එලකිරි කවිමඩුව

J Sparrow

Well-known member
  • Jan 8, 2012
    1,603
    698
    113
    127.0.0.1
    උදයෙම ඇවිත් කවි මඩුවේ ඉදගත්ත
    J Sparrow නැවියෙක් නොව අවිගත්ත
    කවියෙන් අසිරි පතමින් හැම සිත්ගත්ත
    කවි සිත ඇති සැවොම උතුමන්මය ඇත්ත


    මැන පෙර අපර දෙදිශාවෙහි මහ මුහුදේ
    දැමි අවි බිමට බැඳුණා කවි රසෙහි ලොබේ
    සැම දන මන පුදා කවියෙන් පෙම් බැන්දේ
    නැමි මා දෙඅත් ආයුබොවන් Ashmanතේ
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    එදා....
    වේවැල් කෝටු නාරං සියඹලා අතූ
    කිතුල් පොල් ඉරටු වැල් කහඹිලිය අතු
    මෙහෙම ඉපැල් මගෙ දෑතට නොපෑ යුතු
    පමා නොවි අකුරට එමි මෙයින් මතු



    අද....
    හරි හෝ වරද දෙක මට වැඩකට නෑලු
    ඉවසා ඉන්න මට නම් කොහොමත් බෑලු
    වේවැල් කෝටු බැරි නම් ගෙන ක්‍රිකට් පොලු
    පලනව දැනගනින් ගුරෝ මම උබේ ඔළු
     
    • Like
    Reactions: sandaru1rox

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    මැන පෙර අපර දෙදිශාවෙහි මහ මුහුදේ
    දැමි අවි බිමට බැඳුණා කවි රසෙහි ලොබේ
    සැම දන මන පුදා කවියෙන් පෙම් බැන්දේ
    නැමි මා දෙඅත් ආයුබොවන් Ashmanතේ
    ආයුබොවන් මිතුරේ වාසනාවන්
    කවි මඩුවේ කවි දැක තුටු සිනාවන්
    ඔබෙ කවි රසේ දස අත පැතිරුනාවන්
    තව කවි දකින්නට ආසයි මනාවන්

     
    Last edited:

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,399
    2
    3,262
    113
    එදා....
    වේවැල් කෝටු නාරං සියඹලා අතූ
    කිතුල් පොල් ඉරටු වැල් කහඹිලිය අතු
    මෙහෙම ඉපැල් මගෙ දෑතට නොපෑ යුතු
    පමා නොවි අකුරට එමි මෙයින් මතු



    අද....
    හරි හෝ වරද දෙක මට වැඩකට නෑලු
    ඉවසා ඉන්න මට නම් කොහොමත් බෑලු
    වේවැල් කෝටු බැරි නම් ගෙන ක්‍රිකට් පොලු
    පලනව දැනගනින් ගුරෝ මම උබේ ඔළු
    ගුණ දම් පිරිහෙමින් පවතින මේ .....කාලේ
    …මිනිසුන් නොමිනිසුන් වන වත්මන් කාලේ
    …හනිකට දහම් පදයක් වටහන් .........රාළේ
    …අරමුණු කරමු යන්නට නිවෙනා ......පාරේ

     
    • Like
    Reactions: Ashman

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    දහසකුත් සිත් රිදුම් අස්සේ
    වැටි වැටි ජීවිතය ගැස්සේ
    දරාගනිමින් රිදුම් සිත්සේ
    පෙරට යමි මම ගමන රිසිසේ
     
    Last edited:

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    සුමුදු සහ ප්‍රතාප වෙත ලියමි.

    අකලට වැටෙන පොල් ගෙඩියක් වගේ එක
    ආවට ගියාවට වැටෙනව එකෙන් එක
    සරුවට තිබ්බ නූලට මේ වෙච්ච එක
    කෑවට බඩට අල්ලන් නෑ කාපු එක

    අයියෝ ඇඩෙනවා මට දැන් තනි ඇහැට
    හිටියා මඩුවේ කවියෝ කිවිදියෝ ලෙසට
    කවියනි කිවිදුයනි කිම වූයේ නුබට
    කෝ දැන් උබලා ගෙතු කවි පද වැල් රහට
     

    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    සුමුදු සහ ප්‍රතාප වෙත ලියමි.

    අකලට වැටෙන පොල් ගෙඩියක් වගේ එක
    ආවට ගියාවට වැටෙනව එකෙන් එක
    සරුවට තිබ්බ නූලට මේ වෙච්ච එක
    කෑවට බඩට අල්ලන් නෑ කාපු එක

    අයියෝ ඇඩෙනවා මට දැන් තනි ඇහැට
    හිටියා මඩුවේ කවියෝ කිවිදියෝ ලෙසට
    කවියනි කිවිදුයනි කිම වූයේ නුබට
    කෝ දැන් උබලා ගෙතු කවි පද වැල් රහට


    රසකර ගොතන්නට කවියක් කිරියෙ ඉදන්
    ආවත් පාන්දර කුකුලව අතට අරන්
    ගොඩ ගැහිලා තියෙන වැඩ ටික ඉවර කරන්
    බලන විටදි යන වෙලාව ඇවිත් මචන්

    කවියක් නොලිව්වට මඩුවේ වාඩි වෙලා
    කවි මඩුවේ කවි බලනව උදේ හවා
    ගන්නට එපා සැකයක් නුඹ හිතේ පුරා
    අපි ඉන්නව ඕන තැනදි sure තමා........;)
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala

    රසකර ගොතන්නට කවියක් කිරියෙ ඉදන්
    ආවත් පාන්දර කුකුලව අතට අරන්
    ගොඩ ගැහිලා තියෙන වැඩ ටික ඉවර කරන්
    බලන විටදි යන වෙලාව ඇවිත් මචන්

    කවියක් නොලිව්වට මඩුවේ වාඩි වෙලා
    කවි මඩුවේ කවි බලනව උදේ හවා
    ගන්නට එපා සැකයක් නුඹ හිතේ පුරා
    අපි ඉන්නව ඕන තැනදි sure තමා........;)
    ඉර පායන්නා මෙන් මට එය විස්වාසයි
    ඔබ ඇති විටදි කවි මඩුවම සිරියාවයි
    වැඩ ගැන සිහිවෙද්දි නම් මට අප්පිරියාවයි
    සුමුදු අයියෙ ඔබ ගැන මට විස්වාසයි
     

    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    ඉඳ හිටලා එනවා යන්න අපි ඇවිදින්
    හැකි හැම විටදි ගෙතුවා කවිය විගසින්
    ප්‍රභාත් මල්ලි නෑ එන්නෙ ඌ missing
    FCID
    හෝ CIDයෙන් ඉස්සුවද ඌ ගොසින් :baffled:
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    ඉඳ හිටලා එනවා යන්න අපි ඇවිදින්
    හැකි හැම විටදි ගෙතුවා කවිය විගසින්
    ප්‍රභාත් මල්ලි නෑ එන්නෙ ඌ missing
    FCID
    හෝ CIDයෙන් ඉස්සුවද ඌ ගොසින් :baffled:
    මිසින් වෙලා හිටියා ඌ මීට කලින්
    ආයේත් මතුවුනා හිටිහැටියේම හොරෙන්
    ආපහු මිසින් පෙර සේමයි මීට කලින්
    මට හිතෙන්නේ ඌ බැන්දා අපට හොරෙන්

    බැන්දට පස්සෙ වැඩ කටයුතු ගොඩක් ඇත
    මම නම් දන්නෙ නෑ මට අත්දැකිම් නැත
    සුමුදු අයිය ලග ඒ ගැන දැනුම ඇත
    ප්‍රතාපයත් වලෙ වැටුනද දන්නෙ නැත

     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,975
    2,207
    113
    Adelaide

    ඔබ කිව් දේ ඇත්ත ප්‍රතාපවත්...... කවියෝ
    පට්ටම කවියො කිරියේ හැම කල.. හිටියෝ
    ඔවුන්ගෙ අවවාද ලැබුනොත් වැඩි.. හිටියෝ
    කැටයම හැඩ වේවි දමනා අපෙ.... කවියෝ

    Ashman....
    මම හිතනා දේ කියන්නද හිත..... මිතුරේ
    ඇගයීමක් දෙන්න හැම කවියට.... අපගේ
    අඩු පාඩුවක් ඇතිනම් පෙන්වනු.... කවියේ
    සතුටක් වේවි හැමදෙනටම කවි.... මඩුවේ

    දැක්කේ අහම්බෙන් උබලගේ මඩුව ...............කවී
    දෙන්නම් බොලගේ කවි නූලට මගෙන් ............සවී
    සිව්පද දුටුවිටදි හද තුල සතුට ......................මැවී
    අළුයම උපුල් කැකුලක් වැනි දැක්ක ...............රවී

    නම් ගම වයස නොදනිමි තොපගෙ ..........පැටිකිරි
    එක්වුනු සොඳුරු තෝතැන්නකි .................රසපිරි
    දැක ඇත නටනු සමහරු විලස ................මඩකරි
    කවියෝ යමව් ඇදගෙන නූල ..................එළකිරි

    කව්රස හොදින් හදුනන අශ්මන්............... රාලේ
    අගයමි උබේ කවියට ඇති රස .................ආලේ
    හැඩකරපන්කො කිවියෙන් සරසවි ............සේලේ
    පතනෙමි ජයෙන් ජය හැමටම කවි ............නූලේ

    :love::yes::yes:
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    දැක්කේ අහම්බෙන් උබලගේ මඩුව ...............කවී
    දෙන්නම් බොලගේ කවි නූලට මගෙන් ............සවී
    සිව්පද දුටුවිටදි හද තුල සතුට ......................මැවී
    අළුයම උපුල් කැකුලක් වැනි දැක්ක ...............රවී

    නම් ගම වයස නොදනිමි තොපගෙ ..........පැටිකිරි
    එක්වුනු සොඳුරු තෝතැන්නකි .................රසපිරි
    දැක ඇත නටනු සමහරු විලස ................මඩකරි
    කවියෝ යමව් ඇදගෙන නූල ..................එළකිරි

    කව්රස හොදින් හදුනන අශ්මන්............... රාලේ
    අගයමි උබේ කවියට ඇති රස .................ආලේ
    හැඩකරපන්කො කිවියෙන් සරසවි ............සේලේ
    පතනෙමි ජයෙන් ජය හැමටම කවි ............නූලේ

    :love::yes::yes:
    සතුටුයි මචන් උබෙ කවි දැක්කාම මට
    උබෙ කවි බොහො රසයි වැදුනා මගෙ හිතට
    එළිසම එළිවැටත් ගැලපී ඇත ලෙසට
    තව කවි කියාපන් සාතන් උබ රසට

     
    • Like
    Reactions: jasz

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,971
    1,232
    113
    නුවර
    නොදනමි ලියන්නට කවි උබලා වාගේ
    විදිනෙමි අනගි කවි සියල්ල නුබලාගේ
    හැකිනම් කොටන්නම් කවියක් දෙකක් මගේ
    කලයුතුයි මෙවැනි කවිමඩු හැමදාම අගේ
     
    • Like
    Reactions: Ashman

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,975
    2,207
    113
    Adelaide

    සතුටුයි මචන් උබෙ කවි දැක්කාම මට
    උබෙ කවි බොහො රසයි වැදුනා මගෙ හිතට
    එළිසම එළිවැටත් ගැලපී ඇත ලෙසට
    තව කවි කියාපන් සාතන් උබ රසට


    කදිමට ගලා ගිය කවි ගඟ ...............................අතර මැද
    කවියෝ හිඟ කමින් එකවර ............................නතර විද
    අදිපති නිරයෙ තෙද පෙන්වූ .............................සතර විද
    සාතන් පැමිණ ඇත ගලපමු .............................හතර පද

    :yes::yes:
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,975
    2,207
    113
    Adelaide
    නොදනමි ලියන්නට කවි උබලා වාගේ
    විදිනෙමි අනගි කවි සියල්ල නුබලාගේ
    හැකිනම් කොටන්නම් කවියක් දෙකක් මගේ
    කලයුතුයි මෙවැනි කවිමඩු හැමදාම අගේ


    පිස්සුද මචන්, අපෙ කවි නැත මෙලෝ ...............රහක්
    උබ ලිව් කවිය එළ, නැත ඇස් කටෙහි ...............වහක්
    සැමදා වරෙන් නූලට අත් නොහැර .................දොහක්
    ලියපන් 'ජෑස්' කවි මෙහි දාපන්කො .................පහක්

    :D:D
     
    • Like
    Reactions: jasz

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    කදිමට ගලා ගිය කවි ගඟ ...............................අතර මැද
    කවියෝ හිඟ කමින් එකවර ............................නතර විද
    අදිපති නිරයෙ තෙද පෙන්වූ .............................සතර විද
    සාතන් පැමිණ ඇත ගලපමු .............................හතර පද

    :yes::yes:
    සාතන් මචන් දැනගන්නට කියන්නේ
    කවියෝ බොහොයි කිවිදියකුත් සිටින්නේ
    උන් හැම දෙනා ලෙසටම කවි කියන්නේ
    ඉද හිට තමා උන් කවි පද ලියන්නේ

    සුමුදුයි ප්‍රතාපයි කවි මඩුවේ ඉන්නා
    කවි පද බදින්නට ඔබ මෙන් හරි හපනා
    නිතරම ඇවිත් හැම කවියන් දිරිගන්නා
    කවියෙන් හරඹ පා දස්කම් පෙන්වන්නා

    සාතන් සහෝ නැවතත් මම කියන්නම්
    ඔබ වෙනුවෙන් කවි මඩුවට ලියන්නම්
    රස කවි තව තවත් පද බැද කියන්නම්
    ඔබෙ කවි අහන්නට පේ වී සිටින්නම්

     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,971
    1,232
    113
    නුවර
    පිස්සුද මචන්, අපෙ කවි නැත මෙලෝ ...............රහක්
    උබ ලිව් කවිය එළ, නැත ඇස් කටෙහි ...............වහක්
    සැමදා වරෙන් නූලට අත් නොහැර .................දොහක්
    ලියපන් 'ජෑස්' කවි මෙහි දාපන්කො .................පහක්

    :D:D

    tghf.gif
     
    • Like
    Reactions: Satan_at_Hell

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    රහට රහක් මී පැණියෙත් නෑනේ රහක්
    බහට බහක් බැදි කවියක ඇත මිහිරක්
    ලියට ලියක් එක්වුන තැන මළකෙලියක්
    පහට පහක් දැක නැත මම මෙහෙම පහක්

     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,975
    2,207
    113
    Adelaide
    සාතන් මචන් දැනගන්නට කියන්නේ
    කවියෝ බොහොයි කිවිදියකුත් සිටින්නේ
    උන් හැම දෙනා ලෙසටම කවි කියන්නේ
    ඉද හිට තමා උන් කවි පද ලියන්නේ

    සුමුදුයි ප්‍රතාපයි කවි මඩුවේ ඉන්නා
    කවි පද බදින්නට ඔබ මෙන් හරි හපනා
    නිතරම ඇවිත් හැම කවියන් දිරිගන්නා
    කවියෙන් හරඹ පා දස්කම් පෙන්වන්නා

    සාතන් සහෝ නැවතත් මම කියන්නම්
    ඔබ වෙනුවෙන් කවි මඩුවට ලියන්නම්
    රස කවි තව තවත් පද බැද කියන්නම්
    ඔබෙ කවි අහන්නට පේ වී සිටින්නම්


    ආවත් මෙමා කවි නූලට හිටි ...............හැටියා
    දැක්කෙමි කිවි රැලගෙ වැඩකිඩ ඇති ........සැටියා
    සැදුමට දක්ස රොටි, රත් වී ඇති .............තැටියා
    අඩුවක් දැනෙනවා නොමැතිව ..........'චතු පැටියා'

    සරසවි දේවියගෙ කවි සේලය ...............සිඹලා
    කවි දක්සයන් තව ඇත දුටුවද ..............උඹලා
    කිරියේ සතර කොන තැන තැන කවි .......පිඹලා
    අඩුවෙකි නැතිව තොපි 'දිනූෂ' සහ .......'කිඹුලා'

    කවි කම් දක්ස කොතෙකුත් ඇති මෙතන .........නොකී
    ඒ හැම දෙනගෙ නම් මතකෙට ගත .............නොහැකී
    මේ සැම දෙනා නූලට කැන්දමු ..................ඇහැකී
    ඇදගෙන යමවු, නූලට ඉඩ නොදෙමු ................මැකී