එන්ජින් එක overheat වෙන්න හේතු ?

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    එන්ජින් එක overheat වෙන්න හේතු ?

    එන්ජිම කියන්නෙ කවදාවත් සීතලට ඉන්න කැමති පොරක් නම් නෙවෙයි. එන්ජින් එක ඇතුළෙ සිද්ධවෙන දේවල් එක්ක
    එන්ජින් එක බොහොම කෙටි වෙලාවකින් කොච්චර රත්වෙනවද කියලා වාහන පදින අපිට අමුතුවෙන් කියන්න ඕනේ
    නෑනේද. කොහොම වුනත් එන්ජින් එකේ ක්‍රියාකාරීත්වයට අවශ්‍ය උෂ්ණත්ව මට්ටමක් තියෙනවා හැබැයි එතනින් එහාට
    ගියාම එහෙමත් නැත්නම් එන්ජින් එක overheat වුනාම මොකද වෙන්නෙ?

    පිස්ටන් හදලා තියෙන්නෙ ඇලුමිනියම් වලින් ඒ වගේම තමයි engine block එක හදලා තියෙන්නෙ ඇලුමිනියම් වලින්
    හෝ යකඩෙන්. ඉතින් උෂ්ණත්වය ඉහළ යාමත් එක්ක පිස්ටන් ඉක්මනින් රත්වෙලා ප්‍රසාරණය වෙනවා. ප්‍රසාරණය වෙනකොට
    සිලින්ඩර් එක ඇතුළෙන් තියෙන ඉඩ අඩුවෙනවා. ඊට පස්සෙ පිස්ටන් සිලින්ඩර් බිත්තියෙ ගැටෙන්න ගන්නවා. ඊට පස්සෙ
    පිස්ටන් හිරවෙනවා.

    ඊට පස්සෙ gaskets seal දියවෙන්න පටන්ගන්නවා. අන්න ඊට පස්සෙ ඔයිල් ලීක් වෙන්න පටන්ගන්නවා.
    අධික උෂ්ණත්වයක් එක්ක එන්ජින් ඔයිල් රත්වෙන්න පටන්ගන්නවා. එන්ජින් ඔයිල් රත්වෙනකොට එහි ඇති උකු ගතිය හා
    ලිහිසි ගතිය අඩුවෙලා වතුර වගේ දියාරු වෙනවා. එතකොට මොකද වෙන්න. main bearings, rod bearings,
    camshaft bearings, valve lifters වලට අවශ්‍ය ලිහිසි ගතිය නැතිවෙලා එම කොටස් ඝර්ශණය වෙන්න
    පටන්ගන්නවා. එකෙන් උෂ්ණත්වය තවත් වැඩිවෙනවා. ඒ වගේම ඒ කොටස් damage වෙන්නත් පටන්ගන්නවා.

    ඉතිං කරදර ගොඩයි.
    මුලින්ම කියන්න ඕන මොනදේ වුනත් රේඩියේටර් කැප් එකට නම් අතවත් තියන්න හිතන්න එපා. මොකද එන්ජින් එක හීට් වෙලා තියෙන වෙලාවට කැප් එක ඇරියොත් ගිනියම් වෙච්ච කූලන්ට් එතනින් එළියට විදින්න පුලුවන්. මූණ කට නැති කරගන්න වැඩක් ඉතිං.
    එන්ජිම ඕවර්හීට් වෙන්න පුලුවන් ප්‍රධාන හේතු මොනවද?


    Cooling System Leaks

    Radiator hoses, the radiator, water pump, thermostat housing, heater core, head
    gasket, freeze plugs, automatic transmission oil cooler, cylinder heads and
    block මේ කොහේහරි ලීක් එකක් තියෙනවා නම් එන්ජින් එක ඕවර්හීට් වෙන්න පුලුවන්.


    බාල කූලන්ට් වර්ග යෙදීම

    බාල කූලන්ට් වර්ග හෝ විවිධ කූලන්ට් වර්ග කලවම් කිරීම හෝ කූලන්ට් වතුර සමඟ කලවම් කිරීම නිසා කූලන්ට්
    ක්‍රියාකාරීත්වය අඩුවිය හැක. සමහරවිට කූලන්ට් උකුවිය හැක. එවිට සම්පූර්ණයෙන්ම කූලන්ට් ඉවත්කර නැවත පිරිවීම
    යෝග්‍යවේ.


    Thermostat එක ලෙඩවීම

    Thermostat එක කියන්නෙ heat-sensitive valve එකක්. ඒක එන්ජින් එකේ උෂ්ණත්වයට අනුව valve එක
    ඇරෙනවා වැහෙනවා. වෑල් එක ඇරුනු විට රත්වූ එන්ජින් කූලන්ට් රේඩියේටර් එක හරහා යවන අතර වෑල් එක වැසුනු විට
    සිසිල් කූලන්ට් එන්ජිම සිසිල් කිරීමේ ක්‍රියාවලියේ යෙදෙයි. Thermostat එක ලෙඩවුන විට වෑල් එක දිගටම වැසී ඇති අතර
    රත්වූ කූලන්ට් දිගටම එහි රැඳෙයි.

    කූලන්ට් යන මාර්ග හිරවීම

    මලකඩ, කුණු හා මඩ වැනිදෑ කූලන්ට් යන මාර්ග වල හිරවීමෙන් එන්ජින් උෂ්ණත්වයට අවශ්‍ය කූලන්ට් ගමනාගමනය අඩාල
    වෙන්න පුලුවන්. ගොඩක් වෙලාවට මේක ඉස්සර වාහන වලට වතුර දාපු නිසා වෙච්ච වැඩක්. මොකද වතුර නිසා මලකඩ කෑම
    ඒවගේම වතුරෙ මඩ තිබ්බොත් එවා තැන්පත් වීම නිසා මේක වෙනවා.

    ලෙඩ රේඩියේටරේ

    රත්වුනු කූලන්ට් රේඩියේටරේ ටියුබ් මාලාවක් දිගේ ගිහින් තමයි සිසිල්වෙලා එන්නෙ. ඉතින් ඔය ටියුබ් වලින් ලීක් වෙන්න හරි
    ටියුබ් block වෙන්න හරි පටන්ගත්තොත් කූලින් වැඩේ හරියට වෙන්න නෑ.


    තැම්බුනු හෝ පැලුනු හෝස්

    අපි දන්නවා රස්නෙට රබර් තැම්බෙනවා. ඉතින් නිතර නිතර රත්වුනු කූලන්ට් රබර් හෝස් හරහා යනකොට රබර් හෝස්
    තැම්බෙනවා ඒ වගේම පැලෙන්න ගන්නවා. ඉතින් කූලන්ට් ලීක් වෙනවා.

    ලෙඩ රේඩියේටර් ෆෑන් එක

    ෆෑන් එක තමයි වලට අවශ්‍ය සිසිල් වාතය ලබාදෙන්නෙ. ෆෑන් එක වැනෙනවා නම් හරි ෆෑන් එකෙන් සද්දයක් එනවානම් ෆෑන්
    එක මාරු කරන්න කාලෙ හරි. සමහරවිට ෆෑන් එකට අදාල ෆියුස් එක ගිහින් තිබුනොත් ෆෑන් එක වැඩ කරන්නෙ නැතුව
    යනවා.


    ලිහිල් හෝ කැඩුනු බෙල්ට් එක

    බෙල්ට් එකෙන් තමයි water pump එක කරකවලා දෙන්නෙ කූලන්ට් හරි speed එකෙන් ගමන් කරන්න. ඉතින් බෙල්ට්
    එක ලිහිල් වුනොත් හෝ කැඩුනොත් ඒ speed එක අඩුවෙනවා.

    ලෙඩ Water Pump එක

    Water Pump එක කියන්නෙ cooling system එකේ හදවත. කූලන්ට්
    නිසි වේගයෙන් නිසි පීඩනයෙන් ගමන්
    කරවීමට අවශ්‍ය බලය දෙන්නෙ Water Pump එකෙන්. ඉතින් Water Pump එක ලෙඩවුනා කියන්නෙ මිනිසෙක්ගෙ
    හදවත ලෙඩවුනා වගේ තමයි.
     
    Last edited:

    pradeepn81

    Member
    Dec 27, 2009
    182
    4
    0
    yakkala
    pls help

    machan mage car 1 driving seat ekata yatin wathura watenawa mama eka baluwa wathura bindu godak thibba Ac on karala tikawelawak yanakota wathura watina mokadda karanna one