එකමත් එක රටක

gangst3r.93

Member
Sep 24, 2010
11,663
655
0
ගම්පහ
ඩුප්ලිකේෂන් මාර්ගයට මාර ගසක් කඩා වැටේ: වාහනවල සිරවී සිටින්නන් බේරාගැනීමට මෙහෙයුමක් - Newsfirst-

නිවැරදි කිරීමයි:මාර ගසක් කඩාවැටීමෙන් හසුරවා ගැනීමට නොහැකි වූ රිය අසල පිහිටි ඇල මාර්ගයට ජබුක්‌ වී ඇත - Newsfirst-
 

maiya123

Member
Mar 8, 2013
1,175
65
0
maharagama
හත් වෙනි කෑල්ල හොඳේ...

නලිනයයි අපේ family බෑටෑලියන එකයි ගියාට පස්සේ හිතට පාළුවක් දැනුනත් කනටනම් ලොකු සහනයක් දැනුනා..මොකද කට්ටියම එකට ඉන්නවා කියන්නේ නිකන් දෙල්කඳ පොළ වගේ නේ...කට්ටියම ගියාට පස්සේ මම phone එක අරගෙන බැලුවේ කිරිල්ලි massage එකක්වත් දාලද කියල .හ්ම්ම් massage නම් දාලා නැහැ එදා කියුවෙනම් කොහොමද මම ගෙදර ගිහිල්ල එයාට කියනකම් එයා බලාගෙන ඉන්නවා කියල අනේ පව් අසරණ ළමයා තාම බලාගෙන ඉන්නවද දන්නේ නැහැ...එයාට කොහෙද මාව මතක තියෙන්නේ ඉන්නවනේ හැලි වඳුරෙක් මතක් කර කර හීන බලන්න එයා හිතාගෙන ඉන්නේ ඌ king khan කියලනේ..ඔය මල් ගවුම ෂෝනාගේ ඔළු ගෙඩිය අස්සට එබෙන්න ගත්ත දවසේ ඉඳලා ෂෝනාගේ ඔළුව නිකන් විල්සන් මාස්ටර්ගේ මියෝ කාපු සර්පිනාව වගේ...ඇඟේ අමාරුවටත් එක්ක දන්නෙම නැතුව නින්ද ගිහින් මාව එකපාරට ඇහැරුනේ අර බෙලි ගහයට නිදාගෙන උන්න අසරණ හාවා වගේ බයවෙලා මටත් ඇහුනා ලෝකේ පෙරළෙනවා වගේ මාහා භයානක සද්දයක් බැලින්නම් call එකක් ඇවිල්ලා ...හෑ කවුද යකෝ මේ අවේලාවේ ෂෝනාට call කරන්නේ කිරිල්ලිවත් ද?නැහැ නැහැ වෙන්න බැහැ කියල මම මගේ හිත එක්ක වලි දාගන්න ගමන් phone එක answer කළා

"hello"

"අනේ බබා ඔයාට මොකක්ද උනේ අනේ ඔයාට ලොකු අමාරුවක් නැහැ නේද මහත්තයෝ?අනේ කතාකරන්නකෝ"

මගේ අම්මෝ මේ මගේ අක්කුන් අක්කනේ..break නැති මැස්ස වගේ කියවගෙන යන්නේ අනේ මගේ අසරණ මස්සිනාගේ කෙස්ගස් ටික ගලවලා මෙයා ලංකාවට ඇවිල්ලද කියල අනියත් මහාප්‍රාණ භයානක සිතුවිල්ලක් ෂෝනාගේ හිතට ආවා..

"කතා කරන්නේ කොහෙද අනේ ඔයා මට මයික් එක දුන්නේ නැහැ නේ ඔයා one woman show එකක් නේ කලේ මට එහෙම මාරුවක් නැහැ පොඩි පොඩි damage ටිකක් තියනවා අක්කේ "

"අනේ මේ මෝඩයාගේ කට නම් අඩුවෙලා නැහැ අප්පච්චි හොඳටම upset වෙලා මල්ලෝ..අනේ ඔයා පරිස්සම් වෙන්න මල්ලෝ..අප්පච්චි ඔයාට සැර වෙන්නේ ඔයා හිතුවක්කරයෙක්වෙයි කියන බයට "

"මම දන්නවා අක්කි ගෙඹි අප්පච්චි ඔයාට වැඩිය ගොඩාක් මට ආදරෙයි කියලා"

මම කියනවා එකම කවුදෝ මන්ද කඩාගෙන දොර ඇරගෙන room එකට ආවා...

"ආආ මස්සිනා කාටද මේ hospital එකටම අහන්නේ මහා හයියෙන් ආදරෙයි කියනේ චීස් බෝලේටද?"

"නෑ නෑ බන් මේ අක්කි call එකේ ඉන්නේ"

"මට සැකයි කෝ දියන් බලන්න අක්කුන් අක්කා මම කතා කරන්න"

නලියා දෙන්න කලින් මගේ phone එක උදුරාගෙන speaker on කළා

"අක්කේ මෙන්න නලියා ඉන්නවා මුට සැකයි ලු මම ඔයා එක්ක නෙමෙයි කතාකරන්නේ කියලා"

"ආ නලින් මල්ලියා කොහොමද?මොනවද hello මගේ මල්ලියව පරිස්සමින් බලාගන්න බැරිද යාලුවෝ නේද?"

"බලාගන්න නිසා නේනම් අක්කුන් අක්කේ මේ උදේ හවහා කකුල් දෙක ගෙවනකම් hospital මන්ගච්චන්නේ "

"අනේ ඔයාගේ බලා ගැනිල්ල මම දන්නේ නැද්ද ඔතන තියන කෑම ටික බඩජරියා වගේ කාලා...කියව කියව ඉඳලා යනවා ඇති"

"හු...හු වහකනවා අක්ක හරියටම කියුවා නලියාගේ මුණ නිකක් සුප්පු කරලා විසිකරපු අඹ ඇටයක් වගේ වෙලා පව් අක්කේ ඔහොම මුණට කියනවද මිනිස්සුන්ගේ"

"අනේ නලින් මල්ලි තරහා උනාද?"

"අනේ නැහැ මම මේ යාලු වැඩි වෙලා ඉන්නේ මම දන්නේ නැද්ද අක්කාගෙයි මල්ලිගෙයි බෝක්කු කටවල් දෙක size එක"

"අපේ කටවල් බෝක්කු කියල හරි හිත හදාගන්න පුළුවන් නලින් මල්ලිගේ කට නිකන් නගරසභාවේ කුණු ලොරිය වගේනේ"

"අනේ අනේ නලියා අඩන්න එපා බන් මම නම් මී පාසානම් කාල වතුර ටිකක් බිලා මැරෙනවා බන් මේ කියන කතා අහගෙන ඉන්න බැරිකමට අහෝ නලියාට සිදුවුනි මහා ඛේදයක් නලියෝ....අඩන්න එපා දැන් හිතින් බැදෙන්නම් සිනාසේන්නකෝ... "

"පිස්සුද මල්ලෝ නලින් පොඩි කාලෙම ලැජ්ජා නහරේ අයින්කරලනේ එනිසා ගානක් නැහැ ඕවා"

"උඹලා වගේ පාප මිත්‍ර ද්‍රෝහියෝ ලග ඉන්න එකට මම ඔළුව ගලක ගහගෙන මැරෙන එක මැරෙනවා"

"නලියා උඹට මැරෙන්න වෙන්නේ නැහැ "

"ඇයි බන් අනේ මගේ දෙයියා මාව බේරාගන්නවද අන්න නියම යාලු fit එක දාන්න මල්ලි hi five එකක් "

"නෑ නෑ බන් උඹට ඔලුවක් නැහැ නේ ගලේ ගහගන්න"

"ඔලුවක් තිබ්බනම් උඹලව ආශ්‍රය කරනවද බන්"

"හරි හරි මේ දැන් ඇති තව පොඩ්ඩකින් නලින් මල්ලි අඩනවා දැනටම කඳුළු ඇවිල්ලා,පැටියෝ එහෙනම් ඔයා පරිස්සමින් ඉන්න අක්කි තියන්නම්..අයියා ඇවිල්ලා bush කරනවා.නලින් මල්ලි පස්සේ කතාකරමු.. බුදුසරණයි"


කියලා අපි උත්තරයක් දෙන්න කලින්ම phone එක cut කළා ,නලියත් පුටුවක් ඇදලා අරගෙන හරි බැරි ගැහිලා වාඩි උනා මම දන්නවා දැන් මු මේ අහන්න යන්නේ මම එදා මහා රෑ call කරලා කියපු ඒ වගේම අද උදේ කියපු කෙල්ල කවුද කියලා ඌම අහනකම් ඉන්න ඕනි

"ෂෝනා ඉතින් කියපන්කො"

"මොකක්ද බන් ?"

"තොරණේ විස්තරේ බන් "

"අනේ කියලා වැඩක් නැහැ බන් එපා වෙනවා බන් මේකේ ඉන්න ගියාම මාර පාළුයි උඹලා ගිය වෙලේ ඉඳලා මම නිදාගත්තා"

"අනේ මිහකරෝ මම ඇහුවේ උඹේ අන්දොනාව නෙමේ චීස් බොලේ ගැන කියපන් එකී ගැනද අර ඇන්ටි දවල් කියුවේ ?"

"ඔව් බන් ඒකිට කොල්ලෙක් ඉන්නවා එක ගැන හිතන එකක් දුකක් බන්..ඒකිට මම ගැන ගානක් නැහැ එකී දන්නවනේ මම accident උනා කියලා..එන්න තිබ්බනේ බන් බලන්න යාලුවෙක් විදියටවත් අඩුම ගැනේ phone එකට massage එකක් දාන තිබ්බනේ බන් "

"කොල්ලෝ නම් game එකක් නෙමේ උඹට එක මම දන්නවා..අපි ඒකිට ලං වෙමු හිමින් "

"අනේ මන්දා නලියා මට බයයි එහෙම ලංවෙන්න ගිහින් ඒකිට දැනුනොත් මගේ මුනවත් බලන එකක් නැහැ කියලා මට ඒවගේ දෙයක් දරාගන්න බැහැ මචන් මම මෙච්චර සිරා වෙච්ච 1st time මචන් කෙල්ලක්ට"

" හෙවනැල්ල වගේ උඹේ ලගින් ඉන්න මම දන්නේ නැද්ද එක මේ දැන් ඕවා ඔක්කොම අමතක වෙලා යන්න කමු මොනවා හරි මට බඩේ ගින්දරක් එනවා බන් ඔය කෙල්ලෝ නිසා බඩ පනුවෝ මරණ එක ආනන්තරිය පාප කරුමයක් බන් "

කියලා නලියා අලි පත කෙසෙල් ගෙඩියක් ලෙලි ගහගෙන කටේ ඔබාගන්න ගමන් මටත් එකක් දුන්නා..මාත් ඔන්න ඔහේ ඕනි කෙහෙල් ගෙඩියක් කියලා එක අනුභව කරන්න ගත්තා..

"මචන් උඹල කොහොමද set උනේ?"

"එකී බන් අපේ සංජුවාගේ යාලුවෙක් ..හැබැයි ඊට කලින් මම ඒකිව දන්නවා "

"ඒ කොහොමද බන් සිංහලෙන් කියපන්කො හතර බිරි නැතුව යකෝ උඹ කියන දේවල් අහගෙන ඉඳල මගේ ප්‍රෙෂර් නගිනවා "

මම නලියට seen එක කෙටියෙන් කියුවා

"ආආ දැන් ඒ කියන්නේ මේ ඒ චීස් බෝලේමද?ඒ චීස් බෝලය හැර වෙන එකක් නෙම්ද?එතකොට උඹ ඊයේ රෑ ඒකිට ගැහුවා එකී උඹට බැන්නේ නැද්ද බන් තමුසේ කවුද මට ගහන්න කියලා "

"අනේ මම දන්නේ නැහැ බන් නලියෝ උඹේ මොලේ වේයෝ කාලා ඔළු ගෙඩිය පිරිලා තියෙන්නේ වෙපස් වලින්ද කියල..ඔව් මේ එකිම තමයි නැහැ බැන්නේ නැහැ එකී රෑ මට call කළා number එක කොහෙන් අරගෙනද දන්නේ නැහැ එහෙම කරපු කෙල්ල ඇයි බන් දැන් මට මොකද උනේ කියලවත් බලන්නේ නැත්තේ?"

"ෂෝනා මේ අහපංකෝ උඹ කලබල නොවී ඉඩපන්කෝ එකී උඹට ඊට පස්සේ පාන්දර call කරලා තියනවනේ ඇන්ටි නේ phone එක answer කලේ නිසා දැන් ඒකිට call කරන්න බය ඇති කොච්චර උනත් කෙල්ලෝ ලැජ්ජා බයට හැදුන උන්න නේ ..."

"හ්ම්ම් එහෙමවත් හිතලා මේ කියුවා නාහන හිත හදාගමුකෝ එහෙනම්"

"මේ උඹ තේ එකක් බොනවද?"

"හා දාපන් බිලා දාමු තේ එකක්"

එක්කම කවුදෝ දොරට ගහන සද්දයක් ඇහුනා...

"නලියා කවුද මන්ද දොරට ගහනවා"

"කවුද බන්? කවුද මන්ද කෙල්ලක් බන් අලිපත මල් බුකියක් තියාගෙන අනේ දුක හිතෙනවා එකී එක උස්සන ඉන්න විදියට මට හද වාවන්නේ නැහැ බන්"

"යකෝ ඇරපන් දොර කුනුහුරප දොඩවන්නේ නැතුව..කොන්ඩකිරිල්ලි වෙන්න ඇති"


ඉවරයි කියුවට ඉවර නැහැ
 
Last edited:
  • Like
Reactions: ishwick

maiya123

Member
Mar 8, 2013
1,175
65
0
maharagama
අටවෙනි කෑල්ල හොඳේ....


"අනේ මම දන්නේ නැහැ උඹ නම් මවු කිරි නෙමේ බිලා තියෙන්නේ ගොන් කිරි..එහෙම නැත්තම් උඹ ඉපදුන වෙලේ doc කකුල් දෙකෙන් උස්සලා පස්සපැත්තට දෙන්න ඕනි shot එක දීලා නැහැ මීහකරා ඇරපන්කෝ ඔය දොර මම ඔතනට නැගිටලා එන්න කලින්"

ඔන්න දැන් අතින් අපේ විශාරද නලින් බොතේජු මහතා නාටකය පටන් ගන්නයි යන්නේ..ඌ දොරනම් ඇරියා ඒ වුනාට ඉන්න රන් තරුවගේ මුණ නම් පෙන්නේ නැහැ අර අලිපත මල් බුකිය බදාගෙන ඉන්න කහ පාට දිලිසෙන් අත් දෙක විතරයි දිලිසි දිලිසි පෙන්නේ..අනේ අෆ්ෆා ඒ මල් බුකිය මම උනා නම් මෙකි එහෙම බදාගෙන ඉන්නේ මාව නේ..මම නලින් දිහා බැලුවා...ඌ ඉතින් මගේ කෝලිකුට්ටු සහෝදරයනේ ඌ හිතන්නෙත් මගේ කෙහෙල් මොලෙන්ම තමයි කියලා ඌගෙ කුප්ප හිනාවෙන් මට සක්සුදක් සේ දිලෙස්න වතුර වගේ පැහැදිලි උනා...


"එන්න ඇතුලට "

නලියට ඒකිගේ පිටි පස්සට වෙලා කැපිච්ච පණුවෙක් වගේ ඇඹරි අහන්නේ මේ කොන්ඩකිරිල්ලිද කියල..මම කියුවේ එකනේ මූ ගොන් කිරි කියලා බිලා තියෙන්නේ...යකෝ අර දාර සයිස් මල් බුකිය නිසා මට මේලෝකේ සසරක් පෙන්නේ නැහැ කියලා මුට තේරෙන්නේ නැද්ද?ඒ අස්සේ කෙල්ල ඇවිල්ලා අර පත මල් බුකිය මගේ ඇද ළඟ තිබ්බ කබර්ඩ් එක උඩින් තියන්න ට්‍රයි එක උදුන්නා මම නලින්ට ඇහේන් කියුවා එකට සප් එක දෙන්න කියලා

"කෝ ඉන්න නංගි මම තියන්නම් අපරාදේ අනේ මෙච්චර තඩි මල් එකක් උස්සන් ආවේ මේකේ සිනි බනිසුයි ආනමලුයි ගේනවා නම් ලෙඩයි මමයි කනවනේ අෆ්ෆේ...මොකෝ ඉතින් මේක අපි දෙන්න කන්නෙයි දැන්"

නලියගේ කතාවට කෙල්ල හිනාවුනා නෙමේ හිනාවක් පැන්නා.මෙච්චර වෙලා නලින්ට පත ශරීරෙට වැහිලා හිටිය කෙළිපැටික්කි මගේ දර්ශන පථයට අහුඋනේ දැන් .මෙච්චර වෙලා පිපිලා තිබ්බ මගේ හිනා මල එහෙම්ම පරවෙලා යනවා වගේ මට දැනුනා.ච්ක්...මම නම් ගිය ආත්මේ ආනන්තරිය පාප කරුමයක් කරලා තියනවද කොහෙද නැත්තම් දෙවියෝ වනේ වන හතුරකුටවත් මෙච්චර දාර සයිස් මල් බුකියක් එක්ක මෙහෙම විපතක් එවනවද?මගේ මුණ නිකන් සුප්පු කරලා විසිකරපු අඹ ඇටේ ගානයි...

"ෂෝන්......ඔයා නම් හරි නරකයෙක්...මෙච්චර දෙයක් වෙලා නිකන්වත් මට කියුවේ නැහැ.."

"අනේ මේ ගොන් කතා කියන්න එපා hello මෙහෙම දෙයක් වෙනවා කියලා මම කලින් දන්නවා නම් ඔයාට කියා කියා ඉන්නේ නැහැ මෙහෙම වෙන එක නතර කරනවා මිසක්..අනික ලෙඩක් දුකක් උනාම මිනිස්සු රට වටේ බැනර් ගහා ගහා යන්නේ නැහැ..කොහෙද ඉතින් අලි ඔලුවක් නම් තියනවා එක අස්සේ කැරට් අලයක තරම් මොළයක් නැහැ නේ..."

"අනේ මොකද ෂෝන්...ඔයා ආපු වෙලේ ඉඳලා මට hint ගහන්නේ..ඔයා නම් මහා පුදුම මනුස්සයෙක් අෆ්ෆා ලෙඩක් දුකක් වෙලා ඉන්නකොට බලන්න ආපු මනුස්සයට ආවාට thanks කරනවා නෙමේ ඒ මනුස්සයාගේ ඇඟට කඩාගෙන පනිනවා..අනේ..ඔයාගේ ඔලුව හොඳටම තුවාල වෙලා නේද රිදෙනවද මම අත ගාන්නද?අපරාදේ ෂෝන් ඔයාගේ කොන්ඩේ එක කපලම දාලා.මම හරි ආසයි ඔයාගේ කොන්ඩේට එක නිසා තමයි ඔයාගේ මුණ හිතුවක්කාර පාට වෙලා තියෙන්නේ දැන් නම් හරි අහිංසක පාටයි කොල්ල.."

"අනේ මේ දෙනෙත්මි මගෙන් කුණුහබ්බ අහගන්න එපා මගේ ලෙඩ වැඩි කරන්නේ නැතුව ආවා නම් මාව බලලා යනවා.."

"ඔයාට මාව ඇණයක් නේද?"

"ඇණයක් නෙමේ hello පරාල ඇණ පැකට් එකක් "

"ඇයි ෂෝන්...මෙහෙම නපුරුකම් කරන්නේ ඔයාගේ අක්කි තමයි මට කියුවේ ඔයා hospital කියලා..ඉතින් මම ඔයාව බලන්න ආවා එක වරදක්ද ෂෝන්..."

අපෝ අපේ අක්ක වෙලාවකට වැඩ කරන්නේ උන විකාරෙන් නේ...දැන් කරන්න දෙයක් නැහැ මේකිව යවන එක ඇරෙන්න මෙතනින් shape කරලා..අපේ අක්කට පිස්සුද මම දන්නේ නැහැ මේ උරචක්කර මාලේ මගේ බෙල්ලේ එල්ලන හදන්නේ.. England සිටිසන් නෙමේ බැකිංහම් පැලස් එක මගේ නමට ලියලා දෙනවා කියුවත් මම මේකිට නම් බහ දෙන්නේ නැහැ ඊට වඩා හොදයි වහකනවා..අපේ අක්කටත් වෙන කෙල්ලෝ හිටියෙම නැද්ද මම දන්නේ නැහැ එංගලන්තේ මට propose කරන්න මේකිත් නිකම් තුත්තිරි මල වගේ ඇඟේ ඇලෙන්නමනේ එන්නේ මල වදේ..මෙච්චර වෙලා සද්දේ වහල උන්න නලියා seen එකට ඔලුව දැම්ම නිසා මම යන්තම් බේරුනා


"නංගි මේ අහන්නකො doctor කියලා තියෙන්නේ ෂෝන්ට වැඩිය මොලේ වෙහෙසන්න දෙන්න එපා කියල මොකද මේකෙන් පස්සේ මුගේ තිබ්බ මොලේ පොඩ්ඩෙනුත් කෑල්ලක් අයින් කරලා..මූ මේ විකාරේ ඔයාට කෑගහන්නේ තාම හරියට සිහියක් "

"අනේ...ඇත්තද ..එත් ඔයා කවුද මම ඔයාව අදුරන්නේ නැහැ නේ අයියේ..."

"එකනේ ඉතින් කියන්නේ ඔයා ලවක් දෙවක් නැතුව ෂෝන් පස්සෙන් විතරනේ යන්නේ..මේ සිරිලංකාවේ තව කොල්ලෝ ඉන්නවා කියලා ඔයා අමතක කරලා දාලනේ..මම නලින්..ෂෝන්ගේ අජාසත්ත මිත්‍ර රත්නය"

"nice to meet you නලින් අයියා..මම දෙනෙත්මි.ෂෝන්ගේ මස්සිනාගේ නංගි.ඔයා නම් මේ ෂෝන් වගේ ගිනිපුක්කරයෙක් නෙමෙයි වගේ "

කෙල්ල මම දිහා බලල දිව දික්කරල කියුව

"තැන්කු තැන්කු නංගියා...මටත් ඔයාව නයිස් ටු මාට්ටු ඈහ "

"ඔයාට නම් හොදම පිස්සු...හානේ තව පොඩ්ඩෙන් අමතකවෙනවා..මම sup හදාගෙන ආවා මේ නපුරටත් දීලා ඔයත් බොන්න නලින් අයියේ එයානම් බොයිද දන්නේ නැහැ මම වශියක්වත් දාගෙන ඇවිල්ලා කියලා බයට මගේ පස්සෙන් ගෙන්න ගන්න "

"අපෝ වෙන වැඩ නැහැනේ වශීවෙලා මෙයාගේ පස්සෙන් එන්න මට නේද නලියා"

"බයවෙන්න එපා බන් දැන් අපි දෙන්නම මේක බොනවනේ එතකොට වශිය බෙදිලා ගිහිල්ල අපි දෙන්නම දෙනෙත්මිට වශීවෙලා දෙනෙත්මිගේ පස්සෙන් යනවා..."

"අප්පෝ ඔයා නම් ආවත් ෂෝන් මගේ පස්සෙන් එන්නේ නැහැ අයියේ මම එයාගේ පස්සෙන් යනවා මිසක් දැන් පෙන්නේ නැද්ද ඇවිල්ල අහගත්ත කතා ටික "

කෙල්ල මුණ upset කරගෙන මම දිහා බල බල කියුවා.මම tv එක දාගෙන එකේ cartoon එකක් බලන්න ගත්තා..කෙල්ලගේ මුණ බලාගෙන ඉද්දීම පරවෙලා යනවා මම දැක්ක.කරන්න දෙයක් නැහැ කෙල්ලේ ඔයාට බොරු බලාපොරොත්තු දෙන්න ෂෝන් කැමති නැහැ එනිසා අකමැත්තෙන් උනත් මේ රිද්දනේ..

"හ්ම්ම් මම යන්නම් නලින් අයියේ..මම ආයේ ඇවිල්ලා යන්න එන්නම් "

"යමු නංගි මම ඔයාව මගට ඇරලවන්නම්.අපේ ගිනිපුක්කරයානේ ඔයා ගණන් ගන්න එපා අනේ "

"ෂෝන් අයියේ මම යන්නම්.පරිස්සමින් ඉන්න හොදේ,sup ටික බොන්න එකට මොනවත් දාලා නැහැ ලැබෙන්නේ නැති දේවල් බලෙන් ගන්නේ නැහැ මම "

"මම පහලට ගිහින් එන්නම් ෂෝනා"

උන් දෙන්නම ගියාම පාළුවක් වගේම දුකකුත් මගේ හිතට ආවා ආදරේ කියන්නේ මහා පුදුම දෙයක් නේද...අපි ළඟ,අපේ අතේ දුරින් තියන දේක කිසිම වටිනාකමක් නැහැ අපිට හැබැයි ....අපෙන් ගොඩක් දුරස් වෙලා තියන දේවල් හිත කොච්චර ඉල්ලනවද..හරියට නිකන් පොලවේ ඉඳගෙන පොඩි උන් හඳ ඉල්ලලා ඉකි ගහලා අඩනවා වගේ...උන් කොච්චර ඇඩුවත් හඳ උන්ගේ ලඟට එන්නේ නැහැ හැබැයි හඳ ආවේ නැහැ කියල උන් කවදාවත් හඳ එක්ක තරහ වෙන්නෙත් නැහැ..වෙනදටත් වඩා හඳට ආදරේ කරනවා මිසක්..මම හිස් බැල්මකින් ඔහේ tv එක දිහා බලාගෙන හිටියා


ඉවරයි කියුවට ඉවර නැහැ


ඔන්න කිවුව විදිහට කොටස් 2ක් ම දාලා මම යනවෝ, මම එහෙනම් එක්සෑම් එක කරගෙන එන්නම් හොදේ, අපිත් දියුණු වෙන්න එපැයි, උඔලාව විතරක් සතුටු කරලා හරියන් නෑ නේ, එහෙනම් හැමෝම සතුටින් සිනා වෙලා පරිස්සමින් ඉන්න,, බුදුසරණයි, ඔන්න එහෙනම් අපි ගියා...
 
Last edited:
  • Like
Reactions: thilihare

thilihare

Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    Niyamai ayya lassanaiiii
    Elaga kotasa dala Pm 1 Danna Oyage Bank Exam 1 ta Suba pathanawa Hodin karanna Jaya wewa Good luck Budu saranaiiii....
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    හිමි නැති පෙමකට ඉකිබිද හැඩුමට
    සිත මගෙ බොලද වෙලා​
    :rofl::rofl:
     

    Freeway90

    Active member
  • Dec 2, 2011
    697
    89
    28
    Weligama
    Mona xmda bn, kathawa liyapan.. oka ithin labana awuruddet karanna puluwanne. kathawa liyapan ita passe padam karapan nxt yr eke xm wenakanma... :D:D:D:D

    .
    .
    .
    Best wishes 4 your exam bro....!! :yes::yes::yes::yes:
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    avatar323300_7.gif
    avatar323300_7.gif
    avatar323300_7.gif
    avatar323300_7.gif

    මොකෝ ඇන්ටි පිස්සු තද වේගන වගේ එනවද?:angry::angry::angry:
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    මේ බඩියගෙ ෆේක් එකනේ:dull:ක්‍රෝම් එකෙනුයි ෆයර් ෆොක්ස් එකෙනුයි ලොග් වෙන්නේ එක පාර දෙකම:yes:

    :angry::angry::angry::angry: මොකද්ද යකෝ ඒ අළුගුත්තේරු කතාව? තෝ මේ අහිංසක මටද යකෝ මේ කතන්දර හදන්නේ?
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    හිමි නැති පෙමකට ඉකිබිද හැඩුමට
    සිත මගෙ බොලද වෙලා​
    :rofl::rofl:

    කවුද මගේ රත්තරනේ කීවේ ඔයාට මාව හිමි නෑ කියල? දත් වැටුනට මාත් තව හයි හත්තිය තියන එකා ;):love:
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    :angry::angry::angry::angry: මොකද්ද යකෝ ඒ අළුගුත්තේරු කතාව? තෝ මේ අහිංසක මටද යකෝ මේ කතන්දර හදන්නේ?

    උබට නෙවෙයි කිව්වේ.මේ ඇන්ටිට කිව්වේ.ෆේක් එකක් ඕක:dull::yes:
    උබේ ෆේක් ගැනනම් තවම ඒ හැටි දැනුමක් නෑ මට:lol:rofl::