ධර්මය, නිවන කියන්නෙත් පෘථග්ජන කෙනෙක්ට කතන්දරම තමයි.
කතන්දර නොහැදෙන තැන තමයි අනිච්ච, අනාත්ම ධර්මය. අනිච්ච, අනාත්ම නිවන. අනිච්ච තැනක ධර්මය කියලා *දෙයක්* ඇත්තෙත් නැහැ. නිවන කියලා *දෙයක්* ඇත්තෙත් නැහැ.
කතන්දර නරක නැහැ. කතන්දර අති සූක්ෂමව බුදු කෙනෙක් හදලා දේශනා කරලා තියෙන්නේ, කතන්දර වලම තියෙන අවුල නිසා මිනිස්සු හදාගත්ත දෘස්ටි ගැන මනසිකාර කරන්න යොමු කරන්න. හරියටම ජාතිය (මම සහ ලෝකය නැත්තම් පන්චඋපාදානස්කන්ධය ගොඩනැගෙන තැන/ සසර තනන වඩුවා/ අවිද්‍යාව) මනසිකාරය වෙන තැන (යෝනිසෝ මනසිකාරය) තමයි පෘථග්ජනයා පලවෙනි වතාවට අවිද්‍යාව, අවිද්‍යාව ලෙස දකින්නේ. අනිච්ච, අනාත්ම නිවන දකින්නේ. දුක්ක සමුදය තුලම නිරෝධයට පත් වෙන්නේ. සක්කාය දිට්ටිය බිදෙන්නේ. සෝවාන් ආර්ය ශ්‍රාවකයෙක් වෙන්නේ.
ඒකතමයි කතන්දර කට පාඩම් කරලා නිවන් දකින්න බැරි. නුවනින් විමසීම කියන දේ සහ එලැබ සිටි සිහිය (සතිය) අනිවාරෙන් වැදගත්. ඉතින් කෙන කෙනාගේ ඉන්ද්‍රිය ධර්ම වැඩිලා තියෙන විදිහට, කෙනෙක්ට වචන 20 ඇහෙද්දි ධර්මය අවබෝධ වෙන්නත්, තව කෙනෙක්ට මේක ප්‍රතිපදාවක් විදිහට වැඩීමෙන් මාස 5 ඇතුලත අවබෝධ වෙන්නත් පුලුවන්. අවබෝධ කර ගන්න බැරි කෙනෙක් නැහැ.. ඉතාම පිලිවෙලට දාන, සීල, භාවනා මට්ටමෙන් පටන් අරන්ම පටිපදාවක් හදලා දේශනා කරලා තියෙන්නේ ඕනෙම කෙනෙක්ට මුල ඉදන්ම තියෙන අඩුපාඩු මගහැරලා, හරිගස්සන් ගිහින් නිවන දකින්න පුලුවන් වෙන විදිහට.
දැන් තමයි වෙන්නේ. දැන් තමයි තියෙනවා.. කියලා විද්‍යාමාන වෙන්නේ. දැන් වෙන්නේ මොකක්ද කියන දේට තමයි ධර්මය නැත්තම් පටිච්ච සමුප්පාදය කියන්නේ. දැන් වෙන දේ පිරිසිද දැක්කහම, 'මැරුනට පස්සේ මොකක්ද වෙන්නේ..' කියන ප්‍රශ්නේ එනිනැහැ, මොකද මැරෙන්නත් *කෙනෙක්* මොහොත තුල හටගෙන නැති නිසා.
------
Post added on Nov 2, 2025 at 4:43 AM
හැම අරමුණකම නිවන තියෙනවා, දකින්න කෞෂළ්‍යනම්.
එක එක ඇදුම් ඇදම්/ හෙලුවෙන්, කොහෙ හිටියත්, ගොවියා ගොවියම තමයි.

------
Post added on Nov 2, 2025 at 4:48 AM