සරල කතාව මාසේ ජීවන වියදමට වඩා මුදලක් හම්බ කරනවනම් බිස්නස් කරලා හෝ රස්සාවක් කරලා හෝ දෙකම කරලා ඌට දියුනු වෙන්න පුලුවන්.
හැබැයි තමන්ට පව්ලෙන් ලැබුනදේ මෙතනදි වැදගත්. මුකුත්ම නොලැබුන කෙනෙක්ට බැරි නෑ පුලුවන් නමුත් අමාරුයි.
ප්‍රාග්දනය සොයාගන්න එක තමයි අමාරුම දේ.
බිස්නස් ගැන කතාකරන නිසා කතාවක් කියන්නම් අපේ පව්ලෙන්ම.
අපි ඔක්කොම ඉන්නේ බිස්නස් හබ් එකක. ඕන කෙනෙක්ට මේහෙ ෆර්නිචර් බිස්නස් කරන්න පුලුවන්.
පව්ලේ බිස්නස් නොකරන එක පව්ලයි ඉන්නේ ඒගොල්ලෝ සුපිරියට ඉගෙනගත්ත අය. එක්කෙනෙක් ඉලෙක්ට්‍රිකල් ඉන්ජිනියර්, අනිත් කෙන MBA, තව කෙනෙක් බයෝ ඩිග්‍රියක්. ළමයි 3දෙනාගේ තාත්තා මගේ බාප්පා ඩොක්ටර් කෙනෙක්. ඒගොල්ලොන්ට කිසි අව්ලක් නෑ දැනුමෙන් ගේම ගහනවා ජොබ් එක කරගෙන.
අනිත් ඔක්කොම ෆර්නිචර් බිස්නස්. ව්‍යාපාර 20කට වැඩියි.
ඒ අතර හිටියා සුපිරියට ඉගෙනගත්ත ඩිග්‍රි ගහපු අයියලා 3ක්. තාත්තගේ දේපල ඒ කිව්වේ මගේ බාප්පගේ දේපල එගොල්ලොන්ට ලැබුනා. නමුත් තුන්දෙනාම බිස්නස් ෆේල්. තිබ්බ දේපල වික්කා. මම අවුරුදු කීපයකට පෙර ත්‍රේඩ් එකක් දැම්මා ව්‍යාපාරික ස්තානයක් විකුනන්න කෝටි 27කට. ඒ ඒ අයියලගේ දේපල. ඒක වික්කා. එගොල්ලෝ 3දෙනා අනිත් දේපල කුලියට දීලා ෆික්ස් ඩිපොසිට් එකක් එහෙම දාගෙන ඉන්නවා. අව්ලක් නෑ නමුත් තිබ්බ දේවල් අඩුවුනා.
තව අයියා කෙනෙක් හිටියා එයත් මගේ බාප්පගේ පුතෙක්. එයා මගේ මාමා කෙනෙක් ලග වැඩ කරලා හොයාගත්ත ලක්ශ 20ක් අතේ තියන් කුලියට ශොප් එකක් අරන් මීට අවුරුදු 15කට කලින් බිස්නස් එක පටන්ගත්තා. අද ශොප් දෙකක් තියෙනවා එයාගෙම. වෙසල් එකක් ගෙනාවා ගිය මාසේ තව CHR එකක් තියෙනවා. ඔක්කොම කෝටි 10ක විතර දේපල තියෙනවා. ලක්ශ 20න් පටන් අරන් පව්ලක් නඩත්තු කරමින් වසර 15කින් දියුනු වුන විදිය.
තව මාමලා දෙන්නෙක්ගේ පුත්තු ඉන්නවා දෙමව් පියන්ගේ දේපල ඒ ළමයින්ට ලැබුන. ඒගොල්ලෝ ලැබුන දේ වැඩිකරගත්තා. එක්කෙනෙක්ට කෝටි 20 පැනලා දේපල තියෙනවා. ඒ දෙන්නගෙන් එක්කෙනෙක් ලී බිස්නස් කරනවා ෆර්නිචර් වලට අමතරව, අනිත් කෙනා වාහන බිස්නස් කරනවා.
මම උඩ විදි 3ක් කියලා තියෙනවා.
එකක් තිබිලා අඩුවුන විදිය,
එකක් නොතිබිලා ලැබුන විදිය,
එකක් තිබිලා වැඩිකරගත්ත විදිය.
තව ගොඩක් නෑයෝ ඉන්නවා ගොඩක් අය තිබිලා වැඩිකරගත්ත අය. දෙන්නෙක්ට අලුත්ම ප්‍රාඩෝ දෙකක් තියෙනවා, කීප දෙනෙක්ට වෙසල් තියෙනවා, අනිත් අයට bens, bmw, audi තියෙනවා.
ගේම ගහපු ගොඩක් අය ෆර්නිචර් හබ් එකක් වෙච්ච එකේ වාසිය අරන් ගේම ගැහුවේ.
මමත් ව්‍යාපාර කරන්නේ. මගේ කතාවත් පොඩ්ඩක් කියන්නම්. මගේ තාත්තා සිවිල් ඉන්ජිනේරුවෙක්. එයා පාලම්, වතුර ටැංකි , විශාල බිල්ඩින් වල අත්තිවාරම දාන එක ගැන විශේශයෙන් ඉගෙනගෙන තියෙන්නේ. අමාරු විශයක් ඉගෙනගෙන තියෙන්නේ. බාශා 6ක් දන්නවා. දැනුම එහෙමයි, අනිත් පැත්තෙන් ගෙවල් 5ක් තිබ්බ සල්ලිකාරයෙක්. එයා ව්‍යාපාර කරන්න ගිහින් කෙලවගන්නවා. ලී ව්‍යාපාරේ කරන්න ගිහින් කෙලවෙන්නේ. එයාගේ මුලු සේසතම යොදවලා ගත්ත ඉඩමක් රක්ශිතයක් ලෙස ගැසට් කරලා. එතනින්ම එයා ඉවරයි. මට අවුරුදු 3, මල්ලිට අවුරුද්දයි එයා මොරටුවෙන් යද්දි.
ඒ කතාව බලන්න මුදලුත් තිබිලා, දැනුමත් තිබිලා අනපේක්ශිත විදියට කෙලවීමක් එතන තියෙන්නේ.
මම පුද්ගලිකව අවුරුදු 10 ඉදන් වැඩකරන්නේ. අවුරුදු 11දි ගත්ත pc එකත් මගේම සල්ලි වලින් ගන්නේ, අවුරුදු 17දි ගත්ත බයික් එකත් එහෙමයි. ඉස්සර ඉදන්ම මුදල් හොයන්න උනන්දුව තිබ්බා.
හැබැයි මට සල්ලි තිබ්බේ නෑ. හම්බකරපුදේ මාසේ වියදමට ගියාම ඉතිරියක් වුනේ නෑ. මම කුශන් වැඩ, ස්ප්‍රේ වැඩ, ලොක් වැඩ කරා, ශොප් කීපයක රස්සාව කලා. ලංකාව වටේම සේල් කලා. ඔය මොනදේ කලත් වියදමට සමාන ආදායමක් විතරයි ලැබුනේ. 2014 ඉදන් ලෝන් දැම්මා. දාපු ලෝන් ගෙව්වා. මට ලොකුවට දියුනුවෙන්න බැරිවුනේ ව්‍යාපාරයට අවශ්‍යය ප්‍රාග්දනය නොතිබුන නිසා. ප්‍රාග්දනය නය විදියට ගත්තම මාසික වාරිකය දාලා ගෙදර වියදම කරාම ඉතිරියක් නෑ. මම 2011 බිස්නස් එක පටන් අරන් අද වෙනකොට මගේ තිබුන දේපල වලට ගොඩනැගිල්ලක් හදලා තියෙනවා ගෙයක් ඒකෙම තියෙනවා. ලක්ශ 100ක් 120ක් විතර උපයලා තියෙනවා හරියට බැලුවොත්. දැන් නය මුකුත් නෑ ගියමාසේ තිබ්බ ලෝන් සේරම ගෙවලා ඉවරකරා.
මට දැන් 34. මම ගේමගහන්න පටන් ගත්තේ දැන්.
මම දැකපු විදියට ලංකාවේ ව්‍යාපාරිකයන්ට තියෙන ලොකුම ප්‍රශ්නේ මූලික ප්‍රාග්දනය නොමැති කම. ව්‍යාපාර නය පොලිය වැඩි වීම.
නය පොලී ප්‍රශ්නේ විසදගත්තොත් ලංකාවේ ව්‍යාපාර හැදෙයි.
එතකන් කලින් වුනා වගේ දෙයක් ලැබුන හෝ ඉතිරිකරගත්ත කෙනාට පමනයි ලේසියෙන් ව්‍යාපාර කල හැක්කේ. 12% 14% පොලියට නය අරගෙන ජීවන වියදමත් හොයාගෙන නය වාරිකයත් දාගෙන ව්‍යාපාර කරන එක පට්ට අමාරු වැඩක්. 2011 ඉදන් බිස්නස් කරලා ලබපු අත්දැකීමෙන් කියන්නේ.
පොලියක් නැතුව තමන්ගෙම සල්ලි වලින් ව්‍යාපාර කරන කෙනාට රුපියලක ලාබයක් තිබ්බත් ඒක ලාබයක්. නයට සල්ලි අරන් ව්‍යාපාර කරන කෙනාට යම් මිලක් එකතුවුනාට පස්සේ ලැබෙනදේ ලාබය. සාර්තකව
ව්‍යාපාර කරන්න නම් 6%න් ලෝන් ලැබෙන්න ඕනා. වැඩිපොලියට අරන් කරන ව්‍යාපාර එකක් දෙකක් සාර්තක වුනාට බහුතරය එකම තැන. මම අවුරුදු 14ක් කාලේ කෑවා වගේ ඔවුන්ටත් යමක් කරගන්න කාලේ යනවා.