එක මනුස්සයෙක් wagon r එකක් ගන්නකොට තව කෙනෙක් range rover එකක් ගන්නවා

ThadiPollenCepaDenawa

Well-known member
  • Apr 11, 2025
    2,821
    5,085
    113
    පයියාගල
    unta supermarket ekak danna tharam capital ekak kohenda eka paratama hoya gatte?

    ps: puluwan needa

    ganu kenage salary eka 50k wagena thiyenna aththe. 50*12 = 6 lakhs * 7 = 42 lakhs
    එකපාරම නෙවෙයි උන්ට කලින් ඉදන් ප්ලෑන් එකක් තියෙන්ඩ ඇති අනිව. ඕක 2020 දැම්මෙ.
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,982
    1
    9,801
    113
    Gampaha
    මචන් මට තියන ප්‍රශ්නේ බිස්නස් කරද්දී අද තියනව හෙට නැති වෙනවා. කොහොමද බන් ලෝන් දාන්න රිසක් එකක් ගන්නේ හිත හදාගන?
    අද තියෙනව හෙට නැතිවෙන බිස්නස් නෑ බන්. ඒ ඉතින් ඔය මුට්ටි කේක් වගේ බිස්නස් තමා. ඒවට ඉතින් බිස්නස් කියන්නත් බෑ. ඒවට පැවැත්මක් නෑ. හයිප් එක ඉවර වෙද්දි බිස්නස් එක ඩවුන්ද පල්ලම්.

    Ado boru kiyanna one naane ban. Mama nam oya line eka atha aralama daala thiyenne ban salli hoyanna one kiyana mentality eka. Karima stressfull ewa gana hithaddi. mama ban mage hobby eka widihata Travel karanawa weekly. me sathiye witharayi yanna bariune , bike eke repair ekak awa nisa. adoo eka pattama stress relief ekak ban. maha wiyadamak yanneth na, eka trip ekakata athe 5000k thiyagena aliyata bahinne , one-day roadtrips , locations 3k withara cover karanawa, badata podi monahari dagannwa yana ena gaman. naththan two-days hike with camping. ethanadith maha loku dewal kanne bonne naha, noodles , sausage , bread , eggs , coffee wage thama.

    mage monthly salary eken thama ithin okkoma,maha loku salary ekak ganne naha within 100,000 - 120,000, rolak thama yanne . eth e life eka athal ban. api godak expect kraddi thama apita apiwama epa wenne.


    ado eka thama ban mage viewpoint eka anuwa life eka.
    ඔයාට මේ ලයිෆ් එක ආතල් වෙන්නෙ ඔයා අනිත් දේ experience කරල නැති නිසා බ්‍රෝ. මට නම් අඩුම ට්‍රිප් එකක් යන්න 50ක් වත් යනව. පෝයදාටත් අඩුම 10ක් වත් යනව. නිකන් පන්සල් ගිහින් රෑට කාල ආවත්.
    ඕකට හාවි ගෙ කතාවක් තියෙනව ෆ්ලයි කරන්නෙ ඉකොනමි ක්ලාස් නම් කොහොමහරි සල්ලි ටිකක් හොයන් 1st class ticket එකක් ගන්න කියල. අන්න ඒදාට අපේ බ්‍රේන් එක ට්‍රිගර් වෙනව ඒ එකස්පීරියන්ස් එක හැමදාම ගන්න.
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,037
    113
    Moratuwa
    සරල කතාව මාසේ ජීවන වියදමට වඩා මුදලක් හම්බ කරනවනම් බිස්නස් කරලා හෝ රස්සාවක් කරලා හෝ දෙකම කරලා ඌට දියුනු වෙන්න පුලුවන්.
    හැබැයි තමන්ට පව්ලෙන් ලැබුනදේ මෙතනදි වැදගත්. මුකුත්ම නොලැබුන කෙනෙක්ට බැරි නෑ පුලුවන් නමුත් අමාරුයි.
    ප්‍රාග්දනය සොයාගන්න එක තමයි අමාරුම දේ.

