එලකිරි කවිමඩුව

sumudusp2005

Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    බාස් අයියා බයිසිකලේ ගොඩදැම්මා
    බාස් නොඉන්නට බොස් මා වලදැම්මා
    පමා වුනොත් මගෙ ජොබ් එක වෙයි සුම්මා
    නැගලා යතුරුපැදියට පෑගුවා පිම්මා....

    එන මග දිගට රින් වෙයි මගෙ ෆෝන් එක
    දැන් නම් පුතේ වැඩ ගොඩ වෙයි එකින් එක
    ගෙදර ගියත් මග හිටියත් මැරෙන එක
    හොදයි නේද සිදු උන දේ කියන එක....

    නැවැත්තුවා යතුරුපැදිය වැවක් ලග
    ගැලවූවා ඇහේ දමා තියන සග
    කන කන්නෑ උඩ ඉදගෙන ඔබේ අග
    බොසාට මා පෙන්වන්නෙමි මගේ රග....


    කාටත් කලින් ගත්තා මම කෝල් එකක්
    වෙන කවුරුත් නෙමෙයි ඌ මගෙ හොද බොක්කක්
    අනේ මචන් සිද්ද වෙලාදෝ කොක්කක්
    ඔඩිටල ඇවිත් බොසාට දාලද කෙක්කක්....


    ඔව්මයි මචන් අද මගෙ හොද පනත් ගියා
    ඔඩිටල ඇවිත් අපෙ නම්බුව අරන් ගියා
    නිමාඩු නොදා උබ ඇත්තේ කොහිද කියා
    අහලා අපේ බොසාව චාටර්ම කලා....

    ණය පෙර පරීක්ෂණයක් උට ඇතැයි කියා
    ඒකේ ඉන්ස්පෙක්ෂන් ඌ කරනු නියා
    ඇවිදින් මගෙන් අවසරයක් ගනිමි කියා
    උදයෙම ඇවිත් අත්සන් කර යන්න ගියා....

    මෙහෙම කියල බොස් උබ ගැන ශේප් කලා
    ඊට පස්සේ උන් අපෙ වැඩ අවුල් කලා
    පරණ ෆයිල් ඇද ඇද උන් වාත කලා
    යන්තන් ඇති උන් ටික දැන් යන්න ගියා....

    අනේ මචන් ගිය වැඩෙනුත් ඵලක් නැත
    මේ ගැන හිතාලම ලේ පිච්චෙන්න ඇත
    මග දිග වෙච්චි කරදර නම් එමට ඇත
    ඒවා මෙහෙම කියවාලා ඵලක් නැත....


    තෙමීගෙනම මම කුරුණෑගලට ගියා
    බොසා ඇවිත් ඔරවාලා යන්න ගියා
    එන්න කියාපන් මගෙ කාමරෙට කියා
    පියන් අයියා පණිවුඩෙ මට කියල ගියා....


    අනේ මචන් කවි කුමටද එතැන් සිට
    බොස්ගේ වචන මෙනි මට කොස්සේය මිට
    මොනවා උනත් බොස් රැක්කා නේද මට
    සිතමින් නැවත බැස්සෙමි මම මගෙ වැඩට....



    පට්ට මචන්.......
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    අමර බන්ධු රූපසිංහ...අමර බන්ධු රූපසිංහ...
    අමර බන්ධු රූපසිංහ...අමර බන්ධු රූපසිංහ...
    අමර බන්ධු රූපසිංහ...අමර බන්ධු රූපසිංහ...
    අමර බන්ධු රූපසිංහ...........අමර බන්ධු රූපසිංහ.........

    මේකත් අංගම්මන සුමන වගේ තමයි.මේවා තමයි හිටං කවි(හිටිවන නෙමෙයි)
    හිටං කවි:lol::lol::lol::lol:
     

    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63


    අනේ මචන් කවි කුමටද එතැන් සිට
    බොස්ගේ වචන මෙනි මට කොස්සේය මිට
    මොනවා උනත් බොස් රැක්කා නේද මට
    සිතමින් නැවත බැස්සෙමි මම මගෙ වැඩට....

    [/QUOTE]


    දෙවියෙක් වගෙයි උඹෙ බොස් නම් පරසිද්ද
    ජොලියක් දැනෙයි ඇහුවම උන දේ සිද්ද
    පොලියක් එක්ක දීපන් කෙරුවට සුද්ද
    සවියක් වෙයන් අද සිට නොම කර සද්ද
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala

    දෙවියෙක් වගෙයි උඹෙ බොස් නම් පරසිද්ද
    ජොලියක් දැනෙයි ඇහුවම උන දේ සිද්ද
    පොලියක් එක්ක දීපන් කෙරුවට සුද්ද
    සවියක් වෙයන් අද සිට නොම කර සද්ද

    සත්තයි මචන් මම වැඩ කරනව තිතට
    ඇත්තයි එරෙහි නොම වෙමි බොස්ගේ බහට
    තිත්තයි මචන් ඇත්නම් හිත් තුල කහට
    සත්තයි මචන් වල නොකපමි බොස් මෙමට
     
    Last edited:

    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ

    සත්තයි මචන් මම වැඩ කරනව තිතට
    ඇත්තයි එරෙහි නොම වෙමි බොස්ගේ බහට
    තිත්තයි මචන් ඇත්නම් හිත් තුල කහට
    සත්තයි මචන් වල නොකපමි බොස් මෙමට
    ඉන්නවා මචන් මෙමට ඔය වගේ කෙනෙක්.....
    ගන්නවා බේරලා කෙලවෙන තැන වලින් ගොඩක්...
    අපි පින් කල ලැබුමට ඒ වගේ කෙනෙක්....
    පින් ඇත වෙනවා මතු මතු අපේ බොස් ට ගොඩක්....
     

    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    AGSUPUN කොයි බන් උබෙ කවි පේලි
    උබේ කවි අහන්නට අප සිටියේ පේවි
    තාමත් දෙකයි උබ ලීවේ කවි පේලී
    කියපන් මචන් හිටිවන කවියක් පේවී

    මල්ලියේ උබේ විබාගය දැන් අහවරද....
    ඉහටත් උඩින් තිබු වැඩ කටයුතු අඩුද....
    දකිනට හැකිවෙන්නේ උබේ කවි කවදටද....
    සැමදෙන බලා ඉන්නේ උබ එනවාද....

    තාමත් ඉවර නැහැ අයියේ ව්භාගය :(
    තව සතියකින් නිමවෙයි මගේ අභාගය :sorry:
    මා අමතක නොකළ ඔබ එළ සිරාමය :yes:
    පිළිගනු මැනවි මගේ හදපිරි ප්‍රණාමය :)
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    ඉන්නවා මචන් මෙමට ඔය වගේ කෙනෙක්.....
    ගන්නවා බේරලා කෙලවෙන තැන වලින් ගොඩක්...
    අපි පින් කල ලැබුමට ඒ වගේ කෙනෙක්....
    පින් ඇත වෙනවා මතු මතු අපේ බොස් ට ගොඩක්....
    බොස්ලා සැවොම නැත පොල් මෙන් එක ඉත්තේ
    මිස්ලා දුටුව තැන ගුණ නැත හද පත්ලේ
    මිනිසා අපිත් හැදිලා ඇත ඇට මස් ලේ
    බොස්ලා බොහෝ උන් මඩවති අප සිත්සේ
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    තාමත් ඉවර නැහැ අයියේ ව්භාගය :(
    තව සතියකින් නිමවෙයි මගේ අභාගය :sorry:
    මා අමතක නොකළ ඔබ එළ සිරාමය :yes:
    පිළිගනු මැනවි මගේ හදපිරි ප්‍රණාමය :)
    කරදර තමයි ජීවිතයට හැමදාමත්
    ආදර වෙමින් පිළිගත්තොත් එය සිරිමත්
    කෑදර නොවෙන් සැප ලග නුබ කවදාවත්
    සාදර සිතයි අප කාටත් ජය මාවත්
     

    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth

    පට්ට මචන්.......



    කියනා විටදී උබගෙ බොස්ගෙ ...............................................................රග.
    අමතක කරනු බැරිය බෝසෙකුට මම දුන්න .................................................දුක.


    බැන බැන එකී මගෙ ඇගටම ගොඩ ......................................................වෙන්නේ.
    ඉවසන මටමයි ඒකී සෙල්ලම පෙන්.........................................................නන්නේ.
    ඇන්ටී ලලිතයි උදේ තේ එක ..............................................................දෙන්නේ.
    තේ එකට මම යහමින් ජාපාලයි................................................................දැංමේ.

    :rofl:
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    කියනා විටදී උබගෙ බොස්ගෙ ...............................................................රග.
    අමතක කරනු බැරිය බෝසෙකුට මම දුන්න .................................................දුක.


    බැන බැන එකී මගෙ ඇගටම ගොඩ ......................................................වෙන්නේ.
    ඉවසන මටමයි ඒකී සෙල්ලම පෙන්.........................................................නන්නේ.
    ඇන්ටී ලලිතයි උදේ තේ එක ..............................................................දෙන්නේ.
    තේ එකට මම යහමින් ජාපාලයි................................................................දැංමේ.

    :rofl:
    අම්මෝ මචන් පව්නේ උබලාගේ බොසා
    ලලිතා ඇන්ටි හට බොස් දුන්නේ නැද්ද දොසා
    සිදුවූ දෙයින් උබ හට ඇතිවේය තොසා
    කිරියේ බොස්ලා බය වෙයි මේ කරුණු අසා
     

    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    වික් එන්ඩ් එකම පට්ටම බිසී විය මෙමෙට...
    ලිමිට් පැනල නැතිවිය ඉන්ටෙර්නෙට් මට..
    එන්නට හිත ඇතත් කරනට දෙයක් නැත..
    කවි කිවිදියන් අවසර දෙනවාද මට....

    උදෙයම අවේ ගාල්ලේ සිට මම කොලබ...
    අම්මට සිරි කියා කියුනි මගේ කටට...
    නාවික හමුදා කදවුර ලග වංගුවක...
    ත්‍රි වීල් එකක් තිබුන උඩුබැලි අතට...

    බස් එකේ එද්දී අද හරි සිද්දියක් උනේ...
    නැත මහගොඩක් මගිනුත් හිස් සිට් තිබේ....
    බස් රිය නවත්තයි හැමතැන සරින් සැරේ....
    කරගත් ගොන් කමක් බව මා හට සිතුනේ...

    ඉතුරු ටික කියන්නම් සබැදේ කවියෙන්ම.....
    පොඩි අවුලක් තිබේ ඔබ හට පවසන්න...
    යාවත්කාලින කිරීමට windows ten වලට...
    රිස්ටාර්ට් එකක් ඉල්ලයි දුකයි මට....

     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    වික් එන්ඩ් එකම පට්ටම බිසී විය මෙමෙට...
    ලිමිට් පැනල නැතිවිය ඉන්ටෙර්නෙට් මට..
    එන්නට හිත ඇතත් කරනට දෙයක් නැත..
    කවි කිවිදියන් අවසර දෙනවාද මට....

    උදෙයම අවේ ගාල්ලේ සිට මම කොලබ...
    අම්මට සිරි කියා කියුනි මගේ කටට...
    නාවික හමුදා කදවුර ලග වංගුවක...
    ත්‍රි වීල් එකක් තිබුන උඩුබැලි අතට...

    බස් එකේ එද්දී අද හරි සිද්දියක් උනේ...
    නැත මහගොඩක් මගිනුත් හිස් සිට් තිබේ....
    බස් රිය නවත්තයි හැමතැන සරින් සැරේ....
    කරගත් ගොන් කමක් බව මා හට සිතුනේ...

    ඉතුරු ටික කියන්නම් සබැදේ කවියෙන්ම.....
    පොඩි අවුලක් තිබේ ඔබ හට පවසන්න...
    යාවත්කාලින කිරීමට windows ten වලට...
    රිස්ටාර්ට් එකක් ඉල්ලයි දුකයි මට....

