එකෝමත් එක ආදරයක්

Status
Not open for further replies.

The sponge.bob

Well-known member
  • Feb 29, 2016
    1,845
    916
    113
    Every where
    කිරියේ ජනප්‍රියම ආදර නව කතාව....
    bathiya2005ගේ
    "එකොමත් එක ආදරයක්"

    ~ :love: :love: :love: :love: ~
     
    Last edited:

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,041
    8,299
    113
    Chilaw
    මේ හෙන පොඩි කොටසක් දල උබ shape උන නේද බන් :growl: :frown: :dull:

    අපි පව් නැද්ද බන් :lol:
     

    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    කිරියේ ජනප්‍රියම ආදර නව කතාව....
    bathiya2005ගේ
    "එකොමත් එක ආදරයක්"

    ~ :love: :love: :love: :love: ~
    :):)):):):):) බොහෝම ස්තූතී මචන්
    පට්ටයි මචෝ ඉතුරු ටිකත් ඉක්මනට ඕනෙ
    මචන්
    :):):):)
    :):):):)
    මේ හෙන පොඩි කොටසක් දල උබ shape උන නේද බන් :growl: :frown: :dull:

    අපි පව් නැද්ද බන් :lol:
    :nerd: ඇයි බං මම ගොඩක් ලිව්වනේ......:(
    :):):):)
    :):):):)
    පට්ට පට පට..
    :):):):)
    මචන් මේ කතාව එලම කිරි..:yes::yes:
    thanks මචන්
    Maru kathawa machan. Digatama liyapan +++ :)

    thanks මචන්
     

    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    10 කොටස

    ඇයව දැකීකුමේ බලාපොරොත්තුවද සමගින් උදා වෙන්නේ පහුවෙනිදාය. එදින ඇය පාසල් ඇරි පුවත්පත් ඒජන්සියට එනු ඇත. ඇයට දෙන්නට පරිස්සම් කරගත් වෙඩින් කේක් කැබැල්ලක් සහ මුද්‍රණය කරගත් චායා රූපය මා සතුය. තවත් කුමක් හෝ ඈහට දිය යුතුය. එය චොක්ලට් එකක් වන්නට බැරිය. මක් නිසාදයත් අප ආදරවන්තයින් නොවන බැවින් කෙල්ලට චොක්ලට් දිම එතරම් හොද නැත. ගන්නට වෙන දෙයක් සිහියට එන්නේද නැත. එබැවින් දැනට අත ඇති මුලින් සදහන් කළ දේ පමණක් දෙන්නට වෙනු ඇත.‍

    උදෑසන පුවත්පත් ඒජන්සිය වෙත ගිය මා පුරුදු පරිදි පහන තබා යම් ලේඛනයක් සකසමින් සිටී. ඇය එන්නේ දවල්ටය. එතෙක් වේලා මා හට ඇගේ සොදුරුවත බලන්නට ඉවසිය යුතුම වේ. ගතවූයේ සුළු මොහොතකි. එක්වරම පසුපසින් පැමිණ අයෙක් දෑත් වලින් මගේ දෑස් වසාගත්තේය. පැමිණි අයගේ ශබ්ධයක් නැත. නමුත් මට පැමිණියේ කව්රුන්දැයි සුවදින් කියන්නට හැකිය. ඒ වෙන කව්රුන් හෝ නොවේ පූර්ණිය.

    මම ඇගේ අතින් සෙමින් අල්ලා අත ඉවත් කලෙමි. ඉවත් කළා පමණක් නොවත තව දුරටත් ඇගේ අත මගේ සුරත මත රදවාගෙන සිටින්නේ මා සිතා මතා නොවේ. ගතවූයේ තත්පර කීපයකි. මා ඇගේ අතින් තව දුරටත් අල්ලාගෙන සිටින බව මට සිහිවිය. මින් පෙර මෙසේ ඇගේ අතින් මා අල්ලාගෙන සිට නැත. ඇගේ පමණක් නොව මා කිසිම කෙල්ලෙකුගේ අතින් මෙසේ අල්ලාගෙන සිට නැත. ප්‍රියමනාප ලෙස සිනා සෙමින් සිටින ඈය, අනෙක් අතද මාගේ සුරත මත තැබීය.

