එබෝලා ::: මොකක්ද මේ අලුත් ලෙඩේ - :(

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    එබෝලා ::: මොකක්ද මේ අලුත් ලෙඩේ - :(

    ebola2.gif

    එබෝලා වෛරසය ඉලෙක්ට්‍රෝණ අණ්වීක්ශයකින් පෙනෙන ආකාරය

    Ebola virus disease (EVD) නැතිනම් Ebola hemorrhagic fever (EHF) යනු වෛරස් මගින් හටගන්නා මාරාන්තික රක්තපාත උණකි. එබෝලා රක්තපාත උණ ඇති කරන වෛරස් 4ක් මේ වනවිට හඳුනාගෙන ඇත. Bundibugyo virus (BDBV), Sudan virus (SUDV), Taï Forest virus (TAFV), Zaire Ebola virus (ZEV) යනු එබෝලා රක්තපාත උණ ඇති කරන වෛරස් වර්ග 4යි. එබෝලා රක්තපාත උණ බෝවීම සඳහා එම වෛරසය ආසාදිත වූයෙකුගේ ශාරීරික තරල (ලේ, කෙළ, සෙම්/සොටු, ශුක්‍රාණු/යෝනි තරල ) ස්පර්ශවී ශරීරයට වෛරසය ඇතුළුවීම මගිනි. වෛරසය ආසාදිතයෙකු භාවිතකල එන්නත් කටු මගින්, ආසාදිත රුධිරය පාරවිලයනය මගින්ද මෙය බෝ විය හැක.

    ebola%20outbreaks.jpg

    කොන්ගෝව, උගැන්ඩාව, ගැබෝන්, ලයිබීරියාව, අයිවරි කෝස්ට් වැනි අප්‍රිකාවේ දුගී රටවල්වල කලින් කලට වසංගතයක් මෙන් පැතිරෙන එබෝලා රෝගයේ ප්‍රධාන වෛරස ගබඩාව (virus reservoir) වවුළන් බවට විද්‍යාඥයින් විසින් හඳුනාගෙන ඇත. වවුලන් රෝගවාහකයන් ලෙස සිටින මෙම වෛරසය මිනිසාට පැතිරෙන්නේ බොහෝවිට අප්‍රිකානු රටවල වවුල් මස් හා වෙනත් වන සතුන් ආහාරයට ගැනීම මගිනි. වවුල් මස්වලින් මෙම වෛරසය කෙලින්ම මිනිස් සිරුරට ඇතුලුවිය හැකි අතර ඊට අමතරව වවුලන් විසින් බාගෙට කා අතහරින පලතුරු ආහාරයට අගන්නා වඳුරන්, ගෝරිල්ලන් වැනි සතුන්ටද මෙම වෛරසය ඇතුලුවෙයි. අප්‍රිකාවේ වඳුරු මස් ප්‍රණීත දඩමසක් ලෙස සැළකෙන අතර ආසාදිත වඳුරන් මස් කරද්දී හා හොඳින් නොපිසූ ආසාදිත මස් ආහාරයේදී එබෝලා වෛරසය ශරීරගත විය හැකිය.

    ebola_path.jpg

    • එබෝලා රෝග ලක්ශණ

    වෛරසය ශරීරගත වී දින 7-9 ගතවන විට
    උණ, හිසරදය, දැඩි මස්පිඩු වේදනාව

    වෛරසය ශරීරගත වී දින 10 ගතවන විට
    තදින් උණ ගැනීම, ලේ වමනය, තෝන්තු ගතිය

    වෛරසය ශරීරගත වී දින 11 ගතවන විට
    මොළයේ අභ්‍යන්තර ලේ ගැලීම්, නාසයෙන්, ඇස්වලින්, කටින් ලේ පිටවීම, සමේ ලේ ගෙඩි හටගැනීම

    වෛරසය ශරීරගත වී දින 12 ගතවන විට
    සිහිසුන් වීම, දැඩි අභ්‍යන්තර ලේ වහනය, මරණය

    1609487_ebola-virus-affected-viewnigeria_jpege450ea53c311aed0f6e3b74711d67b9f

    1609486_ebola-virus-victims-viewnigeria_jpegfd1e20e5fa69dbba3ec722e90e495ea1

    2014 බටහිර අප්‍රිකානු එබෝලා වසංගත තත්වය

    මෙම වසංගතය ආරම්භ වී ඇත්තේ බටහිර අප්‍රිකානු රටක් වන ගිනී රාජ්‍යයේය. 2013 දෙසැම්බරයේ ව්‍යාපතිය ඇරඹී ඇති මෙය පිලිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය දැනුවත් වන්නේ 2014 මාර්තුවේදීය. ඒ වනවිට වසංගතය ලයිබීරියාව, සියෙරා ලියෝන් හා නයිජීරියාව දක්වා පැතිර ගොස් තිබුණි. 1976දී එබෝලා වෛරස් රෝගය හඳුනාගැනීමෙන් පසු ඇතිවී විශාලතම එබෝලා වසංගතය මෙයයි.

    2014 අගෝස්තුව වන විට මෙම වසංගතයෙන් 1229 මියගොස් ඇති බව වාර්තා විය.

    Code:
    http://vidya-gaweshana.blogspot.com/2014/08/blog-post_20.html
     
    Last edited:

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    ඔය මුල් pic එක නිකන් නයෙක් වගේනේ බන් "ප"යන්නත් තියනවා
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    ඕව මිනිස්සු ඉල්ලන් කන සම්බෝල. විශේෂයෙන් අප්‍රිකාවේ මිනිස්සු, උන්ගේ අධ්‍යාපනයේ අඩුව හා ආකල්ප නිසා.

    මේ තියෙන්නේ ඔය Obela outbreak එක එන්න මාස කිහිපෙකට කලින් VICE එකෙන් ගිහින් කරපු documentary එකක්.

    මමත් මේක ඒ කාලෙමයි බැලුවෙ. ඒ දවස් වලදීම මම දැනගත්ත ලොකු outbreak එකක් ළඟදීම එනවා කියල.

    මේ තියෙන්නේ outbreak එකට පස්සේ VICE එකෙන් ගිහින් කරපු Documentary එක.

    මේකෙන් පේනව, සම්බෝලේ ලැබුනට පස්සෙ, මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් වෙලා තියනව හැටි. මේව අපිටත් හොඳ පාඩම්.:angry:
     
    Last edited:

    Sadeepa Arosha

    Well-known member
  • Aug 24, 2009
    8,871
    707
    113
    ඇයි එන්නද ?
    ඕව මිනිස්සු ඉල්ලන් කන සම්බෝල. විශේෂයෙන් අප්‍රිකාවේ මිනිස්සු, උන්ගේ අධ්‍යාපනයේ අඩුව හා ආකල්ප නිසා.

    මේ තියෙන්නේ ඔය Obela outbreak එක එන්න මාස කිහිපෙකට කලින් VICE එකෙන් ගිහින් කරපු documentary එකක්.

    මමත් මේක ඒ කාලෙමයි බැලුවෙ. ඒ දවස් වලදීම මම දැනගත්ත ලොකු outbreak එකක් ළඟදීම එනවා කියල.

    මේ තියෙන්නේ outbreak එකට පස්සේ VICE එකෙන් ගිහින් කරපු Documentary එක.

    මේකෙන් පේනව, සම්බෝලේ ලැබුනට පස්සෙ, මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් වෙලා තියනව හැටි. මේව අපිටත් හොඳ පාඩම්.:angry:

    mara dukk me maiansu gewaney bn dakkahama epa wennwa :no:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    SARVA VISHADI OIL EKA PITIN GANA GAMAN TIKAK WATER EKKA MIX KARALA BONNA. ONAMA VIRUS LEDAKATA GOOD. A VAGEMA CANCER SUVA KIRIMATATH GOOD. ***** SARVA VISHADI OIL***** INTRODUCED TO THE WORLD BY BUDUN VAHANSE.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland

    ලංකාවේ ගොඩ වෙද්දු බුදුහාමුදුරුවන්වත් විකුනං කනවා වගේ :angry:
     
    Johndoggett

    Junior member
  • Sep 23, 2014
    205
    20
    18
    මේ ෆොටෝස් දැක්කම පිස්සු හැදෙනවනේ. හැබැයි මේකනම් සනීප කරන්ඩ පුළුවන්ලු නේද? මම අහල තියන විදියට ඒඩ්ස් පැතිරුනෙත් අප්‍රිකාවෙන් තමා. තෑන්ක්ස් මචන්, බොහොම වැදගත් ලිපියක්.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    මේ ෆොටෝස් දැක්කම පිස්සු හැදෙනවනේ. හැබැයි මේකනම් සනීප කරන්ඩ පුළුවන්ලු නේද? මම අහල තියන විදියට ඒඩ්ස් පැතිරුනෙත් අප්‍රිකාවෙන් තමා. තෑන්ක්ස් මචන්, බොහොම වැදගත් ලිපියක්.

    ඒඩ්ස් (hiv) වයිරසය මිනිසුන්ට ඇතුළු උනේ අප්‍රිකානු කොළ වන්දුරන්ගෙන් කියල තමයි කියන්නේ.
     
    • Like
    Reactions: agrmrs

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,691
    5,898
    113
    දැන් බෙහෙත් තියෙනවලු, ඒත් ලංකාවට ඒ බෙහෙත් තාම ගෙන්නලද කියල තමයි ප්‍රශ්නෙ ...