එකැස් යෝධයකුගේ ඇටසැකිල්ලක් හමුවෙලා...
Cyclops නමැති ගී්රක යෝධයා ගැන ඔබ අසා තිබේද? මධ්‍යධරණී ප්‍රදේශයේ පුරාවෘත්තවල සඳහන් වන ආකාරයට සයික්ලොප්ස්ට තිබෙන්නේ එක ඇසකි. එය ඔහුගේ නළල මැද පිහිටා තිබිණ. ඔහුගේ බලය බිඳීමට නම් කළ යුතුව තිබුණේ එම ඇස අන්ධ කිරීමය. පුරාවෘත්තවල එන යෝධ සංකල්පය නූතන ලෝකයේදී මිථ්‍යාවක් ලෙස පෙනුණද පහත සඳහන් ආකාරයෙන් ගළපා ගත හැකියá ගී්රක යෝධයා යනු යෝධ ගී්රකයෙකි. ඔහු අසාමාන්‍ය කාය වර්ධනයක් තිබූ සාමාන්‍ය මනුෂ්‍යයෙකි. අඩි හතක් හෝ අටක් උස මනුෂ්‍යයෝ වර්තමාන සමාජයෙහිද වෙසෙති. මේ අයට උසට ගැළපෙන දේහයක් තිබේ නම් එය අසාමාන්‍ය කාය ශක්තියක මුල ය. සයික්ලොප්ස් වැනි යෝධ පරම්පරාවක් අතීත ගී්රසියේ විසූහ. මෙය උස, මහත මිනිසුන් පරම්පරාවක් විය නොහැකිද? අඩි 8ක් පමණ උස මිනිසකුගේ වසර දහස් ගණනක් පැරණි ඇටසැකිල්ලක් කලකට පෙර හමු විය.
ඇමරිකාවේ විස්කොන්ටින් ප්‍රාන්තයේ Delavan නමැති විල අසබඩ පිහිටි විශාල පස් ගොඩැලි කිහිපයක් 1912 මැයි මස මුලදී කණින ලදී. පීටර්සන් සොහොයුරන් ලෙස ප්‍රසිද්ධ වෘත්තීය කැණීම් ශිල්පීන් දෙදෙනකු විසින් කෙරුණු මේ කැණීම්වලින් හමුවූ යෝධ ඇටසැකිලි 18 ක් පිළිබඳ තොරතුරු 1912 මැයි මස 4 වැනිදා නිකුත් වූ නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත මගින් හෙළි කර තිබුණි. මේ ඇටසැකිලිවල උස අඩි 7.6 සිට අඩි 10 දක්වා විය. ඒවායේ හිස්කබල් එම ඇටසැකිලිවල පරිමාණය අනුව වියයුතු ප්‍රමාණයට වඩා බෙහෙවින් විශාල විය. ඔවුන්ගේ උඩු ඇන්දේ දත් පේළි දෙකක්ද යටි ඇන්දේ දත් පේළි දෙකක්ද වශයෙන් දත් 100 කට වඩා විය. අත්වල ඇඟිලි හය බැගින්ද පාදවල ඇඟිලි හය බැගින්ද විය. හිස් කබල්වල පිහිටීමට අනුව තීන්දු කළ හැකි වූයේ ඔවුන්ගේ පරමායුෂ අතිශයින්ම දීර්ඝ බවකි. මේ සිරුරු සියල්ල ඇමරිකාවේ ස්මිත්සෝනි යන කෞතුකාගාරයයට ලබා දුන් බවත් ඔවුන් විසින් කිසියම් ගුප්ත හේතුවක් මත ඒවා සඟවන්නට ඇති බවත් පිළිගැනීමය.
1950 න් පසු ඇමරිකාවේ බොහෝ පළාත්වලින් යෝධ මනුෂ්‍යයන් 200 කගේ පමණ ඇටසැකිලි හමුවී තිබෙන බව galacticconection.com නමැති වෙබ් අඩවියේ සඳහන් ය. 2002 අස්වාභාවික උසකින් යුතු ඇටසැකිලි රැසක් ගී‍්‍රසියෙන් ලැබුණ බව National Geograpic සඟරාව වාර්තා කළේය. ඒවා අතරින් තුනක් අඩි පහළොසට වඩා වැඩිය. ඒ හිස්කබල්වල තිබුණේ එක ඇස් විවරය බැගිනි. එනම්, ඒ මිනිසුන් ජීවතුන් අතර සිටියදී එක ඇස බැගින් තිබුණා විය යුතුය. ඔහු Cyclops වර්ගයේ මනුෂ්‍යයෙකි.
රතු හිසකෙස් ඇති යෝධයෝ
ඇමරිකාවේ නෙවාඩා ප්‍රාන්තයේ Paiute (පයුති) නමැති ගෝත්‍රයක් සිටිති. ඔවුහු වසර දහස් ගණනක ඉතිහාසයක් තිබෙන රතු ඉන්දියානු ගෝත්‍රික පිරිසකි. මේ වනවිට ඔවුන්ගෙන් 6300 ක් මිහිමත ඉතිරිව සිටින්නාහ. ඔවුන්ගේ පුරාවෘත්තවලට අනුව, ඔවුන්ගේ නිජබිම් ආසන්නයෙහි, මෙයට වසර 1000 කට පමණ පෙර රතු හිසකෙස් ඇතියෝධ ගෝත්‍රයක ජීවත් වූහ. හිටිගමන් පයුති ගම්වලට කඩා වැදුණු මේ යෝධයෝ ගෝත්‍රිකයන් පැහැරගෙන ගොස් මරා අනුභව කළහ. මේ යෝධයන් හඳුන්වන ලද්දේ සයිටෙකාවරු ලෙසය. පුරාතන කතාවලට අනුව එවකට ලක්ෂයක් පමණ වූ පයුති ගෝත්‍රිකයන් එක්ව යෝධයන්ට පහරදී ඔවුන් ගුහාවක් තුළ කොටු කළහ. ඉන්පසු ගුහාවේ කට වියළි දරවලින් වසා ගිනි තැබූහ. එවිට ගුහාවේ තිබූ කාබන්ඩයොක්සයිඩ් විෂ වීම නිසා යෝධ රැළ ගුහාව තුළම මියගියහ. පසු කාලයේදී හටගත් භූ කම්පනයකින් මේ ගුහාව කඩා වැටුණේය. එතැන් සිට ගුහාව වවුලන්ගේ වාසස්ථානයක් බවට පත් විය. වසර හත් අට සියයක් තිස්සේ එම වවුල් ජනාවාස පැවැති අතර වවුල් වසුරු අඩි 6 ක් පමණ උස තට්ටුවක් වන සේ ගොඩගැසිණ. මිනිසා විසින් වෙඩි බෙහෙත් සොයා ගැනීමෙන් පසු සන්භනය වූ වවුල් වසුරු කුඩු කර, වෙඩි බෙහෙත්වලට මිශ්‍ර කරල අඟුරු වෙනුවට කලවම් කළ හැකි බව හෙළි විය. ඉන්පසු ක්‍රමයෙන් මිනිස්සු මේ ගුහාව තූළට යන්නට පටන් ගත්හ.
1886 දී ඇමරිකානු කැණීම් ඉංජිනේරුවකු වූ ජෝන් ටී. රිඩ්ට මේ ගල් ගුහාවෙහි ඉතිහාසය සහ සයි-ටෙ-කා යෝධයන්ගේ පුරාවෘත්තය ගැන අසන්නට ලැබුණි. ඔහු කම්කරුවන් යොදවා ගුහාව කණින්නට පටන් ගත් බවත් වසර දහසකට පමණ පෙර මියගිය යෝධයන්ගේ ඇටසැකිලි ඔහුට හමුවූ බවත් කියනු ලැබේ. 1912 වන විට මෙහි තවදුරටත් කැණීම් කර ඒ බව කැලිෙµdaනියා විශ්වවිද්‍යාලයට දැනුම් දෙන ලදී. විශ්වවිද්‍යාලයීය පුරා විද්‍යාඥයන් එහි ළඟාවන විට ඉවක් බවක් නැති කණින්නන් වෙතින් යෝAධයන්ගේ ඇටසැකිලි වැඩිහරියක් කුඩුපට්ටම් වී තිබිණ. කෙසේ වුවද අඩි 7 ක් උස සයි ටෙ-කා වරයකුගේ මමිගත වූ සිරුරක් හමු විය. එහි හිසකෙස් තද රතු පැහැයක් ගත්තේය. ඔහුගේ පාදයේ අඩිය අඟල් 15 ක් දිගු විය. 1952 දී මේ සිරුර නෙවාචා ප්‍රාන්තයේ රෙකෝ නගරයේ පිහිටි ඉතිහාසය ගංගම් මූලස්ථානයේදී ප්‍රදර්ශනය කරන ලදී. රතු හිසකෙස් ඇති යෝධ ගෝත්‍රය ස්ථිර වශයෙන්ම මැරුම් කෑවේ සෙසු ගෝත්‍රයන්ට හිංසා කර මරාගෙන කෑ නිසාය.
අශේන් රඹකොස්වැව





