එකමත් එක රටක

gangst3r.93

Member
Sep 24, 2010
11,663
655
0
ගම්පහ
මේ කතාව තමා ඉතින්, මගේ යාලුවෙක් ලියපු කතාවක් මම කලින් දාලා ඇති, අනිත් කෑල්ල හෙමිට ලියලා දන්නම් මචන්, මුඩ් එකක් නෑ කතාව ලියන්න තරම්....

ඔයාට කෙල්ලෙක් නෑ,හැබැයි බූට්‌ කෑව වගේ:love:
මටත් ඔය ප්‍රශ්නෙම තමයි සහෝදරයා:dull:
 

amandi3891

Member
Sep 10, 2008
3,524
216
0
සසරෙ හමුවී පුරුදු ඇති මුත්
පුරුදු බව පවසනු එපා...
මට කලින් පෙම ඔහුට දුන් බව..
යලි යලිත් පවසනු එපා..
යලි යලිත් පවසනු එපා..

:rofl:
:eek:
:dull:
 

maiya123

Member
Mar 8, 2013
1,175
65
0
maharagama
පස්වෙනි කෑල්ල හොඳේ....

දවසක් ඉබ්බෙක්ව මරන්න කියලා කවුද මම දන්නේ නැහැ එකෙක් ඌව වතුරට දාන්න හැදුවලු එතකොට ඌව බිම පෙරලි පෙරලි අඩන්න ගත්තලු අනේ බුදු බව අත්වෙයි මාව වතුරට නම් දාන්න එපා මාව මැරෙයි කියලා දැන් මෙතන වේගෙන යන seen එකත් ඒවගේ තමයි..

"පුතා ඔයාට පුළුවන් නේද මේ නංගිව drop කරන්න?"

පැනපු ගමන් හා කියන්න නරකයි ..

"මම නෙමේ නේ පුංචා කැමති වෙන්න ඕනි මම drop කරන එකට මෙයාගෙන් නේ කැමතිද නැද්ද අහන්න ඕනි මට ඉතින් පවුලක් නැහැ නේ අවුල් වෙන්න "

මම ගානට ඇනේ ගැහුවා වදින්න ඕනි තැනට

"කමක් නැහැ නේද දුව ඔයාට අයියා ඔයාව drop කරන එක problem එකක් නෙමේ නේ..තිවංක upset යයිද?"

"නැහැ කමක් නැහැ සුරම්‍ය ඇන්ටි මම taxi එකක යන්නම් ෂොහාන් අයිය කැමති නැහැ නේ මාව ගිහින් දාන්න.තිවංක ගැන ඇන්ටි දන්නවනේ "

"පුතා පණ්ඩිතකම තියලා නංගිව ගිහින් දාන්න කවුරු හරි මොනවහරි ඇහුවොත් මට call එකක් දෙන්න කියන්න අහන කෙනාට"

"හා ඉතින් පුංචා කියනවා නම් ගිහින් දාන්නම් "

"ඉන්න මම තව පාන් අරගෙන එන්නම්
"

කියාගෙන පුංචා නැගිටලා ගියා..අපේ නංගිලා දෙන්නට නින්දගිහින්ද මන්ද කෑම පිඟන උඩ, සද්දයක් බද්දයක් නැහැ.අහිංසක ළමයි කන්න ගියාම ලෝකේ පෙරලුනත් ගානක් නැහැ

"සුදු අයියේ..මේ අපේ කෙල්ලව පලිස්සමින් එක්කන් යන්න හොදේ"

"හපෝ බයවෙන්න එපා පුංචා බර දීපු වැඩේ අකුරට කරන්න එපැයි"

"හ්ම්ම් පුංචා කියුව නිසා විතරද ෂොහාන් අයියා මාව පරිස්සමින් ගිහින් අරලවන්නේ?"

"හා හා..දැන් කට්ටියම කියවන එක නවත්තලා කෑම ටික කන්න.පුතා තව පාන් කෑල්ලක් කන්න..මේ අත ගගා ඉන්න එපා පුත ඉක්මනට කාලා නංගිව ගිහින් දාලා එන්න එයාට තව late වෙනවා"


හම්මේ පුංචි දෙයියෙක් නෙමේ දේවාලයක් වෙලාවට ආවේ තව නුලෙන් ෂෝනා කපෝති.කාලා බිල ඉවරවෙලා මම TV එක ලඟින් වාඩි උනා යන්න ඕනි නම් ඇවිල්ල කියයි නේ ගිහින් දාන්න කියලා පස්සෙන් ගිහිල්ල අහල බලෙන් lift දෙන්න යන්නේ නැහැ මම.පැයක් විතර ගියා කියන පාටක් නම් නැහැ මට එහා තියන පුටුවකට වෙලා මෙය හෝගාල TV බලනවා...


