එකමත් එක රටක

maiya123

Member
Mar 8, 2013
1,175
65
0
maharagama
අම්මට එළනේ.මේ ආයෙ තව කතාවක් දානවනම් මට PM එකක් දාපන් හොදේ...
:angry:අනිත් ඒවත් දාපන් ඩෝ ඔක්මනට:angry:
:love::love::love:
:love::love:
:love:

මේ කතාව තමා ඉතින්, මගේ යාලුවෙක් ලියපු කතාවක් මම කලින් දාලා ඇති, අනිත් කෑල්ල හෙමිට ලියලා දන්නම් මචන්, මුඩ් එකක් නෑ කතාව ලියන්න තරම්....
 

maiya123

Member
Mar 8, 2013
1,175
65
0
maharagama
ලියලා දන්න ට්‍රයි එක්කක් දාන්නම් මචන්ලා, මේ දවස් වල පොඩ්ඩක් මුඩ් එක හොද මදි.. අද රෑට ලියලා දාන්නම් පුලුවන් උනොත්.... ජිවිතේ කියන පේපර් එක නම් කලකිරිලා තියෙන්නේ හොදටම...
 

maiya123

Member
Mar 8, 2013
1,175
65
0
maharagama
තුන්වෙනි කෑල්ල හොඳේ...

අෆ්ෆා මේ ඉන්නේ නිකන් පුන්සඳ වගේ මෙතන බැබලි බැබලි...කෙල්ල කන්න වගේ යන්නේ..ළඟටම ගිහිල්ල කතාකරන්න ඕනි..කියල හිතාගෙන කඩේ කවුන්ටර් එක පැත්ත හැරිලා ඉන්න කොන්ඩකිරිල්ලි ලඟට මම හිමින් ලං වෙලා කතා කළා.ඒ වෙලාවේ අපි දෙන්න අතර පරතරය අඩියකට අඩු මිසක් වැඩි නැහැ...

"නතාෂා "

ඒ එක්කම මට ඇහුනා තව කවුද මන්ද පොරක්

"චුටි..බබා " කියනවා

ඒ කට හඬ ඇහුන විතරයි කොන්ඩකිරිල්ලි කරන්ට් එක වැදුන වගේ සටස් ගාල හැරුනා ඒ හැරිච්ච පාරට එයාට අඩියක් පිටිපස්සෙන් හිටපු ෂෝනාගේ ඇඟ පුරාම අතේ තිබ්බ coca cola එක හැලුනා...එතකොට තමයි කෙල්ල කුණක් ගහනවා වගේ මං දිහා බලල...

"සෝ...." කියල මොක්කක්දෝ කියන්න හදලා..එක නොකියා මහා පල් කින්ඩි හිනාවක් දාලා ෂොනා ගේ ඇස් දෙක දිහා කෙලින් බලලා

"අනේ...බබා ඔයා චුට්ටක් හිමින් ඕක පිහිදගන්නවද" කියලා ලේන්සුවක් මගේ අතේ තියලා මාව ගණන් ගන්නේ නැතුව.පෙරලගෙන එයාට චුටි බබා කියලා කතාකරපු පුත්තලම් වස්සා ලඟට ගියා ගිහින් ඌ ට තුරුල් වෙලා කියපු එකට ෂෝනාගේ රතු කට්ට පැන්නා

"අනේ තිවංක..ඔයා මහා 3rd class මිනිස්සු එන තැනකටනේ අපිව ගෙනත් තියෙන්නේ මට නම් බැහැ මෙතනින් කන්න බලන්න මැස්සෝ පිරිලා.."

අනේ මම දන්නේ නැහැ නහයට අහන්නේ නැති තැනක් නොතැනක් නැතිව වැරදි දේට කතා කරන ෂෝන්ගේ කට මොනවා වෙලාද කියලා..වෙන වෙලාවක එහෙම නම් ෂෝන්ගේ ඇගිලි පහම දිලිසි දිලිසි කෙල්ලගේ කම්මුලේ තියෙයි ...එතකොට තමයි කොන්ඩකිරිල්ලි එක්ක උන්න පුත්තලම් වස්සාගේ voice එක මට ඇහෙන්න ගත්තේ..

"අනේ මං දන්නේ නැහැ චුටි ඔයාගේ වැඩ නම් දැන් මෙතනට එන්න ඕනි කියල නැටුවා දැන් කියනවා මෙතන 3rd class කියල එක දන්නා නිසානේ බබා මම බැහැ කියුවේ මෙතනට එන්න"

කියන්න ගමන් පුත්තලම් වස්සා කෙල්ලගේ කෑලි කෑලි අමුතු රටාවකට කැපිලා තිබ්බ කොන්ඩේ අස්සෙන් අත දාලා ඒ සුදු කන් පෙත්ත මිරිකුවා

"කවුද බබා අර උනහපුලුවෙක් වගේ මුළු ඇඟේම මොනවද හලාගෙ අපි දිහා බලාගෙන ඉන්නේ?"

කියල පුත්තලම් වස්සා සද්දේ අඩු කරලා ඇහුවා උනතේ ෂෝනගේ සම්පුර්ණ radar එක වැඩ කලේ ඒ පැත්තට නිසා එක ෂෝනට හොඳට ඇහුනා.හෑ යකෝ මේ පුත්තලම් වස්‌සා මටද උණහපුලුවා කියුවේ මු කවද හරි දවසක කන්නාඩියකින් මුන බලල තියනවද දන්නේ නැහැ...දෙන්න හිතෙනවා මුට මුණ සුප්පු කරලා විසිකරපු අඹ ඇටයක් වගේ වෙන්න...

