එලකිරි අනාවැකියක්

DjAdmin

Member
Mar 1, 2012
805
156
0
එලකිරි අනාවැකියක්

මටත් කියන්න පුලුවන් එලකිරි අනාවැකියක්. ජනතා පරමාධිපත්‍ය නැවත වරක් සනාථකරමින් අපේ අතිගරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා තුන්වන වරටත් ශ්‍රීලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති ධූරයට පත්වෙනව. මේක වලක්වන්න දත කෑ, එජාප සදා පරාජිත අපේක්ෂක රනිල් වික්‍රමසිංහ හා බංකොලොත් වෛරී දේශපාලනයක නිරත අනුරකුමාර දිසානායක හා සරත් පොන්සේකා පස්චාත් මැතිවරණ සමාලෝචනයක් කරනව මෙන්න මෙහෙම:

මේක දූෂිත මැතිවරණයක්. මේ ප්‍රතිඵලේ පිළිගන්න බෑ. මහින්ද රාජපක්ෂට 3න් වෙනිපාර ඉල්ලන්න ව්‍යවස්ථාවෙන් බලයක් නෑ. රාජ්‍ය දේපල හා රාජ්‍ය නිළධාරීන් නීති විරෝධී ලෙස මෙම මැතිවරණෙදි භාවිතා කලා. ජනතාව මැර බලයෙන් මර්ධනය කළ, කොම්පුටර් ජිල්මාට් ගහල විකෘත්ති කරපු ඉතා දූෂිත මැතිවරණයක්. මෙම ප්‍රතිඵලයෙන් ජනතාවගේ සැබෑ මතය පිළිඹිඹුවෙන්නෙ නෑ. ජනතාව මෙම ඒකාධිපති වියරුවට එරෙහිව විරෝධය දැක්විය යුතුයි.

කියල පරාජිත තැටිය වාදනය කරනව කියල මට ටක්කෙටම කිව්වැහැකි..

 
Last edited:

doonga

Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    අද ඔක්තෝම්බර් 17 දිනය සහ ඊට පෙර පවතින තත්වය විතරක් සැලකිල්ලට ගත්තොත් මහින්ද දිනන්න පුළුවන් කියලා කියන්න පුළුවන්. හැබැයි එහෙම මහින්ද දිනනවා කියලා උපකල්පනය කරලා හරි විපක්ෂය ඔහොම කිව්වා කියලා හිතමු. විපක්ෂය එහෙම කියන එක සාධාරණයි. හැබැයි කොම්පුටර් ජිල්මර්ට් කතාවනම් මං පොද්ගලිකව විශ්වාස කරන්නේ නෑ.
    "රාජ්‍ය දේපල හා රාජ්‍ය නිළධාරීන් නීති විරෝධී ලෙස මෙම මැතිවරණෙදි භාවිතා කලා" මෙච්චර කල් මැතිවරණ වලදී මෙහෙම වුනා. එක නොවුනොත් තමයි පුදුමේ මේ පාරත් .
    ව්‍යවස්ථාවේ මොනවා තිබ්බත් එක අර්ථකථනය කරන්න ඉන්න අය මහින්දගේ ගොට්ටෝ සහ මහින්දට 2/3 පාර්ලිමේතු බලය තියන හින්දා මහින්දට තුන්වෙනි පාර ඉල්ලන එක ගැන මට ප්‍රශ්නයක් නෑ. හැබැයි මගේ මතය මොනම ජනපති කෙනෙක්ට වුනත් එකදිගට 3 වෙනි පාරට ජනාධිපති වෙන්න දෙන එක වැරදියි . ඒක 2/3 බලය යොදගෙන වෙනස් කරපු මහින්ද ඇතුළු මන්ත්‍රීලා සෙට්එක කලේ ලොකු වැරද්දක්.:angry:

    හැබැයි ජනාධිපතිවරණයට නාමයෝජනා භාරගත්තට පස්සේ බොහෝදුරට පොදු විපක්ෂයම රනිල් සමග එකතු වෙයි. සමහර පක්ෂ එහෙම එකතුවුනේ නැතත් මහින්දට එකතුවෙන්නේ නෑ. අනිත් පැත්තෙන් ඌව ඡන්දෙන් පස්සේ UNP ය පණගහලා ආවා. අනිත්පැත්තෙන් UPFA එක ඇතුලේ ගොඩක් කට්ටිය කලකිරිලා.
    ඒ නිසා නාමයෝජනා භාරදුන් දිනය සහ ඡන්දය පැවැත්වෙන දිනය අතරතුර කාලයේ මහින්ද ටක්කෙටම දිනයි කියලා කාටවත් කියන්න බැරි තත්වයක් උදාවෙයි. එතකොට මේ සටන කරට කර සටනක් වෙලා තියෙයි කියන එක තමයි මගේ මතය. ;)
     
    Last edited: