එන්ජින් ඔයිල් මට්ටම

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    එන්ජින් ඔයිල් මට්ටම



    එන්ජින් ඔයිල් මට්ටම පරීක්ෂා කිරීම සහ නැවත පිරවීම

    මෝටර් රථයක එන්ජින් ඔයිල් මට්මට පරීක්ෂා කිරීමේ දී සහ මාරැකිරීම කිරීමේ දී,මෝටර් රථය සඳහා නිවැරදි එන්ජින් ඔයිල් වර්ගය තිබීම සහ නිවැරදිව ඔයිල් ඩිප්ස්ටික් ගේජ් එක පරික්ෂා කරීම මගින් එන්ජිමට අවශ්‍ය එන්ජින් ඔයිල් ප්‍රමාණය නිසි මට්ටමට ගෙන ඒම අතිශයින් වැදගත් වෙනවා.

    මෝටර් රථයක් නිසි පරිදි නඩත්තු කිරීම සඳහා එහි එන්ජින් ඔයිල් මට්ටම නිතර පරීක්ෂා කිරීම සහ සේවා අතරතුරදී පරීක්ෂා කරීම ඉතා වැදගත් වෙනවා.

    එන්ජින් ඔයිල් මාරැ කිරීමට පෙර මෝටර් රථය සඳහා නිවැරදි එන්ජින් ඔයිල් ඔබ සතුව ඇති බවට වග බලා ගන්න.මෝටර් රථය සඳහා ගැලපෙන ඔයිල් වර්ගය තහවුරු කරගැනීම සඳහා ඔබේ මෝටර් රථයේ ඕනර්ස් මැනුඅල් එක පරීක්ෂාකරන්න හෝ සේවා නියෝජිතයාගෙන් අසා දැනගන්න.

    පියවර 1: මෝටර් රථය සමතලා පැතලි බිමක් මත තිබිය යුතුය.

    එන්ජින් ඔයිල් මට්ටම පරීක්ෂා කිරීම සඳහා මෝටර් රථය නිසි ස්ථානයක පැතලි බිමක් මත නවතා තබා ගන්න.මෝටර් රථය බෑවුමක නම් හෝ ලිෆ්ට් එකක් මත නම් කියවීම් නිවැරදි නොවේ.

    පියවර 2: ඔයිල් ඩිප්ස්ටික් එක පිරිසිදු කරගන්න.

    ඔයිල් ඩිප්ස්ටික් එක ඉවත් කර පිසිසිදු කරගන්න.ඩිප්ස්ටික් එක පිරිසිදු කරගැනීමෙන් පසු නැවත ඩිප්ස්ටික් ගයිඩ් තුලට ඇ‌තුල් කරන්න.

    පියවර 3: ඔයිල් ඩිප්ස්ටික් එක ඉවත් කර නැවතත් පරීක්ෂා කරන්න.

    එන්ජින් ඔයිල් මට්ම නැවත පරීක්ෂා කිරීම සඳහා ඩිප්ස්ටික් එක නැවත ඉවත් කිරීමට සිදුවේ.ඔයිල් ඩිපස්ටික් එකේ තිබිය යුතු ප්‍රශස්ථ ඔයිල් මට්ටම පෙන්වීම සඳහා ඔයිල ඩිප්ස්ටික් එක මත සලකුණු දෙකක් ඇති අතර එන්ජින් ඔයිල් මට්ටම ඩිප්ස්ටික් එකේ ලකුණු කර ඇ‌ති එම මට්ටම් දෙක අතර කොතැනක හෝ තිබිය යුතුය.එන්ජින් ඔයිල් ටම්ටම ඩිප්ස්ටික් එකේ පහල පහළ මට්ටමට(MIN)වඩා අඩු නම් හෝ ඩිප්ස්ටික් එක මත කිසිදු ඔයිල් මට්මටක් නොමැති නම් වහාම අඩු එන්ජින් ඔයිල් ප්‍රමාණය එකතු කර ඔයිල් මට්ටම ඉහළට ගෙන ඒ‌ම කළ යුතුය.

    පියවර 4: අවශ්‍ය ප්‍රමාණයට ඔයිල් පිරවීම

    ඔයිල් පිරවීම සඳහා පුනීලයක් භාවිතා කල හැකි අතර මෝටර් රථය සඳහා නිවැරදි එන්ජින් ඔයිල් භාවිතා කරන බවට වග බලා ගන්න.

    එන්ජිමට අවශ්‍ය ඔයිල් ප්‍රමාණය පිළිබඳ අදහසක් ලබා ගැනීම

    සාමාන්‍යයෙන් මෝටර් රථයට අදාල එන්ජන් ඔයිල් ප්‍රමාණය ඕනර්ස් මැනුඅල්/රෙපයාර් මැනුඅල් මගින් සොයාගත හැකි අතර ඔයිල් ඩිප්ස්ටික් එකේ අවම(MIN) සහ උපරිම(MAX)ඔයිල් මට්ටම් සලකුණු දෙක අතරට අවම වශයෙන් ඔයිල් ලීටරයක් ​​පමණ අවශ්‍ය වන අතර ඔයිල් මට්මට එම සලකුණු දෙක අතර නම් ඔයිල් මට්ටම උපරිම මට්ටම දකවා ගෙන ඒ‌මට සමහර විට ලීටර් 1/2 පමණ අවශ්‍යවේ.

    කොහොමද එනජින් ඔයිල් මට්ටම නිවැරදිව සකස් කරගන්නේ?

    ඔයිල් ඩිප්ස්ටික් එකේ MAX සලකුණ ලඟට 3-4mm ක් විතර පහළට වන තුරැ ඔයිල් පිරවීම කර එන්ජිම එහි ක්‍රියාකාරී උෂ්ණතවයට(සාමාන්‍යයෙන් ඔයිල් ටෙම්පරේච් එක සෙල්සියස් 60-70 දක්වා හෝ කූලන්ට් ටෙම්පරේච් එක සෙල්සියස් 90 දක්වා)අයිඩල් වේගයේ තබන්න.(එන්ජින් ඔයිල් මාරැකරල විගස එන්ජිම රේස් කිරීමෙන් වලකින්න)ඉන්පිසු එන්ජිම අක්‍රීය කර විනාඩි 2 කකට පමණ පසු ඔයිල් මට්ටම පරීක්ෂා කර බලන්න.ඔයිල් මට්ටම එක MAX සලකුණ මත හෝ ඒ‌ ආ‌සන්නයේ නම් යින් අදහස් කරනුයේ එන්ජින් ඔයිල් මට්ටම නිවැරදි බව වන අතර ඔයිල් මට්ටම ඩිප්ස්ටික් එකේ මැද භාගයේ හෝ MAX සලකුණට පහලින් නම් MAX ලෙවල් එකට හෝ ඊට ආ‌සන්න වන තෙක් අඩු මට්ටම නැවත පිරිවීම සදුකරන්න.ඉලෙක්ට්‍රොනික් ඩිජිටල් ඔයිල් ගේජ් එකක් සහිත මෝටර් රථයක් නම් ඒ‌ කියන්නේ ඔයිල ඩිප්සටික් ගේජ් එකක් නැති වාහන වල එන්ජිමට අල්ලන ඔයිල ප්‍රමාණය වඩා මදක් අඩුවෙන්(උදා:එන්ජිමට ඔයල් ලීටර් 5 ක් අවශ්‍ය නම් ලීටර් 4.8 ක් පමණ )පිරවීම කර ඉහත සඳහන් ආ‌කාරට එන්ජිම ක්‍රියාකරී උෂ්ණත්වයට පැමිණෙන තැරැ රත්වමට හැර ඉග්නිෂන් ඔන් කර මද වෙලාවකට පසු(සාමාන්‍යයෙන් විනාඩි දෙකක්)ඔන්බෝර්ඩ් කොම්පියටරය මත හෝ ෆර්න්ට් ඩිස්පලේ එක මත ඔයිල් මට්ටම දක්වන අතර ඔයිල් මට්ටම MAX සලකුණ වඩා අඩුයි නම් ඔයිල් මට්ටම MAX මට්ටම දක්වා ගෙන ඒ‌මට අඩු ඔයිල් ප්‍රමාණය පුරවන්න.එවැනි සමහර මෝටර් රථ වල ඔයිල් මට්ටම් MAX මට්ටමට වඩා වැඩි වුවහොත් " Reduce oil Level " ලෙසට කෙට් පණිවුඩයක් අකාරයට දන්වන අතර එන්ජින් ඔයිල මට්ටම MIN සලකුණට හෝ ඊට වඩා අඩු වුවහොත් ඔයිල් මට්ටම ප්‍රශස්ථ අගයකට ගෙන එන ලෙස ද කෙට් පණිවුඩයක් ඔන් බෝර්ඩ් කොම්පියුටරය මත හෝ ඉදිරි ඩිස්ප්ලේ යුනිට් එක මත පෙන්නුම් කරනවා.

    එන්ජිමකට වැඩි පුර ඔයිල් දාන්න එපා කියලා කියන්නේ ඇ‌යි?

    එකට හේතුව තමයි ක්‍රෑන්ක් ශාෆ්ට් එක කරකැවීමේ දී ඔයිල් සම්ප් එකේ තියෙන වැඩි පුර ඔයිල් කැලතීම නිසා පෙන කැටි(foams)ඇ‌තිවීම.මෙන්න මේ පෙන කැටි ඔයිල් මාර්ගවල හිරවෙලා එන්ජිමේ ක්‍රියාකාරී යාන්ත්‍රික කොටස් අතර නියමිත ඔයිල් පටලයක් පවත්වාගෙනයාමට අපහොසත්වීම/ලුබ්රිකේෂන් නොවීම නිසා එන්ජිමට බරපතල හානි ඇ‌තිවීම.ඒ වගේම තමයි එනජින ඔයිල් අවම මට්ටමට(MIN)වඩා අඩුවීමත් නිසාත් එන්ජින් ලුබ්රිකේට් කොටස් වලට ලැබෙන ඔයිල් පීඩනය අඩු වීම නිසා එන්ජින්මේ ක්‍රියාකාරී යාන්ත්‍රික කොටස් වලට හානි වෙනවා.අනිත් එක තමයි වැඩි පුර ඔයිල් එන්ජිමේ දහන කුටීරය හරහා එක්සෝස්ට් සිස්ටම් එකට ඇ‌තුල් වීම නිසා කැටලික් කන්වටරය බ්ලොක්වීම සහ ඔයිල් සීල් වලින් ලීක්වීම ආ‌දියට හේතුවක් වෙනවා.මෙවැනි බොහෝ කරැණු මෝටර් රථයට අදාල සර්විස් මැනුඅල්/ඕනර්ස මැනුඅල් එකේ පැහැදිලිවම සඳහන් වෙනවා.ඒ‌ වගේම එන්ජින් ඔයිල් ප්‍රමාණය ඉක්මවා පිරවීම නොකරන ලෙස එන්ජින් බේ එක ඇතුලේ වර්නින් ලේබල් එකක් අලවලා තියෙනවා.

    එන්ජිමට අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි පුර ඔයිල් පුරවා ඇ‌ත්නම්
    ඔයිල් ඩිප්ස්ටික් ටියුබ් එක හරහා ඔයිල් සකර් එකක් මගින් හෝ නැවත සම්ප් නට් එක හරහා ඉවත් කිරීමට හැකිය.

    එනජින් ඔයිල් මාරැ කිරීමට අවශ්‍ය වන විට දනගන්නේ කොහොමද?

    අවසන් වරට එන්ජින් ඔයිල් මාරැ කිරීම සිදුකල කාලය අමතක නම්/සේවා විස්තර නොමැති නම්,එන්ජින් ඔයිල් වල වර්ණය කලු හෝ ඝණකම් නම්,එන්ජිම සාමාන්‍ය තත්ත්වයට වඩා ශබ්දය වැඩි නම්,චෙක් එන්ජින් වර්නින් ලයිට්/සර්විස් ඉන්ඩිකේටර් වර්නින් ලයිට් පත්තුවෙනවා නම් එන්ජින් ඔයිල් නිතර නිතර පිරවීමට සිදුවෙනවා නම් සහ ඉක්මනින් ඔයිල් අඩු වෙනවා නම් බොහෝ විට එන්ජින් ඔයිල් පරණ වී අති අතර ඔයිල් මාරැ කිරීම කල යුතුය.

    කිසිවිටෙක් එනජින් ඔයිල් වැඩි පුර නොදැමිය යුතු අතර හැම විටක දීම ඉහත සඳහන් ආ‌කාරය එන්ජින් ඔයිල් මට්මට නිවැරදිව සකසා ගන්න.

    (චන්ද්‍රසිරි ජයවික්‍රම විසිනි)

    21/09/2017
     
    • Like
    Reactions: mmrizmy