"දුවා යන්නේ නැද්ද TV බල බල ඉන්නේ?"

හොඳ වැඩේ බනින්න පුංචෝ

"ෂොහාන් අයියා TV බලන නිසා මම සද්ද නොකර උන්න ඇන්ටි "

"අයියා බලාගෙන ඉන්න ඇත්තේ ඔයා යමු කියනකම්"

"අනේද කියන්නේ පුංචෝ"

"ෂොහාන් අයියේ එහෙනම් අපි යමුද?"

"සංජු,හසිනි නංගා,ඇන්ටි මම එහෙනම් ගිහින් එන්නම්.බුදුසරණයි..!!"

"පුතා නංගිව පරිස්සමින් එක්කන් යන්න "

මම ගිහින් වාහනේට නැගල වාහනේ ගේට් එකෙන් එලියට අරගෙන බලාගෙන උන්න කොන්ඩකිරිල්ලි නංගිලා දෙන්න එක්ක තව විනාඩි ගානක් කියව කියව ඉඳල වාහනේ පැත්තට ආවා හරියට නිකන් අවුරුදු දෙකක ,තුනක පොඩි එකෙක් දුවගෙන එන හුරතල් තාලෙට එකී වාහනේට නැගලත් විනාඩියක් විතර යනකම් මම ඒ රෝස කම්බුල් දිහා බලාගෙන උන්න..

"ෂොහාන් අයියා යමුද?"

විලිලැජ්ජාවේ සන්තෝසේ බැහැ කෙල්ල මොනවා හිතුවද දන්නේ නැහැ මුනේ පෙරහැරක් යනවා වගේ කන්න වගේ බලාගෙන හිටපු නිසා කරන්න දෙයක් නැහැ මේ වෙලාවේ වෙච්ච ලැජ්ජාව වහ ගන්න ලේන්සුවක් වත් නැහැ අෆ්ෆා..මෙච්චර ලස්සන කෙල්ලෙක් ෂෝනා ලඟින් වාඩිවෙලා යද්දී ෂෝනට කට වහගෙන යන්න පුලුවන්ද?ෂෝන් ම show එක පටන්ගත්තා..සාක්කුවට අත දාලා මෙයාගේ චේන් එක සාක්කුවේ තියනවා නේද කියලා බලලා

"ආආ මේ නතාෂා ඔයාගේ චේන් එකක් නැති උනාද මේ ලඟදි දවසක?"

"අනේ ඔව් අයියා එක නැති කරගෙන මම තිවංක ගෙන් බැනුම් අහපු තරමක් ඒ චේන් එක තමයි එයා මට අරන්දුන්න 1st gift එක ..එත් ඔයා කොහොමද දන්නේ එක නැති උනා කියලා ?"

"අහ එහෙමද..මම දන්නවනේ එක මම හොයල දුන්නොත් මට මොනවද දෙන්නේ?"

"අනේ යන්න යන්න ඔයා කොහොමද එක හොයලා දෙන්නේ?ඔයාගේ බොරු..එකනෙමේ ෂොහාන් ඇයි එදා ඔයාගේ ඇඟේ හැප්පිලා වැටුණු දවස දෙපාරක් මට කතා කරන්න හැදුවේ?"

කෙල්ල මගේ පැත්තට සම්පුර්ණයෙන් හැරිලා බෝල ඇස් දෙක නටවා නටව ඇහුවා..හ්ම්ම් එදා 3 rd class රස්තියදුකරයා දැන් අයියා.ඒ වෙලාවේ මටත් නොදනිම මගේ හිතේ තිබ්බ තරහ හීනියට එලියට ආවා ..

"හ්ම් හ්ම් මම ඉතින් බොරුකාර,රස්තියාදුකාර 3 rd class කොල්ලනේ..කතා කලේ මොකද කියල දැන් අහල වැඩක් නැහැ නේ එක අහන්න තිබ්බේ එවෙලවෙනේ කතාකලේ නම් 3 rd class වැඩකට නෙමේ ඔයාගේ නැති වෙච්ච චේන් එක මගේ ළඟ තිබ්බ එක return කරන්න "

කියලා මගේ කටින් සං සං ගාල මටවත් නවත්ත ගන්න බැරි විදියට වචන පිට වෙන්න ගත්ත මට එවලාවේ කෙල්ල ගැන අනුකම්පාවක් හිතුනේ නැහැ අර 3 rd class කියන වචන එදා මගේ පපුවටම වැදුන එකේ වේදනාව මේ වෙනකම් හිතේ කැරකි කැරකි තිබ්බා කෙල්ලගේ ඇස් දෙකෙන් tap එක ඇරියා වගේ කඳුළු වැක්කෙරෙනවා යකෝ මේක අහගෙන ඉද්දි මෙයට මෙහෙම රිදෙනවනම් ඒ වචන වලින් ගහපු මට කොහොම රිදෙන්න ඇතිද?කමක් නැහැ නංගි මම මල් ගවුම් වල කඳුළු වලට සැලෙන ජාතියේ පොරක් නෙමේ..

"ෂොහාන් වාහනේ නවත්තන්න "

"ඇයි නතාෂා?"

"මම කියුවේ වාහනේ නවත්තන "

"හේතුව? "

"තිවංක ගෙන් massage එකක් ආවා එයා එනවා .එයා මාව ගන්නම් මෙතනට එන්නම් කියුවා.ඔයා යන්න මම තිවංක ආවාහම එයා එක්ක යන්නම් "

කියල කෙල්ල වාහනෙන් බැස්සා..

"හා එහෙනම් ඔයා තිවංක එක්ක යන්න "

කියන ගමන් කෙල්ල බලාගෙන ඉද්දීම යන්නම් කියන්නෙවත් නැතුව මම වාහනේ හරවලා ගත්තා. හිතේ කේන්තියත් පිට කලේ වාහනෙන් මම මොකටද වදින්න යන්නේ එයාට. එයා ගේ කොල්ල එන නිසා නේ එයා බැස්සේ.මම මොකටද කාගෙවත් කෙල්ලෝ පරිස්සම් කරන්න මොකද මම මුරකරයෙක්ද?මම ගෙදර පැත්තට යන්න වාහනේ speed කළා හිතේ කේන්තියත් එක්ක. ඒ එක්කම සල්ලි කන machine එකක bip bip සද්දයක් ඇහුනා.නතාෂා උන්න ෂිට් එකේ එයාගේ සල්ලි කන machine එක වැටිලා තිබ්බා..එකේ message එකක් ඇවිත් තිබ්බ තිවංක ගේ නමින් දෙපාරක් නොහිතා මම එක open කළා


" I'm at home honey.r still on the way.nw i'm going to sleep .gud night baby"

message එකේ තිබ්බේ එහෙමයි ඒ කියන්නේ මෙකි බොරුවක් කියලා තියෙන්නේ.හ්ම්ම් දැන් බලමුකෝ කුමරිහාමි තනියම මේ මහා රෑ යන්නේ කොහොමද? කියලා..හොදම වැඩේ කියන්නේ සල්ලි කන machine එකත් මේක අස්සේ වැටිලානේ.මොනවා උනත් කෙල්ලක්නේ එනිසා පොඩ්ඩක් බැලුවනම් හොදයි කියල හිතුනා.මෙයා කොන්ඩකිරිල්ලි වගේ වැඩ දන්න ගිහින් මොකක් හරි ජංජාල් එකක් කර ගතතොත් එකත් යන්නේ මේ අසරණ අහිංසක ෂෝනාගේ පිටින් එනිසා මම වාහනේ නවත්තල හිමිට බැහැල බැලුව කෙල්ල මොකද කරන්නේ කියලා අනේ සංසාරේ දැක්කම බඩ පපුව පත්තුවෙලා ගියා පාර අයිනට වෙලා ඉදගෙන ඉකිගගහා අඬනවා.මේ වෙනකොට ෂෝනාටත් ටික ටික තේරුම් ගිහිල්ල තිබ්බේ කෙල්ලට කතා කල සැර වැඩියි කියලා..අනේ මම දන්නේ නැහැ මේ ෂෝනාගේ නහර හිටන් උණු වෙලා වැක්කෙරෙන්න ගත්ත ඉටි වගේ..කෙල්ල අඬ අඬ ඉන්න විදිය දැකල..ඕනි කජු ගෙඩියක් පුහුලමට බර නැහැ කියල ෂෝනා අයෙමත් කෙල්ල ලඟට ගියා

"නතාෂා නගිනවා car එකට "

කෙල්ල මාව ගණන් ගන්නේ නැතුව අහක බලාගෙන ඉන්නවා..එතකොටම එතනට ආපු ත්‍රිවිල්කාරයෙක් අපි ඉන්න තැනට ආවා..

