.
.
.
.
.
.
කසාදය යනු ලයිෆ් ලෝන්ග් ගමනකි... පියරු බබෙක් තෝරාගැනීමේදී පරිස්සම් වන්න......
යාලු වෙන කාලයේදී නිකන් පැත්ත පළාතම රොක් කරගෙන ඉන්න කපල් ඉන්නවාය. හැම කෙල්ලම අනේ ඒ දෙන්නා වගේ ඉන්න ඇහැකි නම් අපිටත් කියා හිතන ජෝඩු කීපයක් විශ්ව විද්‍යාලයක , මිතුරු රංචුවක ඉන්නවාමය. දෙන්නා හැමදේම කරන්නේ එකටය. ලට් එකට ගියත් එකිනෙකා ගේ අවසර ඇතිව ඒ කර්තව්‍යය කරනවාය . සියලුම දින ඒ කියන්නේ දෙන්නා පළවෙනියට දැක්ක දවස, පළවෙනියට හිනා උන දවස වගේ දවස් පවා සෙලිබ්‍රේට් කරනවාය. කොල්ලා කෙල්ල හම්බ වුන පසු පට්ටම විදිහට හැදෙනවාය. බොනවා තියා ලඟින් යන්න වත් කෙල්ල දෙන්නේ නැත. ඔන්න බලන්නකෝ ඉතින් දක්ෂ කම නේද? ඒ විතරද කොල්ලා බැන්ඳ ගමන් කොල්ලගේ හතර වරිගෙටම සලකන්න ප්‍රතිඥා දෙනවාය. බඳින්න පෙරම අම්මට කතා කර ලෙඩ අහනවාය. පවුලේ දේවලට මැදිහත් වෙනවාය.
කෙල්ලට කිසිම පිරිමි යාලුවෙක් නැත. කොල්ලට කිසිස්ම ගැහැණු යාලුවෙක් නැත. මගේ මහත්තයෝ, සුදු අප්පච්චි, සුදු නෝනා, අම්මි වගේ නම් ගම එකිනෙකා වෙනුවෙන් භාවිතා වෙන්නට ලොකු ඉඩක් තිබේ. ඒ එක්කම කෙල්ලට කිසිස්ම දෙයක් කර ගන්න බැරි තරම් ලඳ බොළඳ ය.( එහෙම පෙන්වයි) හතර වටේම ඉස්කෝලේ යන කාලේ සිට කොල්ලෝ හත අටක් රන් කර සිටියත් කියන්නේ " අනේ අයියේ ඔයා තමා මගේ පළවෙනියා...අනේ මාව අතහැරියොත් මම මුහුදේ පනිනවා. මට ඔයා නැතුව ජීවිතයක් නැහැ " වගේ දේවල්ය. ඉතින් කොල්ලා එලියස බැස යාලුවන්ට පවා කියන්නේ " මට මාර ආදරෙයි බන්" කියාය. ඔහු ඒ ගැන මාරම ආඩම්බරය.
ඒ වගේම කෙල්ල " අපෝ අර මාරි මාර වල්නේ අයියා. අදින්නේ කිසිම චාරයක් නැතුව. අපි එහෙමද? අනික් හැම කෙල්ලම මාර චාටර්. අසන්වරයි. කොල්ලෝ එක්ක යනවා. අපි දෙන්නා එක්ක මාර ඉරිසියයි" වැනි වචන වලින් තමන් එක්ක එකට ඉන්න යහළුවන්ට නිතරම කොල්ල එක්ක චා කරනවාය.
ඉතින් වටේ ඉන්න හැමෝටම මාරම සීන් ය........කොල්ලට ඉතින් පුදුම ආඩම්බරය. ලෝකේ ඉන්න සන්වරම, වැඩියෙන්ම ආදරේ කරන ගැහැණි මට හම්බ වුනා කියා ඉන්නේ දිවය ලෝකයේ හත් වෙනි තට්ටුවේය.
ඉන් පසු බැඳලා අවුරුදු දෙක තුනකට පසු මේ මොඩල් එකේ කස්ටිය කීප පොළක්ම දකින්නට ගියෙමු. අම්මලට සැලකීම කෙසේ වෙතත් අම්මා හෝ කිසිම නෑ කෙනෙක් සමග කතා කරන්නට වත් මිනිහට හරියකට දෙන්නේ නැත. හැමෝම ඉදිරියේ මිනිහා කරත්තේ බඳින ගොනා කරගෙන ජීවත් වේ. ගෙදර දොර සංවිධාන කටයුතු කිසිවක් නොකරයි. නමුත් විධි විධාන වල නම් කෙළවරක් නැත.
" අයියෝ කෙසෙල් ගෙඩි නැහැ තාත්ති ගිහින් ගෙන්නකෝ...අනේ මට මට අමතක වුනා සුදු අයෙත් ටක් ගාල ගිහින් බබාගේ ඩයිපර්ස් අරන් එන්න.... ආනේ බිම මොප් කරේ නැද්ද ඔයා බබා ඇවිදියි...ඉක්මන් කරන්න ... ලයිසොල් නොදා නිකන්ද මොප් කරේ..ඔයත් මාර තාත්තෙක්.. ආනේ ගෑස් එක ඉවර වෙලා. මම ඉවුවේ නැහැ. ඔයා ඇවිත් ගෙනත් දෙන්න" ඔන්න ඔහොමය...
නිදහස කියා නාමයක් නැත. බොනවා හෝ යාලුවෝ හම්බ වෙනවා කියා දෙයක් අත්තේම නැත. ගමනක් ගියත් " ඇයි යන්නේ? නොයා ඉන්න බැරිද? කවුද යන්නේ?" FB එකේ ෆෝන් එකේ පාස් වර්ඩ් ඉල්ලයි.
මැරෙන්න උන සහල වෙලා හිටියත් පැනඩෝල් පෙත්ත දී අනික් අතට නැගිට යමක් කරන ලෙස ඉල්ලයි.
මල්ලිලා....මෙවැනි සුන්දර පෙම්වතියක් ලද විගස මම කියන්නේ කකුල් දෙකට වෙර අරගෙන දුවන්න කියාය. පසු නොබලා දුවන්න කියාය.
ජීවිතේ යනු අසීරු ගමනකි. විවාහය දැඩි බැඳීමකි. එහිදී අත්වැල් බැඳ ගැනීමට ඇවැසි වන්නේ ආදරයට වඩා ප්‍රායෝගිකත්වයට තැන දෙන ගැහැණියකි. හදවතින්ම අවංකව අදහස් දෙන ගැහැණියකි. ඕනෑම කටුකත්වයකදී එකට ගේම ගසන්නට ගැහැණියකි.
"අනේ මම අම්මල එක්ක ඉන්න කැමති නැහැ අපි ගෙයක් හදාගෙන වෙනම ඉම්මු. අම්මලට හොඳට බලමු." කියන ගැහැණිය "අයියෙ අම්මලාව අපේ ගෙදර ගේමු. අම්මට කාමරයක් අපේ එකට එහායින් හදමු" කියන ගජ බින්න කාරියට වඩා අවංකය. ජීවිත දැනුමෙන් සන්නධ්ධය.
බස් එකේ යන්න තනියම බැහැ කියන ගැහැණිය ජීවිත කාලෙම ඔබ සියලු වැඩ දමා තනි රකින්න පස්සෙන් යා යුතුද?
යාලු වී සතියකින් "අයියේ ඔයා නැත්තනම් මම ආයේ බඳින්නේ නැහැ " කියන ගැහැණිය පට්ටපල් බොරු කාරියකි. ඒ වෙනුවට " If we are compatible , let's make it out" කියන ගැහැණිය අවංකය.
පෝරක හතෙන් පැන..පොල් පිති හතද පසුකර "අනේ අයියේ ඔයා තමා මගේ පළවෙනියා. මම මලෙන් උපන්නේ. හෝදලා බොන්න පුළුවන් " කියනවා වෙනුවට "I have had a past..Now I have moved on" කියන ගැහැණිය හදවතින් පවිත්‍රය. සත්‍ය වාදීය.
" ආ ..ඔයා යාලුවෝ එක්ක සෙට් වෙනවද? මේ වැඩිවෙලා නම් කැබ් එකක් අරන් එනවා. නිකන් පාරේ ඉන්න මිනිස්සු මරන්නේ නැතුව. සුදු මම ඔයා එනකන් අහවල් කතාවේ සීරිස් හතම බලනවා. වෙලාවක් නැතුව හිටියේ" කියන ගැහැණිය ඔබේ නිදහසට ගරු කරනවයා... " අනේ අයියේ. මට පාලුයි. ......චී බොන එක නරකයි. ඔයා බොන්න යන්න එපා. අනික මම කොසලලා එක්ක ඔයා ආශ්‍රය කරනවට කැමති නැහැ කියල දන්නවනේ" කියන ගෑනි ඔබට පුද්ගලික අවකාශයක් දෙන්නෙම නැත.
අමාරු ජීවන ගමනේදී අපි එදාට වඩා අද වෙහෙසිය යුතු වෙමු. ඔබට ගේම ගසන්නට නම් " ගෑස් එක ඉවරයි. මම දැන් කාර් එක අරන් ගිහින් ගේනවා. මේ හතට මොන කරුවලක්ද අනේ? නැත්තන් ඉතින් ඔයා එද්දී ඔයාට මහන්සිනේ" කියා කියන ගැහැනියක් ඔබට වුවමනාය. රෑ දොළහට හරි තෝම ඇවිත් ගෙනෙන් ..අම්මෝ මට බයයි. අපි මේ ගෙවල් වලින් එලියට බැහැපු නැති පට්ට හැදිච්ච, සුකුමාල මල් වගේ කෙල්ලෝ කියන කස්ටිය එක්ක ජීවිතේ ඇනයක් වෙනවා මය.
මම මේ සේරම කීවේ අර විදිහට උන්න උන්දලා කීප පොළක්ම දැන් ගෙවන ජීවිත දෙස බලාය. උන්දලා එකල අපිට උදාහරණ සැපයු අතර දැන් මොන කරුමයක්ද දන්නේ නැහැ බන් .මේ ළමයි නිසා යන්නත් බැහැ කියමින් ඉන්නවාය." ඒ නිසා ජීවිත ගමනේදී සත්‍යවාදී , ප්‍රයෝගික දක්ෂ ගැහැනියක් මිනිහෙක් විනා මනෝ රාජික ප්රෙමයන් පතන බොරු කාරයන්ගෙන් ප්‍රවේශම් වීමට වග බලා ගත යුතුය....
- Reshika Dissanayake Godakanda
.
.
.
.
.
කසාදය