උසාවියකින් සත්‍ය කතාවක්

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    හොද වැඩෙ ඔහොම කරන්නම ඔන මිනිහා තම්යි හිරෙට යන්න ඔන දරුවෙකුයි ගැනියෙකුයි අත හැරලා යනවාට දඩුවම්විදින්නම ඔන
     
    • Like
    Reactions: thanujaka

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    අද මම මේ කියන්න යන්නේ අළුත්කඩේ මහාධිකරණයේ මම පෞද්ගලිකව පෙනී ඉන්න නඩුවකට පාදක වූ සත්‍ය පසුබිම් කතාවක්.
    මේක පවුල් ආරවුලක් මිනීමැරුමක් දක්වා දුරගිය කතාවත් සම්බන්ධව තමයි ගොඩනැගෙන්නේ.
    කතාව මෙහෙමයි.
    මේක තුන් දෙනෙකුගෙන් යුත් පවුලක්, සැමියයි බිරිදයි පොඩි ලස්සන කෙලි පොඩ්ඩියෙකුයි තමයි ඉන්නේ.
    දෙන්නට ඒ හැටි වයසකුත් නෑ සැමියාට තාම 33 බිරිද 29යි.
    මේ කතාවෙ සැමියා හොද ධනවත් ව්‍යාපාරිකයෙක්. බිරිද ගෘහණියක්. බැදලා අවුරුදු 5යි.
    කොහොමින් කොහොමින් හරි මීට අවුරුදු 2කට කලින් මේ පුද්ගලයා තමන්ගේ ව්‍යාපාර ස්ථානයේ වැඩ කරන තවත් කාන්තාවක් සමග අනියම් සම්බන්ධයක් පටන් අරගෙන තියෙනවා.
    ෆොටෝ එක දැක්කම මට හිතුනා මොකට මේ මිනිහ මේ ගෑණි එක්ක යාලු උනාද මන්ද කියල.
    මොකද ඒ කාන්තාව අවුරුදු 46ක් වෙන ඒ හැටි පෙනුමකුත් නැති කෙනෙක් ෆොටෝ වල හැටියටනං.
    නමුත් මේ මනුස්සය සුදු උස ලස්සන මනුස්සයෙක් කැත පොරක් නෙමෙයි. මිනිහගේ බිරිදත් එහෙමයි හොද ප්‍රියමනාප පෙනුමෙන් යුක්ත ලස්සන කාන්තාවක්.
    එහෙම වෙලත් මට හිතුන මූ මොන මගුලකට මේ ගෑණි එකක් යාළු උනාද මන්ද කියල.
    කොහොම නමුත් මේ සම්බන්ධෙ පටන්ගන්නවත් එක්කම මේ හැමදේම බිරිදට ආරංචි වෙලා තියෙනවා.
    හොරෙන් කරන් යන්න වෙලාම නෑ ඔෆිස් එක ඇතුලෙම කෙනෙක් කෝල් කරලා සම්පූර්ණ විස්තරේම මේ කාන්තාවට කියල තියෙනවා.
    මේ බිරිද මේකගැන මෙයාගේ බාල වගේම එකම සහෝදරයට කියල තියෙනවා.
    IT field එකේ රැකියාවේ නියුතු අවුරුදු 26ක කොල්ලෙක්.
    මෙයා මේක ගැන ටිකක් සෝදිසි කරලා බලලා සිදිධියේ ඇත්ත නැත්ත ඔක්කොම අක්කට කියල තියෙනවා.
    නමුත් මේ කාන්තාව මේ කිසිදෙයක් නොදන්නා සේ ඉදල තියෙනවා කොහොමහරි අවුරුද්දක් විතර.
    කතන්දරේ මුහුණුවර වෙනස්වෙන්න ගන්නේ මීට අවුරුද්දකට උඩදී ඉදලා.
    එක වෙන්නේ මෙහෙමයි.
    මීට අවුරුද්දකට පොඩ්ඩක් උඩදී ඒ කියන්නේ හරියටම ගිය අවුරුද්දේ මැයි මාසේ මේ සැමියා තමන්ගේ අවුරුදු 44ක්වූ අනියම් බිරිදට අලුත්ම අලුත් Toyota aqua වර්ගයේ මෝටර් රථයක් අරන්දීල තියෙනවා ලක්ෂ 35කට ආසන්න මුදලකට.
    මේ සිද්ධිය සැලවෙච්ච ගමන් මේ බිරිද තරමක් ප්‍රකෝපකාරී විදිහට හැසිරෙන්න පටන් අරගෙන තියෙනවා.
    නමුත් මීට මාස 5කට වගේ උඩදී ඉදන් මේ බිරිදගේ රණ්ඩු සරුවල් කිරිල්ල හිටියැටියේ ක්ෂණිකවම අතුරුදහන් වෙලා ගිහිල්ල තියෙනවා මේ සැමියාට ප්‍රශ්නාර්ථයක් හිටින විදිහට.
    මෙයත් ඉතින් අනේ හොදයි කියල ඉදල තියෙනවා.
    මේක මිනීමැරුම් නඩුවක්. මිනීමැරුමට අදාළ සිදිධිය එන්නේ මෙහෙමයි.
    මේ අදාළ පුද්ගලයා හැමදාම ගෙදරින් යනකොට කෑම පෙට්ටියයි, තේ දාගෙන flask එකකුයි ගෙනියනවා.
    මෙයා පුරුදුවෙලා ඉදල තියෙනවා හැමදමා තේ වෙලාවට තේ බොන්නයි කෑම වෙලාවට කෑම ගන්නයි අර අනියම් බිරිද එක්ක. මේක මෙයා දැන් අවුරුදු 2 තිස්සෙම පුරුද්දක් විදිහට කරගෙන එන දෙයක්.
    නමුත් මෙයා හැම බදාදාම තේ වෙලාවට ඔෆිස් එකේ නෑ මොකද මෙයා පුරුදු වෙලා තියෙනවා හැම බදාදාම දවල් වරුව වෙනකන්ම පොඩ්ඩක් කර්මාන්තශාලාව ඇතුලේ ඇවිදලා කරලා බලන්න.
    එදාට අර කියන අනියම් කාන්තාව මෙයාගේ කැබින් එකට වෙලා තේ බොන්නේ තනියම.
    කොහොමින් කොහොමින් හරි මීට මාස තුනකට පොඩ්ඩක් උඩින් බදාදා දවසක මේ සැමියාගේ බිරිද තේ බෝතලේට වස කලවම් කරලා දාල තියෙනවා.
    මොකද මෙයා හොදින්ම දන්නවා එදාට සැමියා තේ නොබොන බව.
    අන්තිමට අර කාන්තාව විතරක් තේ බෝතලේ තිබ්බ තේ තනියම බීල.
    එකේ ප්‍රථිපලයක් වශයෙන් වස ශරීර ගත වෙලා මේ කාන්තාව මියයනවා.
    මෙයා කැබින් එකේ දොරත් අරන් බෙල්ල අල්ලන් එලියට ඇවිත් ඇදගෙන වැටිලා තියෙනවා.
    නමුත් මෙයා රෝහල්ගත කරනකොටත් මැරිලා හිටිය කියල තමයි රෝහල් වාර්ථාවල සදහන් වෙන්නේ.
    මේ සිද්ධියට සැකපිට අදාළ ව්‍යාපාරිකය පොලිස් අත්අඩංගුවට පත්වෙලා තියෙනව පහුවෙනිදම.
    අන්තිමට කොයිදෙටත් ඉන්නේ දෙමව්පියෝනේ කියල මේ පුද්ගලයාගේ අම්මයි තාත්තයි ආව මාව හම්බවෙන්න.
    නමුත් වැඩේ කියන්නේ කියන්නේ කිසිම සාක්ෂියක් නෑ අදාළ බිරිදට විරිද්ධව වස එකතු කලයි කියන්න.
    තාම මහේස්ත්‍රාත් උසාවියෙන් trial එක ඉවරවෙලා මහාධිකරණයට නඩුව ඇවිල්ල නඩුවාර දෙකයි ඇදුනේ මෝෂන් එකත් එක්කම.
    මම බිරිද එක්ක කතාකරාම එයා කියනවා එදා මම නෙමෙයි තේ හැදුවේ එයාමයි තේක හදන් ගෙදරින් ගියේ මම තේ හදල දෙන්නද ඇහුවම එපා කියල එයා තනියම හදාගත්තයි කියල.
    මේක එයා දීපු පොලිස් කටුඋත්තරෙත් තියෙනවා.
    සැකකාර සැමියා දැන් කියනවා මම වෙනද වගේම එයා හදල මේස උඩින් තිබ්බ කෑම පෙට්ටියයි තේ බෝතලෙයි තමයි අරන් ගියේ කියල.
    වැරදි කාරය අදාළ බිරිද කියන එකනං හොදටම පෙන්න තිබුන මොකද පුටුවෙන් නැගිටලා යනකොට මටත් හෙන පල් හිනාවක් දාගෙන ගියේ එයා අපි බලමුකෝ මට කරයිද කියල කියාගෙන.
    නඩුව පට්ට අමාරුයි මොකද තේ හැදුවේ බිරිද කියන එක ඔප්පු කරන්න අමාරු නිසා.
    ඊලග නඩුවාරේ ඔක්තෝම්බර් වල. ඒ නඩුවාරේට අධිකරණ වෛද්‍ය නිළධාරී වාර්ථාව ලැබෙන්න නියමිතයි.
    අවම අවුරුදු 1 හමාරකටවත් ඇප ගන්නවා නං බොරු.
    අන්තිම අමාරු නඩුවක් හින්ද.
    ඇප ගන්න අමාරු උනාට ඇපගත්තට පස්සේ නං මේක ලේසි නඩුවක්.
    කාලයක් ගියාට මගේ සේවදායකයාව නිදොස් කොට නිදහස් කරගන්නම පුළුවන්.

    පේනවනේ... දැන් ඉස්සර වගේ ඔහේ තදවෙලා පොල්ලකින් ගහල, පිහියෙන් ඇනල මිනීමරන්නේ නෑ මිනිස්සු. හැමදෙයක්ම බොහොම කල්පනා කරලා සූක්ෂමව තමයි කරන්නේ.
    වෙනස් වෙච්ච සමාජෙත් එක්ක ගනුදෙනු කරද්දී උබල බොහොම බුද්ධිමත් වෙයල්ලා. නැත්තං බඩු බනිස්.

    විශේෂ දෙයක් කියන්න ඕනේ. මේ සිද්ධියට අදාළ ව්‍යාපාරිකය හෝ ඔහුගේ ව්‍යාපාරික ස්ථානයේ නම උබල අදුරගත්තොත් කරුණාකරලා එක මෙතන දැමීමෙන් වලකින්න කියල ඉල්ලා සිටිනවා. මොකද ඔහු සාමාන්‍යයෙන් ප්‍රසිද්ධ ව්‍යාපාරයක හිමිකරුවෙක්.
    මේක තාම උසාවියේ යන නඩුවක් හින්ද ඔහුගේ අනන්‍යතාවය සුරකින්න කියලා බොහොම කරුණාවෙන් ඉල්ලා සිටිනවා.
    උඹ defend කරන්නේ වැරදි පැත්ත නේද? ඇයි බං උව defend කරන්නේ?
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඔය තියෙන්නේ මචන් සුපිරි කතාවක්...! පට්ට! :yes:
    හැම දාම එකම ජාතියේ ඒවා කියවලා එපා වෙලා! :yes: :no:

    අද රේප් දෙන්න විදිහක් නැහැ.. අනිවා පස්සේ දෙනවා! :D
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    මිනිහ එක්ක ඉන්නේ නැතුව මුලදිම දික්කසාද උනා නම් මේ මුකුත් නැහැනෙ මචන්. ඔන්න කොටු පනින අයියලට මෙව්ව හොද පාඩම්
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ගෑනි මාර ගේමක් දීලා තියෙන්නේ! මිනිහටත් එක්කම වහ දුන්න නං කෙලින්ම ගෑනි මාට්ටු... හොර ගෑනිත් මරලා මිනිහව එකට අහුවෙලා, ඒ වෙනුවෙන් හිරේ ලගින විදිහට ගේම සෙට් කරලා තියෙන්නේ! hitman ගේමක් නේ! :shocked:
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    අපිත් ආසයි ඉතින් මේ වගේ නඩු සම්බන්දයෙන් වෙන දේවල් අහන්න රටේ අනික් ජරාවල් වලට වැඩිය. බොහොම ස්තූතියි මේක කොටලා අපිට අතරේ බෙදලා දුන්නට. :love: :rofl:
     
    • Like
    Reactions: thanujaka

    thanujaka

    Well-known member
  • උඹ defend කරන්නේ වැරදි පැත්ත නේද? ඇයි බං උව defend කරන්නේ?

    මාව හොයාගෙන ආවේ බං ඉතින් මිනිහගේ අම්මයි තාත්තයි නේ.
    ඉතින් මට කතාකරන්න වෙන්නේ ඒ පැත්තට තමයි.:dull:


    ගෑනි මාර ගේමක් දීලා තියෙන්නේ! මිනිහටත් එක්කම වහ දුන්න නං කෙලින්ම ගෑනි මාට්ටු... හොර ගෑනිත් මරලා මිනිහව එකට අහුවෙලා, ඒ වෙනුවෙන් හිරේ ලගින විදිහට ගේම සෙට් කරලා තියෙන්නේ! hitman ගේමක් නේ! :shocked:

    ඉස්සර වැඩේ මෝඩ ගේම් දෙන උන් දැන් නෑ බන්..
    මාර මීටරෙන් මේ වැඩේ කරලා තියෙන්නේ.:rolleyes:
     

    thanujaka

    Well-known member
  • ඔය තියෙන්නේ මචන් සුපිරි කතාවක්...! පට්ට! :yes:
    හැම දාම එකම ජාතියේ ඒවා කියවලා එපා වෙලා! :yes: :no:

    අද රේප් දෙන්න විදිහක් නැහැ.. අනිවා පස්සේ දෙනවා! :D

    උබ කියපු හින්දමයි දැම්මේ.;)
    නැත්තං ලොවෙත් කොටන්නේ නෑ:dull:
     

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    මේ තේ වලට කලවම් උනු වස වර්ගය මොකක්ද කියන එක medical report එකෙන් දැන ගන්න පුළුවන් නේද? ඒ ගැන වාර්තාවක් ලැබෙන්න ඕනෙනේ. ඒ අනුව ගිහින් මේ වස වර්ගය මේ ගේ ඇතුලට ආවේ කොහොමද කියල හොයා ගත්තොත් මිනී මරුවා හොයාගන්න මාර්ගයක් ලැබේවි. මොකද ඔය කියන ගැහැණු කෙනා නම් ඒක ගත්තේ ඒක එයාට ලැබුණු විදිය ගැන මහන්සි උනොත් back track කරගන්න බැරි වෙන එකක් නැහැ නේද?