"මැඩම් ඇයි මොකක්ද seen මහත්තයා කලිසම් කෝට් ඇඳගෙන 3 rd class talks දෙනවද? "

ත්‍රිවිල්කාරයෙක් කතාව ඇහුනා විතරයි කෙල්ල ඇස් දෙක කටේ ගෙන මම දිහා බැලුවා .මගේ අම්මෝ ඒ බැල්මට ෂෝනාව ගැස්සිලා ගියා

"නැහැ නැහැ අයියේ ප්‍රශ්නයක් නැහැ බොහොම ස්තුතියි අයියේ උදවු කරන්න හැදුවට මේ මගේ husband "

හෑ අෆ්ෆා මෙයා මරයි නේ බොලේ

"හරි මැඩම් එහෙනම් අපි ගියා..සර් මැඩම්ව නලවගෙන ගෙදර එක්කන් යන්න ඔය රණ්ඩු සරුවල් බත ඉදෙනකම් විතරයි"

"එල එල මල්ලි " කියන ගමන් මම අයේ කෙල්ල දිහා බැලුවා ටිකක් හිමින් එවුනට සැරෙන්

"නතාෂා නගිනවා car එකට"

කියුවා ඒ පාරනම් කෙල්ල වාඩිවෙලා හිටපු තැනින් නැගිට්ටා මම හිතුවේ car එකට නගින්න හදනවා කියලා.නැහැ මේකිගේ තියන ගනකම මෙකි car එක පහුකරගෙන පයින් ඉස්සරහට යන්න ගත්තා.අනේ අම්මපා ෂෝනාගේ රතු කට්ට එතකොට නම් හොදටම පැන්න කේන්තිය වැඩිකමට නිකන් මගේ කන් දෙකේ ගිනි පිට වෙනවා වගේ මට දැනුනා.අනේ අම්මපා මෙවෙලවට තමයි හිතෙනේ අතේ ඇගිලි පහම කම්බුලේ රටා හිටින්න දෙන්න මේ කෙල්ලන්ට..කන්ගැට්ට රත් වෙන්න..කෙන්තියටත් එක්කම මම car එක speed කරලා අරගෙන කෙල්ලගේ ඇඟේ ගෑවී නොගෑවී වෙට්ටුවක් දාල දුවිල්ල අවුස්සලා පාර හරස් කරලා නතර කරගෙන එලියට බැස්සේ කනෙන් අල්ලලා car එකෙ ඇතුලට දාන්න හිතාගෙන.මම බහිනවා දැක්ක විතරයි කෙල්ල ගැස්සිලා අඩිය විතර පස්සට ගියා වසවර්ති මාරයා වගේ පෙන්න ඇති මාව.

"මේ නතාෂා තමුසේ කියන විදියට මම 3 rd class කොල්ලක් වෙන්න ඇති හැබැයි මනුස්සකම් දන්න මිනිහෙක් මටත් අම්මලා නංගිලා ඉන්නවා එනිසා කරුණාකරලා තමුසේ මගෙන් ගුටි කාලා මාව තිරිසනෙක් කරන්නේ නැතුව ගිහින් නගිනවා car එකට "

"බැහැ මම නගින්නේ නැහැ මට පුළුවන් තනියම යන්න මට body guard ලා ඕනි නැහැ මම දැන් අවුරුදු 25 ලොකු කෙල්ලෙක්'

