එංගලන්තයේ දිලෙන තරුව.

nalinweer

Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    එංගලන්තයේ දිලෙන තරුව.

    "Kauto Star" නමැති තුරඟා බ්‍රිතාන්‍ය තුරඟ තරඟ ඉතිහාසයේ නව වාර්තාවක් බිහි කිරිමට සමත් වුණා.
    ඒ දෙසැම්බර් 26 වැනිදා කෙම්ප්ටන් උද්‍යානයේ පැවති "King George VI Chase" තරඟයේ ජයග්‍රහණය ලැබීමත් සමගයි.
    මෙම ජාවාධිකයා එම කුසලානය දිනූ පස්වන වන අවස්ථාව මෙයයි.
    ඒ අනුව වසර 74 ක් පැරණි වාර්තාවක් බිඳ වැටුණා.


    3.jpg


    මිට පෙර මෙම තරගය සිව්වරක් දිනා සිටියේ Desert Orchid නමැති අශ්වයා පමණයි.

    desert-orchid.jpg


    මෙම දක්ෂතාව පළකල එකම තුරඟා ලෙස ඉතිහාසයට එක්වූ Kauto Star 2006 වසරේ සිට 2009 දක්වා පිටපිට හතර වතාවක් මෙම තරඟය ජයග්‍රහණය කර තිබුණා.

    නමුත් පසුගිය වසරේ පැවති තරගයේ දී Long Run නමැති තුරඟා වෙතින් පරාජයට පත් Kauto Star මෙවර යළිත් සිය ප්‍රතිවාදියා පරාජයට පත් කළා.
    වයස අවුරුදු 11 ක් වන Kauto Star ගේ පුහුණුකරු පෝල් නිකලස්.
    මෙවර එම අශ්වයා ජයග්‍රහණය වෙත රැගෙන යන ලද අසරුවා අයර්ලන්ත ජාතික රූබි වොල්ෂ්.
    Kauto Star 2007 සහ 2009 වසරවලදී "Cheltenham Gold Cup" ශූරතාව දෙවරක් දිනා තිබෙනවා.


    1.jpg


    එම ශූරතාව දෙවරක් දිනා ඇත්තේ ද මෙම තුරඟා පමණයි.
     

    nalinweer

    Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    2012 වසරේ "Cheltenham Gold Cup" තරඟයට Kauto Star සහභාගීකරවීමට මෙම අසුගේ පුහුණුකරු බලාපොරොත්තු වෙනවා.
    කෙසේ වෙතත් ලබන ජනවාරි පලමුවැනිදා 12 වැනි වියට එළ‍ඹෙන Kauto Star ට සුපුරුදු දස්කම් දැක්වීමට හැකිවුවහොත් වසර 87 ක් පැරණි මෙම තරඟයේ තවත් වාර්තාවක් බිහිවෙනවා.
    මෙම වයසේ පසුවන කිසිදු තුරඟෙකු "Cheltenham Gold Cup" තරඟය ජයගෙන නොතිබීම ඊට හේතුවයි.


    2.jpg


    4.jpg