එක එක රටවල එක එක විදිහේ ත්‍රිවිල් ගැන දැනග&#35

Chami_Boy

Member
Jul 6, 2015
671
288
0
එක එක රටවල එක එක විදිහේ ත්‍රිවිල් ගැන දැනග&#35

එක එක රටවල එක එක විදිහේ ත්‍රීවිල් ගැන දැනගන්න


5936364-Three_wheelers-0.jpg


1919 දී ඇමරිකානු ඉන්ජිනේරුවෙක් වු William R. Gorham විසින් ජපානයේ Kubota සමාගම වෙනුවෙන් පළමු ත්‍රිරෝද රික්ෂෝව නිපදවා තිබෙනවා.

1sttaxi.jpg



ජපානය 1934 සිට තායිලන්තයට ත්‍රිරෝද රථ අපනයනය කර ඇති අතර 1960 දී ඔවුන් ත්‍රිරෝද රථ නිෂ්පාදනය අතහැර දමා තිබෙනවා.අද පවතින ආකාරයේ ත්‍රිරෝද රථ නිෂ්පාදනයේ මූලිකයා වන්නේ Corradino D'Ascanio නම් ඉතාලි ජාතිකයායි. ඔහු 1947 දී ඉතාලියේ Piaggio සමාගම වෙනුවෙන් නව මුහුණුවරකින් යුතු ත්‍රිරෝද රථයක් නිපදවනවා. වර්තමානයේ විශාලම ත්‍රිරෝද රථ නිෂ්පාදකයා වන්නේ ඉන්දියාවයි. ඔවුන් 2013 වසරේ ත්‍රිරෝද රථ 530 000 ඉන්දියානු වෙලදපලේත්, ත්‍රිරෝද රථ 300 000 විදේශ වෙළදපලේත් අලවිකර තිබෙනවා.ත්‍රිරෝද රථ වෙළදපලේ ප්‍රමුඛයා වන්නේ Bajaj ය. ඊට අමතරව Mahindra සහ TVS යන ඉන්දියානු සමාගමුත්, ඉතාලියේ Piaggio සමාගමත් තායිලන්තයේ Chett Taikratoke සහ TukTukThailand යන සමාගමුත් ත්‍රිරෝද රථ සදහා ජනප්‍රියයි. ත්‍රිරෝද රථ සදහා ලෝකයේ වැඩිම ඉල්ලුමක් පවතන්නේ බංගලාදේශය, ඊජිප්තුව, ඉන්දියාව, නයිජීරියාව, පේරු, ශ්‍රී ලංකාව හා තායිලන්තය යන රටවලයි. මීට අමතරව අප්‍රිකානු රටවලත්, මැදපෙරදිග රටවලත්, චීනයේත් ත්‍රිරෝද රථ භවිතා වෙනවා. ත්‍රිරොද රථ තායිලන්තයේ දී samosa, tempo, tuk-tuk ලෙසත්, ඉන්දියාවේ දී trishaw, autorick, bajaj ලෙසත්, නයිජිරියාවේ දී keke Napep ,Maruwa ලෙසත්, විවිධ නම් වලින් හදුන්වන අතර rick, tricycle mototaxi, baby taxi, lapa ,tukxi යන නම් ද භාවිතා කරනවා. වසරක දී ශ්‍රී ලංකාවේ ත්‍රිරෝද රථ අනතුරු 800 000ක් පමණ වර්තාවන අතර ඉන් 200ක් පමණ මරාන්තික අනතුරයි.

ත්‍රිරෝද රථය රටින් රටට වෙනස් වෙන විදිය මේ ඡායරූපවලින් බලාගන්න පුළුවන්

තායිලන්තයේ ත්‍රිරෝද රථයක්

thailand.jpg


ඉන්දුනීසියාවේ ත්‍රිරොද රථයක්

indonisia.jpg




බංග්ලාදේශයේ ත්‍රිරෝද රථයක්

bangladesh.jpg



කාම්බෝජියාවේ ත්‍රිරෝද රථයක්

cambodia.jpg



චීනයේ ත්‍රිරෝද රථයක්

china.jpg



කියුබාවේ ත්‍රිරෝද රථයක්

cuba.png



කෙන්යාවේ ත්‍රිරෝද රථයක්

kenya.JPG



පාකිස්ථානයේ ත්‍රිරෝද රථයක්

lahor%2Bpakistan.jpg



ලාඕසයේ ත්‍රිරෝද රථයක්

laos.jpg



මෙක්සිකෝවේ ත්‍රිරෝද රථයක්

mexico.jpg



පේරු රාජ්‍යයේ ත්‍රිරෝද රථයක්

peru.jpg




පිලිපීනයේ ත්‍රිරෝද රථ

philipine.JPG

pilipine%2Bbenau.jpg



ඉන්දියාවේ ත්‍රිරෝද රථයක්​

indian.jpg

 

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ලංකාවේ ඉන්දියන් ලබ්බවල් ගත්තත් මෙහෙ තියෙන ඒවා අනිත් රටවල ඒවාට වඩා හොදයි වගේ ...අඩුම ගානේ පෙනුමෙන්වත් ..:oo:

    ඉස්සරහට මේකත් මිනිස්සුන්ට හීනයක් වෙයි වගේ :dull::dull:

    අපේ පාලකයෝ හැමදාම කරන්නේ අතීසාරෙට අමුඩ ගහන එක :growl::no::no:
     

    Chami_Boy

    Member
    Jul 6, 2015
    671
    288
    0
    මරුසිරා;18980948 said:
    ලංකාවේ ඉන්දියන් ලබ්බවල් ගත්තත් මෙහෙ තියෙන ඒවා අනිත් රටවල ඒවාට වඩා හොදයි වගේ ...අඩුම ගානේ පෙනුමෙන්වත් ..:oo:

    ඉස්සරහට මේකත් මිනිස්සුන්ට හීනයක් වෙයි වගේ :dull::dull:

    අපේ පාලකයෝ හැමදාම කරන්නේ අතීසාරෙට අමුඩ ගහන එක :growl::no::no:

    :):):):yes::yes::yes::yes::yes::yes:
     

    kudalla

    Member
    Oct 31, 2006
    810
    23
    0
    Thailand 3 wheel ekanam patta,, mama oke gihin thiyanawa,, car ekaka yanawa wage. Hena wegen yannath puluwan.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඊයා බං.. ලංකාවෙ අපේ කොල්ලන්ගෙ රෝදතුනේ වන්ඩිය කොරයිනේ මේවා එක්ක බලද්දි..