උසාවියේ දවසක් 1 (ලංකාණ්ඩුව මූණුපොත නඩු භාණ&#35

saho

Active member
  • Oct 9, 2007
    219
    174
    43
    39
    Kelaniya
    උසාවියේ දවසක් 1 (මූණුපොතත් නඩු භාන්ඩයක් )

    උසාවියේ දවසක් 1 (ලංකාණ්ඩුව මූණුපොත නඩු භාණ්ඩයක් බවට පිළිගත් පසු )

    පැමිණිල්ලේ නීතීංඥයා

    උතුමාණෙනි මේකයි දැන් සීන් එක
    පවසන්නෙමි හැම දේ මම එකින් එක

    මෙතන ඉන්න අගුණවතී හා පීටර්
    කසාද බැඳ කලක ඉඳන් වෙයි චාටර්
    කාටර් තමා මේ දෙන්නට ඇති නේබර්
    වාසය කළේ දුරකිනි හතරක් මීටර්

    පීටර් නැති අතර කාටර් හෙමි හෙමිහිට
    සැට් වෙනවලු අගුණවතී හා බජනෙ....

    විත්තියේ නීතීංඥයා

    මයි ඔබ්ජෙක්ෂන් හිය(ර්) යුවරෝන
    අගුණවතිට අපහාසය නැත ඕන


    නඩුකාරයා

    ඔබ්ජෙක්ෂන් ඔබෙ මල්ලට දාගඤ්ඤ
    කතාව එළ දිගටම යං නීතිංඥ

    (පැමිණිල්ලේ නීතීංඥ කින්ඩි හිනාවක් සබා සම්මත කරයි )

    විත්තියේ නීතීංඥයා

    ඔහොම කතා මෙතනට ගැළපෙන්නෙ නැත
    සාක්කි දැන් පෙන්නාපන් නොවී ලත

    පැමිණිල්ලේ නීතීංඥයා


    අහා හහා මාළුව දැන් ඇම කෑවා
    මෙන්න ලින්ක් එක මේ දැන් මම එවුවා

    Untitleddd.png


    දුක් විඳ විඳ කරද්දි පීටර් ඕටී
    ගෙවල් පැත්තෙ කාටරයට රජ පාටී

    කාටර් (විත්තිකරු 1 )

    අහෝ අහෝ මම දැම්මේ නොමැත ලයික්
    හැක් කරලා ගිණුම මගේ කවුද බුවෙක්

    පීටර් (පැමිණිලිකරු )


    සුවාමිනි අල්ලගත්ත කටින් මුගේ
    හැක් කරාලු අවලම ,ගෑනියට මගේ

    ඇයි බං අගුණෙ මගේ මොනවද අඩුපාඩූ
    හැක් කෙරුමට තරම්, මේ මිනිහා කුඩුකේඩූ

    විත්තියේ නීතීංඥයා

    පීටර් මෙතන හැදුවට වෙන්නට සුදනා
    මිනිහගෙ වෝල් එක උඩ මෙහෙමත් තිබුණා
    Untitledscxas.png



    අගුණවතී (විත්තිකරු 2 )

    කැත්තක් අරං කපනව මං උඹේ බාව
    ළමයි තුනයි මට ඉන්නේ තොට දාව

    සද්ද නැතුව හිටියේ හින්දයි ඕටී
    ඉහි ඉහි දෙයියනේ අයි ෆීලින්(ග්) ගිල්ටී

    මටයි දරුවොටයි යන කල දවස
    නොහිතා ගිහින් ...ඉහි ඉහි හී......

    මෙහෙම ඉඳන් කවි හදන්ට බෑය මට
    යන්නේ කවදාද මවුපියො දකින්නට
    ඉහි ඉහි ..

    (අගුණවතී හඬයි.විනිසුරුතුමාද කඳුළු පිසගනු පෙනේ )

    කාටර්

    මම දැන ගතිමි ...මම සැක කළෙමි

    නඩුකාරයා

    ඕඩ ඕඩ ස්ටොප් නවු යුවර් ෂවුට්
    වෙලාව හරි වෙන්නට දැන් සයින් අවුට්

    මෙය විසඳන්න හදලා වන් කුවෙස්චන්
    ජූරියෙ මහතුන්ට යවන්න මූණු පොතෙන්
    sss.png


    ජූරියේ මහත්තුරු ඡන්දය ප්‍රකාශ කිරීමට මෙතනට යන්න .

    EXTRACTED FROM අනීවාරතේ
     
    Last edited:
    • Like
    Reactions: Diego97

    thanujaka

    Well-known member
  • මමත් නීති ශිෂ්‍යයෙක්.....උසාවියට අපහසයක් වෙන විදිහට පලවෙන මේ වගේ දෙකයි පනහෙ විහිළු සම්බන්ධයෙන් මගේ බලවත් කණගාටුව මෙන්ම විරෝධතාවයද පල කර සිටිනව....................!!!!:no::no: