නමවෙනි කෑල්ල හොඳේ....
දෙනෙත්මි ඇවිල්ලා ෂෝනාගේ කුරුවල් වෙලා තිබ්බ ඔලුව තවත් කුරුවල් උන එකයි උනේ..අපේ අක්ක හිතන්නේ බලන්නේ නැතුව මගේ ගැන ඒ ළමයට බලාපොරොත්තු දීලා.දැන් ඒවගෙන් විඳවන්න ඕනි මම..දෙනෙත්මි කියන්නේ හොද කෙල්ලක් හැබැයි අනේ මම දන්නේ නැහැ දැයේ අවාසනාවද කියලා මට ආදරයක් හිතෙන්නෙම නැහැ නේ..සමහර වෙලාවට මම කරන කියන දේවල් ඒකිට දරාගන්න ගොඩක් අමාරු ඇති.කරන්න දෙයක් නැහැ කාලයත් එක්ක එයාට රිද්දන,අපහාසකරන, මගෙන් එයාගේ හිත එයා ගලවගනියි.හ්ම්ම්ම් මගේ හිත නැවතිලා තියෙන්නේ කවදාවත් ලැබෙන්නේ නැති නතාෂා ළඟ,දෙනෙත්මිගේ හිත නැවතිලා තියෙන්නේ ෂෝනා ළඟ,නතාෂාගේ හිත තියෙන්නේ තිවංක ළඟ..අනේ අනේ එකමත් එක සිරිලංකාවක සිදුවුනි මෙහෙම කතාවක්..බඩරිදෙනවා අෆ්ෆා මේවා හිතනකොට අර අපේ මාහාචාර්ය නලින් කියනවා වගේ....ආදරේ කියන්නේ හොදට පැහිච්ච අමු අඹ ගෙඩියක් වගේ...කන එකාගේ දත් ටික හිරිවැටිලා දත කට පූට්ටු වෙනවා...බලාගෙන ඉන්න එකාගේ කටෙන් කෙල බේරනවා...කාපු එකා කෑවට පසුතැවෙනවා..නොකෑපු එකා කන්න බැරි උන එකට පසුතැවෙනවා
කලින් දැනගෙන හිටියනම් මෙහෙම මගුලක් මම මගේ හිතට වැරදිලාවත් love කරන්න දෙන්නේ නැහැ.දැන් හිත නිකන්..අහිකුන්ටකයෙක් නටවන රිලවා වගේ හිත නටන්නේ වෙන එකෙක් කියන විදියට..කොහොම උනත් මේ love කියන මල ඉලවුව ෂෝනාට හරියන්නේ නැහැ එකනේ ෂෝනාගේ හද පතුලේ බුර බුරා නැගෙන අමුලික සත්‍ය ප්‍රේමය හිමි සිරියවන්ති කැත නැතුව වෙන එකෙක්ගේ කෙල්ලක් වෙන්නේ..එකෙත් වැඩේ කියන්නේ එකී මගේ ළඟ ඉන්නකොට මට දැනෙන්නේ නැහැ නේ එකී වෙන කෙනක්ට අයිති වස්තු කැටයක් කියලා..
කගේ හරි ඇඟිලි තුඩු හිතුවක්කාර විදියට ඔළුව පුරා රටා අදිනවා මට දැනුනා..පියාගෙන ඉඳපු ඇස් දෙක ගැස්සිලා ඇරලා බලන්න ඕනි වෙලාවක මම කලේ තව ටිකක් තද කාලා පියාගත්ත එකයි.එක වෙන්න ඇති ෂෝනාගෙයි සිරිලංකාවේ අනිත් ඈයෝන්ගෙයි වෙනස..අරාබිකාරයත් එහෙමනේ ඌත් කියවන්නේ අග ඉඳල මුලටනේ.හැබැයි මේ නලින් නෙමෙයි කියන එක මට 100/1000 sure මොකද ඕකට බැහැ මෙච්චර හුරුබුහුටියට මේ වගේ වැඩක් කරන්න..ඒ සිනිදු අතක් මගේ මුණ පුරාම දිව්වා හිතුවක්කාර විදියට..රිදුනද මන්ද අතට කොස් කට්ට වගේ තියන රැවුල ඇනිලා.ඒ අත මගේ මුනෙන් අහකට ගත්ත විදියට මට දැනුනේ එහෙමයි..දැන්නම් ඉවසන දනා පුරු යුධයට ජය කොඩිය කියපු එකාගේ කට කන්න එපැයි යකෝ...කොහොමද මෙහෙම් වෙලාවක මනුස්ස පරානයක් ඉවසන්නේ..හිතේ තිබ්බ කලබලේ එලියට දන්නේ නැතුව මම හිමින් ඇස් ඇරියා ආහ් මම හිතන්නේ මට කියන්න අමතක උනා හුදී ජනයාගේ පහන් සංවේගය උදෙසා ෂෝනා කියන්නේ සම්මානලාභී අතිවිශිෂ්ට ගනයේ රංගන ශිල්පියෙක් කියලා...හෑ ඇස්දෙක නිලංකාරවෙලා ගියා.අම්මා ගහයි බැට් එකෙන් එලව එලව.ලඟපාත කවුරු හරි හිටියනම් ඇත්තමයි මම ඌ ට කියනවා මට කඳුළු එන්න කනේ පාරක් දෙන්න කියලා..යකෝ මම මේ දකින්නේ sure එකටම මහා පරිමාන හීන රාජයෙක්ද කොහෙද?නැත්තම් මේ වෙලාවේ කොහෙදේ මේ සුදු මුණ මගේ ළඟ තියෙන්නේ..පිස්සු හැදෙනවා සඳ අහක බලනවා...
"ෂේන් අයියා"
හෑ ඇෆ්ෆාටසිරි හීනේ කතාකරනවනේ
"අනේ ඇයි කතා කරන්නේ නැත්තේ?තරහ වෙලාද මාත් එක්ක?"
කෙල්ලගේ අත මගේ මුණම අත ගාගෙන ඇවිල්ල උරිස්සේ නතර උනා..ඒ එක්කම එයාගේ සල්ලි කන machine එක බෙරිහන් දෙන්න ගත්තා..
"hello..හ්ම්ම් එහෙ තමයි ඉන්නේ අනේ මන්ද කෙල්ලේ කතාවක් බහක් නැහැ ඔහේ මම දිහා බලාගෙන ඉන්නවා..මට බයත් හිතෙනවා අමා ඒ ඇස්දෙකේ කිසිම හැඟීමක් නැහැ...ඒවා හරිම සිතල පාටයි..මුළු මුණම නිකන් සුදුමැලි වෙලා ගිහිල්ලා..මේ දැනුත් මේකා මම දිහා බලාගෙන ඉන්නවා අමා.මට හිතුනා කෙල්ලේ සංජු,මෙයාගේ අම්මියි දෙන්නම කතාකරපු විදියට තත්වේ ටිකක් බරපතලයි කියලා..මම තව ටිකක් වෙලා ඉඳලා එන්නම්.වැඩි වෙලා ඉන්න බැහැ තිවංක කියුවා එයා එක්ක කොහෙද යන්න එන්න කියලා අනේ මන්දා බන් මේකාව මෙහෙම දකිද්දී පපුව නිකන් මොකක්ද වෙනවා..නෑ නෑ අඩන්නේ නැහැ අඩුවත් මෙයාට එහෙම තෝරගන්න තේරෙන්නේ නැහැ ඔහේ බලාගෙන ඉන්නවා විතරයි..හා අමා මම තියන්නම් පස්සේ meet වෙලා කතාකරමු "
හෑ මොකක්ද යකෝ මේ වෙන්න යන්නේ මේ කොන්ඩකිරිල්ලි අමු කාලද?යකෝ මට මි පාසානම් ටිකක් කාලා වතුර බොන්න හිතෙනවා මේ අගේට ඉන්න මාව..සිහියනැති එකක් කලානේ..හ්ම් හ්ම් seen එක දැනුයි කුඩා මොලේට මීටර් උනේ accident එකෙන් මගේ ඔලුව damage නිසා කෙල්ල හිතාගෙන ඉන්න මගේ මතකය නැති වෙලා කියලා අනේ අසරණ ෂෝනා...යකෝ ඒ කියන්නේ මම එච්චරම මොංගල් part එකෙන්ද මගේ හඳ දිහා බලා තියෙන්නේ.දැන් ඉතින් කරන්න දෙයක් නැහැ මගේ සඳ රෙද්ද උදුරාගෙන ඇරගෙන කපලා මහලා ඇඳගෙන තියෙන්නේ..මේ ලැබුන අවස්ථාව අතෑරලා දන්න තරම් හිතක් මට පහල උනේ නම් නැහැ...මාත් ඉතින් පටන් ගත්තා මගේ රංගන ප්‍රතිභාව විදහා දක්වන්න..කෙල්ලගේ මුනේ ඇස් අහකට අරගෙන මම මගේ ලග කබර්ඩ් එක උඩ තිබ්බ මලක් එක්ක අතින් සෙල්ලම් කරන්න ගත්තා..
"ලස්සනයි නේද ඒ මල?ඔයා ආසයිද?මම අරන් දෙන්නද ඔයාට එක?"
අනේ...බලාගෙන ඉන්න ලස්සනයි අෆ්ෆා...හරී...හුරතල්...කෙල්ල නිකම් පොඩි එකෙක්ට බැහැ තෝරලා දෙනවා වගේ අර බෝල ඇස් කරකවා කරකවා මාත් එක්ක කතා කරනවා..මම කෙලින් ඒ ඇස් දෙක දිහා මෙච්චර ලංවෙලා බලපු පලවෙනිවතාව ඒ ඇස් දෙකේ මොන magic තියනවද මම දන්නේ නැහැ මාව මෙහෙ ගොළු වෙලා යන්න...
"ඔහොම බලන්න එපා මෝඩයෝ..මටත් තියෙන්නේ ගැස්සෙන හිතක් ඔයා ගේ ඔය බැල්මට මගේ පුංචි හිත ගස්සෙන් ගැස්සිලට බයත් හිතෙනවා.."
මගේ මුළු මුණම අත් දෙක මැද්දට හිර කරගෙන කෙල්ල කියුවා ඊටපස්සේ මම සෙල්ලම් කර කර උන්න මල කඩලා මගේ අතට දීලා මම දිහා බලාගෙන හිටියේ හරි උජාරුවෙන් ලෝකේ තියන ලොකුම වැඩේ එයා කළා වගේ..අනේ අනේ මේ කෙල්ලන්ගේ පුංචි හිත් අස්සේ කොච්චර දේවල් හිරකරගෙන ඉන්නවද?මුන්ගේ හිත් රබර් ද මන්ද?කෙල්ල මගේ අතට දුන්න මලෙයි කෙල්ලගෙයි මේ වෙලාවේ වැඩි වෙනසක් තිබ්බේ නැහැ.නටු ලගින් මල නැමිලා බිම බලාගෙන හිටියේ කෙල්ලගේ ලස්සන දැකල ලැජ්ජාවට වගේ..
මම මගේ අතේ තිබ්බ මම කෙල්ල දිහාට දික්කලා..එයා හිතන්න ඇත්තේ මම එයා කරන දේ කරන්න ට්‍රයි කරනවා කියලා..
"මට දෙනවද මේ මල?තියාගන්නම?"
මම ඔළුව හෙල්ලුවා කෙල්ලට කට කොනකින් ගිය හිනාවේ මාරම මර ගතියක් තිබ්බා..
"අනේ අනේ..කිසිමදෙයක් මතකත් නැහැ ඒ උනාට කෙල්ලන්ට මල් දෙනවා නේද?හ්ම්ම් කමක් නැහැ මේ මල ඔයා මට දුන්නා කියලා දන්නේ මම විතරයි.මේක මගේ ළඟ හැමදාම තියෙයි..ඔන්න කාටවත් කියන්න එපා හොදේ..මුනේ තියෙන අහිංසකකම නැහැ වැඩ වල නම්..එයා ෂෝනා නෙමේ මහසෝනා..යකෙක් වගේනේ එදා මේ අහිංසක මට ගැහුවේ..පොඩ්ඩක්වත් දුක හිතුනේ නැද්ද මේ පපුවට "
අහන ගමන් කෙල්ල එයාගේ අර රෝස පාට පුංචි අතක් තියලා තද කරලා එයාගේ මුළු ඇඟේම බර ඒ අතට දීලා මගේ ඇඟ පැත්තට පාත් උනේ හරියට මට kiss එකක් දෙන්න වගේ..අම්මේ...ඒ හුස්ම පොදක තියන උණුසුම...ඒ රෝස පාට පුංචි තොල් දෙක මගේ නළලේ ගෑවෙන්න ඔන්න මෙන්න කියලා තියෙද්දී..කුළු මිමෙක් වගේ කුලප්පු වෙච්ච එකෙක් දඩාන් ගාල room එක දොරේ අගුල කැරකෙවුවා..අල්පෙන්ති තුඩක් වැටුනත් සද්දේ අහන තරම් තිබ්බ room එකට ඒ සද්දේ හොඳට ඇහුනා කෙල්ල ගැස්සිලා මගෙන් ඈත් උනා..හරියට නිකන් බයවෙච්ච පුංචි මුව පැන්චියෙක් වගේ..
ඉවරයි කියුවට ඉවර නැහැ