මේකෙ කලින් ඉඳන්ම මොන මගුල කලත් වලි යනවා බං..
එදා මෙදා කියල වෙනසක් නැහැ..
බොහොම කලාතුරකින් තමයි හොඳ විදියට දෙයක් ඉවර වෙන්නෙ..
මම නම් සම්මාන ත්රේඩ් එකට වෝට් කලෙත් නෑ..
කොමෙන්ට් දැම්මෙත් නෑ..
ඒක සංවිධායක මණ්ඩලයේ ප්රශ්ණයක් නිසාවත්, වෙන ප්රශ්නයක් නිසාවත් නෙමෙයි..
හේතුව මට මේකෙ එකෙක්ව විතරක් විශේෂ කෙනෙක් විදියට දකින්න අමාරුයි..
උදව්වක් ඉල්ලුවාම බොක්කෙන්ම බැහැලා උදව් කරන කොල්ලො ඕන තරම් ඉන්නවා..
පැය ගණන් මහන්සිවෙලා ත්රේඩ් දාන උන් ඕන තරම් ඉන්නවා..
ඉතිං එහෙම එකේ මගේ හිතට එකඟව මෙන්න මූ සුපිරියි කියලා කියන්න බෑ..
ඔන්න ඕකයි මම වෝට් නොකලේ..
මේකෙ පෙලක් සාමාජිකයො ඉන්නවා උඹ කියනව වගේ..
එයාලා අනිත් අය කොච්චර හොඳ ත්රේඩ් දැම්මත් කොමෙන්ට් කරන්නෙ නැහැ වැඩිය..
ඔහේ බලලා යනවා..
එයාලගෙ සෙට් එකේ එකෙක්ට ගූ ගියා කිව්වත්, සුපිරි ත්රේඩ් එක මචං කියලා කොමෙන්ට් කරනවා..
එහෙම පොඩි පොඩි කේස් තියෙනවා ඉතිං..
ඔව්වා ගණන් ගන්න එපා..
ඒත් මම නම් කියන්නෙ මොකෙක් උනත් කමක් නැහැ..
ත්රේඩ් එකක් බැලුවා නම් බම්ප් එකක් හරි දාගෙන පලයන් කියලා..
ත්රේඩ් එක දාපු එකාගෙ මහන්සිය ගැනවත් හිතලා..
හොරාට යන්නෙ නැතුව..
ත්රේඩ් එකකට කොමෙන්ට් කලා කියලා උගේ චරිතෙට හානි වෙන්නෙ නෑනේ..
අනික මොන තරම් උගතෙක් උනත් වැඩක් නෑ ගතිගුණ අතින් සක්කිලියකේ නම්..
මම නම් කාටත් එක විදියට සලකන්නෙ..
අරූ මෙහෙම ජොබක් කරන්නෙ..
මූ මෙහෙම එකක් කරන්නෙ කියලා මට ප්රශ්නයක් නෑ..
චැට් ත්රේඩ් වල උඹව ගණන් ගන්නෙ නැත්තං නොයා හිටපං..
එතකොට හරි..
මාත් වැඩිය චැට් ත්රේඩ් වලට යන්නෙ නැහැ දැන්..
හැබැයි ඔය සමහර චැට් ත්රේඩ් තියෙනවා එයාලා පෞද්ගලිකව මුණගැහෙන යාලුවො ටික විතරක් සෙට් වෙන්න හදපුවා..
ඒවට ඉතිං යන එක ඒ තරම් හොඳ මදි..
පබ්ලික් ෆෝරම් තමයි..
ඒත් ඉතිං ඒවට අපි ගිහින් තේරුමක් නෑ..
එයාලා කතා කරන්නෙ එයාලගෙ දේවල්නේ..














