එන්නත් හොරු!

chimpy

Active member
  • Dec 5, 2010
    196
    51
    28

    එන්නත් හොරු!

    ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නොමිලේ ශ්‍රී ලංකාවට ලබාදෙන ලද නව ඉන්ෆ්ලුවෙන්සා රෝගය වැළැක්‌වීම සඳහා භාවිත කරන එන්නත් තොගයක්‌ රෝහල්වලින් හොර රහසේ පිටමංකර අලෙවි කරන බව කියෑවෙන පුවතක්‌ "දිවයින" ඇතුළු තවත් මාධ්‍ය කීපයකින්ම අනාවරණය කර තිබිණි. මෙම එන්නත් ප්‍රමාණය ලක්‍ෂ පහළොවක්‌ පමණ වන බවත් එක්‌ එන්නතක වටිනාකම ඇමරිකානු ඩොලර් 100 ක්‌ (රු. 10,400 ක්‌ පමණ) බවත් එහි දැක්‌විණි.

    රජයේ රෝහල්වලට හා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලවලට පමණක්‌ ලබාදුන් එම එන්නත පෞද්ගලික රෝහල්වලට හෝ ආයතනවලට ලැබුණේ කෙසේද යන්න පිළිබඳ දැනටමත් සෞඛ්‍ය අමාත්‍යාංශය පරීක්‍ෂණ ආරම්භ කර තිබෙන බවද කියති. ඒ කුමක්‌ වුවත් මෙම හොරකම බරපතල ෙද්‍රdaහී ක්‍රියාවක්‌ මෙන්ම විලිලැඡ්ජා නැති හොරකමක්‌ බවද අපගේ අදහස ය.

    අප එසේ කියද්දී "එහෙනම් හොඳ හොරකමුත් තිබේදැයි" කෙනෙක්‌ ඇසීමට බැරි නැත. හොරකම යනු සහමුලින්ම විලිලැඡ්ජා නැති වැඩකි. එහි කිසිදු යුක්‌ති සහගත හෝ සාධාරණ පදනමක්‌ නැති බව අපි හඟිමු. එසේම හොරකම යනු කවර සමාජයක්‌ විසින් වුවද ගර්හාවට ලක්‌ කරනු ලබන්නකි. බෞද්ධයන්ගේ පංචශීල ප්‍රතිපදාවේ ද මුලින්ම සඳහන් වන්නේ ද අදත්ථාදානය හෙවත් හොරකමෙන් වැළකිය යුතු බව ය.

    බුද්ධකාලීන සමාජයේ ද හොරු සිටියහ. ඊටත් පෙර සිට මානව ශිෂ්ටාචාරයේ මුල්ම අවදිවලදීත් හොරකම තිබුණු බව අපගේ අදහස ය. එහෙත් සමාජයේ යහ පැවැත්මට බාධා වන සමාජ විරෝධී අපරාධයක්‌ ලෙස හොරකම හැඳින්වෙන අතර හොරුන්ට දඬුවම් දීමේ නීති ද සම්පාදනය කර තිබේ. හොරකමේ වර්ධනීය අවස්‌ථාවක්‌ ලෙස මංකොල්ලය හැඳින්විය හැකි ය. අද එය ජාත්‍යන්තරව ව්‍යාප්තව තිබෙන උවදුරක්‌ බවද කිව යුතු ය.

    කෙසේ හෝ හොරු ද හොරුන්ගේ හොරු ද සුලබව සිටිති. හොරා යුක්‌තියක්‌, ධර්මයක්‌, නීතියක්‌ නොතකන අධමයෙකි. බඩගින්න ඉවසාගත නොහැකිව බුද්ධ පූජාව හොරෙන් කන එකා අහිංසක හොරෙක්‌ වුවද සිංහල බෞද්ධ සමාජය ඒ ක්‍රියාව ද පිළිකුලෙන් සලකන්නකි.

    මේ තතු අනුව මේ රටේ දුගී දුප්පත් ජනතාව අතර පැතිර යා හැකි වසංගත රෝගයක්‌ වළක්‌වාලීමේ සද් ෙච්තනාවෙන් ලබාදුන් බෙහෙත් තොගයක්‌ සොරාගැනීම මොනතරම් අලඡ්ජි වැඩක්‌ද? මේ සොර මුළ රෝහල් පද්ධතිය තුළ මෙන්ම වෙනත් බොහෝ තැන්වලද සිටිනු විය හැකි වෙති. කල් යල් බලා යම් ප්‍රමාදයක්‌ දුටු වහාම සොරකම් කිරීම ඔවුන්ගේ පිළිවෙළ ද විය හැකි ය.

