එක එක විදියට චිලි පේස්ට් කමුද ??

Shamil Max

Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    එක එක විදියට චිලි පේස්ට් කමුද ??

    තායි, චයිනීස් චිලි පේස්ට් වර්ග 4ක් දයියා වෙන්න කන්න ගෙදරදීම හදාගන්න

    [FONT=&quot][FONT=&quot][FONT=&quot]චිලි පේස්ට් කිව්වම ලංකාවේ අපි දන්නෙ එකම විදියට හදන චිලි පේස්ට් එකක් විතරනෙ. යහමින් තෙල් මිරිස් දාලා හදන නිසා සැරට කන්න කැමති අපේ අයට මේක නැතුවම බැරි දෙයක් වෙලා. ඉතින් හැමදාම එකම විදියට හදන චිලි පේස්ට් එකට වෙනසක් ගේන්න අනිවා අපි හිතුවා. මේ එක එක රටවල අය හදාගන්න රසවත් වගේම වෙනස් චිලි පේස්ට් වර්ග කීපයක්. හදල බලමුද?

    1. Thai Nam Pla

    ChiliPaste-01.jpg
    Source – foodtravel.tv
    මේ තායිලන්තයේ හදන චිලි පේස්ට් එකක්. මේ චිලි පේස්ට් එකක් හුළං නොවදින්න වීදුරු බෝතලේක දාලා සති දෙකක් විතර තියාගන්න පුළුවන්.
    අවශ්‍ය ද්‍රව්‍ය

    • ෆිශ් සෝස් මේස හැඳි 5
    • දෙහි යුශ කප් 1\2
    • පොඟවා අඹරාගත් වියලි මිරිස් කරල් 5ක්
    • ගැඹුරු තෙලේ බැද අඹරාගත් කූනිස්සන් මේස හැඳි 2ක්
    • දුඹුරු සීනි තේ හැඳි 2
    • තලා ගත් සුදු ලූනු බික් 2

    • මේ සියල්ලම හොඳින් මිශ්‍ර වන තුරු හැන්දකින් කලවම් කරන්න.

    2. Garlicky Chili Paste

    ChiliPaste-02.jpg
    Source – youtube.com
    මේක චයිනීස් චිලි පේස්ට් වර්ගයක්. සුදු ලූනු රසට කැමති අයට වඩා සුදුසුයි. ෆ්‍රිජ් එකේ සතියක් විතර කල් තියාගන්න පුළුවන්.
    අවශ්‍ය ද්‍රව්‍ය

    • චොප් කරගත් වියලි මිරිස් 100g
    • එළවළු තෙල් මේස හැඳි 3
    • සම්පූර්ණ සුදු ලූනු ගෙඩි 2ක බික් (තලාගන්න)
    • චොප් කරගත් ලූනු ගෙඩි 3
    • තක්කලි සෝස් කප් 2
    • සීනි මේස හැඳි 2
    • විනාකිරි මේස හැන්දක්
    • සෝයා සෝස් හෝ ෆිශ් සෝස් මේස හැන්දක්

    • තෙල් ටික රත් වෙන්න තබා එයට ලූනු සහ සුදු ලූනු එක් කර රන්වන් පැහැ වන තුරු බැදගන්න.
    • එයට තක්කලි සෝස් සහ මිරිස් ටික එක් කර මිශ්‍ර කරගන්න.
    • එයට විනාකිරි, සීනි සහ සෝයා සෝස් මිශ්‍ර කර ලිපේ ගින්දර අඩුම කර මිශ්‍රණය උතුරන තුරු තබන්න.
    • ලිපෙන් බාගෙන හොඳින් නිවුනු පසු බ්ලෙන්ඩ් කරගන්න.

    3. Chinese Hot Chili Paste

    ChiliPaste-03.jpg
    Source – juliehasson.com
    මේකත් චයිනීස් චිලි පේස්ට් එකක්. පැණි රසට චිලි පේස්ට් කන්න අකමැති අයට මේක ගැලපෙනව. දවස් තුනක් විතර කල් තියාගන්න පුළුවන්.
    අවශ්‍ය ද්‍රව්‍ය

    • ඉදුණු මිරිස් කරල 15
    • තලාගත් සුදු ලූනු බික් 2
    • එළවළු තෙල් මේස හැන්දක්
    • විනාකිරි තේ හැන්දක්
    • ලුණු

    • මිරිස් ටික ඉතාම සිහින්ව කපාගන්න.
    • තෙල් ටික රත් වෙන්න හැර එයට මිරිස් සහ අනෙක් සියල්ලම එක් කර විටින් විට හැඳි ගාමින් අඩුම ගින්දරේ විනාඩි 10ක් පමණ තබන්න.
    • හොඳින් නිවුනු පසු කැමති නම් බ්ලෙන්ඩ් කර හෝ මේ ආකාරයටම හෝ කෑමට ගන්න.

    4. Green Chili Paste

    ChiliPaste-04.jpg
    Source – lovecookingfood.wordpress.com
    අමුමිරිස් වලින් චිලි පේස්ට් හදමුද? මේක දවස් 3ක් පමණ එළියේ හෝ සතියක් පමණ ශීතකරණයේ කල් තියාගන්න පුළුවන්.
    අවශ්‍ය ද්‍රව්‍ය

    • අමු මිරිස් 100g
    • රස අනුව ලුණු
    • ඔලිව් තෙල් හෝ එළවළු තෙල් මේස හැඳි 3
    • කුරුඳු පොතු කෑල්ලක්
    • දෙහි යුශ මේස හැන්දක්
    • සීනි තේ හැඳි 2

    • තෙල් ටික යන්තම් රත් වෙනකොටම එයට සීනි, කුරුඳු පොතු, අඹරාගත් අමු මිරිස්, දෙහි සහ ලුණු දමා මිශ්‍ර කරන්න.
    • මිරිස් වල පැහැය වෙනස් වෙන්න පෙර ලිපෙන් ඉවත් කර නිවෙන්න තබා ගන්න.
    gaththe - aniwa.lk

    [/FONT]

    [/FONT]

    [/FONT]
     
    Last edited:

    MXK

    Banned
    Jul 13, 2016
    207
    61
    0
    කිරිබත්ගොඩ
    උඹ නිකන් ඔක්කොම දන්නවා වගේ දානවා. ගෑස් එක ඔන් කරගන්න දන්නේ නෑ. ඒ උනාට කෑම හදන්න කියලා දෙනවා.:angry::angry:

    :rolleyes:

    ELAKIRIYATA ත්‍රෙඩ් එක වැටිලා තියනවානේ බන් ඔය ඇතිනේ
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    උඹ නිකන් ඔක්කොම දන්නවා වගේ දානවා. ගෑස් එක ඔන් කරගන්න දන්නේ නෑ. ඒ උනාට කෑම හදන්න කියලා දෙනවා.:angry::angry:

    උඹ කොහොමද දන්නේ මන් Gas එක on කරගන්න දන්නවද නැද්ද කියල. නිකන් දෙන දේ කාල නිකන් හිටපන් . :rolleyes:
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,759
    1
    11,070
    113
    පට්ටයි මචෝ....
    You have given out too much Reputation in the last 24
    hours, try again later.