එම්රේට්ස් යානයක් හදිසියේ කටුනායකට
ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර සිට ඩුබායි බලා ගමන් කරමින් තිබු එම්රේට්ස් ගුවන් සේවයට අයත් ඒ 380 වර්ගයේ මගී ගුවන් යානයක කාර්මික දෝෂයක සංඥාවක් හදිසියේ නිකුත්වීම නිසා එම ගුවන් යානය අද අළුයම 3.48 පමණ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට හදිසි ගොඩ බෑමක් සිදුකර ඇත.
ගුවන් යානයේ කාර්ය මන්ඩලයද අතුළුව මගීන් 510 ක් සිටි බව වාර්ථා වෙයි.
අදාල ගුවන් යානයෙන් හදිසි සංඥා ලැබීමත් සමගම ගුවන්තොටුපොළ මගීන්ගේ ආරක්ෂාව සහ පහසුකම් සැපයිමට සුදානමින් සිටි බව ගුවන්තොටුපොළ බලධාරීහු පවසති.
මේ වන විට යානයේ සිටි සියළු මගීන් සඳහා ගුවන්තොටුපොළ ආසන්නයේ ඇති හෝටල්හි නවාතැන් පහසුකම් සපයා ඇත.