උසස් නිලධාරියකු ගුරු උපදේශකවරිය සමග ඉද්ද
වැඩමුළුවක් සඳහා පැමිණි ගුරු උපදේශකවරියක සමඟ අනියම් සබඳතාවක් පවත්වමින් රැය පහන් කිරීමට ගිය අනුරාධපුර අධ්‍යාපන කොට්ඨාසයේ උසස් නිලධාරියකු ගුරු උපදේශකවරියගේ සැමියාගේ ගුටිබැට ප්‍රහාරයකට ලක්වූ පුවතක්
අපට වාර්තා වේ. වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය. දින කිහිපයකට ඉහතදී අනුරාධපුර කලාවැව ප්‍රදේශයේ පිහිටි රාජ්‍ය ආයතනයක ගුරු උපදේශකවරුන් පුහුණු කිරීමේ නේවාසික තුන්දින වැඩමුළුවක් පවත්වා තිබේ. එම වැඩමුළුවට නවක ගුරු උපදේශක උපදේශකවරියන් සියයකට ආසන්න පිරිසක් එක්ව තිබේ. එහිදී අනුරාධපුර අධ්‍යාපන කලාපයේ උසස් නිලධාරියකු අදාළ ගුරු උපදේශකවරිය හොර රහසේ මධ්‍යස්ථානයෙන් ඉවත්කරගෙන ගොස් කලාවැව ප්‍රදේශයේ පිහිටි නිවාඩු නිකේතනයක දෙදෙනා රැය පහන් කර තිබේ. බිරියගේ ජංගම දුරකතනය අක්‍රිය වීම හේතුවෙන් රාජ්‍ය සේවයේ නිරත සැමියා වැඩමුළුවට සහභාගි වූ වෙනත් අයකුගෙන් බිරිය මධ්‍යස්ථානයේ සිටින්නේ දැයි විමසා තිබේ. එහෙත් බිරිය නිවෙසට යන බව පවසා රාත්‍රියේ පිටත්ව ගිය බව ඔහුට දැනගන්නට ලැබී තිබේ. බිරිය අදාළ අධ්‍යාපන නිලධාරියා සමඟ නිවාඩු නිකේතනයක රැය පහන් කරන බව තහවුරු කරගෙන ඔහු එදින උදෑසනම එම ස්ථානයට පැමිණ දෙදෙනාව කොටුකරගෙන තිබේ.
බිරියට අතින් පයින් සංග්‍රහ කර අදාළ අධ්‍යාපන නිලධාරියටද හොඳහැටි ගුටි පූජාවක් ලබාදීමට ඔහු කටයුතු කර තිබේ. අදාළ අධ්‍යාපන නිලධාරියා අනංගයකු බව තතු දන්නෝ පවසති.
මේ සම්බන්ධයෙන් අනුරාධපුර අධ්‍යාපන බලධාරීන්ට පැමිණිලි කර ඇතත් එකී උසස් නිලධාරියා රැකගැනීම සඳහා එය යටගසන බවට එම වැඩමුළුවට එක්වූ ගුරු උපදේශකවරු පිරිසක් චෝදනා කළහ.
මේ සම්බන්ධයෙන් උතුරු මැද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂිකා නිර්මලා ඒකනායක මහත්මියගෙන් කළ විමසුමකදී ඇය ඒ සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් ලබාදිය නොහැකි බව කීවාය.