"මම දන්නේ නෑ තිවංක...අපිට වැඩක් නැහැ නේ එක එක රස්තියාදුකාරයෝ අපි දිහා බලාගෙන හිටියට...ලස්සන hindi couple එකක් වගේ නිසා බලනවා ඇති..අපි යමුකෝ "

කියල නයි බිත්තර පුපුරන තරම් කිංකිණි හිනාවක් දාලා ෂෝනා දිහාට අහංකාර බැල්මක් පා කරලා..කෙල්ල අර පුත්තලම් වැස්සට තොදොල් උනා..අවාසනාවට ඇත්ත කතාවක් කියන්නේ යකෝ ෂෝනට සිද්ධ උනානේ මුන්ගේ නර නාටක බලන්න...හිතේ තිබ්බ කේන්තිය පිට කරන්න විදියක් නැතිව ඉන්නකොට මාව දෙකේ කොලේට දාල කොන්ඩකිරිල්ලි පුත්තලම් වස්සා එක්ක යන්න ගියා මම බලාගෙන ඉද්දීම ...ජිවිතේ පලවෙනි වතාවට ෂෝනා පෙරලපු බාල්දියකට ෂෝනට return එක හම්බුනා..එකත් එහෙම උනා කියමුකෝ...එත් මෙච්චර කට වාචාල ෂෝනා එකී one woman show එකක් කරද්දී එකේ fan කෙනෙක් විතරක් උන එක ගැන ෂෝන්ටම පුදුමයි...හිතේ තිබ්බ තරහටම එහෙම්ම ගිහින් මම බස් එක වාඩි උනා..තව පැය දෙකක් විතර බස් එකේ චාටර් එක කෑවට පස්සේ kandy town එකෙන් බැහැල ටුක් ටුක් එකක එල්ලිලා චුටි පුන්චාලගේ ගෙදරට ගියා....

"අනේ...ෂොහාන් පුතාව දැක්ක කල්...තවත් handsome වෙලානේ මගේ කොලු පැටියා "

චුටි පුංචා මෙලෝ එලෝ නැතුව මාව තුරුල් කරගෙන කියවන්න ගත්තා මම පොඩි කලේ ඉඳලා පුංචා මට හරි ආදරෙයි..මොකද එයාට ඉන්නේ කෙල්ලෝ දෙන්නෙක් විතරයි ඉතින් අපේ අම්මිගේ විතරක් නෙමේ පුන්චාගේත් සුදු පුතා මම එක ගැන ෂෝනට හීනියට ආඩම්බරයක් නැතුව නෙමේ....ඔන්න එතකොට මගේ මාර සේනාව වගේ ඉන්න නංගිලා දෙන්නත් එතනට දුවගෙන ආවා...උන් දෙන්නට හැමදාම ඉරිසියයි පුංචා මට වැඩියෙන් ආදරේ එකට එනිසා හැමදාම මාත් එක්ක වලි හැබැයි ඒ බොරුවට මම ආපු වෙලාවේ ඉඳල සුදු අයියේ අරක මේකේ කියා කියා මගේ පස්සෙන්ම තමයි...

"අනේ..බලන්නකෝ අම්මේ මෙන්න සුදු අයිය ඇදුමේ මොනවද හලාගෙන..අපෝ ඔයාගේ පුතා තොත්ත බබා තාම බැහැ කෑමක් බිමක් කන්න ඇඟේ හලන්නේ නැතුව නේද හෂිනි.."

කියන ගමන් ලොකු නංගියා පොඩි බෝම්බෙට මයික් එක pass කළා..

"අනේ මං දන්නේ නැහැ අපේ අම්මිලගේ කොලු පැන්චානේ මෙය ඉතින් හරහට අරගෙන එපැයි නලවන්න"

"අනේ බලන්නකෝ පුංචා මුන් දෙන්නා මට ඉන්න දෙන්නේ නැහැ" කියන ගමන් මම චුටි පුන්චාට තවටිකක් තුරුල් උනා...

"හා හා..ආපු ගමන් මගේ කොල්ලගේ හිත රිදෙන්න එනම් මනම් කියනවා නෙමේ යන්න කියුවේ දෙන්නම පාඩම් කරන්න මම අයියට කන්න මොනවා හරි හදන්න ඕනි..හ්ම් සුදු පුතා ඔයාත් ගිහින් wash එකක් දාගන්න..උදේ ඉඳල බස් වල ඇවිල්ල මහන්සි ඇතිනේ.."

අරුන් දෙන්නා මට දිව දික්කරලා ඇදකරන ගමන් "නාකි කෝලම් හුරතල් වෙනාවෝ" කියාගෙන room එකට ගියා දිව්වා

"මාත් wash ගෙන එන්නම් පුන්චෝ " කියාගෙන මගේ room එකට ගියා

ඇත්තටම මුළු දවසම බස් එක චාටර් කාලා ෂෝනාට හොඳටම මහන්සි වෙලා උන්නේ නිසා ෂෝන් bathroom එකට රිංග ගත්තා..ඇත්තටම ඇයි දන්නේ නැහැ කොන්ඩකිරිල්ලි ෂෝන් කතා කරද්දී ෂෝන්ව ගණන් ගන්නේ නැත්තේ..නෑ නෑ නෑ..අයේ ෂෝනා කොන්ඩකිරිල්ලිට ෂෝන්ගේ හිත ඇතුලේ පියාඹන්න දෙන්නේ නැහැ කියලා තදින්ම හිතා ගත්තා...ඇෆ්ෆෝයි...මොන වදයක් ද මේ දැන්නම් ෂෝනාට හිතිලා තියෙන්නේ මේ චේන් එක එයාට දෙන්න ගිහින් එයාගේ ගනකම බලන්නේ නැතුව මේක විකුනලා නුවර වැවේ මාළුන්ට පොප් කොන් අරන්දිලා ෂෝනත් පොප් කොන් ටිකක් කාලා පාඩුවේ ඉන්නවා මිට වඩා හොදයි කියලා...මේ විකාර කල්පනා කර කර ඉන්නකොට තමයි මතක් උනේ කොන්ඩකිරිල්ලි කඩේ ඇතුලෙදි පිහිදාගන්න කියලා ෂෝනාගේ අතට ලේන්සුවක් දීල ගියා නේද කියලා මතක් උනේ ..ෂිට් ෂෝනා නිකන්වත් ඒ ලේන්සු පොඩිය මොන වගේද කියල බැලුවේ නැහැ නේ..එක බලන්න ඕනි උන නිසා සං සං ගලා නාගෙන මම එලියට පැන්නා

"පුංචෝ...කෝ මගේ ඇදුම් ටික?"

හතිලවුවට ගහපු කලාබරේ කියුවලු පුංචා මගේ ඇදුම් ටික කොහේ දැම්මද?

"ආ ඇයි පුතා මම ඒටික හෝදන්න දැම්මා.."

"අයියෝ පුංචෝ washing machine එකටද දැම්මේ "

"ඔව් පුතා..ඇයි?"

"ඔයාගේ මොනවද බඩු වගයක් තිබිලා නංගියා අරන් තිබ්බ කියුවා"

"හා හා පුංචෝ"

අෆ්ෆා දැන් ඉතින් ඉවරයි FBI එකෙන් වගේ හරස් ප්‍රශ්න අහයි.මම හිමිට නංගිලාගේ room එක පැත්තට ගියා..මම එනකම් බලාගෙන ඉඳල තියෙන්නේ මුන් දෙන්නා

"ආආආආ මල් කුමාරයා...හූ බයවුනා නේද කෙල්ලට ගත්ත චේන් එක washing machine කියලා බයවෙන්න එපා...අයියේ මේ නංගිලා දෙන්න ඉන්නකම් එහෙම වෙන්නේ නෑ"

මට කතාකරන්න දෙන්නෙම නැතුව මුන් දෙන්න break නැති මැස්සියෝ දෙන්න වගේ කියවනවා..

"හරි දැන් ඕක මට දෙනවකො එහෙම උනොත් මම ඔයාල දෙන්න එක්ක හෙට මාලිගාවට යන්න එනවා"

"ඇත්තටම එනවා නේද අයියේ.."

"එනවා එනවා ඊයේ රෑ ජනේල්ලට අහුවෙලා මරුන හුනා පල්ලා මම එනවා"

"එහෙනම් දෙන්නේ නැහැ මේක ගිහින් දෙනවා අම්මිට..හා කියනවා මේ ලේන්සුවත් අක්කගේමද?"

"හ්ම්ම් හ්ම්ම් දැන් ඔයා දෙක මෙහෙට දෙන්නකෝ මම හෙට යන්න එන්නම් promise"

"අපෝ මුනේ හැටි ආආ ගන්නවා අඬන්න එපා" කියන ගමන් ලේන්සුවයි චේන් එකයි මගේ අතට දුන්නා....

"ලමයි කෑම කන්න එන්න.." පුංචා බෙල් එක ගහන්න ගත්ත.චේන් එකයි ලේන්සුවයි සාක්කුවේ ඔබාගෙන මේ වෙන කොට ඇතිවෙම්න් තිබුන මහාපරිමාණ බඩගින්නක් විරුද්ධව බඩේ පනුවෝ strick එකක් පටන් ගන්න කලින් මම ගියා කෑම කන්න..

"පුංචෝ...දැක්කම රස නහර පිනා යනවා..."

දෙන්නම් මම අද පප්පලට කියල මම කෑවා බඩ උල් වෙන්න කාලා දාලා ඇඳට පැනගත්තේ.හෙට මහා පාන්දර 7 ට මාව ඇහැරවන්න කියල පුංචාට කියන ගමන්..ඇත්තම කියනවා නම් හීන දකින්න වෙලාවක් තිබ්බේ නැහැ,ඇඟට දැනුන මහන්සියේ හැටියට ඇඳට වැටුන ගමන් පෙරේතයා පොලවේ ගැහුවා වගේ නින්ද ගියා...

"සුදු පුතා නැගිටින්න මේ..දැන් 7යි වෙලාව..අන්න තාත්තාගෙන් call එකක් ඉක්මනට නැගිටලා බලන්න"

අපෝ මෙච්චර ඉක්මනට උදේ උනාද එහෙම වෙන්නේ කොහොමද මම නිදාගත්ත විතරයිනේ..අනේ මම දන්නේ නැහැ මගේ පියාණන්ට මගේ නින්ද කඩන්නේ නැතුව නින්ද යන්නේ නැද්ද මන්ද..මේ මහා පාන්දර..කොහොම උනත් වැඩට යන්න එපැයි ෂුවර් එකට එදා office එකේ seen එකට උපදෙස් දෙන්න තමයි හිත හිතම මම phone එක අතට ගත්තා..

"හලෝ තාත්තේ.."

"good morning ෂොහාන්..මම හිතනවා ඔයා මෙහෙදී වගේ නැතුව ඔයාගේ job එක හොඳට කරයි කියලා..හොදයි ෂොහාන් අම්මා ඔයාව මතක් කරන්න කියුවා..මටත් දැන් පරක්කුවෙලා ෂොහාන් එහෙනම් මම යන්නම්.bye"

"හා තාත්තේ bye "

මම එහෙම කියනවත් එක්කම phone එක cut උනා

"මොකද පුතේ තාත්තා එක්ක කතා කලේ නැත්තේ?"

"කවද්ද පුංචෝ එයාට මම කතා කරනවා අහන්න ඕනි උනේ තාත්තා හැමදාම කලේ එයාට ඔනිදේ මට කියන එකනේ"

කියන ගමන් මම ලෑස්ති වෙන්න ගියා

"අම්මේ අද අපිට බැහැ van එකේ යන්න අපි අද යන්නේ අයියා එක්ක "
"අම්මේ අම්මා දන්නවද අද අපි තුන්දෙනා මාලිගාවට යනවා..අම්මත් එනවද"

"අපෝ මුන් දෙන්නගේ කටවල් දෙකට නිවනක් ඇත්තෙම නැහැ මුන්ගේ කතා අහගෙන ඉඳල පුංචාගේ කනට නිවනක් නැහැ අනේ මගේ අසරණ පුංචා"

කියාගෙන ෂෝනත් වලියට enter උනා..