    බිස්නස් ගැන කතාකරන නිසා කතාවක් කියන්නම් අපේ පව්ලෙන්ම.
    අපි ඔක්කොම ඉන්නේ බිස්නස් හබ් එකක. ඕන කෙනෙක්ට මේහෙ ෆර්නිචර් බිස්නස් කරන්න පුලුවන්.
    පව්ලේ බිස්නස් නොකරන එක පව්ලයි ඉන්නේ ඒගොල්ලෝ සුපිරියට ඉගෙනගත්ත අය. එක්කෙනෙක් ඉලෙක්ට්‍රිකල් ඉන්ජිනියර්, අනිත් කෙන MBA, තව කෙනෙක් බයෝ ඩිග්‍රියක්. ළමයි 3දෙනාගේ තාත්තා මගේ බාප්පා ඩොක්ටර් කෙනෙක්. ඒගොල්ලොන්ට කිසි අව්ලක් නෑ දැනුමෙන් ගේම ගහනවා ජොබ් එක කරගෙන.

    අනිත් ඔක්කොම ෆර්නිචර් බිස්නස්. ව්‍යාපාර 20කට වැඩියි.
    ඒ අතර හිටියා සුපිරියට ඉගෙනගත්ත ඩිග්‍රි ගහපු අයියලා 3ක්. තාත්තගේ දේපල ඒ කිව්වේ මගේ බාප්පගේ දේපල එගොල්ලොන්ට ලැබුනා. නමුත් තුන්දෙනාම බිස්නස් ෆේල්. තිබ්බ දේපල වික්කා. මම අවුරුදු කීපයකට පෙර ත්‍රේඩ් එකක් දැම්මා ව්‍යාපාරික ස්තානයක් විකුනන්න කෝටි 27කට. ඒ ඒ අයියලගේ දේපල. ඒක වික්කා. එගොල්ලෝ 3දෙනා අනිත් දේපල කුලියට දීලා ෆික්ස් ඩිපොසිට් එකක් එහෙම දාගෙන ඉන්නවා. අව්ලක් නෑ නමුත් තිබ්බ දේවල් අඩුවුනා.

    තව අයියා කෙනෙක් හිටියා එයත් මගේ බාප්පගේ පුතෙක්. එයා මගේ මාමා කෙනෙක් ලග වැඩ කරලා හොයාගත්ත ලක්ශ 20ක් අතේ තියන් කුලියට ශොප් එකක් අරන් මීට අවුරුදු 15කට කලින් බිස්නස් එක පටන්ගත්තා. අද ශොප් දෙකක් තියෙනවා එයාගෙම. වෙසල් එකක් ගෙනාවා ගිය මාසේ තව CHR එකක් තියෙනවා. ඔක්කොම කෝටි 10ක විතර දේපල තියෙනවා. ලක්ශ 20න් පටන් අරන් පව්ලක් නඩත්තු කරමින් වසර 15කින් දියුනු වුන විදිය.

    තව මාමලා දෙන්නෙක්ගේ පුත්තු ඉන්නවා දෙමව් පියන්ගේ දේපල ඒ ළමයින්ට ලැබුන. ඒගොල්ලෝ ලැබුන දේ වැඩිකරගත්තා. එක්කෙනෙක්ට කෝටි 20 පැනලා දේපල තියෙනවා. ඒ දෙන්නගෙන් එක්කෙනෙක් ලී බිස්නස් කරනවා ෆර්නිචර් වලට අමතරව, අනිත් කෙනා වාහන බිස්නස් කරනවා.

    මම උඩ විදි 3ක් කියලා තියෙනවා.
    එකක් තිබිලා අඩුවුන විදිය,
    එකක් නොතිබිලා ලැබුන විදිය,
    එකක් තිබිලා වැඩිකරගත්ත විදිය.
    තව ගොඩක් නෑයෝ ඉන්නවා ගොඩක් අය තිබිලා වැඩිකරගත්ත අය. දෙන්නෙක්ට අලුත්ම ප්‍රාඩෝ දෙකක් තියෙනවා, කීප දෙනෙක්ට වෙසල් තියෙනවා, අනිත් අයට bens, bmw, audi තියෙනවා.
    ගේම ගහපු ගොඩක් අය ෆර්නිචර් හබ් එකක් වෙච්ච එකේ වාසිය අරන් ගේම ගැහුවේ.

