පූටින්ට සමාන කරපු ස'ව සජිත් එක්ක කම්පෙයා කරද්දි මට දැනෙන දුක.හරි දැන් හිතමු සජිය පත්වෙලා ඒ ආණ්ඩුවේ අධිකරණ ඇමති හකීම් වුණා කියල... මේ වගේ අවස්ථාවක දී හකීම් ජනාධිපතිට හා ආණ්ඩුවට කොයිතරම් බලපෑමක් කරයිද...? මේ වෙන කොට පීඑච්අයිලා අටලූගම යන්නේ හමුදා ආරක්‍ෂාව යටතේ.... සජියගේ ආණ්ඩුව වුණා නම් මේ වෙන කොට අටලූගම තත්වය කොහොමද...? වළක්වල තියෙනවා කියල දැන් ඕන තරම් සාක්‍ෂි තියෙනවා.... සජිය දිනුව නම් ඒ එක්කම එන මහ මැතිවරණයේ පාර්ලිමේන්තුවට එන මුස්ලිම් මන්තී‍්‍රවරුන් ගණන කවුරු හරි තක්සේරු කරල තියෙනවද...? සජියගේ කැබිනට් එකට රිංගන මුස්ලිම් අමාත්‍යවරුන් ගණන අනුමාන කරල තියෙනවද...? කබීර් හෂීම්, හකීම්, රිෂාඞ්, හලීම් බ්ලා බ්ලා බ්ලා.... සර් වැලි නැතිව ඇරිය නම් පුතාණෝ අරින්නේ වැලිත් එක්ක කටු කම්බි රෝලක් කියල කවුද හොයල බැලූවේ.... මේ වගේ වසංගත තත්වයක් යටතේ මුස්ලිම් කොලනිවල හැසිරීම මොන වගේ වෙයිද...?
02. කල්ලාරු රක්‍ෂිතය විනාශ කළෙත් දේශපාලනඥයින්... අද පොළොන්නරුවේ හරි සිංහරාජය හරි විනාශ කරන්නෙත් දේශපාලනඥයින්.... ඒ සම්බන්ධව ගෝඨගේ ආණ්ඩුව ද සජියගේ ආණ්ඩුව ද කියන එකේදී ලොකු වෙනසක් පෙන්වන්නේ නැතිවේවි.... ලංකාවේ මාධ්‍යයයි පරිසරයට ආදරය කරන මිනිස්සුයි හැමදාම පරිසරය වෙනුවෙන් කතා කළාට දේශපාලකයින්ට කැලෑ කියන්නේ නිධානයක් වගේ දෙයක්.... සජිය ආව නම් රිෂාඞ්ට ගස් හිටවන්න උසාවි නියෝග එන්නේ නැතිවේවි.... හැබැයි රිෂාඞ්ට තවත් අක්කර ගාණක් කපන්න ලයිසන් එක ලැබේවි... හැබැයි ඊළග මැතිවරණයක දී මේ ආණ්ඩුවට පරිසරය කියන සාධකය පාරා වළල්ලක් වේවි...
03. ලංකාවේ ආර්ථිකය විතරක් නෙවෙයි මු`ඵ ලෝකයේම ආර්ථිකය මේ වෙන කොට ඩල්.... එක්සත් ජාතින්ගේ සංවිධානය දැනටමත් තක්සේරු කරල තියෙන්නේ ඉදිරි වර්ෂ කීපය මු`ඵ ලෝකයම ආර්ථික අවපාතයකට හා ආහාර හිගයකට මුහුණ පාන්න සිද්දවෙනවා කියල.... කෘෂිකාර්මික රටක් විදියට කෘෂිකාර්මික ද්‍රව්‍ය ආනයනය නතර කරල දේශිය ගොවියව ශක්තිමත් කරන්න දැන්ම පටන් ගන්න ඕන... එතනදී ගැට`ඵ ගොඩක් එනවා.. එදා සිරිමගේ සංවෘත ආර්ථික සංකල්පය තවත් අවුරුදු ගාණක් අල්ලගෙන ඉන්න පුලූවන් වුණා නම් අපි අද ස්වයංපෝෂිත රටක්.... අදත් ඒ අපනයන සීමා නිසා ගැට`ඵ එනවා.... මෙලෝ ආර්ථික න්‍යායක් ගැන දැනුමක් නැති එවුන් දැන් සැපද කියල අහන්නේ වෙනමම කෝණයකින් බලලා.... 100% ක් නැතත් ගෝඨගේ ආර්ථික න්‍යාය නිවැරදියි.... එය යථාර්ථවාදි ද කියල කියන්න කල් වැඩියි... ඒකට ප‍්‍රධාන හේතුව මේ ලෝක වසංගත තත්වය හා සබැ`දි ආර්ථික අවපාතය.... ඒ හින්ද දැන් සැපද කියන දේට උත්තර දෙන්න කල් වැඩියි....
උඩින් තියෙන්නේ ප‍්‍රධාන කාරණා 03 ගැන මගේ තක්සේරුව.... දැන් බලමු ගෝඨ ජනාධිපති වීම නිසා දේශපාලනයේ සිදුවෙච්චි සිංහලයට හිතකර ලක්‍ෂණ....
ගෝඨ ජනාධිපති වුණත් සමගම ලංකාවේ අලූත් දේශපාලන සංස්කෘතියක් ඇති වුණා... ඒ සංස්කෘතිය ඇති වුණේ ගෝඨව ඉස්සර කරගෙන ආ සිංහල මතවාදය නිසයි... එදා ගෝඨ වෙනුවට ඒ මතවාදය සිංහල බහුතරයක් තුළ ඇති කරන්න සමත් එකෙක් පේන තෙක් මානයක හිටියේ නෑ.... දකුණේ සිංහලයත් උතුරේ සිංහලයත් මැද සිංහලයත්, දෙපැත්තේ සිංහලයත් එකම මතයකට ඇවිල්ලා ගෝඨට චන්දේ දුන්නේ මෝඩකමට නෙවෙයි.... ලක්‍ෂ 69 ක් එකම මතයකට ආවේ ඇයි කියල වෙනමම තක්සේරුවක් කරන්න ඕන ජනතාව නෙවෙයි දේශපාලකයින්... උන් තේරුම් ගන්න ඕන සිංහලයාගේ බලාපොරොත්තුව මොකක්ද කියල... ඒක දේශපාලකයිගෙන් අනාගතය තීරණය කරන වැදගත් කරුණක් වෙයි....
එදා සජිත් දිනුවනම් තවත් කල්ප කාලෙකට හම්බයා නැත්තං දෙමළ නැත්තං ආණ්ඩු හදනව බොරුයි කියන කෙප්පය සමාජගත වෙනවා.... අද වෙන කොට සිංහලය නැත්තං ආණ්ඩු හදන්න බෑ කියන අලූත් න්‍යායයක් සමාජගත වෙලා... එදා මගේ ත්‍රෙඞ් එකේ අන්තිම හරිය ආයෙත් කියවන්න... මම පැහැදිලිවම කියල තියෙනවා ගෝඨා අපි හිතන තරම් පොරක් වෙන්නේ නැතිවෙයි කියල... ඒ වගේම අපි පැළ කරන බීජයක් වෘක්‍ෂයක් කරගන්න එක අපේ වැඩක්... අපි දේශපාලන වහලෙක් වෙන්නේ නැතිව අපි පත් කරගත්ත එකාට ෆෝස් කරන්න ඕන.... ඌ කරන හැම දේම හරියි කියන්න තරම් හෙංචයියෙක් වෙන්න හොද නෑ.... හැබැයි මේ එළකිරියේ ගෝඨට බනින එවුන්ගෙන් අතිශය බහුතරය කැපුවත් අහවල් පාට කියන ජාතියේ එවුන්.... උන් කවදාවත් ගෝඨට බැන්නට විකල්පේ මොකක්ද කියන්නේ නෑ... හරිනං උන් ඒ විකල්පේ මොකක්ද කියල කියන්න ඕන... එක් සාධාරණ නම්, ප‍්‍රායෝගික නම් උත්සහා කරල බලන්න ඕන එකක් නම් අපේ හැකියාවෙන් ඒක සමාජගත කරන්න ෆුල් ට‍්‍රයි එක දෙනවා....

නාමල් ගැනවත් හෝප් එකක් තියා ගන්න පුලුවන් වෙයි ද බන්?
