මම පොඩිකාලෙ පලමු වෙනි පාරට උලමගේ සද්දෙ ලගින් අහපු දවස නම් කවදාවත් අමතක වෙන්නෙ නෑ.
ඒ දවස් වල ඉස්කෝලෙ අවුරුදු නිවාඩු. රෑක 9 ට 10 ට වගේ අම්මායි මායි අක්කයි මල්ලියි සාලේ ඉන්නවා. අම්මා අක්කට මොනව හරි පාඩමක් කියල දෙනව. මම බිම වාඩි වෙලා මොකක් හරි අටමගලක් හදන ගමන් හිටියෙ.මතක නෑ මොකද්ද කියල. මල්ලිත් අම්ම ලග. අම්ම අක්කට පාඩම් කියල දෙන කලබලේ අස්සෙ දෙතුන් පාරක් විස්ල් ගහන සද්දයක් ලාවට වගේ ඇහුනා. බල්ලෙකුගෙ උඩු බිරුමක් වගේත් ඇහෙනවා. උලමගෙ සද්දෙ ශබ්ද කීපයක් මිශ්‍ර වෙලා වගේ තමයි ලගට ඇහෙන්නෙ. මට මුලින් ඇහුනට ගනන් ගත්තෙ නෑ. අම්මටත් ඇහිලා අම්මා කිව්වා පොඩ්ඩක් කතා නොකර ඉන්න අර මොකද්ද සද්දයක් ඇහුනා කියලා. කට්ටිය ම සද්ද නැතුව ඉන්නකොට ඇහුනා හොදට. අපේ ගෙදර ඉස්සර රෑට දොර ඇරලා තියෙන්නෙ නිදාගන්නකොට තමයි වහන්නෙ.
ඉතින් ඇරපු දොර ඉස්සරහින් තමා මහා සද්දෙට ඇහුනේ ඒක. අම්මා දනිපනි ගාලා මල්ලි උස්සන් කාමරේට දිව්වා. අක්කට දුවගන්න බෑ පුටුසෙටියෙන් වට වෙලා එයා. ඉතින් ඉන්න තැන ඉදන් අක්කා ලතෝනියක් ගැහුවා. මම හිටියෙ බිම පුටු සෙටිය ලග. මට මුකුත් හිතාගන්න බැරුව පුටු සෙටිය යටට රින්ගුවා.ලගින් ඇහුන නිසා උලමා කියලා තේරුම් ගන්න ටිකක් වෙලා ගියා. වෙනදා අහලා තිබුනේ හූ සද්දේ විතරයි නෙ. අක්කගෙ ලතොනියට නම් ඌත් බය උනා. ඊට පස්සෙ ඌ ඉගිලෙන සද්දෙ ඇහුනා. ආයෙත් ඌ කෑගැහුවෙ ටිකක් දුරින්. මට තාම හිතාගන්න බැරි අම්මා මොකද පොඩි එකෙක් වගේ කාමරේට දිව්වෙ කියලා.අම්මා දුවපු නිසා මොකක් හරි ඩේන්ජර් එකක් කියලා හිතිලා තමයි මාත් පුටු සෙටිය යටට රිංගුවෙ