උසස්පෙළ ව්‍යාපෘති ක්‍රමය!!!
දැනට පවතින අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පනතට අනුව සෑම උසස්පෙළ සිසුවකුම කේවල ව්‍යාපෘතියක් දියත් කල යුතු අතර කණ්ඩායම් ව්‍යාපෘතියක් සදහා තම දායකත්වය ලබා දිය යුතුය.මෙමගින් අපේක්ෂිත මුලික කරුණ වන්නේ උසස්පෙළ විභාගයට පෙනී සිටින ශිෂ්‍යයා රට දැයට වැඩදායක සහ ඵලදායී "පුරවැසියකු ලෙස සමාජයට දායාද කිරීමය.මෙහිදී කණ්ඩායම් හැගීමෙන් සහ සාමුහිකත්වයෙන් යුතුව යම් ඵලදායී ක්‍රියාමාර්ගයක් සඵල කර ගැනීමට ශිෂ්‍යන් උත්සුක විය යුතුය.
එහෙත් රජය බලාපොරොත්තු වන මෙකි අරමුණු මෙලෙසින්ම ඉටු වන්නේද යන්න විමසා බැලීම වටී.සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුවා මාස හතරක් හෝ පහකට ආසන්න කාලයක් ගත කරනුයේ හුදෙක් විවේක කාලයක් ලෙස පමණි.ඒ අතර අමතර පන්ති සදහා සිසුවා යොමු වුවද පාසල් කාලය සමග සැසදීමේදී විවේකය වැඩිම කාල පරාසය ලෙස මෙම මාස කිහිපය දැක්විය හැකිය.එහෙත් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සදහා පාසල් ආරම්භ වන තෙක් බලා සිටීමට සිසුවාට සිදු වෙයි.සම්මන්ත්රණ මගින් ව්‍යාපෘති පිළිබද සිසුන් දැනුවත් කෙරෙන්නේද පාසල් ආරම්භ වී බොහෝ කලකට පසුවය.මේ වනවිට සිසුන්ට ඉතිරිව තිබු වටිනා විවේක කාලය නිශ්ඵලව ගෙවී ගොස් ඇති අතර පාසල් කාලයත් සමග උදා වන සීඝ්‍ර කාර්යබහුලත්වයත් සමග ගැටෙමින් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම ඔහුට/ඇයට සිදු වෙයි.
මෙමගින් සිදු වන්නේ හුදෙක් උසස්පෙළ අධ්‍යයන කටයුතු සදහා සිසුවකුට ඇති මාස 20 ක් වැනි ඉතා සුළු සීමිත කාලය තම ව්‍යාපෘතීන් සදහා වැය කිරීම හේතුවෙන් තාවකාලිකව හෝ අධ්‍යාපනය බිද වැටීමකි.මේ නිසා බොහෝ සිසුහු තම ව්‍යාපෘතීන් "උඩින් පල්ලෙන් " නිම කර දමති.කණ්ඩායම් ව්‍යාපෘතිය තුලදී ද කැපවීමෙන් ක්‍රියා කරන සිසුවා මත වැඩි බර පැටවෙන අතර අනෙක් සිසුහු "නමට එක දමා" කර අරිති.මෙය උසස්පෙළ පන්ති තුල දක්නට ලැබෙන පොදු ධර්මතාවකි.
මනා පෞර්ෂයකින් හෙබි තරුණ පිරිසක් බිහි කර ගැනීම සදහා මෙම ව්‍යාපෘති ක්‍රමයෙන් ඉටු වන මෙහෙය මෙතෙකැයි කිව නොහේ.එහෙත් එය වඩාත් ප්‍රායෝගික වන තරමට එහි නිසි ඵල නෙලා ගැනීමට හැකි වනු ඇතැයි අපි සිතමු.
[උපුටා ගැනීමක් නොවේ]

Last edited: