එක පිස්සෙක්ට විතරක් සනීපයි..... Joke..
පිස්සන්ට බෙහෙත් කරන දොස්තර කෙනෙක් දිනක් පිස්සන් 10 දෙනෙක් තෝරා ඔවුන්ට පිස්සුව සනීපවී ඇති බව නිගමනය කලේය. එහෙත් ගෙදර යැවීමට පෙර එක් පරීක්ෂණයක් කිරීමට සිතා එම පිස්සන් 10 දෙනාවම වතුර නොමැති පිහිනුම් තටාකයකට ගෙනගොස් ඔවුන්ට එහි වතුර නැති බව නොඅගවා ඔවුන්ට මෙසේ නියෝග කළේය. ' හා දැන් ඔය හැම කෙනෙක්ම මේ ස්විමිං පූල් එකට දුවගෙන ඇවිත් පනින්න ඕනේ. එතකොට මම දැන ගන්නවා ඔයාලට පිස්සුව හොදද නැද්ද කියලා. එහෙනම් දැන් එක එක්කෙනා ඇවිත් පනිනවා බලන්න' පලවෙනි පිස්සා දුවගෙන දුවගෙන අවිත් කිසිම හෙවිල්ලක් නැතුව ස්විමිං පූල් එකට පැන්නේය. එහි වතුර නැති බැවින් ඔහුගේ අත පයද කැඩී තුවාල විය. දෙවෙනි පිස්සාද මෙසේ පැන අත පය කඩා ගත්තේය. මෙලෙස පිස්සන් 9 දෙනෙක්ම දුවගෙන විත් ස්විමිං පූල් එකට පැන අත පය කඩා ගත්හ. 10වෙනි පිස්සාද වේගයෙන් ස්විමිං පූල් එක ළගට පැමිණ එක වරටම නැවතුනේය. මෙය දැකපු දොස්තරට මහත් සතුටක් ඇතිවී ඔහුට ඇත්තටම පිස්සුව සනීපවී ඇති බව නිගමනය කළේය. දොස්තර ඔහු කැදවා ගමට යවන්නට තීරණය කලේය. එහෙත් නිකමට මෙන් මෙවැනි ප්‍රශ්නයක් ඇසුවේය. "ඇයි ඔයා දුවගෙන ඇවිත් ස්විමිං පූල් එකට පැන්නෙ නැත්තෙ. මොකක් හරි වෙනසක් දැක්කද?" එවිට පිස්සා මෙසේ පිලිතුරැ දුන්නේය. "මම පීනන්න දන්නෙ නෑ ඩොක්ටර්. මට ඒක මතක් වුණේ ස්විමි පූල් එක ලගට ආවට පස්සේ"
~~~~~~~~~~~~~~~~~~~~~~~
සුනිල් දිනක් රාජකාරී වැඩකට පිට පලාතකට ගියේය. ඔහුට වේලාව දැනගැනීමට අවශ්‍ය විය. ඒ නිසා පාරේ බයිසිකලයක් පැදයමින් සිටි කෙනෙකුගෙන් දැන් වෙලාව කීයද? කියා ඇසුවේය. එවිට බයිසිකලය පැද යමින් සිටි තැනැත්තා බයිසිකලය ලග වූ කණුවකට හේත්තු කොට තම අතවූ ඔරලෝසුවෙන් වෙලාව බලා සුනිල්ගේ කන හරහා අත දිග හැර පහරක් එල්ල කොට යලිත් බයිසිකලයේ නැගී යන්නට ගියේය. සිදුවූ දේ හිතා ගැනීමටවත් බැරිවූ සුනිල් වේදනාවෙන් තම කන අත ගගා සිටියේය. සිදුවූ සියල්ල බලා සිටි කෙනෙක් සුනිල් ලගට පැමිණ මෙසේ ඇසුවේය.
" මහත්තයා මොකද වුණේ. ඇයි මේ කන අත ගගා ඉන්නේ."
සුනිල් ලැජ්ජාවෙන් මෙන් " බලන්නකො මම අර බයිසිකලයෙන් ගිය මිනිහගෙන් වෙලාව ඇහුවා. මිනිහා ඔරලෝසුව දිහා බලලා මට කනට ගැහුවනෙ."
එවිට ඔහු " මම බලන් හිටියෙ. ඒ මිනිහගෙ හැටි වෙලාව අහන හැමෝටම අතින් තමයි උත්තර දෙන්නෙ. මහත්තයට මිනිහා කී පාරක් ගැහුවද?"
සුනිල් " මට එක පාරයි ගැහුවෙ." යැයි කීවේය.
එවිට අනෙක් මිනිසා මෙසේ කීවේය.
'' එහෙනම් වෙලාව එකයි. හැබැයි මහත්තයා තව පැයකට කලින් වෙලාව ඇහුවනම් මහත්තයාව ඉස්පිරිතාලෙට ගෙනියන්න වෙනවා"
~~~~~~~~~~~~~~~~~~~~~~~
දිනක් පාසලක විදුහල්පතිතුමා පන්තියකට හදිසියේ පැමිණියේය. පැමිණ මෙසේ කීවේය.
"ළමයි අද ඕගොල්ලන්ගෙ ටීචර් එන්නෙ නෑ. ඒක නිසා මම ඕගොල්ලන්ට අවස්ථාවක් දෙනවා. ඔගොල්ලන්ගෙන් ඕන කෙනෙක්ට ඇවිල්ලා තමන් දන්න ඕනම කතාවක් කියන්න පුලුවන්. කවුරුහරි ඉස්සරහට ඇවිල්ලා කතාවක් කියන්න බලන්න"
එහෙත් විදුහල්පතිතුමාට ඇති බය නිසාම ළමුන් කිසිවෙක් ඉදිරිපත් නොවූහ. මේ වෙලාවේ පන්තියේ දඩබ්බරයාවූ සිරිපාල ඉදිරියට පැමිණ සර් මට පුලුවන් කතාවක් කියන්න යැයි කීවේය. විදුහල්පතිතුමාද සතුටුවී එහෙනම් හොද පුතා වගේ කතාව කියන්න බලන්න අපිට ඇහෙන්න යැයි කීවේය. එතැන් පටන් සිදුවූ දේ මෙසේය.
සිරිපාල - ඔන්න එකමත් එක රටක ගිරවෙකුයි රිලවෙකුයි හිටියා. ඒ දෙන්නා හරිම යාලුකමින් හිටියෙ.........
විදුහල්පති - අන්න බලන්න දරුවනේ සත්ව කොට්ටාස 2ක වෙලත් දෙන්නගෙ යාලුකම. ඔය ළමයිනුත් ඒ ගිරවයි රිලවයි වගේ යාලුකමින් සමගියෙන් ඉන්න ඕනෙ. ඉතින් සිරිපාල පුතා කතාව කියන්නකො.
සිරිපාල - ඒ ගිරවා නම් හරිම කඩිසරයි. වැහි කාලෙට සූදානම් වෙන්න කඩිමුඩියෙ ගෙයක් හදනවා.......
විදුහල්පති - අන්න දැක්කද පුතාලා තියෙන කඩිසරකම. පුතාලාත් ඒ ගිරවා වගේ කඩිසරව වැඩ කරන්න ඕනේ. කම්මැලි වෙන්න එපා. ඉතින් පුතා ඊට පස්සෙ මොකද වුණේ.
සිරිපාල - එත් අර රිලවා නම් හරිම කමිමැලියි. වැහි කාලෙ කියලා මොකුත් කරන්නෙ නැතුව දවසම නිදා ගන්නවා.......
විදුහල්පති - අන්න බලන්න කම්මැලිකම. ඔය ළමයිනම් ඒ රිලවා වගේ වෙන්න එපා... ඉතින් පුතා කතාව කියන්නකො.
සිරිපාල - ගිරවා මේක දැකලා රිලවා තමන්ගෙ යාලුවා හින්දා රිලවට කිවුවා අනේ යාලුවේ ඔයා මෙහෙම කම්මැලි කමට හිටියොත් වැස්ස කාලෙට තෙමෙන්නයි වෙන්නෙ. ඒක නිසා මම වගේ ගෙයක් හදන්න මහන්සි වෙන්න කියලා.....
විදුහල්පති - අන්න බලන්න දරුවනේ. ඒකට තමයි කියන්නෙ නියම යාලුකම කියලා. තමන්ගෙ යාලුවා අමාරුවේ වැටෙන්න යනකොට බේර ගන්න එක තමයි නියම යාලුකම. ඔය ළමයිනුත් ඒ ගිරවා වගේ තමන්ගෙ යාලුවන්ට උදව් කරන්න ඕනෙ. සිරිපාල පුතා කියන්නෙ හැමෝටම ආදර්ශවත් කතාවක්. ඉතින් හොද පුතා වගේ ඉතුරු ටිකත් කියන්නකො. අපිට මේ කතාවෙන් සෑහෙන ආදර්ශ ගත්තැකි.
සිරිපාල - ඉතින් ගිරවාගෙ කතාව අහපු කම්මැලි රිලවාට තරහා ගිහින් අඩෝ වල් ගිරවා.... තෝ කවුද යකෝ මට උපදෙස් දෙන්න... තොගේ...... දෙන්නෙ වල් බූරු ගිරවා....... තෝව .....මට ...... අල්ලලා ගහනවා දැනගනින් ගොන් ගිරවා............
විදුහල්පතිතුමා වහා පන්තියෙන් අතුරුදහන් විය.