මේකිගේ ලොකුකම නම් බහින්නේ නැහැ හොටු පෙර පෙර හරි කියවන්නේ පණ්ඩිතකම් තමයි..ඔයා කොහෙද කිරිල්ලි ඔයාගේ බෙරේ තාලෙට මාව නටවන්නේ ෂෝනා ගහන පදේට ඔයා නටන්න ලෑස්ති වෙන්න බබා.කියල හිතන ගමන් යක්ෂ බැල්මක් මුණට අරගෙන කෙශාන්තයේ ඉඳලා පාදාන්තයට රැවුවා කෙල්ලට හීන් දාඩියයි මහා දාඩියයි දෙකම එකටද දාන්න . එහෙම බලන ගමන් කිරිල්ලි ලඟට අඩිය තිබ්බා ඒ වෙනකොට මගේ කේන්ති උපරිමයට අවුස්සලා තිබ්බේ එයා එයාට එක මගේ ඇස් වලින් දැනෙන ඇති "චාටස්" ගා වැදුන පාරෙන් කෙල්ලගේ කම්බුල බලාගෙන ඉද්දි රතුවෙලා ලේ පුරන්න ගත්තා

"ගිහින් නගිනවා car එකට "

මම අඩිය බිම හප්පලා බෙරිහන් දුන්න කෙල්ලගේ සිංහ පාර්ට් ඔක්කොම පූස් පාර්ට් උනා car එක ලගට ගිහින් මම ඉස්සරහ door එක ඇරියා.මගේ පාරක් කාලත් මේකිගේ හිතුවක්කාරකම ගිහින් නැහැ පිටිපස්සේ door එක අරගෙන ඒ පැත්තෙන් නැග්ගා.ඒ පාරනම් මට හිනා යන්නත් ආවා එත් මේ හිතුවක්කාරිට බුරුලක් පෙන්නන නරකයි.ටිකක් සැරෙන් මම

"බහිනවා...බැහැල ඉස්සරහින් නගිනවා "

අනේ මීක්...නැහැ කීකරු පුසියෙක් වගේ බැහැල ඉස්සරහින් නැග්ගා .මාත් නැගලා යන්න පටන් ගත්තා මම හිතන්නේ දැන් රෑ 10 පහුවෙලා වෙන්න ඇති.යමින් ගමන් කිරිල්ලිට නොපෙනෙන්න ඒ මුණ දිහා බැලුවා අනේ පව් අෆ්ෆා කඳුළුයි ,හොටුයි සුදු මුණ පුරාම කම්මුල ඉදිමිලද මම දන්නේ නැහැ ගහපු පාර .මම සාක්කුවට අතදාල ලේන්සුව අරගෙන කෙල්ල දිහාට දික්කළා

" ම්ම් මේක අරගෙන ඔය හොටුයි කඳුළුයි පිහිදගන්නවා පිහදාගෙන ඔය ඇඩියාව නතර කරලා මට ගෙදරට යන පාර කියනවා.."

කෙල්ල මුළු මුණම මගේ ලේන්සුවෙන් පිහිදලා බරාස් ගාල නහයත් හීරුවා අනේ මගේ අසරණ ලේන්සුව.ලේන්සුවේ ආසාව ෂෝනා හිතින් අයින් කරගත්තා..

ඊටපස්සේ කෙල්ල ඇහෙන නෑහෙන ගානට

"තව පොඩ්ඩක් ඉස්සරහට ගියාම සමනල පෙදෙස කියල පාරක් තියනවා එකෙන් ඇතුලට දන්න ෂොහාන් අයියා ඒ පාරේ තමයි ගේ තියෙන්නේ "

"හ්ම්ම්"

මම පාර හොයාගෙන ඒ පාරට car එක දැම්මා..

"අයියේ අයියේ හෝව් හෝව් මේ අපේ ගේ " සද්දන්ත කුලේ පත මාලිගාවක් පෙන්නලා මේකි කියුවේ නැද්ද ගේ කියලා

මම car නවත්තල hon කළා වයසක මිනිහෙක් ඇවිත් ගේට් එක ඇරියා කෙල්ල බැහැල වාහනේ මම ඉන්න පැත්තට ඇවිල්ල පාත් වෙලා

"යමු අයියා තේ එකක් බිලා එන්න "

"දැන් බැහැ මෙන්න ඔයාගේ phone එක තිවංක නම් දැන් පස්ස උඩ දාගෙන නිදි ඇති"

කියලා කෙල්ල phone එක අතට ගන්නවා එක්ක race කරලා කෙල්ලට gud night වත් කියන්නේ නැතුව වාහනේ පාරට දැම්මා. side mirror එකෙන් දැක්කා කෙල්ල මම main road එකට වාහනේ දානකම් ගේට් එක ලගට වෙලා බලාගෙන ඉන්නවා


ඉවරයි කියුවට ඉවර නැහැ
 
Last edited:
  • Like
Reactions: Kudnadun