    මේ තක්‌කඩි හොරුන් විසින් සිය කුණු බඩ සඳහා මෙන්ම වෙනත් සුඛවිහරණ සඳහා ද මේ ජාතික අපරාධය කර තිබෙන බව නිසැක ය. රෝගීන්ට හිමිවිය යුතු දේවල් මෙන් ම අසරණයන්ට හෝ විපත්වලට පත්වූ අයට දෙන දේවල් ද ගසා කන ශූර චෞරයෝ මේ රටේ සිටිති.

    ගංවතුර සහනාධාරයේ සිට හැම සහනාධාරයක්‌ම ගසා කන හොරු සිටිති. දුප්පතුන්ට දෙන සෙවිලි තහඩු සොරාගත් දේශපාලන හොරු ද වූහ. එහෙව් රටක මේ බෙහෙත් ඖෂධ හොරා ගැනීම මොන කඡ්ජක්‌ද? එහෙත් මේ හොර වාර්තාව දැන ගන්නා ලෝක සෞඛ්‍ය සංවිධානය කුමක්‌ සිතනු ඇද්ද?

    මේ වර්ගයේ හොරකම් ඉතා සැලසුම් ගතව සිදු කළ යුතු දේවල් ය. මේ හොරකම පසුපස විවිධ චරිත තිබිය හැකි බව අමුතුවෙන් කිව යුතු නැත. එහෙත් හොරා යනු හොරාම ය. කලිසම් කෝට්‌ ටයි කබා ඇඳ පැළඳ සිටියත් සරම හා කමිසය ඇන්දත් හොරා පව්කාර අධමයෙකි.

    බොහෝවිට සොර දෙටුවෝ නිදහස්‌ වෙති. සොරකම්වලදී බහුලව දඬුවම් ලබන්නෙත් සුළු චරිත ය. දේශපාලනය ඉස්‌සර වුවහොත් හොරුන්ගේ අම්මලාගෙන් නොව හොරුන්ගෙන්ම වුවද පේන ඇසීමට සිදුවන අවස්‌ථා ද වේ. එහෙත් සුව සේවය නිරෝගී කිරීම සඳහා සද්භාවයෙන් ම කැපවී සිටින මෛත්‍රිපාල සිරිසේන ඇමැතිතුමා අපගේ මෙන්ම රටේ ද විශ්වාසයට, ගෞරවයට පාත්‍ර වූ දේශපාලනඥයෙකි.

    මෛත්‍රිපාල ඇමැතිතුමා කර ගැසුවේ කුණු වෙමින් තිබුණු සෞඛ්‍ය සේවය නමැති පංචස්‌කන්ධයකට ය. හිසේ පටන් දෙපතුළ දක්‌වාම අට අනූවක්‌ රෝග තිබුණු සුව සේවයකට ය. අදත් එතුමා සිය යහපත් පැහැපත් සුව සේවයක්‌ බවට පෙරළීමට නොගන්නා දුකක්‌ නැති බවද අපි දනිමු. එහෙත් මේ හොරුන් තවමත් සුවසේ සිටින බව අපට පෙනේ.

    රෝ බිය සමග සොර බිය ද එක්‌වූ විට සෞඛ්‍යයට යන කල දවස ගැන අමුතුවෙන් කිවයුතු නැත. අපේ රෝහල්වල තිබෙන බෙහෙත් හිඟය ඇතුළු විවිධ අඩුපාඩු ගැන ද තවමත් ඇසෙයි. එමගින් නොමිලේ දෙන බෙහෙත් ඖෂධ පවා පිල්ලි ගසන වාතාවරණයක්‌ තිබීම නම් කිසිසේත් යහපත් නොවේ. ඇමැතිතුමා මේ පිළිබඳ සොයා බලා සොරුන්ට දඬුවම් දෙන තෙක්‌ රටම විමසිල්ලේ සිටින බව පමණක්‌ අපි කියමු.


     

    chimpy

    Active member
  • Dec 5, 2010
    196
    51
    28
    මෛත්‍රිපාල සිරිසේන ඇමැතිතුමා අපගේ මෙන්ම රටේ ද විශ්වාසයට, ගෞරවයට පාත්‍ර වූ දේශපාලනඥයෙකි.
    මෛත්‍රිපාල අගැමති වුනානම් හොඳයි.:baffled: