උඹ මම අපි ගෝඨට දුන්නා... දැන් සැපද...?

BadBlueGenius

Well-known member
  • Jun 11, 2014
    5,552
    6,535
    113
    මේ අදහස් එක්ක මමත් 100%ක් එකඟයි.. ජනාධිපතිවරණෙදි තිබුණු තෝරාගැනීම් වලින් හොඳම අපේක්ෂකයට තමයි මමත් ඡන්දෙ දුන්නෙ.. ගෝඨට.. එත් මහමැතිවරණෙදි මම දුන්නෙ ජේවීපී එකට.. මොකද මට මහින්ද ගැන සහ වටේ ඉන්න වන්දිභට්ටයො ගැන සත පහක විශ්වාසයක් නෑ... මම ඇත්තටම සතුටු වෙනවා මහින්දට ඡන්දෙ නොදීපු එක ගැන.. ජේවීපී එකට රටක් පාලනය කරන්න තරමි අත්දැකීම් නෑ.. හිමදාම හිටියෙ විපක්ෂයෙ.. ඔවුන්ගේ දේශපාලන ඉතිහාසය පුරාවටම ප්‍රගුණ කලේ විවේචනය.. ඇත්තටම ඒ විවේචන තාර්කිකයි... මම අදටත් දුක්වෙනවා හඳුන්නෙත්ති ආපු නැති එකට.. පාර්ලිමේන්තුවෙ ඉන්නම ඕනි චරිතයක්.. ඒ මනුස්සය නොහිටින්න (මම විශ්වාස කරන විදියට) පාර්ලිමේන්තුවෙ ඉන්න අයියල ටික (පක්ෂ විපක්ෂ භොදයකින් තොරව) බැඳුමකරේ යටගහනව දලමට..

    පොහොට්ටුවෙ ස්ට්‍රැටර්ජි එක බැලුවොත් එයාලා කරන්නෙ සෝෂල් මාකටින්.. ෆේස්බුක්, ජනමාධ්‍ය (දෙරණ වගේ) වගේ දේවල් වලින් ට්‍රෙන්ඩ් හදනවා.. ඩිස්ට්‍රැක්ෂන්ස් හදනවා.. මිනිස්සු ඒ ඒ කාලෙට පොප්අප් වෙන ඉන්සිඩන්ට් එක පස්සෙ යනවා.. ඇත්තටම මම හිතන්නෙ එයාලගෙ ප්‍රමෝෂන් ටීම් එකේ සෝෂල් සයන්ස්, මාස් මීඩියා වගේ කාරණා ප්‍රගුණ කරපු වැඩ්ඩො ටිකකක් ඉන්නවා.. එයාලා තමයි ප්ලෑන් කරන්නෙ මිනිස්සුන්ගෙ මතය කොයි කොයි විදියට ද හසුරුවන්න ඕනි කියල.. උදාහරණයක් කියන්නම්.. මතකද කොවිඩ් රැපිඩ් ඇන්ටිජන් කිට් එක ගැන කතාබහක් ඇතිඋණා මුලින්ම.. එතකොට රජයට ආපු චෝදනාව උණේ එයාලට පක්ෂපාතී ආයතනයකට මේ ටෙන්ඩර් එක දීලයි කියල.. එත් ඒ වෙලාවෙදි ආණ්ඩුවෙන් කිවුවෙ, අපි රජය විසින් කිසිම විදියකින් රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් කිට් මිළදී ගත්තෙ නෑ.. පෞද්ගලික රෝහල් වලින් ටෙස්ට් කිට් ගෙන්නල තියෙනවයි කියලයි.. ඒ අතරතුරේදි මම දැක්ක දෙරණ ප්‍රයිම්ටයිම් නිවුස් වල හැම දාම වගේ රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් කිට් එකේ හොඳ කියවෙන තත්පර 10-15ක වගේ නිව්ස් එකක් හැමදාම ගියා.. මිනිස්සුන්ට නොදැනිම ඒ මගින් රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් කිට් එක ගැන පොසිටිව් අදහසක් ඇතිකරන්න වස්තු බීජය පැළ කරා.. ඊට පස්සෙ ඩිස්ට්‍රැක්ෂන් එකක් ආවා.. ඒ තමයි බන්ධනාගාරෙ කේස් එක... ඒකෙ උණුසුම අඩුවීගෙන යනකොට මම දැක්කා නිවුස් එකක දෙරණෙ, ලංකාව පුරා MOH වල හදිසි පරීක්ෂණ සඳහා රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් කිට් එක භාවිතය සඳහා අනුමැතිය දුන්නයි කියලා.. ඒත් කවුරුවත් ප්‍රශ්ණ කලේ නෑ කවද්ද ටෙස්ට් කිට් එක ලංකාවට ගෙනාවෙ, මොන කොම්පැණියෙන්ද ගත්තෙ, NMRA අනුමැතිය ගත්තද කියන දේවල් ගැන. මොකද මිනිස්සුන්ගෙ ඔලු ඇතුලෙ ඒ වෙනකොට තිබුණෙ මහර කේස් එක.. ඔය වගේ සීන් එමටයි ටිකක් ඈතට වෙලා බලාගෙන හිටියොත්...

    ඊලඟ දේ, ගොඨා සහ මහින්ද ප්‍රමෝට් කලේම සිංහල ජාතිවාදෙ.. ඒත් අද කෙළ නැතුවම ඇරිය නේද මුස්ලිම් දේහයන් භූමිදානය කරන්න භූමියක් හොයන්න කියලා.. ඔන්න බලන්න වැඩි දවසක් යන්න කලින් ආයිත් ඩිස්ට්‍රැක්ෂන් එකක් එනවා.. ඒ අස්සෙ මුස්ලිම් මෘත දේහයන් භූමිදානය කරන්න අනුමැතිය දෙයි.. එහෙම නැත්නම් ඇත්තටම කොරෝනා වලින් මැරෙන මුස්ලිම් මිනිස්සුන්ගෙ PCR Report Negative කියල කියයි.. එතකොට භූමිදානය කරන්න පුළුවන් නේ.. (මමත් සෞඛ්‍ය සේවයෙ නිසා දැකපු දේවල් ගොඩාක් තියෙනවා.. මිනිස්සු අතරට යන්න දෙන්නෙ නැතුව පාලනය කරන කොයි තරම් COVID related incidents තියෙනවද කියලා.. ඒ ගැන කියන්න තහනම්)

    ඒත් අපි ඉදිරි මහමැතිවරණය ගැන හෝ ජනාධිපතිවරණය ගැන හිතුවොත්, අපි කාවද ගේන්න හොඳ?? එහෙම නායකත්වයක් මම දකින විදියට තාම නෑ රට ගොඩගන්න පුළුවන් දැක්මක් තියෙන.. සජිත් ගෙනැල්ල තේරුමක් නෑ.. ජේවීපී එකට වැඩ කරන්න පුළුවන් ඇමතිකම් කිහිපයක් අරන් දීලා, ඒ ඔස්සේ අත්දැකීම් ගන්න අවස්ථාවක් ලැබුණොත් මම හිතනවා තව අවුරුදු 15කින් විතර එයාලට ආණ්ඩුබලය දෙන එක හොඳයි කියල.. හැබැයි ජේවීපී එකේ දැනටට තියෙන චේ ගුවේරා ශේප් එකේ පෙනුම වෙනස් කරලා, මිනිස්සුන්ට තේරෙන භාෂාවෙන් (රුසියාවෙ වචන අයින් කරලා) කතා කරන්න පුළුවන් ප්‍රතිරූපයක් හදාගන්න වෙනවා..

    දැනට මට තියෙන්නෙ බලාපොරොත්තු දෙකයි..
    01. තියෙන කැන්සර් එක වැඩිවෙලා ඉක්මණට යටියන්තොට ගියොත් අහවලා, පොඩි චාන්ස් එකක් තියෙනවා (මෙවුව කටකතා)
    02. හමුදා ආණ්ඩුවක්

    එච්චරයි..

    මේ මගේ අදහස.. කුණුහරුප කියාගන්න එන්නෙ නැතුව, සාකච්ඡාවක් විදියට කතා කරන්න ආවොත් මම උත්තර දෙන්නම්.. මට ඔන්ලයින් වලි ඕනි නෑ.. පුද්ගලික ජීවිතේ තියෙන ප්‍රශ්ණ ටික ඉහටත් උඩින්...;);)

    හමුදා ආණ්ඩුවක් කියන්නේනම් විකල්පයක් නෙවයි මචං .
    රටට කෙලවෙලාම නවතින්නේ .
     
    • Like
    Reactions: viribus and dayt0na

    Awatiyal

    Well-known member
  • Feb 11, 2015
    775
    1,992
    93
    අනේ මන්දා
    හමුදා ආණ්ඩුවක් කියන්නේනම් විකල්පයක් නෙවයි මචං .
    රටට කෙලවෙලාම නවතින්නේ .

    මචං.. කෙලනොවී ඉතුරුවෙන්න දෙයක් දැනටත් තියෙනවද?? හමුදා ආණ්ඩුව මට පේන්නෙ පිදුරුගහක් විදියට..

    මේ තියෙන්නෙ අපිට මවාපාපු දෙයක් විතරයි.. උඹ දන්නවද, කොරෝනා දෙවෙනි රැල්ල පටන් ගත්තු කාලෙ කතාවක් ගියා ඉන්දියාවෙන් අපේ රටට මේක බෝ කලයි කියලා.. ඒක ඇත්තක් වෙන්න තියෙන සම්භාවිතාවය ගැන හිතුවද?? නිකම් හිතන්න ලංකාව පලවෙනි රැල්ල සුපිරියටම පාලනය කරා.. තමුන්ගෙ මිනිස්සු රැකගත්තා.. ඒත් අල්ලපු රට වෙච්ච ඉන්දියාවෙ සැරට පැතිරෙන්න ගත්තා.. තාර්කිකව රටවල් දෙකේ විශාලත්වය ගත්තොත් ලංකාවේ කොරෝනා පාලන ක්‍රමවේදය ඉන්දියාවට ආදේශ කරන්න බෑ.. ඒත් ඒ රටේ ඉන්නෙත් අපේ රටේ වගේම සාමාන්‍යයෙන් තාර්කික ශක්තිය අඩු බහුතර ජනතාවක්.. එයාල හිතන්නෙ ලංකාවෙ උන් නියමෙට මේක පාලනේ කරා.. අපේ එවුන්ට තමයි බැරි කියලයි.. හිතන්න ඒ සිතුවිල්ල කොයි තරම් බලපෑමක් කරයිද කියලා ඉන්දියාවට දේශපාලනිකව.. මොකක්ද ඉතුරුවෙන විකල්පෙ?? මේවා නිකම්ම නිකම් කන්ස්පිරසි තියරි නෙවෙයි බං..
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,093
    113
    ඡන්දේ දුන්නේ ගෝඨට.අවුරුදු 5 ඉවරවෙලා බලමු.
    විපක්ශෙ දැන් කරන දේවල් දිගටම කලොත් ඊළඟ අවු 5ත් විපක්ශෙම තමා
     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,145
    7,149
    113
    Back Bay-Beacon Hill, Boston
    නිකම් හිතන්න ලංකාව පලවෙනි රැල්ල සුපිරියටම පාලනය කරා..
    මහත්තයෝ පලමු රැල්ලෙදි PCR ටෙස්ට් කීයක් කොරල තිබ්බද? රට පුරා, පලාත් හෝ නගර වශයෙන් ගනන් මිමි තියෙනවද?
     

    Awatiyal

    Well-known member
  • Feb 11, 2015
    775
    1,992
    93
    අනේ මන්දා
    මහත්තයෝ පලමු රැල්ලෙදි PCR ටෙස්ට් කීයක් කොරල තිබ්බද? රට පුරා, පලාත් හෝ නගර වශයෙන් ගනන් මිමි තියෙනවද?

    තියෙනව මචං.. හැම PCR කරන රෝහලකටම google sheet එකකට access දීල තිබුණා (Dashboard එකක් තියෙනවා).. හැම විස්තරයක්ම එකෙ අප්ඩේට් කරන්න ඕනි.. එහෙම කරා.. ඒත් ඒ තොරතුරු එලියට ආවද කියන්න මම දන්නෙ නෑ..
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ....ගොඨා සහ මහින්ද ප්‍රමෝට් කලේම සිංහල ජාතිවාදෙ ...
    මේක සම්පුර්ණ වැරදියි උන්දලා කට ඇරියොත් සමගිය සහජීවනය ගැන කතාකරන්නේ මමනං කවදාවත් අහල නෑ ජාතිවාදයක් ගැන කියනව. :baffled: චන්දෙ කාලෙත් පල්ලි වලට ගිහින් ශෝක් එකට හිටිය නෝම්බි අල්ලන උන් එක්ක රටඉඳි කෑව ඉතිං කොහෙද ජාතිවාදී වෙන්නෙ

    චන්දෙ දුන්න උන්ගේ හිතේ තිබුන ජාතිවාදී අදහස් උන් චන්දෙ දීපු උන් ලව්වා කරගන්න හිතාගෙන හිටිය කිව්වා නං තමා හරි.
     

    Sen-lu

    Well-known member
  • 02. හමුදා ආණ්ඩුවක්
    උඹ කියල තියෙන ගොඩක් දේවල් ඇත්ත. මම ඔය QUOTE කරල තියෙන එකට නම් එකඟ වෙන්නේ නෑ.

    කොහොමත් පේන මානෙක ලංකාවට හොඳක් කරන්න පුළුවන් පාලකයෙක් එයි කියල හිතන්න අමාරුයි. එහෙම දැනුමක් ප්‍රතිපත්තියක් තියෙන කෙනෙක් මම නම් දන්නෙ නෑ.

    ගෝඨට යමක්‌ කරන්න පුළුවන් කියල මම හිතනවා. හැබැයි මිනිහ දැන් යන පාර නම් ඒ තරම් ප්‍රගතිශීලී ගමනක් නෙවෙයි.

    බලමු තව කල් තියෙනවනෙ.
     

    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,425
    3,801
    113
    out of fucked up land
    Eka pakekta chande dunne na. Denda arshiklands wala hitiyeth na. Vacation aran eka eka pakkunta chande denda puke amaruwakuth na.
    Ee unata wena ratakata wela athak eke nam innawa. ¯\_(ツ)_/¯
     

    Awatiyal

    Well-known member
  • Feb 11, 2015
    775
    1,992
    93
    අනේ මන්දා
    ගෝඨට යමක්‌ කරන්න පුළුවන් කියල මම හිතනවා. හැබැයි මිනිහ දැන් යන පාර නම් ඒ තරම් ප්‍රගතිශීලී ගමනක් නෙවෙයි.

    ඇත්තටම මමත් බලාපොරොත්තවෙන් ඉන්නෙ ඒකම තමයි මචං.. ඒත් එයාට වඩ කරන්න, මේ රටාව වෙනස් කරන්න වටේ උන් ඉඩ දෙයිද?? චිරාත් කාලයක් මේ හොරු ප්‍රගුණකරපු හොරකම, වංචාව නතරවෙනවට මුං කැමති වෙයිද?? සාමාන්‍ය මනුස්සයගෙ ජීවිතේ දියුණුව දකින්න උන් අවංකවම කැමති වෙයිද?? විශේෂයෙන් සාමාන්‍ය ජනතාව නිදහසේ කල්පනා කරනවට මුන් කැමති වෙයිද?? එහෙම දේවල් වෙන්න අවශ්‍ය වටපිටාව හැදෙන්න තියෙන එක විදියක්තමයි අර අංක 02 :yes: (මගේ අදහස)
     
    • Like
    Reactions: Sen-lu

    Awatiyal

    Well-known member
  • Feb 11, 2015
    775
    1,992
    93
    අනේ මන්දා
    හමුදාව හොඳයි.ඒත් හමුදා ආණ්ඩු හොඳ නෑ බං.

    ඇත්ත මචං.. කොයිම රටක වත් හමුදා ආණ්ඩු සාර්ථක වෙලා නෑ.. ඒත් අපිට තියෙන විකල්ප මොනවද බං?? අපිට ඇරපු නැති නායකයෙක් මේ ජීවිත කාලෙදි ඉඳල තියෙනවද?? අපිට ඇරියත් කමක් නෑ, රටට වැඩක් කරපු?? එකම දේ මහින්ද යුද්දෙ ඉවර කරපු එක විතරයි.. ඒත් ඒ දේට වඩා එයා පසුකාලීනව කරපු දේවල් වලින් රටට වැඩි හානියක් උණා කියලයි මට හිතෙන්නෙ.. ප්‍රභාකරන් ඉල්ලුවෙ උතුර විතරයි.. ඒත් අන්තවාදී මුස්ලිමුන් මුළු රටම ඉල්ලනවා.. අපිට සැරට නොදැනුනාට ඒ දේ චූටියට දැනුත් වෙමින් පවතිනවා...
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මචං.. කෙලනොවී ඉතුරුවෙන්න දෙයක් දැනටත් තියෙනවද?? හමුදා ආණ්ඩුව මට පේන්නෙ පිදුරුගහක් විදියට..

    මේ තියෙන්නෙ අපිට මවාපාපු දෙයක් විතරයි.. උඹ දන්නවද, කොරෝනා දෙවෙනි රැල්ල පටන් ගත්තු කාලෙ කතාවක් ගියා ඉන්දියාවෙන් අපේ රටට මේක බෝ කලයි කියලා.. ඒක ඇත්තක් වෙන්න තියෙන සම්භාවිතාවය ගැන හිතුවද?? නිකම් හිතන්න ලංකාව පලවෙනි රැල්ල සුපිරියටම පාලනය කරා.. තමුන්ගෙ මිනිස්සු රැකගත්තා.. ඒත් අල්ලපු රට වෙච්ච ඉන්දියාවෙ සැරට පැතිරෙන්න ගත්තා.. තාර්කිකව රටවල් දෙකේ විශාලත්වය ගත්තොත් ලංකාවේ කොරෝනා පාලන ක්‍රමවේදය ඉන්දියාවට ආදේශ කරන්න බෑ.. ඒත් ඒ රටේ ඉන්නෙත් අපේ රටේ වගේම සාමාන්‍යයෙන් තාර්කික ශක්තිය අඩු බහුතර ජනතාවක්.. එයාල හිතන්නෙ ලංකාවෙ උන් නියමෙට මේක පාලනේ කරා.. අපේ එවුන්ට තමයි බැරි කියලයි.. හිතන්න ඒ සිතුවිල්ල කොයි තරම් බලපෑමක් කරයිද කියලා ඉන්දියාවට දේශපාලනිකව.. මොකක්ද ඉතුරුවෙන විකල්පෙ?? මේවා නිකම්ම නිකම් කන්ස්පිරසි තියරි නෙවෙයි බං..

    lankawa nagitina hama parama keleuwe RAW eken thamai mekath ungema wadak wenna puluwa % eka wadi.
     
    • Like
    Reactions: kinkon

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    හමුදා ආණ්ඩුවක් කියන්නේනම් විකල්පයක් නෙවයි මචං .
    රටට කෙලවෙලාම නවතින්නේ .

    හමුදා ආණ්ඩුවක් හොඳයි සරත් ෆොන්සේකා වගේ කෙනෙක් හිටියොත් මේ යන විදියට විකටයා ඔය වගේ පාලනයක් කලොත් හොරකන්, කුඩුකාරයෝ ගැන හෙළි කරන උන්ව හමුදාව දම්මලම සුද්ද කරයි.
     
    • Like
    Reactions: ex-muslim Ahmed

    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    මම දන්න ගොඩක් උන්ගේ ප්‍රශ්නය උනේ අනුරද ගෝඨාභයද කියන එක.අන්තිමට උන් අනුරට දිනන්න බෑ ඒ නිසා ඊලඟ හොඳම විකල්පය ගෝඨාභය කියලා පොරට දුන්නා. පැරදුනත් හොඳම එකාට දෙනවා කියල මම අනුරට දුන්නා. අද ගෝඨාභයට දුන්න අය ඇටිකෙහෙල් කෑව රිලව් වගේ ඉන්නවා. ඒ දවස් වල උන්ගේ ෆේස්බුක් වෝල් පුරා තිබ්බේ අර ඔරකල් ඩේටා සීන් කතායි ගෝඨාභයගෙ වැඩ කිඩයි. උන් මටත් ඒ පම්පෝරි ගැහුවා. එකෙක් කීවා ගෝඨාභය රැස්වීම් වලට ආවම වියත් මගේ උන් පොර වටේට වාඩි වෙනවලු ඒ පලාතෙ දේශපාලකයිට ලං වෙන්න බැරි වෙන්න. ඒ තරම් පොරව ආරක්ෂා කරනව කියලා. පීබී ජයසුන්දර ජනාධිපති ලේකම් කරාම උන්ගෙ සද්දෙ ටිකක් අඩු උනා. ඇමති මණ්ඩලේ පත් කරාම තවත් අඩු උනා. මහ මැතිවරණෙ වෙද්දි හීන් කෙඳිරියක් විතරයි තිබ්බෙ. ඒකෙන් පස්සෙ ඒ කෙඳිරියත් නැති උනා. දැන් උන්ගෙ වෝල් වල දේශපාලන පෝස්ට් එකක් වත් නෑ.
    මම මේ කියන්නෙ පරම්පරා ගත ගූ බයියො ගැන නෙවෙයි. පාවෙන ඡන්ද ගැන.
    ඕක තමා මගෙ අත්දැකීම.
    අනුරට දීලා 3% එකෙක් උන මම රටට උන දේ වෙන දේ ගැන දුකෙන්, ඒත් අනුරට දීපු එක ගැන සතුටින් ඉන්නවා.
    අරුන් මග හිටියොත් තෝ නසී ගෙදර ගියොත් අඹු නසී වගේ හොඳ කියන්නත් බැරුව බනින්නත් බැරුව කටු අස්සට වෙලා ඉන්නවා ගොළුබෙල්ලෝ වගේ.
    "මහ මැතිවරණෙ වෙද්දි හීන් කෙඳිරියක් විතරයි තිබ්බෙ"

    කීයටවත් වෙන්න බෑ මචන් සමානුපාතික ක්‍රමය යයටතේ ලංකා ඉතිහාසයේ ලොකුම ජයග්‍රහණය. ඒ කාලෙත් ජන්දෙට කලින් විපක්ෂ social media campaign එක මතයක් හැදුව මාස අටට මෙච්චර නෝන්ඩි උන ආන්ඩුවක් කොහේවත් තිබබෙ නෑ කියල. ඒත් අන්තිමට මොකද්ද උනේ?

    පාවෙන ජන්ද මෝඩ නෑ. උන්ම තමයි ජවිපෙ මන්ත්‍රී ආසන 16 දක්වා ඉස්සුවෙ. හැබැයි දැන් උන් ජවිපෙට දෙන්නෙ නැත්තෙ ඇයි කියල උබ කල්පනා කරල බැලුවද? ජවිපෙ හිතන්නෙ උන් මෝඩ නිසා කියල. ඒක මහ මෝඩ සිතුවිල්ලක්. පාවෙන ජන්ද තමුන්ට වැටෙද්දී මෝඩ නෑ වෙන කාටහරි වැටෙද්දී මෝඩයි කියල හිතන එකා පට්ට මෝඩයි. ජවිපෙ තමුන් ගැන ස්වයං විවේචනයක් කරගෙන මේ ගැන හොයල බැලුවොත් හොඳයි. හැබැයි මට හිතෙනවා රටට ජවිපෙ නොවන විකල්ප බලවේගයක් අවශ්‍යය. එහෙම ලගින්හරි යන කෙනෙක්ට දැනට ඉන්නෙ Dr. පැතුම් විතරයි