    ආසයි මචන් උන ටික මට දැනගන්න
    ඉඩ නෑ ෆුල් බිසීයි මට හුස්මක් ගන්න
    මන්ත් එන්ඩ් නිසා වැඩ ගොඩ වී ඇත මෙන්න
    එනසයි නොඑන්නේ කවි අඩුවට ඔන්න
     

    Fernando100

    Active member
  • Feb 7, 2015
    413
    84
    43
    ගින්දර වගේ කවි පදයක් මුමුනන්න
    හිත ඇති නමුත් මම පොඩ්ඩක් බිසි ඔන්න
    ඉස්පාසුවක් තිබුනොත් කවි පබදින්න
    මම එනවා ඇවිත් මෙතනින් ඉදගන්න

    ;);););)
     
    • Like
    Reactions: Ashman

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    කවියනි කිවිදියනි ඉන්නා තැනක ඉදන්
    අහගන්නකෝ මා කියනා කවිය හොදින්
    සුමුදුත් මාත් ප්‍රතාපයත් එක්ව හොදින්
    කවි කී කවි මඩුවේ කවි දැන් මැදින් මදින්
     

    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    දවසට එකයි........ කවි මඩුවේ..... කවි ලියවෙන්නේ
    පවසට වගෙයි...... කවි මඩුවේ.... කවි දලු ලන්නේ
    නිවසට නොයයි.... කවි මඩුවේ..... අපි පැල වෙන්නේ
    හවසට තමයි....... කවි මඩුවේ..... රස වැඩි වෙන්නේ
     

    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    කවි දන්න කවියන්ට ඉදගන්න කියලා......
    අපි දන්න
    දරුවන්ට ඉඩ දුන්න හදලා ......
    වැඩ දන්න
    පැටවුන්ට වැඩ ගන්න පැනලා.....
    ඉඩ දුන්න කොරගන්ට උන් යනව පැනලා....
     

    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    කවියක් කියන්නට අසයි කවි මඩුවේ...
    කවි පද මුමුනමින් මම නිරතුරු සිටියේ...
    පට්ටම බිසී ඉන්නට බැහැ කවි මඩුවේ....
    එනවා ටික දොහෙන් මම මඩුවට රිසිසේ...

    ඔපිසියට අලුතින් සිස්ටම් දානා...
    ඉන්නට වෙලා තියනවා තැන් වල බෝමා..
    ටික ටික රැ උනත් කරනවා වැඩ මේමා ...
    හනිකට කවිකියන්ට එන්නට ඕනා...
     

    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    කාරිය ඉවර වි කිරියට ගොඩවෙනවා..
    දැක කවි මඩුව රස හැඟුමන් පිබිදෙනවා..
    කවි රස ගුලේ කිමිදිමට සිත් දෙනවා..
    පහට ලඟයි මෙතනින් මම නවතිනවා..
     
    Last edited:

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    කවි දන්න කවියන්ට ඉදගන්න කියලා......
    අපි දන්න
    දරුවන්ට ඉඩ දුන්න හදලා ......
    වැඩ දන්න
    පැටවුන්ට වැඩ ගන්න පැනලා.....
    ඉඩ දුන්න කොරගන්ට උන් යනව පැනලා....
    පොඩි උන්ට ඉඩ දෙන්න ලොකු උන් ගිහිල්ලා
    උන්ගේ හිස් තැන් නෑනෙ තාමටත් පිරිල
    ලූලා නැති වලට අනෙ පණ්ඩිතය වීලා
    කණයි ආවත් නෑනේ ඔබේ ඉඩ මැකිලා
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    කවියක් කියන්නට අසයි කවි මඩුවේ...
    කවි පද මුමුනමින් මම නිරතුරු සිටියේ...
    පට්ටම බිසී ඉන්නට බැහැ කවි මඩුවේ....
    එනවා ටික දොහෙන් මම මඩුවට රිසිසේ...

    ඔපිසියට අලුතින් සිස්ටම් දානා...
    ඉන්නට වෙලා තියනවා තැන් වල බෝමා..
    ටික ටික රැ උනත් කරනවා වැඩ මේමා ...
    හනිකට කවිකියන්ට එන්නට ඕනා...
    රාජකාරිය දේවකාරිය කරන් ඉන්නට තමයි ඕනා
    සිත්තොසින් සංතොසින් සේවය කරන් ඉන්නට තමයි ඕනා
    එලකිරිය ඔබ එලකිරියෙ කවි මඩුවෙ ඉන්නට තමයි ඕනා
    මචන් උබ හරි මචන් කවි පද ගොතන්නට උබ තමයි ඕනා