එදා ධවල පත්‍රිකාව සම්මත උනා නම්?

$hiñe

Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    1981 දී, එවකට එක්‌සත් ජාතික පක්‍ෂ ආණ්‌ඩුවේ යෞවන කටයුතු, රැකීරක්‍ෂා සහ අධ්‍යාපන ඇමැති රනිල් වික්‍රමසිංහ විසින් ගෙන ආ අධ්‍යාපන ධවල පත්‍රිකාවේ ගෙන ආ යෝජනා කිහිපයක් පහතින් දැක්වේ. කෙසේ නමුත් එවකට එල්ලවූ දැඩි ජනතා විරෝධය හමුවේ එය හකුළා ගැනීමට සිදු විය.

    69-701x422.jpg

    👉
    පෙර පාසල් පවත්වාගෙන යැම පෞද්ගලික අංශයට පැවැරේ.
    👉
    බාලාංශ පංතිය අහෝසි කෙරේ.
    👉
    පහේ ශිෂ්‍යත්ව විභාගය අහෝසි කෙරේ.
    👉
    ඒ වෙනුවට 8 වැනි ශ්‍රේණියේ සිසුන් සඳහා විභාගයක්‌ පවත්වනු ලබන අතර ඉහළ පංති වලට යොමු කරන්නේ ඉන් සමත්වන අය පමණි.
    👉
    එමෙන්ම අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට ඉඩ ලැබෙන්නේද 8 වැන්නේ රජයේ විභාගයෙන් සමත්වන අයට පමණි.
    👉
    අ.පො.ස. සාමාන්‍ය පෙළ / උසස් පෙළ විභාගයට ඉංග්‍රීසි භාෂාව අනිවාර්ය කෙරේ.
    👉
    පෞද්ගලික පාසල් ආරම්භ කිරීමට අවසර දෙනු ලැබේ.
    👉
    පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක්‌ පිහිටුවීමටද අවසර දෙනු ඇත.
    👉
    රජයේ පාසල් ඒකීය පාසල් හා පර්ෂද (පොකුරු) පාසල් වශයෙන් වර්ග කරනු ඇත.ඒකීය පාසල් පවත්වාගෙන යැම සඳහා රජයේ ආධාර නොලැබෙන අතර එම පාසල්වල නඩත්තු කටයුතු දෙමාපියන් විසින් දැරිය යුතුය.
    👉
    පෞද්ගලික පාසල් ආරම්භ කළ විට ඒවායේ ගුරුවරුන්ගේ වැටුප් රජය මගින් ගෙවනු ලැබේ.
    👉
    විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කරගනු ලබන්නේ අ.පො.ස. උසස්‌ පෙළ ප්‍රතිඵල මත නොව ඒ සඳහා පවත්වන විශ්වවිද්‍යාල ප්‍රවේශ පරීක්‍ෂණය මගිනි. සිසුන්ට මෙම විශ්වවිද්‍යාල ප්‍රවේශ පරීක්‍ෂණයට පෙනී සිටිය හැක්‌කේ දෙවතාවක්‌ පමණි.

    එදා මේක සම්මත උනා නම්
    අද කුමක් වෙලා තියෙයිද?

    ධනාත්මකද? සෘණාත්මකද?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,864
    1
    58,114
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    ධවල පත්‍රිකා (White papers) සම්මත වෙන්නේ මොන ලෝකෙද? ☝️ 😃
     
    • Like
    • Haha
    Reactions: Kalegana and 2osama

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    මේ වගේ එකක් ආයේ ගෙනාවොත් සිංහළු මරාගෙන මැරෙනවා
     
    • Haha
    Reactions: Kalegana

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,830
    2,399
    113
    ඕක ගෙනාව නම් වෙන්නෙ රජයේ පාසල් ටිකයි විශවවිද්‍යාල ටිකයි සම්පූර්ණයෙන් වැහිල යනව ටික කාලෙකින්. අර දාපු පුද්ගලික විශවවිද්‍යාල වලින් නාමල law collage exam ලිව්ව ච්චී boy Maths degreeyak ගත්ත විදිහට අනෙක් උන්ගෙ ලමයි ටිකත් සල්ලි සහ බලය පෙන්නලා අද්‍යාපන සුදුසුකම් හදා ගන්නව. සාමාන්‍ය දුප්පත් ම පවුලක එකෙක් ට ඉහලට එන්ඩ තියෙන චාන්ස් එක නැතිම කරල දානව .
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567

    Dan ithin ihalatama avath thel ehema nane.. 😂
     
    • Haha
    Reactions: Kalegana and Troop

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    Mehe inna gonnuth ekka kohe karannada ohoma ekak genawath, wirudda wenne nathi deyak thiyenawada gon pakku.. kisima deyak wenas karanna denne na.
     
