියන දේ ගැන ප්‍රශ්නේ ඇහුවේ උගෙම විශ්වාස ගැන උටම විමසන්න පුලුවන් නිසා, මොකද උට මැරිලා ඉපදෙනවා කියන දෘස්ටිය නැහැ.


    ආය ඉපදෙන්නෙ ඉන්න එකා නෙමෙයි තමයි...

    කව්ද ඉපදෙන්නේ ඉතින්?
    මා නොවන මමද? 😋
     
    Last edited:

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,265
    8,164
    113
    මම කියලා කෙනෙක් නෑ ඉපදෙන්න ඕක තමයි කිව්වා අයි උපතක් නෑ කියලා illusion එකේ උන්ට අනුව උපත ජීවත්වෙන සීන් ඒක තියන්නේ.