*එන්නත ලබා දුන් සියලුම පුද්ගලයින් වසර 2 ක් තුළ මිය යනු ඇත * - මේක ඇත්තද??

Ravana21

Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    සිංහල වෙදකමට ධම්මික පැණියට මඩගහපු එවුන්ට දිට්ටදම්මවේදනීය කර්මයට මුහුණ දෙන්න ලෑස්ති වෙයල්ලා..මමනම් ඕවා ගහගත්තේ නෑ .. :lol:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    :lol: ah bn dammika paniya wageda ethakota me vaccines hadalath thiyenne?

    Yes that is why we paid $15 a vaccine when the price given for Bangladesh was only $10 per vaccine.
    do not spread fake news spread the truth that show corruption in Sri Lanka compared with a more corrupt country like Bangladesh(sri lanka 99 , Bangladesh 157 see https://risk-indexes.com/global-corruption-index/

    is this true?
    ------ Post added on May 30, 2021 at 10:50 AM
     

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    *එන්නත ලබා දුන් සියලුම පුද්ගලයින් වසර 2 ක් තුළ මිය යනු ඇත * - මේක ඇත්තද??

    නොබෙල් ත්‍යාගලාභී ලූක් මොන්ටැග්නියර් (Luc Montagnier) විසින් ඕනෑම ආකාරයක COVID එන්නතක් ලබා ගත් පුද්ගලයින්ට දිවි ගලවා ගැනීමට අවස්ථාවක් නොමැති බව තහවුරු කර තිබේ. කම්පන සහගත සම්මුඛ සාකච්ඡාවේදී, ලෝකයේ ඉහළම වෛරස් විද්‍යාඥයා හිස් බැල්මෙන් කියා සිටියේ, බලාපොරොත්තුවක් නොමැති බවත්, දැනටමත් එන්නත් ලබා ඇති අයට ප්‍රතිකාර කළ නොහැකි බවත්ය. සිරුරු දහනය කිරීමට අප සූදානම් විය යුතුයි. "එන්නතෙහි සංඝටක අධ්‍යයනය කිරීමෙන් පසු අනෙකුත් ප්‍රවීණ වෛරස් විද්‍යාඥයින්ගේ ප්‍රකාශයන්ද විද්‍යාත්මක සහායක් දැක්වීය.
    "ඔවුන් සියල්ලෝම ප්‍රතිදේහ මත යැපෙන වැඩි දියුණු කිරීම් වලින් මිය යනු ඇත. ඊට වඩා දෙයක් කියන්න බැහැ."

    “එය විශාල වැරැද්දක්, එහෙම නේද? විද්‍යාත්මක දෝෂයක් මෙන්ම වෛද්‍ය දෝෂයකි. එය පිළිගත නොහැකි වැරැද්දක් ”යැයි මොන්ටැග්නියර් ඊයේ ඇමරිකා එක්සත් ජනපදයේ RAIR පදනම විසින් ප්‍රකාශයට පත් කරන ලද සම්මුඛ සාකච්ඡාවකදී පැවසීය. "ඉතිහාස පොත්වලින් එය පෙන්වනු ඇත, මන්ද එම එන්නත නිසා වෙනත් ප්‍රභේද නිර්මාණය වේ."

    බොහෝ වසංගත රෝග විද්‍යාඥයින් එය දන්නා අතර “ප්‍රතිදේහ මත යැපෙන වැඩි දියුණු කිරීම්” ලෙස හඳුන්වන ගැටලුව ගැන “නිහඬව” සිටිති.

    https://www.lifesitenews.com/news/n...eptable-mistake-that-is-creating-the-variants

    https://en.m.wikipedia.org/wiki/Luc_Montagnier
    මුන් වගේ ඉන්ටෙර්නෙට් එකේ තියෙන ඕනෙම බොරුවක් විස්වාසකරලා , එක අනික් මිනිස්සුන්ටත් කියන මේ වගේ ගොන් හරක් ඉන්නකම් ලංකාවට අබ සරණයි
     

    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    නොබෙල් තෑග්ග හම්බුණ ඔය සුදු ඩොකා කියලා තියන ඒවා මේ දූපතේ අපි පිලිගන්න ඔනේ නෑ. ඔය ඩොකා ඩිග්‍රිය අරන් තියෙන්නේ ආණ්ඩුවේ වියදමින් පිනට නෙමේ.. උපාධි කඩයකින්.. :rolleyes:අපි පිලිගන්න ඔනේ මෙහෙ ඩොක්කු කියන බේගල් විතරයි
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,571
    22,268
    113
    Gotland
    this could be a mind game


    වැක්සින් ගත්ත උන් උඹලගේ තරහකාරයෝ ඉන්නවා නං කෙලින්ම ෂොට් එක දියල්ල තව මාස 20ක් විතර බලල
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,669
    100,952
    113
    නොබෙල් තෑග්ග හම්බුණ ඔය සුදු ඩොකා කියලා තියන ඒවා මේ දූපතේ අපි පිලිගන්න ඔනේ නෑ. ඔය ඩොකා ඩිග්‍රිය අරන් තියෙන්නේ ආණ්ඩුවේ වියදමින් පිනට නෙමේ.. උපාධි කඩයකින්.. :rolleyes:අපි පිලිගන්න ඔනේ මෙහෙ ඩොක්කු කියන බේගල් විතරයි
    ඒ මනුස්සය කියල තියෙන දේවත් කියවල බැලුවෙ නෑ නේ ටයිටල් එක විතරයි නේ කියෙව්වෙ.
     
    • Like
    Reactions: Didy

    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    ඒ මනුස්සය කියල තියෙන දේවත් කියවල බැලුවෙ නෑ නේ ටයිටල් එක විතරයි නේ කියෙව්වෙ.
    මොකෝ නැත්තේ.. නොබෙල් තෑගි ගත්ත මිනිස්සුන්ටත් අභියෝග කරන අය මේ දූපතේ ඉන්නේ.:LOL:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,669
    100,952
    113
    මොකෝ නැත්තේ.. නොබෙල් තෑගි ගත්ත මිනිස්සුන්ටත් අභියෝග කරන අය මේ දූපතේ ඉන්නේ.:LOL:
    ඌ කියන්නෙ මොකද්ද කියපන්කො.
     
    • Like
    Reactions: Didy

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    දැන් අපි විස්තර කතා කරමු.ඇත්තටම භය වෙන්න එපා... ඒ අනතුර ගැන හොඳට පරීක්ෂණ කරල තමයි වැක්සීන් එක ජනතාවට ලබා දීල තියෙන්නෙ...
    එතකොට මොකක්ද මේ එතුමා කියන්නෙ
    ඒ කියන්නෙ "ADE ~ Antibody Dependant Enhancement" ගැන
    ✅
    ADE කියන්නෙ, ප්‍රතිදේහ නිසා ඇති වන වෛරසය ආසාධනය වීමේ ඉහල නැඹුරුවක්....
    සරලවම කියනව නම්, වැක්සීන් එකක් විද්ද කෙනෙක්ට හෝ කලින් එම රෝගය ආසාධනය වුන කෙනෙක්ට, නැවත රෝගය ආසාධනය වීමේ දී ඉතා අසාධ්‍ය වෙන්න පුළුවන් කියන එක...
    ✅
    මේක ගොඩක් වෙලාවට වෙන්නෙ, වෛරසයේ නව ප්‍රභේද ඇති වීම නිසා...
    ✅
    අපිට ගන්න පුළුවන් හොඳම උදාහරණය තමයි. ඩෙංගු වෛරසය...
    ✅
    මේ දින වල නැවත හිස ඔසවමින් තිබෙන පරණ හතුරෙක්...
    ✅
    මේ වෛරස් එකේ ප්‍රභේද 4 ක් තියනව.
    DENV-1, DENV-2, DENV-3 සහ DENV-4 විදිහට...
    ✅
    ඩෙංගු රෝගය පළමු වර හැදෙන කෙනෙක්ට, ඒ තරම් අමාරුවක් එන්නෙ නෑ... සමහර අයට සුළු උණ ගතියක් එක්ක නිකම්ම සනීප වෙනව... රෝහල් ගත වෙලා, අමාරු වෙන්න තියන ඉඩ කඩ අඩුයි...
    ✅
    අපේ ප්‍රතිශක්තිය නිසා, වෛරස් එක අඩපණ වෙනව...
    ඒ වගේම තමයි, ප්‍රතිදේහ හදල පස්සෙ ආවොත් පහර දෙන්න සූදානම් වෙනව...
    ✅
    ඩෙංගු වලදි ඔතන තමයි ප්‍රශ්ණෙ තියෙන්නෙ...
    අපි හිතමුකො DENV-1 මුලින් හැදුන කියල. ඒකට අපේ ඇඟෙන් හදනව ඇන්ටිබොඩි/ ප්‍රතිදේහ. ලෙඩෙත් අමාරුවක් නැතුවම සනීප වෙනව.
    මේ විදිහට ඇන්ටිබොඩි තියන කෙනෙක්, ආයෙත් කාලයක් ගිහින්, DENV-2 වෛරස් ප්‍රභේදයට නිරාවරණය වෙනව.
    එතකොට එයාගෙ, ප්‍රතිශකිති පද්ධතියෙ තියන මතකය වෛරසය අඳුරගන්නව...
    ✅
    හැබැයි DENV-1 හැදුනු ප්‍රතිදේහ, DENV-2 ට එරෙහිව සටන් කරන්නෙ නෑ...
    ✅
    එයා ඒ වෙනුවට, වෛරස් එකේ බැඳිල වෛරස් එක ආරක්ෂා කරනව... අපේ ඇඟේ සෛල වලට පහරදෙන එකට උදව් කරනව... සරලවම කිව්වොත් පාවා දෙනව...
    ✅
    කලින් හැදුනු ප්‍රතිදේහ තියන නිසා, අළුතින් ඒකට විරුද්ධව ප්‍රතිදේහ හදන්න ලොකු උත්සහයක් දරන්නෙත් නෑ...
    ✅
    ඒ අතරෙ, වෛරස් එක ඇඟට ආව කියන පණිවුඩේට, සයිටොකයින් එහෙම ක්‍රියාකාරීවෙලා, ඒව රුධිර නාල මත එහෙම ක්‍රියා කරල, ඒ රෝගියාව ඩෙංගු රක්තපාතය තත්වයටම පත් කරනව...
    ✅
    මේ තරම් වෛරස් එක දරුණු වෙන්නෙ, කලින් ඇඟේ තිබුනු ප්‍රතිදේහ වල උදව්වෙන්...
    ✅
    ඩෙංගු හැදිල අමාරු වෙන ගොඩක් අයටම වෙන්නෙ ඕක...
    ♦️
    ♦️
    ♦️
    අනික් කාරණය තමයි, ඩෙංගු NS1 antigen පරීක්ෂාවෙ සාර්තකත්වය, පළමු ආසාදනයේදී 90% ක් විතර වෙනව... දෙවනි වර හැදුනම 60% විතර වෙනකල් අඩු වෙනව... මේක නිසත්, ඩෙංගු තහවුරු කරන්න අපහසු වෙනව... මේක නම් අර සංසිද්ධියට අදාල නෑ. දැනගන්න කිව්වෙ... සමහරු ඩෙංගු ඇන්ටිජන් එක බලල නෙගටිව් කියල, ඩොක්ටර්ටත් පෙන්නන්න යන්නෙ නැතුව, උණ වැඩි වෙලා අමාරු වෙනකල් ගෙදරම ඉන්නව නෙ... ඒ නිසා දැන ගන්න කිව්වෙ... NS1 antigen නෙගටිව් වුනාට ඩෙංගු වෙන්න අවස්ථාව තියනව.
    ✅
    මම දන්න විදිහට, ඩෙංගු වලට එන්නතක් තවමත් සාර්ථක වෙලා නෑ...
    පරීක්ෂණ කරපු ඒවගෙත්, මම මේ කියපු ප්‍රශ්නයම ඇවිත් තියනව...
    ✅
    කොරෝනා වලට හදපු එන්නත්, මූලික පරීක්ෂණ සමත් වෙලා, සතුන් සහ වෛරසයේ විවිධ ප්‍රභේධ යොදාගෙන ADE සඳහා කරපු පරීක්ෂණ වලින් තහවුරු කරගෙන තියනව, මේ COVID 19 වෛරසයේ, එවැනි, වෛරසයට හිතකර ප්‍රතිදේහ නිපදවීමක් සිදුවෙන්නෙ නැති බව...
    ✅
    ලූක් මොන්ටැග්නියර් මහතා කියන්නෙ, එවැනි අනතුරු දායක තත්වයක්, එන්නතක් නිපදවීමේ දී තිබෙන බව...
    එසේ වුවහොත්, ප්‍රතිදේහ වල උදව්වෙන්, වෛරසය හැදිල එන්නත ලබාගත්තු අය අවුරුදු දෙකක් ඇතුලත මියයන බව...
    ✅
    ඒත් අද වන විට ලබා දීල තියන එන්නත් ප්‍රමාණය සහ, ඒවාගේ සාර්ථක භාවය පරීක්ෂණාත්මකව ඔප්පු කිරීම නිසා මෙයට කිසිසේත්ම භය විය යතු නෑ...
    ✅
    අහිංසක අපේ මරණ භයත් මාකටින් කරන සමාජයක් මේක...
    ✅
    සමාජ මාධ්‍ය වල තොරතුරක් සංසරණය වුන ගමන්, නිකම් බොරුවට භය නොවී, ඇත්ත නැත්ත හොයල බලන්න...
    ✅
    එන්නත් විදින එක ගැන මිනිස්සුන්ගෙ ආකල්පෙ වෙනස් වෙන එක, සමහරු වාසියකට ගන්නත් බැරි නෑ... සමහරක් හොඳේ...
    කොටසක් ශෙහාන් සාරංග සහෝදරයාගෙන් උපුටා ගන්න ලදී..මා වෛද්‍ය විද්‍යව පිලිබද විශේෂඥක් නොවේ.වැරදි ඇත්නම් නිවැරැදි කරන්න..
    -ඉස්සුවෙ බුකියෙන්-
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,262
    5,122
    113
    Loading...
    වැක්සින් එක නිසාම මැරෙනවා කියලා නෙමෙයි නේද කියන්නෙ. වැක්සින් එකේ පවර් එක තියෙන්නෙ අවුරුද්ද හෝ මාස 6 නෙ. වයිරස් එක වෙනස්වෙවී අලුත් වයිරස් ප්‍රභේද එන නිසා ඉදිරියට, ඒවා බෝ වෙන්න පුලුවන්. කිසිම වැක්සින් එකක් හෝ විදපු වැක්සින් සපෝට් කරන්නෙ නැති වෙන්න පුලුවන් ඒ අලුත් වයිරස් වලට. සමහර විට වැක්සින් නිසා අතුරු ආබාධ ඇවිත් විදපු උන්ට කෙළවෙන්නත් බැරි නැහැ. කොහෙන් ගියත් බර ගාණක් මැරෙයි.
     
    • Like
    Reactions: tharinduncc

    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    ඌ කියන්නෙ මොකද්ද කියපන්කො.
    ඌ කියන ඒවා පිලිගන්න බෑ.පිලිගන්නනම් ඔය කියන ඒවා දෑහින් දකින්න ඇමරිකාවේ/ප්‍රංශේවත් ඉන්න ඔනේ. :rolleyes:

    ✅
    ලූක් මොන්ටැග්නියර් මහතා කියන්නෙ, එවැනි අනතුරු දායක තත්වයක්, එන්නතක් නිපදවීමේ දී තිබෙන බව...
    එසේ වුවහොත්, ප්‍රතිදේහ වල උදව්වෙන්, වෛරසය හැදිල එන්නත ලබාගත්තු අය අවුරුදු දෙකක් ඇතුලත මියයන බව...
    ✅
    ඒත් අද වන විට ලබා දීල තියන එන්නත් ප්‍රමාණය සහ, ඒවාගේ සාර්ථක භාවය පරීක්ෂණාත්මකව ඔප්පු කිරීම නිසා මෙයට කිසිසේත්ම භය විය යතු නෑ...
    ✅
    අහිංසක අපේ මරණ භයත් මාකටින් කරන සමාජයක් මේක...

    කොටසක් ශෙහාන් සාරංග සහෝදරයාගෙන් උපුටා ගන්න ලදී..මා වෛද්‍ය විද්‍යව පිලිබද විශේෂඥක් නොවේ.වැරදි ඇත්නම් නිවැරැදි කරන්න..
    -ඉස්සුවෙ බුකියෙන්-
    1)මැරෙන්නේ අවුරුදු දෙකකින් නම් අවුරුදු 2ක් පිරෙන්න කලින් එන්නත සාර්ථකයි කියලා කියන්නේ කොහොමද ?
    2)කිරිපිටි,වස පොහොර,වසතෙල්,ෆාම් ඔයිල් ,වස එලවලු පලතුරු මාකට් කරලා ඒවා කාපු උන් මලාම ඒ මාකටින් කමක් නැද්ද ?

    ------ Post added on May 31, 2021 at 7:57 AM