    • Like
    Reactions: Kalegana

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    මේකේ ප්‍රශ්න තියන තැන් තියනවා හැබැයි මේක ඒකාලේ සම්මත කරානම් JVP කැරැල්ල ඇති වෙන්නේ 81දී

    පෙර පාසල් පවත්වාගෙන යැම පෞද්ගලික අංශයට පැවැරේ-සල්ලි නැතම් පෙර පාසල්ලුත්නෑ

    පහේ ශිෂ්‍යත්ව විභාගය අහෝසි කෙරේ-මේක කරොත් ගමේ ඉස්කොලේ ඉඳලා හොඳ ඉස්කොලේකට යන්න වෙන්නේනැ දුප්පත් ළමයිට

    ඒ වෙනුවට 8 වැනි ශ්‍රේණියේ සිසුන් සඳහා විභාගයක්‌ පවත්වනු ලබන අතර ඉහළ පංති වලට යොමු කරන්නේ ඉන් සමත්වන අය පමණි.-මේක අනෙක් එක 8 වසරේ පන්තියේ අන්තිම ගොඩේ ඉඳලා 9 -10 වසරේ හරියට වැඩ කරලා සාමාන්‍ය පෙළ / උසස් පෙළ හොඳට සමත් වෙනඅය ඕනේ තරම් ඉන්නවා

    රජයේ පාසල් ඒකීය පාසල් හා පර්ෂද (පොකුරු) පාසල් වශයෙන් වර්ග කරනු ඇත.ඒකීය පාසල් පවත්වාගෙන යැම සඳහා රජයේ ආධාර නොලැබෙන අතර එම පාසල්වල නඩත්තු කටයුතු දෙමාපියන් විසින් දැරිය යුතුය-මේක තිනිකරම සෙමි පෞද්ගලි කරණය කරා වගේනේ සල්ලි නැති ළමයිට ඉගන ගන්න බැරිවෙනවා ඒ ඉස්කෝල වල ඉන්න

    පෞද්ගලික පාසල් ආරම්භ කළ විට ඒවායේ ගුරුවරුන්ගේ වැටුප් රජය මගින් ගෙවනු ලැබේ.මේ කියන්නේ අර පොකුරු කරපු ඉස්කෝල වලන් ඉතුරු කරපු සල්ලි වලින් පෞද්ගලික පාසල් වලට ගෙවනවා කියන එක ඒවා පටන් ගන්න රනිල් ගේ යාලුවෝ ටික ගොඩ කියන එක වෙනත් වචනෙකින්.

    මේක සෘණාත්මකයි අපි හිතන්න ඕනේ ඒ කාලේ හැම තැනම ඉස්කෝල තිබ්බේනැ අද කාලේ වගේ තියන ඒවා ටිකත් සෙමි පෞද්ගලි කරණය කරාලා දැන්මානම් රටේ අද සැහෙන පිරිසක් ඉස්කෝලේ යන්න බැරුව දුපත් වෙලා ඉන්නේ පොඩි තැන වලින් ඇවිත් හොඳ රස්සාවල් කරන කිසි කෙනෙක් ඉතුරුවෙන්නේනැ. මේක කරනම් ලංකාව මීටත් වඩා අන්ත දුපත් වැඩවසම් කාලේ වගේ රටක් අද.

    ඔක තනිකරම රනිල්ගේ රදල සෙට් එකට රට එක දිගටම පාලනය කරන්න ගහපු ගැටයක් උන්ට ඕනේ මිනිසු මහාත්තයා නෝනා කියාගන උන්ට වැඳගන ඉන්නවා දකින්න.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,582
    72,782
    113
    මාලඹේ
    හොඳ සහ නරක දෙවර්ගයක යෝජනා තියෙනවා

    Private School වල ගුරු වරුන්ට රජයෙන් පඩි ගෙවන එකනම් හරියන්නේ නැහැ
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    ඒකීය පාසල් කියන්නේ මොනවද බන්??

    හොද වැඩ පිළිවෙලක් වගේ හැබැයි, .
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,674
    6,446
    113
    ඕක ගෙනාව නම් වෙන්නෙ රජයේ පාසල් ටිකයි විශවවිද්‍යාල ටිකයි සම්පූර්ණයෙන් වැහිල යනව ටික කාලෙකින්. අර දාපු පුද්ගලික විශවවිද්‍යාල වලින් නාමල law collage exam ලිව්ව ච්චී boy Maths degreeyak ගත්ත විදිහට අනෙක් උන්ගෙ ලමයි ටිකත් සල්ලි සහ බලය පෙන්නලා අද්‍යාපන සුදුසුකම් හදා ගන්නව. සාමාන්‍ය දුප්පත් ම පවුලක එකෙක් ට ඉහලට එන්ඩ තියෙන චාන්ස් එක නැතිම කරල දානව .
    ඔ්ක නෑ කියල අවුලක් උනාද ? නාමල් නීති විද්‍යාලෙ අංක 1, චිචී ඉංජිනියර්

    මම නම් කියන්නෙ අපේ පවට ඔ්ක නොඋනේ
     
    • Like
    Reactions: hasithayad

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,783
    113
    කරා නම් අද වෙනකොට වයස 40ට අඩු මිනිස්සු පේටන්ට් බර ගානක් අරන්
     
    • Like
    Reactions: dodangodarohan