    ඇය තව දුරටස් සිනා සෙමින් කිසිවක් කියන්නේ නැතිව සිටී. පාසලට යාමට පෙර මා බලන්නට පැමිණ ඇති ඈ සැබැවින්ම අලුයම පිපි මලක් ලෙසය. ඇගේ සුසුමන් පවා මට දැනෙයි. ඇගේ සුසුම්ද සුවදය. සෙම්න් අත් ඉවත් වුනේය. මට ඇය සිබින්නටද සිත්වෙයි. නමුත් එසේ කරන්නට බැරිය. එම හැගුම උපන්ගෙයිම පාළනය කර ගන්නට තරම් මම සමත් වුනි. ඇය කතා කරන්නට පටන්ගත්තේය. ඇය පාසලට යාමට මත්තෙන් පැමිණ ඇත්තේ මාව නොබලා තව පැය කීපයක් සිටීමට අපහසු බැවින් යැයි ඈ කියන්නීය. මටත් එසේය. එවර මටත් එසේ යැයි නොකියා සිටීමට තරම් වචන පාළනයක් මා තුළ නොවිය.

    කතා කර කර සිටින්නට වේලාවක් නැත ඇය පාසල් යා යුතුය. ඒ බව පවසා ඇය පිටත් වීමට සූදානම් වෙයි. එවිට මා ඇයට යමක් ගෙනා බව පැවසුවේය. ඇය කියා සටියේ 'දවල්ට එනවා නේ....' යන්නය. සිනහ මුසු මුහුනින් ඈ පිටව ගියේය.

    ඔබ පිපුනා මගේ නෙත් රිදෙන මානේ
    ඔබ සැලුනා මගේ සුසුම් වැල් ගානේ
    ඔබ දිලුනා මේ තරු වැරූ අහසේ
    ඔබ රැඳුනා මගේ සොඳුරු සිහිනේ

    ඔබ පිපුනා...

    ආදරේ මම මේ දකින සිහිනෙට
    හතර වට මල් පිපෙන මේ සිහිනෙට
    නෙලා ඒ මල් සිඹින මේ සිහිනෙට
    මටම මා රැවටෙනා සිහිනෙට

    ඔබ පිපුනා...

    ඇසෙන්නේ මේ ඔබ මුමුණනා වදනයි
    දැනෙන්නේ මේ ඔබ එවූ මද පවනයි
    වෙලෙන්නේ මා වටා ඔබේ මුදු දෑතයි
    සැලෙන්නේ සිත අවදිවේ යයි බියටයි

    සැබැවින්ම මා මේ දකින්නේ සිහිනයක්ද? නැත සිහිනයක් නොවේ සැබෑවකි. සෑම තත්පරයකම මගේ සිත ඇයම ඉල්ලයි. ඇය ලග සිටින්නේ නම් මුළු ලොවම මගේ ලග වැනි හැගිමක් මට දැනෙයි. මෙය ආදරය නොවේද. ආදරය බදුම වෙනත් හැගීමක්ද? ආදරයක් නැති දෙදෙනෙකු අතර මෙසේ විය හැකිද? මෙසේ වීමට හේතුව කොල්ලෙක් හා කෙල්ලෙක් අතර ඇතිවෙන ආදරයක්ද නැත්නම් මෙය සාමාන්‍ය සිදුවීමක්ද? නැවතත් මගේ සිත සුන්දරත්වයෙන් සහ ප්‍රශ්න වැලකින් පිරී යයි.

    ඈ ගිය මොහොතේ සිට මගේ සිත ඇයව සොයන හැගිම පාළනය කර ගන්නට මට අපහසුය. වෙන වැඩක්පලක් කරන්නට සිත් දෙන්නේ නැත. තනියම සිනාසෙන්නේ මා පිස්සෙකු ලෙසින්ය.

    අද වෙන විට මගේ කාළය මටම කළමණාකරණය කර ගන්නට නොහැකිවී තිබේ. මා විසින්ම පටක් ගත් ව්‍යාපාර කළමණාකරනය පිළිබද ඉගෙනුමද ලත් තැනම ලොප් වී තිබේ. එය නම් කමක් නැත. දැන් මට වැඩිදුර අධ්‍යාපනයක් ඕනෑ නැත. ඊට හේතුව මුදල් හොදින් ලැබෙන කිරීමට පහසු නිදහස් රැකියාවක් මට තිබීමය.

    ක්‍රමයෙන් හිරු අහසේ මුදුන වෙත පැමිණෙන්නේය. එය නම් සුභ නිමිත්තකි. පාසල් ඇරුණු ඈ කෙලින්ම එන්නේ මෙහෙටය. වහා අප දෙදෙනාට කෑම දෙකක් රැගෙන ආ යුතුය. කෑම රැගෙන ඒමට දුර යෑමට අවශ්‍ය නැත මිට කඩ කීපයකට එපිටින් ඇත්තේ කෑම කඩයකි. එයට ගොස් කියා සිටි විට කෑම පාර්සල් දෙකක් පුවත්පත් ඒජන්සියටම ගෙනැවිත් දීමට තරම් හෝටලයේ සේවකයෝ මාගේ හිතවතුන් වී ඇත.

    පාසල නිමවූ ළමුන් යනු පෙනෙයි. ඇය එන තුරු පුවත්පත් ඒජන්සියේ එලිපත්තටවි සිටින්නටද මට සිත්දෙයි. එහෙත් එසේ කරන්නට බැරිය. එවිට ඇය මා ගැන කුමක් සිතයිද. නිශ්ෂබ්දව ඒජන්සිය තුළට වී සිටිය යුතුය. වැඩි වේලාවක් ගත වූයේ නැත. ඇය පැමිණියේ උදයේ මෙන්ම සොදුර සිනහවද කැටුවය. වෙනදා මෙන් දවල් ආහාරය ගත් අප ඒ සමග ආගිය විස්තර කතා කලේය.

    පසුව ඇයට පාඩම් කරන්න යැයි පවසා මා පුවත්පත් ඒජන්සියේ ඉදිරිපසට ගියෙමි. නමුත් මට ඇය සමග දොඩමළු වෙන්නට අවශ්‍යව ඇත. එබැවින් මද වේලාවකට පසුව මා නැවත ඇය පාඩම් කරන මේසය අසලට ගියේය. ඇය හිදගෙනය මා සිටගෙනය. මම ඇගේ හිස සෙමින් අතගෑවේ ඇයව මට නිතරම මතක්වේ යැයි පවසමිනි. අැයටද එය එසේම වෙන්නේ යැයි පැවසීමට තත්පරයක් වත් ගත වූයේ නැත. එසේ පැවසූ ඇය, හිස මත තිබුනු මගේ අත අල්ලා තුරුළු කර ගත්තේ දෑතින්මය. මගේ හදගැස්මේ වෙගය වැඩිවුනු බව මටම දැනෙයි. නමුත් කිසිදු රාගික හැගීමක් මෙහි නොවූ බව නම් දිව්රා කිව යුතුය.


    මතු සම්බන්ධයි...
    11 කොටස 46 පිටුවේය.
    http://www.elakiri.com/forum/showthread.php?t=1766213&page=46


    මෙය ලියමින් සිටින මා පොහොය දිනයේ රූපවාහිණි යන්ත්‍රය දමා බණද අසමින් සිටී. එහි සිටින අත්තනායක එන් හේරත් මහතා පවසන්නේ පුදුම කතාවක්ය. නෑයින් අතරින් ප්‍රසිද්ධියේ ආලය කිරීමට හැක්කේ නෑනාට පමණක්ලු. :shocked:

    ත්‍රෙඩ් එක bump කිරීමෙන් හෝ උදව් කරන සැමට මාගේ හද පිරි ස්තූතිය පුදමි.
    එය ලියන මාහට ශක්තියක් වන්නේමය.
     
    Last edited:
    • Like
    Reactions: ITtec

    Palihawadana1990

    Well-known member
  • පට්ට පට්ට... එලට ලියල තියෙනව... ඉකමනට අනිත් ඒවත් දාපන්.....

    මචං මේ සීන් එක උබේ ඇත්තම සීන් එකක්ද?? ලිපන්කො පොතක් යකෝ.....
     
    Status
    Not open for further replies.