උසස්පෙළ ව්‍යාපෘති ක්‍රමය!!!

Hazy89

Member
May 28, 2011
939
204
0
Kirillawala
උසස්පෙළ ව්‍යාපෘති ක්‍රමය!!!

දැනට පවතින අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පනතට අනුව සෑම උසස්පෙළ සිසුවකුම කේවල ව්‍යාපෘතියක් දියත් කල යුතු අතර කණ්ඩායම් ව්‍යාපෘතියක් සදහා තම දායකත්වය ලබා දිය යුතුය.මෙමගින් අපේක්ෂිත මුලික කරුණ වන්නේ උසස්පෙළ විභාගයට පෙනී සිටින ශිෂ්‍යයා රට දැයට වැඩදායක සහ ඵලදායී "පුරවැසියකු ලෙස සමාජයට දායාද කිරීමය.මෙහිදී කණ්ඩායම් හැගීමෙන් සහ සාමුහිකත්වයෙන් යුතුව යම් ඵලදායී ක්‍රියාමාර්ගයක් සඵල කර ගැනීමට ශිෂ්‍යන් උත්සුක විය යුතුය.

එහෙත් රජය බලාපොරොත්තු වන මෙකි අරමුණු මෙලෙසින්ම ඉටු වන්නේද යන්න විමසා බැලීම වටී.සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුවා මාස හතරක් හෝ පහකට ආසන්න කාලයක් ගත කරනුයේ හුදෙක් විවේක කාලයක් ලෙස පමණි.ඒ අතර අමතර පන්ති සදහා සිසුවා යොමු වුවද පාසල් කාලය සමග සැසදීමේදී විවේකය වැඩිම කාල පරාසය ලෙස මෙම මාස කිහිපය දැක්විය හැකිය.එහෙත් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සදහා පාසල් ආරම්භ වන තෙක් බලා සිටීමට සිසුවාට සිදු වෙයි.සම්මන්ත්‍රණ මගින් ව්‍යාපෘති පිළිබද සිසුන් දැනුවත් කෙරෙන්නේද පාසල් ආරම්භ වී බොහෝ කලකට පසුවය.මේ වනවිට සිසුන්ට ඉතිරිව තිබු වටිනා විවේක කාලය නිශ්ඵලව ගෙවී ගොස් ඇති අතර පාසල් කාලයත් සමග උදා වන සීඝ්‍ර කාර්යබහුලත්වයත් සමග ගැටෙමින් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම ඔහුට/ඇයට සිදු වෙයි.

මෙමගින් සිදු වන්නේ හුදෙක් උසස්පෙළ අධ්‍යයන කටයුතු සදහා සිසුවකුට ඇති මාස 20 ක් වැනි ඉතා සුළු සීමිත කාලය තම ව්‍යාපෘතීන් සදහා වැය කිරීම හේතුවෙන් තාවකාලිකව හෝ අධ්‍යාපනය බිද වැටීමකි.මේ නිසා බොහෝ සිසුහු තම ව්‍යාපෘතීන් "උඩින් පල්ලෙන් " නිම කර දමති.කණ්ඩායම් ව්‍යාපෘතිය තුලදී ද කැපවීමෙන් ක්‍රියා කරන සිසුවා මත වැඩි බර පැටවෙන අතර අනෙක් සිසුහු "නමට එක දමා" කර අරිති.මෙය උසස්පෙළ පන්ති තුල දක්නට ලැබෙන පොදු ධර්මතාවකි.

මනා පෞර්ෂයකින් හෙබි තරුණ පිරිසක් බිහි කර ගැනීම සදහා මෙම ව්‍යාපෘති ක්‍රමයෙන් ඉටු වන මෙහෙය මෙතෙකැයි කිව නොහේ.එහෙත් එය වඩාත් ප්‍රායෝගික වන තරමට එහි නිසි ඵල නෙලා ගැනීමට හැකි වනු ඇතැයි අපි සිතමු.
:yes:




[උපුටා ගැනීමක් නොවේ]
 
Last edited:
  • Like
Reactions: Gouken

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ව්‍යාපෟතිය හොද දෙයක්
    ඒක අන්තිම කාර්යය බහුලව ශිෂ්‍යාට දෙන එකත් හොදයි:yes::yes::yes:
    අපිට දැන් තමයි ඒක තේරෙන්නේ
    දවසින් දෙකෙන් ප්‍රොජෙක්ට් ඉවරකරන්න උනාම:sorry:
     

    Hazy89

    Member
    May 28, 2011
    939
    204
    0
    Kirillawala
    ව්‍යාපෟතිය හොද දෙයක්
    ඒක අන්තිම කාර්යය බහුලව ශිෂ්‍යාට දෙන එකත් හොදයි:yes::yes::yes:
    අපිට දැන් තමයි ඒක තේරෙන්නේ
    දවසින් දෙකෙන් ප්‍රොජෙක්ට් ඉවරකරන්න උනාම:sorry:

    e unaata machan oya projects enne A/L walin passene.A/L kiyanne lokuma tharaga wibhaagayane..Ithin man kiyanne unta podi saadaaranayak karanna one kiyala.:yes::yes:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    e unaata machan oya projects enne A/L walin passene.A/L kiyanne lokuma tharaga wibhaagayane..Ithin man kiyanne unta podi saadaaranayak karanna one kiyala.:yes::yes:
    project එක විෂය පථයට අදාලව නං තියෙන්නෙ, අනිවාර්‍යය කරන එක වඩාත් හොදයි. දැං ලමයි විභාග ලියන්නෙ දැනුම අරගෙන නෙමෙයි. හුදෙක් විභාගෙ සමත් වෙන්න විතරයි. කරපු විශයන්ගෙන් අන්තිමට ගත්ත දැනුමක් නෑ.
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    e unaata machan oya projects enne A/L walin passene.A/L kiyanne lokuma tharaga wibhaagayane..Ithin man kiyanne unta podi saadaaranayak karanna one kiyala.:yes::yes:
    බහුතරේකට ඒලෙවල් වල සබ්ජෙක්ට් වලින් ඉගනගත්ත දේවල් පස්සේ වැඩක් වෙන්නෑ
    75% වගේ එහෙමයි
    ඒත් ප්‍රොජෙක්ට් එකින්
    ටික කාලෙකින් ලොකු මතක ශක්තියක් ලබාගැනීම
    වේගයෙන් වැඩ කරන්න පුරුදු වීම
    ඒ වගේ තවත් ගොඩාක් දේවල් හැමෝටම ඕනි වෙනවා
     

    Hazy89

    Member
    May 28, 2011
    939
    204
    0
    Kirillawala
    කෑප්ටන් Jack Sparrow;11366529 said:
    හැම එකාම ඕක කරන්නේ නෑ නේ.... සමහරු කාගෙන කරනවා.... සමහරු පරණ කරපු එකක් උස්සල නම දාගන්නවා.... කොහොම උනත් ඔය ව්‍යාපෘති ක්‍රමය අසාර්ථකයි....

    :yes::yes::yes::yes: