ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග මහතාට හිතවත්කම්පාන විජය පුවත්පත් සමාගමේ මාධ්‍ය වේදීන් තිදෙනෙකුට බංග්ලාදේශයේ පැවැත්වෙන ලෝක කුසලාන පන්දුවාර විස්සයි - 20 ක්‍රිකට් තරගාවලිය ආවරණය කිරීමට අවස්ථාව සලසාදී තිබේ.
මෙය මෙවර ලෝක කුසලානයේදී මුද්‍රිත මාධ්‍ය ආයතනයකට ලෝක කුසලානය ආවරණය කිරීමට ලබාදුන් වැඩිම මාධ්‍ය පිරිස වේ.
එතැකින් නොනැවතුන නිශාන්ත, අදාල මාධ්‍ය වේදීන් තිදෙනාට ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ නිල අනුග්රාහකයාවන ඩයලොග් ආසියාටා සමාගමෙන් එක් අයෙකුට ලක්ෂ 4 බැගින් අනුග්‍රාහකත්වයක්ද ලබාදී තිබේ.
මෙසේ සහභාගිවී ඇති මාධ්‍ය වේදින් තිදෙනා වන්නේ මේ දිනවල ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට හා නිශාන්තට වැඩි වශයෙන් කඩේයන බව මැදහත් විචාරකයන් පවසන ලංකාදීප පුවත්පතේ ක්‍රීඩා කර්තෘ දමින්ද විජේසූරිය, ටයිම්ස් පුවත්පතේ ක්‍රීඩා කර්තෘ පතිරවිතාන හා ඩේලිමිරර් පුවත් පතේ ක්‍රීඩා කර්තෘ චන්නක ද සිල්වාය.
චන්නක, පසුගිය වසරේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මාධ්‍ය වේදීන්ට ලබාදුන් සම්මානට පාත්රවූවෙකි.