සෘධි බලය කියන එක ලැබෙන්නේ පුද්ගලයගේ සිත දියුණු කිරීමත් එක්ක. ඉතින් පැහැදිලිව සිත දියුණු කිරීමේ මාර්ගය පෙන්නලා දීලා තියෙන්නේ බුදු දහම ඔස්සේ. ඒක නිසා සෘධි ගැන කතා කරනකොට බුදුදහමත් ඒකත් එක්ක සම්බන්ධ වෙනවා. රහතන් වහන්සේලාට සෘධි බල ඉබේම ලැබෙනවා. නමුත් උන්වහන්සේලා ඒ බලයන් පාවිච්චි කරන්නේ මිනිසාගේ යහපතට සහ අවශ්‍යම අවස්ථා වල පමණයි.
සමහර විශේෂ දේවල් කරන්න ක්‍රමක්‍රමයෙන් සිත දියුණු කරනකොට පුලුවන් වෙනවා. කාලයක් භාවනා ක්‍රම මගින් සිත පාලනය කරගන්න පුලුවන් වුනොත් අපිටත් ඉතාමත් සුලුවෙන් හරි පොඩි පොඩි වෙනස් කම් දකින්න පුලුවන්. ඔය ඒ කාලේ සමහරැ කුණ්ඩලීනි යෝගය වගේ දේවල් වලින් සාමාන්‍ය පුද්ගලයින්ට කරන්න බැරි දේවල් කලේ එහෙම සිත යම් ස්ථර වලට දියුණූ කර ගත්තු හින්දා.