"අනේ මේ යනවා යන්න මෝඩයා"

"මේ වට්ටි අම්මලා දෙන්න දැන් බඩු විකුණුවා ඇති ඉතුරු ටික තියාගන්නවා school එකට ගිහින් ඔයාලගේ පොලේ යාලුවෝ ටික එක්ක set වෙලා විකුණා ගන්න දැන් මෙන්න මෙහෙ එනවා යන්න..අපි යනවා පුංචෝ"

කියගෙන් පුංචාට වැඳලා ෂෝන් එලියට බැස්ස..kandy branch එක තිබ්බේ හරි ලස්සන තැනක මෙතන ඉඳන් බලපුවා වැව රවුම හරි ලස්සනට පේනවා මේකේ වැඩ කරන්න ලොකු set එකක් හිටියේ නැහැ..ඇත්තටම බොසාට කියලා හැමදාම මෙහෙ වැඩ කරන්න ඉල්ලගන්න ෂෝනට හිතුනා.. ඇත්තම කියනවා නම් මෙතන වැඩ කරනකොට වෙලාව යනවා දැනෙන්නේ නැහැ..රෑ වෙලා ගෙදර යන්න වැව රවුම වටේ වටයක් දැම්මනම් හොදයි කියල හිත හිත ඉන්නකොට.ෂෝනාගේ සල්ලි කන machine කෑගහන්න ගත්තා..(phone එක )

"අයියේ...අපි ලෑස්ති වෙලා බලාගෙන ඉන්නවා ඔයා එනවා නේද?"

"ආආ හොඳ වෙලාවට මැට්ටි ඔයා call කලේ මම මේ වැඩ ඉවර උන ගමන් වැව රවුමේ වටයක් දන්න හැදුවේ"

"අපෝ මම දන්නේ නැද්ද මගේ අයියගේ සිහිය තියන තැන මේ ඉක්මනට එන්න මගේ යාලුවෙකුත් ඇවිත් ඉන්නවා එයත් එනවා කියුවා අපි එක්ක යන්න හරිද හොල්මන් ෂොහාන්"

කියන ගමන් නංගියා phone එක cut කළා..බස් එකේ යන්න ගියොත් වෙලා යන නිසා මම ටුක් ටුක් එකක එල්ලිලා ගෙදර ගියා.මම ගෙදර යනකොට කවුරුත් පෙන්න හිටියේ නැහැ

"පුංචෝ"

"අනේ පුතා ආවද මහන්සි නේද මේ කෙල්ලෝ දෙන්න එක්ක බැහැ නේ ඔන්න යාලුවෙකුත් එක්කාසු කරගෙන අද යන්න ආපු වෙලේ ඉඳලා අයියගේ වරුණේ.."

"පුංචා මම change එකක් ගෙන එන්නම් තේ එකක් ඕනි මට.පුංචාගේ වන්ඩිය ඕනේ අද යන්න බස් එකේ යන්න කම්මැලි නංගිලට කියන්න මම 5 minute වලින් එනවා කියල"

කියන ගමන් ෂෝනා room එකට රිංග ගත්තා...

"අයියෝ අම්මා අයියා ආවද කෝ දැන්?"

"අයිය wash දාන්න ගියා ළමයෝ දැන් එවි"

"බලන්න අම්මා සෙව්වා කොච්චර වෙලා ඉඳලද බලාගෙන ඉන්නේ ඒ මැට්ටව අදුරගන්න "

මෙන්න මෙහෙම seen එකක් ෂෝනා ගේ කනට වැටුනා කවුද අෆ්ෆා මේ සෙව්වා..හිතන ගමන් ඇදුමක් දාගන්න පටන් ගත්තා..වෙන කවුද ඉතින් school එකේ වට්ටි යාලුවෙක් තමයි මෙයාලගේ


ඉවරයි කියුවට ඉවර නෑ
 
  • Like
Reactions: p990i

palamu

Well-known member
  • Nov 11, 2012
    1,821
    111
    63
    අම්ම ගහයි බැට් එකෙන් කිවුවලු.... එල එල.....
    :rofl::rofl::rofl:
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    හේ ෂෝනා.....අද හරි නෑ





    tumblr_n4kqa0QHU81qayehlo3_500.gif




     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    ආදර කතා ලියන මට කෙල උනා බන් අක්කේ... මේ දවස් වල මුඩ් හොද නැත.. ඉවසන් ඉන්න...

    කඳුලින්ම ගැයූ පෙම් ගීතේ
    ඇසුවා ඔයා සිනාසී සිනාසී
    ඒ මා හද ගිණි ජාලාවෝ
    ඔබ හිනැහුණි මා හැඬු වේලේ
    ඇයි ඔබ මට පෙම් නොකලාදෝ
    මේ දුක ඔබටත් නොදැණේදෝ

    No, woman, no cry,
    :sorry::sorry:
     

    maiya123

    Member
    Mar 8, 2013
    1,175
    65
    0
    maharagama
    කඳුලින්ම ගැයූ පෙම් ගීතේ
    ඇසුවා ඔයා සිනාසී සිනාසී
    ඒ මා හද ගිණි ජාලාවෝ
    ඔබ හිනැහුණි මා හැඬු වේලේ
    ඇයි ඔබ මට පෙම් නොකලාදෝ
    මේ දුක ඔබටත් නොදැණේදෝ

    No, woman, no cry,
    :sorry::sorry:

    mona magula unath kello nisa nam adan na, man boot kala na, wena deyak wel;a tyane,,,

    boot kanna kellek atheth na
     

    maiya123

    Member
    Mar 8, 2013
    1,175
    65
    0
    maharagama
    හතරවෙනි කෑල්ල හොදේ...

    මම ගරාජ් එකට ගියේ පුංචාගේ වන්ඩිය check කරලා බලන්න ඕනි නිසා පොඩ්ඩක්..මොකද ඕක ගිහිල්ල මග හිටියොත් එහෙම මල් ගවුම් 3 එක්ක ෂෝනට ඉතිහාස ගතවෙන කට්ටක් කන්න වෙනවා...හරි එකෙන්ම ඔක්කොම මල වගේ තියනවා.මම ගේ ඇතුලට අඩිය තියනවා එක්කම කවුද මං දන්නේ නැහැ උඩරට මැණිකේ කෙනෙක් මට පටකුඩේකින් පහර දෙන්න ගත්තා...

    "මේ hello අම්මගේ තාත්තගේ දේපලද?මේ ඇහිල්ලක් බැලිලක් නැතුව ගෙවල් අස්සේ රිංගන්නේ..කොහෙද ඉතින් සුරම්‍ය ඇන්ටි වැඩකරයන්ව කරට ගන්නවනේ ඊටපස්සේ උන් ගෝනි නැතුව කරේ යන්න එන්නේ..පොඩ්ඩක් බුරුලක් පෙන්නුවම මේ වැඩකාරයෝ හිතන්නේ මේවා උන්ගේ කියලා"

    කවුද යකෝ මේ චීන පටාස් එක....කියල බැලුවේ ෂෝනා එතකොට..එකපාරට ඇස් ඉස්සරහා අකුණක් ගැහුවා වගේ ෂෝනට දැනුනේ. අද දවසම හිතට දැනුන තෝන්තු..හෝන්දු මාන්දු ගතිය කොහෙගියාද දන්නේ නැහැ..

    මුළු දවසම මහද පෙලූ...
    මගේ පුංචි සුරංගනාවී..
    මේ ඔබද ඔබමද?...
    සැකයි මට මගේම ඇස්...

    හෑ යකෝ...ෂෝනාටම හිනා කවද්ද යකෝ මේ ෂෝනට කවි සිතුවිලි පහල වෙන්න ගත්තේ කියලා..

    "ඇයි දැන් තමුසේ හිනාවෙන්නේ මගේ මුණදිහා කන්න වගේ බලාගෙන තමුසේ නම මැනස් කියල දෙයක් දන්නේ නැති 3 rd class මිනිහෙක් hello"

    "අනේ පුංචි මිසී මැනස් කියන්නේ කෑම ජාතියක්ද?මම මේ ගේ ඇතුලට එන්න හැදුවේ පුංචි මිසීලට ෂොහාන් මහත්තයා පණිවිඩයක් කියන්න කියුවා එක කියන්න කියලා"

    "අනේ මේ තමුසෙයි මමයි දන්න මැනස්.දැන් පණිවිඩේ කියන්න තමුසේ අපේ room එකට එන්නද හැදුවේ??කියනවා ෂොහාන් අයිය මොකද කියුවේ කියලා.."


    "මහත්තයට office එකේ වැඩක් නිසා හදිස්සියේ යන්න උන කියන්න කියුවා.පුංචි මිසීලව මාලිගාවට එක්කන් යන්ට කියල මාව එවුවා ලොකු මැඩම්ට තමයි පුංචි මිසී කියන්න කියුවේ"

    "හා ඔහොම එළියෙන් ඉන්නවා මම ඇන්ටිට කියන්නම්..ගේ අස්සට රිංගන්නේ නැතුව එළියෙන් ඉන්නවා හොදේ..අහ මේ තමුසෙගෙ නම මොකක්ද?"

    "මරිසිපාල පුංචි මිසී"

    "ඊයා නමේ කැත "

    කියන ගමන් ෂෝනාගේ ඔලුවේ ඉඳල කකුල් දෙකට යනකම් මහා පිළිකුල් සහගත බැල්මක් දාගෙන පුංචි මිසී රෙද්ද උදුරලා අරගෙන කපලා මහලා ඇඳගෙ ලොකු මැඩම්ට කියන්න ගේ ඇතුලට ගියා.නංගිලාටත් බලාගෙන යනකොට ඉන්නේ මාර යාළුවොනේ...යකෝ මේකිට නම් කියක් තියනවද එදා අර කෙල්ල කතා කලේ නතාෂා කියල අද නංගිලා කතාකලේ සෙව්වා කියලා...මෙන්න එතකොට නංගිලා දෙන්න එලියට ආවා.අෆ්ෆේ මගේ ඔරලෝසුව හොදයි..මම උන් දෙන්නව ලගට අරගෙන වෙච්ච seen එක සං සං ගාල කියල දැම්ම.යාළුවව පොඩ්ඩක් මඩවන එකට උන් දෙන්න උපරිම කැමති උනා.එත් එක්කම ලොකු මැඩම් එක්කන් එන්න උඩට ගිය පුංචි මිසීත් ආවා...ලොකු මැඩම්මුත් එනවා පිටිපස්සෙන් මුණ අබ්ලික් කරගෙන..එළියේ ඉන්න මාව දැක්ක ගමන් ලොකු මැඩම්ගේ මුණට ආපු හිනාවෙන් තේරුනා මේක ෂෝනාගේ මහා පරිමාණ බාල්දියක් කියන එක මැඩම්ට තේරුනා කියලා

    "ම්ම්ම් දැන් මොකද කරන්නේ ළමයි ඔයාල මරිසිපාල එක්ක යනවද?"

    "මොනවා කරන්නද අම්මේ සෙව්වන්දි පවුනේ එයා අසාවෙන් උන්නේ අපි එක්ක මාලිගාවට යන්න අපි යන්නම් මරිසිපාල එක්ක"

    ලොකු නංගියා නිකන් දෙයියා වගේ කට ඇරියා

    "හ්ම්ම් එහෙනම් මරිසිපාල වැඩිය හයියෙන් යන්නේ එහෙම නැහැ වාහනේ.පුංචි මිසීලා එක්කම ඉන්න ඕනි හොදේ..මේ ඔයාලත් මරිසිපාලට කරදර කරන්න එපා..කැමති නම් dinner එකත් එළියෙන් අරන් එන්න ඔයාල ගිහින් වාහනේට නගින්න මම මරිසිපාලට ඩිසල් ගහන්න සල්ලි දීලා එවන්නම්"

    කියලා පුංචා කතාව ඉවර කළා කොන්ඩකිරිල්ලි මට රව රව වාහනේ ලඟට ගියා

    "අනේ අනේ පුතා ඔයත් කරන වැඩ"

    කියන ගමන් පුංචා මගේ අතට සල්ලි දුන්න ඒ වෙලාවේ පුංචාට උම්මා එකක් දෙන්න හිතුනත් මම සද්ද නොකර ආවේ කොන්ඩකිරිල්ලි ගේ ඇහැ කරකෙනේ මගේ ළඟ කියලා මම දන්න නිසා..මම හොර පුසා වගේ ඇවිල්ලා වාහනේට නැග්ගා..මම හිතන්නේ මේ වෙනකොට මගේ ඇඟේ හැප්පිලා වැටුන සිද්ධිය ඉඳල මම දෙපාරක් මෙයාගේ පස්සේ ආවා කියලා නංගිලාට කියලා කියල ෂෝනාට ඉවෙන් වගේ දැනුනා.

    "මරිසිපාල අයියා office එකේද?අපේ සෙව්වට හරි ආසයිලු අපේ ෂොහාන් අයියව meet වෙන්න"

    මම බැගෑපත් පාටක් මුණට අරගෙනේ ඇක්ටින් පාර පටන් ගත්තා

    "ඔවු පුංචි මිසී ඔෆිසියේ ඇති යන්න ඕනිද?"

    "නෑ නෑ අපි කෙලින්ම මාලිගාවට යමු"

    එතනින් එහාට මාලිගාවට යනකම් එයාල තුන්දෙනා කුටු කුටු ගගා ගියා මිසක් ෂෝනා එක්ක කතා කලේ නැහැ හැබැයි මට හිතපුරා කොන්ඩකිරිල්ලි දිහා බලා ගෙන යන්න පුළුවන් උනා.මාර ලස්සනක් තියෙන්නේ එහෙනම් අර කවුදෝ මන්ද කියලා තියනවා වගේ kandy ලමිස්සියෙක් ෂෝනාගේ හිත ගැස්සුවා..
    මාලිගාවට ඇවිල්ලා වාහනේ නවත්තල කතාකරනකම් මුන් තුන් දෙන කෝප්ප හෝදනවා

    "පුංචි මිසීලා අපි මාලිගාව ළඟ ඉන්නේ එහෙනම් මිසීලා ගිහින් එන්නම් මම වාහනේට වෙලා ඉන්නම් "

    කියපු ගමන් නංගිලා දෙන්න එලියට පැන්න ඉස්සර සිට් එකේ වාඩිවෙලා උන්න කොන්ඩකිරිල්ලි බහින්න ලේට් උන කියලා දැනුනත් මම ඔලුව උස්සලා බැලුවේ නැහැ.හීනියට ලාවට හරි sweet voice එකක් ඇහුනා

    "මරිසිපාල එන්නේ නැද්ද අපි එක්ක යන්න?"

    අහිංසක මුණක් හදාගෙන මම කෙලින් ඒ මුණ දිහා බලාගෙන

    "අනේ කමක් නැහැ පුංචි මිසීලා ගිහින් එන්න මම වගේ මැනස් දන්නේ නැති 3 rd class වැඩකාරයෙක් එක්ක මිසීලා එකට ගමන් යන්න එක මිසීලට හොඳ නැහැ නේ"

    කියලා මම යකඩ අනේ ඉස්මුදුනටම දුන්න ඇද නැතුව one shot ලෑල්ලට බහින්න

    "හා එහෙනම් මරිසිපාල යන්නේ නැත්තම් මම යන්නෙත් නැහැ කියල" කෙල්ල පොඩ්ඩක් හුරතල් උනා..

    "මේ ඔය දෙන්න එන්නේ නැද්ද?"

    ලොකු නංගා එළියේ ඉදන් බෙරිහන් දෙනවා..

    "නැහැ සංජු මරිසිපාලා යන්නේ නැහැලු මටත් කම්මැලි මම තිවංකට call එකක් ගන්න ඕනි ඔයාල දෙන්න ගිහින් එන්න"
    කියන ගමන් එලියට බැහැල phone එක කනේ ගහගත්තා කොන්ඩකිරිල්ලි

    යකෝ මේ කෙල්ලෝ කලගුනේ වගේ කියපු එකාගේ කටේ Rs.1000 විතර ඔබන්න එපැයි.

    "මරිසිපාල පොඩ්ඩක් එන්න මෙහෙට "

    කියල ලොකු නංගා කතාකලා කොන්ඩකිරිල්ලි phone එක කනේ ගහගෙන උන්න නිසා බයවෙන්න දෙයක් තිබ්බේ නැහැ

    "ඇයි නංගෝ "

    "ඔයා එන්නේ නැද්ද ?"

    "මෙයාව දාල යන්නේ කොහොමද?"

    "එයා යන්නේ නැත්තේ ඔයා නොයන නිසා"

    "හෑ එහෙමද ඇයි ඒ ?"

    "ඔයාට බැන්නද අපි එන්න කලින් ගෙදරදී?එකට upset එකේ ඉන්නේ"

    "එහෙමද එහෙනම් යමු කතා කරන්න"

    කියන ගමන් මම ඉස්සර උනා මට ඕනි උනේ පස්සෙන් ඇවිදගෙන යන්න එත් මේ වෙලාවේ එක කරන්න බැරි උන.මාලිගාව ඇතුලෙදි අපි කට්ටිය අතරේ කතාබහක් ඇති උනේ නැති තරම්.වැඳලා කරලා එලියට ඇවිල්ල යන්න ලෑස්ති වෙනකොට පොඩි නංගාට පොප් කොන් විකුණන මිනිහෙක් දැකලා සිහි නැතිවෙලා

    "අනේ සුදු අයියේ මට පොප් කොන් අරන් දෙන්න" කියල කෑගැහුවා

    එක ඇහුනා විතරයි කොන්ඩකිරිල්ලිගේ මුණ අටපට්ටම වගේ වෙනවා මම දැක්කා...

    "අයියෝ..හසිනි ඔයා නම් මහා මැට්ටෙක් බලනවා සෙව්වට ඇහුනා නේ දැන් ඉතින් ඉවරයි නේ?මෝඩි"

    "අනේ ඔයාල ඔක්කොම හරි නරකයි ඔක්කොමලා එකතුවෙලා මාව මෝඩයා කල නේද?ඔයා ද එතකොට ෂොහාන් ?අනේ ඔයාල නම් "

    සුදු කම්ම්බුල් රතු කරගෙන ඇස් වල කඳුළු පුරෝගෙන අර කෑලි කෑලි කපපු කොන්ඩේ පද්ද පද්ද අඩන බැරිකමට ගිරවි වගේ කියවනවා දැන්..හෝ පටෙටෙට කෙල්ල

    "හරි හරි අපි පුංචි jock එකක් නේ කලේ කොන්ඩකිරිල්ලි"

    "හා නේ ෂොහාන් අයියා ඔයා මට නමකුත් දාල හරි නරකයෙක් ඔයා නම් ..ඔයාගේ වැඩ නම් ඔයාගේ නංගිලා දෙන්න කියුවා වගේමයි..nice to meet you ෂොහාන් අයියා "

    කියනගමන් කෙල්ල එයාගේ සුදු අතක් මගේ දිහාට දික් කළා.මම එයා මගේ දිහාට දික්කරපු අත අල්ලගත්තා..ඇත්තමයි ජිවිතේ පලවෙනිවතාවට ගෑනු ළමයෙක් ගේ අත මුළු ජිවිත කාලෙම අල්ලගෙන ඉන්න තිබ්බ නම් කියලා ෂෝනට හිතුනා

    "nice to meet you to නතාෂා.."

    "හා නේ අයියා කොහොමද මෙයාගේ නම නතාෂා කියලා දන්නේ අපි කතාකලේ සෙව්වා කියලනේ"

    "ඒවා වැඩක් නැහැ නේ එන්න පොප් කොන් අරන් දෙන්න" කියල මම කතාව මාරු කරල දැම්මා

    "මේ නංගිලා දැන් යමු නේද?පුංචා බයේ ඇති දැන් "

    "හා හා යමු "

    හම්මෝ...මම හිතුවේ කොන්ඩකිරිල්ලි මාව සෙන්ටිමිටරේ කෑලි වලට කපලා නුවර වැවේ මාළුන්ට අනුභව කරන්න දායි කියලා..මම කරපු වැඩේ හැටියට කොහොම උනත් වැඩේ මෙහෙම ශේප් උන එක හොදයි..අපි කට්ටිය ආපහු යන්න වාහනේට නැග්ගට පස්සේ...කාගේද මන්ද සල්ලි කන machine එකක් බෙරිහන් දෙන්න ගත්තා..

    "ආ ඇයි තිවංක දැන් ඔයා town එකේද ඉන්නේ?අපිත් තාම town එකේ එන්නක් car park එක ලඟට..ok.."

    "එහෙනම් අපි යමු නේද?"

    "අනේ ෂොහාන් අයියේ පොඩ්ඩක් ඉන්න බැරිද?ඔයාට යාලුවෙක් අදුන්වලා දෙන්න?"

    "අහ කවුද අර hindi නළුවද එදා ඔයා එක්ක උන්න මම නම් එයාව දන්නවා"

    "ඔයා කොහොමද එයාව..ආආ එදා කඩේදී දැක්ක නේද"

    "ම්ම් ම්ම් එදා තමයි"

    "සුදු අයියේ ඔයා දන්නවද?අපේ සෙව්වගේ boy ව?"

    "ඔව් ලොක්කා මම දවසක් දැකලා තියනවා"

    "සුදු අයියේ ඔයාල දෙන්න කොහොමද මෙච්චර අදුරන්නේ?"

    නංගියා ඒ ප්‍රශ්නේ ඇහුවේ තැන බලලා හරියටම මගෙන් උත්තරයක් ගන්න පුළුවන් තැනදී..ඒ එක්කම වගේ නතාෂාගේ boy ගේ වනඩිය ඇවිත් කන පැලෙන්න හෝන් කරන්න ගත්තා යකෝ මු පුදුම ගිනිපුක් කාරයෙක් නේ...

    "මේ ඔයාගේ තුන් පොලකින් නැමුන එක්කෙනා අරක ලිපේ දාලද කොහෙද ඇවිල්ලා තියෙන්නේ.."

    "අපෝ..ඊය.."

    ගෑනු ළමයි තුන්දෙනාම එක සැරේ කෑගැහුවා යකෝ මේ මොන යකෙක් ගහලද බෙරිහන් දෙන්නේ..මුන් ටික..

    "මොනවද සුදු අයියා කියන ජරා කතා ඉන්න මම අම්මට කියන්නම්" චුටි නංගි කට හද හද කියවනවා..

    "ආ මමද කැත කතා කියනේ මම මේ කියුවේ තිවංක කරදහිය ලිපේ දාලා ඇවිල්ල තියෙන්නේ කියලා.."

    "පිස්සු ඔයාට නම් "

    කියන ගමන් කොන්ඩකිරිලි එයාගේ කොල්ලගේ වනඩිය ලගට ගියා හිනා කටක් පුරවාගෙන

    "කාත් එක්කද චුටි බබා කැකිරි පලන්නේ "

    "නැහැ තිවංක නිකන් සංජුලගේ අයියා කියපු කතාවකට"

    "ඔයා අරක ලිපේ දාලාලු ඇවිල්ල තියෙන්නේ..එකලු ගිනිපුක් කාරයෙක් ලු..පස්සේ අපි බැන්න double meaning කතා කියනවා කියල එතකොට කියනවා අරක කියන්න කරදහියලු.."

    "ම්ම්ම් එහෙමද එහෙනම් මිනිහ හොදයි අන්දරේ වැඩේට ගන්න මම හිතුව මේ වැදගත් මිනිහෙක් කියලා බලාගෙන යනකොට මට අදුන්වලා දෙන්න යන්නේ joker කෙනෙක්ද චුටි'

    "අනේ එහෙම කියන්න එපා තිවංක එයා හොද මනුස්සයෙක් එන්නකෝ අදුන්වලා දෙන්න..මට දැන් බහින්න බැහැ චුටි late වෙනවා"

    ඈත හිටියට search එකේ උන්න නිසා කෙල්ලගේ change එක පැහැදිලව තේරුනා

    "ලොකු නංගියෝ අපි බැහැල යමු තිවංක busy ඇති "

    "හ්ම්ම් එහෙනම් යමු"

    අපි කට්ටිය ලගට එනකම් කෙල්ල දැක්කේ නැහැ හැබැයි ඒ මුණ මැලවිලා ගිහින් කියල පැහැදිලව පෙන්න තිබ්බා..

    "අනේ ඔයාල ආවද අපි මේ දැන් එන්න හැදුවේ වාහනේ ලඟට තිවංක මේ ෂොහාන් අයියා.අයියා මේ තිවංක මගේ....."

    "මගේ....වෙන්ඩ husband..එහෙම නේද?nice to meet you තිවංක "

    " nice to meet you..මොකක්ද නම කියුවේ?" handphone එක කනේ ගහගෙන උන්න තිවංක මගෙන් ඇහුවා නිකන් මාව දෙකේ කොලේට දාලා

    "ෂොහාන් සුරියබණ්ඩාර "

    "අහ..සුරියබණ්ඩාර group එක ඔයාගේ daddy ගේද Mr.සුරියබණ්ඩාර?"

    "අනේ නැහැ මගේ අප්පච්චිගේ නෙමේ..තිවංක අනිත් එක මට ෂොහාන් කියුවහම ඇති Mr. කෑලි ඕනි නැහැ.."

    ඌට මාව දිරවන්නේ නැති මට ඌව දිරවන්නේ නැති seen එකක් තමයි අපේ හමුව්මෙන් සිද්ද උනේ..

    "හරි බබා ඔයා දෙන මේ ගොල්ලන් එක්ක යන්න මට හදිස්සි meeting එකට call එක ආවේ මම ඔයාව pick කරන්න එන්නම් ok.bye චුටි love you."

    කියන ගමන් වැඩ දාන්න වගේ වනඩිය හරවාගෙන ආපහු ගියා..මිනිහා කෙලින් නොකියුවට වටින් ගොඩින් මට warning දෙන්නේ මේ මගේ මල කියලද කොහෙද?අනේ ඉතින් මට පාන්ද..කතාවක් බහක් නැතුව කට්ටිය ගිහින් වාහනේට නැග්ගා මාත් කල්පනාව පිටම ගියා කාටවත් කාත් එක්කවත් කතා කරන්න ඕනි කමක් තිබ්බේ නැහැ.මහා ලොකුවට නැතත් හැමෝගෙම හිත් පොඩි හීනියට රිදිලා තිබ්බේ කියල මේ නිහඬ බැවින් ෂෝනාට තේරුම් ගියා...මාලිගාවට ගිහින් හිතේ තිබ්බ සන්සුන් කෑම තිවංක හම්බවුනාට පස්සේ මගේ හිතෙන් අතට ගිහින් තිබ්බා..දන්නෙම නැතුව ගේ ලඟටත් ඇවිල්ලා...අපි වාහනෙන් බහිනකොටම පුංචා කෑගහගෙන එලියට ආවා..

    "අනේ අනේ මරිසිපාල එන වෙලාව "

    "වැඩක් නැහැ අම්මි අපි අහුඋනා පොඩි නංගියාගේ මෝඩකම නිසා" කියන ගමන් ලොකු නංගි පොඩි නංගිව තල්ලු කරගෙන ගේ ඇතුලට ගියා"

    "කෑවද පුතාලා?"

    " නැහැ පුංචෝ මෙයාලා කන්න ඕනි කියුවේ නැහැ මට නම් බඩගිනියි කන්න බෙදන්නකෝ " කියාගෙන මම room එක ඇතුලට ගියා..

    "සංජු මගේ ඔලුව රිදෙනවා මට පැනඩෝල් දෙකක් දෙන්න"

    "හිස්බඩ පැනඩෝල් බොන්න එපා සෙව්වන්දි දුව එන්න බත් කටක් කාලා ඉන්න"

    "සුදු පුතා එන්න කන්න"

    මාත් කෑම මේසෙට වාඩිවෙන්න ගියා.කට්ටියම කෑම කනකොට කොන්ඩකිරිල්ලිගේ සල්ලි කන machine බෙරිහන් දෙන්න ගත්තා..

    "hello..අනේ කලින් කියන්න එපැයි එහෙනම් මම එහෙම්ම ගෙදර යනවනේ මම දැන් ගෙදර යන්න කොහොමද?හරි හරි මම පුළුවන් විදියකට යන්න ඔයා ඔයාගේ meeting එක බදාගෙන ඉන්න"

    cut කරලා දාල සල්ලි කන machine පැත්තකට විසිකලා...

    "අෆ්ෆේ..සැර මෙයාගේ අහිංසක අපිව පිච්චේයිද දන්නේ නැහැ"

    "අනේ මේ ෂොහාන් අයියා plz "

    "ඇයි දුවා මොකද තිවංක පුතා busy ද?"

    "එයා කවද්ද ඇන්ටි busy නැත්තේ දැන් මම කොහොමද යන්නේ.අද තාත්ති ගෙදර නැහැ ගෙන්න ගන්න"

    "හරි හරි දැන් කන්නකෝ අපේ ෂොහාන් පුතා ගිහින් ඇරලවයි ඔයාව"


    ඉවරයි කියුවට ඉවර නෑ
     
    Last edited:
    • Like
    Reactions: gangst3r.93