    මමත් ව්‍යාපාර කරන්නේ. මගේ කතාවත් පොඩ්ඩක් කියන්නම්. මගේ තාත්තා සිවිල් ඉන්ජිනේරුවෙක්. එයා පාලම්, වතුර ටැංකි , විශාල බිල්ඩින් වල අත්තිවාරම දාන එක ගැන විශේශයෙන් ඉගෙනගෙන තියෙන්නේ. අමාරු විශයක් ඉගෙනගෙන තියෙන්නේ. බාශා 6ක් දන්නවා. දැනුම එහෙමයි, අනිත් පැත්තෙන් ගෙවල් 5ක් තිබ්බ සල්ලිකාරයෙක්. එයා ව්‍යාපාර කරන්න ගිහින් කෙලවගන්නවා. ලී ව්‍යාපාරේ කරන්න ගිහින් කෙලවෙන්නේ. එයාගේ මුලු සේසතම යොදවලා ගත්ත ඉඩමක් රක්ශිතයක් ලෙස ගැසට් කරලා. එතනින්ම එයා ඉවරයි. මට අවුරුදු 3, මල්ලිට අවුරුද්දයි එයා මොරටුවෙන් යද්දි.
    ඒ කතාව බලන්න මුදලුත් තිබිලා, දැනුමත් තිබිලා අනපේක්ශිත විදියට කෙලවීමක් එතන තියෙන්නේ.

    මම පුද්ගලිකව අවුරුදු 10 ඉදන් වැඩකරන්නේ. අවුරුදු 11දි ගත්ත pc එකත් මගේම සල්ලි වලින් ගන්නේ, අවුරුදු 17දි ගත්ත බයික් එකත් එහෙමයි. ඉස්සර ඉදන්ම මුදල් හොයන්න උනන්දුව තිබ්බා.
    හැබැයි මට සල්ලි තිබ්බේ නෑ. හම්බකරපුදේ මාසේ වියදමට ගියාම ඉතිරියක් වුනේ නෑ. මම කුශන් වැඩ, ස්ප්‍රේ වැඩ, ලොක් වැඩ කරා, ශොප් කීපයක රස්සාව කලා. ලංකාව වටේම සේල් කලා. ඔය මොනදේ කලත් වියදමට සමාන ආදායමක් විතරයි ලැබුනේ. 2014 ඉදන් ලෝන් දැම්මා. දාපු ලෝන් ගෙව්වා. මට ලොකුවට දියුනුවෙන්න බැරිවුනේ ව්‍යාපාරයට අවශ්‍යය ප්‍රාග්දනය නොතිබුන නිසා. ප්‍රාග්දනය නය විදියට ගත්තම මාසික වාරිකය දාලා ගෙදර වියදම කරාම ඉතිරියක් නෑ. මම 2011 බිස්නස් එක පටන් අරන් අද වෙනකොට මගේ තිබුන දේපල වලට ගොඩනැගිල්ලක් හදලා තියෙනවා ගෙයක් ඒකෙම තියෙනවා. ලක්ශ 100ක් 120ක් විතර උපයලා තියෙනවා හරියට බැලුවොත්. දැන් නය මුකුත් නෑ ගියමාසේ තිබ්බ ලෝන් සේරම ගෙවලා ඉවරකරා.

    මට දැන් 34. මම ගේමගහන්න පටන් ගත්තේ දැන්.
    මම දැකපු විදියට ලංකාවේ ව්‍යාපාරිකයන්ට තියෙන ලොකුම ප්‍රශ්නේ මූලික ප්‍රාග්දනය නොමැති කම. ව්‍යාපාර නය පොලිය වැඩි වීම.
    නය පොලී ප්‍රශ්නේ විසදගත්තොත් ලංකාවේ ව්‍යාපාර හැදෙයි.
    එතකන් කලින් වුනා වගේ දෙයක් ලැබුන හෝ ඉතිරිකරගත්ත කෙනාට පමනයි ලේසියෙන් ව්‍යාපාර කල හැක්කේ. 12% 14% පොලියට නය අරගෙන ජීවන වියදමත් හොයාගෙන නය වාරිකයත් දාගෙන ව්‍යාපාර කරන එක පට්ට අමාරු වැඩක්. 2011 ඉදන් බිස්නස් කරලා ලබපු අත්දැකීමෙන් කියන්නේ.

    පොලියක් නැතුව තමන්ගෙම සල්ලි වලින් ව්‍යාපාර කරන කෙනාට රුපියලක ලාබයක් තිබ්බත් ඒක ලාබයක්. නයට සල්ලි අරන් ව්‍යාපාර කරන කෙනාට යම් මිලක් එකතුවුනාට පස්සේ ලැබෙනදේ ලාබය. සාර්තකව
    ව්‍යාපාර කරන්න නම් 6%න් ලෝන් ලැබෙන්න ඕනා. වැඩිපොලියට අරන් කරන ව්‍යාපාර එකක් දෙකක් සාර්තක වුනාට බහුතරය එකම තැන. මම අවුරුදු 14ක් කාලේ කෑවා වගේ ඔවුන්ටත් යමක් කරගන්න කාලේ යනවා.
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,609
    113
    පොල් ඉඩම් ගන්නව ලෝන් ගහල අවුරුදු 5ට. ඊලගට ඒකෙනුත් ආදයම එනව. අවුරුදු 5න් ඉඩම ගෙවෙනව. ඉල්ලගට කුබුරු ගන්නව. ඒවත් 5න් ගෙවෙනව. දැන් ආදායම ඩබල් වෙලා.

    පොල් පාඩුයි කියල කතාවක් තියෙනවනෙ බම්. ඉඩමේ පොල් ඇරෙන්න තව මොනාහරි වගා කරනවද? අවුරුදු 5න් ඉඩම ගන්න ගිය වියදම කවර් වුනාද?
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,002
    18,914
    113
    පවුලෙ සල්ලි නැත්නම් ඉගෙන ගන්න ඕන. නැත්නම් අමාරුයි.

    එහෙම නැත්නම් වයිල්ඩ් කුක්බුක් වගේ ලක් එකක් සෙට් වෙන්න ඕන (ලක් එකම නෙවෙයි ඉතින්)


    අපෙ මාමනම් දන්න කාලෙ ඉදල බිස්නස් කරන්නෙ. පොර තාම එක තැන. ඕක හැමෝටම හරියන්නෙ නෑ බන්.

    පොල් වික්ක, ලුණු වික්ක, කරවල වික්ක, වැලි ඇද්ද , ගෑනු කෙනා රට හිටියෙ එයා ආපහු එද්දි ණය තිබ්බ ලක්ෂ 35 විතර. පොර ඉස්කෝලෙ 9 වසරෙ ඉදන් බිස්නස් කරාට කරපු මගුලක් නැ.
    මචං. මම කියන්නෙ sustainable business models build කරන එක ගැන. උඹලගෙ මාම කරල තියෙන්මෙ self eemployement එකක්. ඒකයි පොරට අමාරු වෙලා තියෙන්නෙ
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,037
    113
    Moratuwa
    Ado boru kiyanna one naane ban. Mama nam oya line eka atha aralama daala thiyenne ban salli hoyanna one kiyana mentality eka. Karima stressfull ewa gana hithaddi. mama ban mage hobby eka widihata Travel karanawa weekly. me sathiye witharayi yanna bariune , bike eke repair ekak awa nisa. adoo eka pattama stress relief ekak ban. maha wiyadamak yanneth na, eka trip ekakata athe 5000k thiyagena aliyata bahinne , one-day roadtrips , locations 3k withara cover karanawa, badata podi monahari dagannwa yana ena gaman. naththan two-days hike with camping. ethanadith maha loku dewal kanne bonne naha, noodles , sausage , bread , eggs , coffee wage thama.

    mage monthly salary eken thama ithin okkoma,maha loku salary ekak ganne naha within 100,000 - 120,000, rolak thama yanne . eth e life eka athal ban. api godak expect kraddi thama apita apiwama epa wenne.


    ado eka thama ban mage viewpoint eka anuwa life eka.

    උබ හිතනවිදියේ අව්ලක් නෑ. හැබැයි ඕකෙන් ගානක් ඉතිරිකරගනින්. උබට එකපාර මුදල් ප්‍රමානයක් අවශ්‍යය වෙන දවසක් එනවා.

    මම දැන් හිතනවිදියත් උබේ විදියට සමානයි. හැබැයි මම එහෙම හිතන්න අවුරුදු 14ක් කට්ට කෑවා ව්‍යාපාරික ස්තානයක් හැදුවා, ගෙයක් හැදුවා.
    එකම අඩුව වාහනයක් විතරයි ඒකත් තව ටික කාලෙකින් ගන්නවා.

    අනිත් දේ තමන්ට නැතිදේ ගැන හීනමානෙන් ඉන්න එපා. තමන් දන්නවනම් තමන්ගේමගහන්නේ තමන්ට පුලුවන් උපරිමෙන් කියලා එච්චරයි
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    Nikamata hithapqn 3posha family eka. E wage unta kalayak yaddi puluwan. Fb views walin, sponcer, gifts, e wage business th hodai
     

    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,381
    4,719
    113
    නොපෙනෙන මානයේ
    ලොකු කොම්පැණි වල උඩ පොසිශන් වලට ගෙවන සැලරි හිතාගන්න වත් බෑ

    2M+ වගේ සෙට් වෙනව. මම දන්න Cyber security කරපු එකෙක් ඉන්නව (insurance) ඌ පටන් ගත්තෙ 1.5M වලින්
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,982
    1
    9,801
    113
    Gampaha
    පොල් පාඩුයි කියල කතාවක් තියෙනවනෙ බම්. ඉඩමේ පොල් ඇරෙන්න තව මොනාහරි වගා කරනවද? අවුරුදු 5න් ඉඩම ගන්න ගිය වියදම කවර් වුනාද?
    ඔන්න ඕකනෙ බන් වරද්දගන්න තැන. පොල් ඉඩම් ගන්නෙ ප්‍රයිමරි ඉන්කම් එක කරගන්න නෙමේනෙ. ප්‍රයිමරි ඉන්කම් එකේ සර්ප්ලස් එකෙන් loan ගහලනෙ නෙ. එතකොට ඒකෙන් ආදයමක් ආවත් එකයි නැතත් එකයි. නෝ රශ්.

    ඕකෙ තව කරන දෙයක් තමයි පොල් ඉඩමෙ අදායමෙන් ලෝන් එක ගෙවන්න පුලුවන් විදියට ගන්න එක. හැබැයි ඒක ස්ට්‍රෙස් වැඩී. ලෝන් ස්මූත් යන්නෙ නෑ. එතකොට ලොන්ග්ටර්ම් රන් එක පාඩුයි. මම මේ වැරැද්ද කරල ඉන්නෙ. ඒ ලෝන් එක ස්මූත් යන්නෙ නෑ. හදිස්සි උනාම දුයුනුව ප්‍රමාදයි. ඔය වැරද්ද කරන්න එපා.
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,002
    18,914
    113
    ලොකු කොම්පැණි වල උඩ පොසිශන් වලට ගෙවන සැලරි හිතාගන්න වත් බෑ

    2M+ වගේ සෙට් වෙනව. මම දන්න Cyber security කරපු එකෙක් ඉන්නව (insurance) ඌ පටන් ගත්තෙ 1.5M වලින්
    මේ කතාවත් ඇත්ත. CXO level එකට යන්න skill & qualifications හදාගන්න මුල ඉදල target කරල වැඩ කරන කොල්ලෙක්ට බිස්නස් කරනවට වඩා මේක සුපිරි..

    මම දන්න CXO level දෙන්නෙක් ඉන්නව වයස 35 අවට. අනිවා මිලියනේ පන්නල මාසෙට එනව. Public listed company එකක් යටතේ තියන company. 8-5 ජොබක් කරල weekend නිවාඩු පිට තව සුපිරි exporture එකක් එක්ක රට යන්න චාන්ස්. company එක ගානෙ ඉගෙන ගන්න skill develop කරගන්න channce.

    මේව සේරම 35න් වගේ ලැබෙනව නම් මට අනුව නම් ඒක නියමයි business කරන්වට වඩා
     

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,213
    4,943
    113
    Abyss
    මේ කතාවත් ඇත්ත. CXO level එකට යන්න skill & qualifications හදාගන්න මුල ඉදල target කරල වැඩ කරන කොල්ලෙක්ට බිස්නස් කරනවට වඩා මේක සුපිරි..

    මම දන්න CXO level දෙන්නෙක් ඉන්නව වයස 35 අවට. අනිවා මිලියනේ පන්නල මාසෙට එනව. Public listed company එකක් යටතේ තියන company. 8-5 ජොබක් කරල weekend නිවාඩු පිට තව සුපිරි exporture එකක් එක්ක රට යන්න චාන්ස්. company එක ගානෙ ඉගෙන ගන්න skill develop කරගන්න channce.

    මේව සේරම 35න් වගේ ලැබෙනව නම් මට අනුව නම් ඒක නියමයි business කරන්වට වඩා
    මටත් කරන්න පුලුවන් ලේසිම දේ ඕක. ඒත් මේ ත්‍රෙඩ් එක ගත්තත් හැමෝම වගේ කියල තියෙන්නෙ බිස්නස් එකක් කරන්න ඕන කියල
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,012
    12,101
    113
    Loku Yard ekak gahala company ekakata rent ekata dunnoth 1 year walin range rover ekak ganna puluwan..
    Egg business eke 1 egg eken Rs 2 thibbath lorry 2-3 dawasata sale thiyanawa nam 1 year walin range rover ekak easy..
    Export business medium scale and up..
    Colombo high value house or apartments keepayak wikunala deela 3% commission gannawa..

    Oya wage ona tharam business thiyanawa oya gaana under 1 year lesiyen hoyanna puluwan..
     
    Last edited:

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,847
    39,857
    113
    Homagama
    සල්ලි හොයනවානම් හොයන්න පුලුවන් බං. ගොඩක් අය තුන්කල් බලබල නැකැත් බල බල ඉන්නවා මිසක් වැඩකට අත ගහනවාද?
    තමන්ගේ බේසික් අමතක කරලා ලොකේ නැති දේවල් වලින් ගොඩ හිතන්නේ.
    කවුරු මොනා කිව්වත් හරියට ඉගෙනගැනිම තමයි අංක එක. තමන් දන්න දේ හරියට දැනගැනිමත් ලොකු දැනුමක්.
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,002
    18,914
    113
    මටත් කරන්න පුලුවන් ලේසිම දේ ඕක. ඒත් මේ ත්‍රෙඩ් එක ගත්තත් හැමෝම වගේ කියල තියෙන්නෙ බිස්නස් එකක් කරන්න ඕන කියල

    මේක බලන්න. මේවම නෙමේ මේවගෙන් idea එකක් ගන්න.


    මේකත් බලන්න. පොඩි influence එකක් එයි.
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,777
    6,854
    113
    Job කරල නන් බෑ බන් , ලොකු business කරන මිනිස්සුන්ට පුලුවන්.රට යන උන්ට නන් උබ කියන ලොකු වාහන ගන්න බෑ business වලින්ම විතරයි පුලුවන්.
    isreal 10, 11 lacks denawa maonthly. caregivers la 6 lacks wala idan wenas wenawa. thawa korean 6laksh wala wage idan 16 wage wenakam salary gannawa.

    mehe korean isreal giyapu minissu maara widiyata inne hamoma hoda vehicle padinawa
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,676
    5,803
    113
    KALUTHARA

    මේක බලන්න. මේවම නෙමේ මේවගෙන් idea එකක් ගන්න.


    මේකත් බලන්න. පොඩි influence එකක් එයි.

    Me me dawswala dr kiyala dial ekak ekka workshop karanawa ne 🙃
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,002
    18,914
    113
    Me me dawswala dr kiyala dial ekak ekka workshop karanawa ne 🙃
    එව්ව නම් අනේ මන්ද. idea එකක් නැති කෙනෙක්ට අදහසක් ගන්න හොදයි. එහෙම නැතුව ලොකූ දෙයක් නෑ ඉතිං