එලකිරි කවිමඩුව

SaCy.StYLe

Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET
    ආසයි මල්ලියේ උබෙ කවි කියවන්න
    ඇවිදින් උබත් කවි මඩුවේ ඉදගන්න
    දිනකට එකක් හෝ කවි පද ගලපන්න
    ඇරයුම් කරමි ඔබ හට ආසිරි මෙන්න

    වචනෙකින් ඔබ මට කල තුති පිදුම
    තව කවි ගලපන්නට දිරිමත් කල මාව
    මෙලෙසින් පද හතරක ගැලපුමට
    හිමි වන්නෙමි තුති ඔබ කල ඇරයුමට
     
    • Like
    Reactions: Ashman

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    ලූලා නැතු වලට පන්ඩිත මඩ කනයා
    රකුසා නොමැති කවි මඩුවේ ඌ අය්යා
    එක පුන් සද නැගෙයි රැය ගනදුර පරයා
    පිලිගමු දිය රකුස් නම් සක්විති කවියා
     
    • Like
    Reactions: Ashman

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    ආවත් මෙමා කවි නූලට හිටි ...............හැටියා
    දැක්කෙමි කිවි රැලගෙ වැඩකිඩ ඇති ........සැටියා
    සැදුමට දක්ස රොටි, රත් වී ඇති .............තැටියා
    අඩුවක් දැනෙනවා නොමැතිව ..........'චතු පැටියා'

    සරසවි දේවියගෙ කවි සේලය ...............සිඹලා
    කවි දක්සයන් තව ඇත දුටුවද ..............උඹලා
    කිරියේ සතර කොන තැන තැන කවි .......පිඹලා
    අඩුවෙකි නැතිව තොපි 'දිනූෂ' සහ .......'කිඹුලා'

    කවි කම් දක්ස කොතෙකුත් ඇති මෙතන .........නොකී
    ඒ හැම දෙනගෙ නම් මතකෙට ගත .............නොහැකී
    මේ සැම දෙනා නූලට කැන්දමු ..................ඇහැකී
    ඇදගෙන යමවු, නූලට ඉඩ නොදෙමු ................මැකී

    ආසිරි මැදින් සරසවි දේවියගේ බෙලෙන්
    මී පැණි වගේ කවි පබදියි කවියො හොදින්
    කවි පද බදින කිවිදියො ගැන කීව සැණින්
    මැණිකෙ නගේ නුබ සිහිවෙයි මට නිතැතින්

    සාතන් කියන කවි පබදින එලකිරියේ
    මිතුරෙකි මහත් එනමුත් ගමවෙයි නිරයේ
    හැමවිට ඇවිත් කවි පබදියි සිරි සිරියේ
    කවි සිත කල හැකිද එකතැන් කර හිරයේ

     
    Last edited:
    • Like
    Reactions: SaCy.StYLe

    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    දෙවිඳුන් පැහැය ලද සරසවි මව් තුරුලේ.....
    කිවිඳුන් බොහොය අද ආගිය මේ හමුවේ....
    රැව් දුන් හැඩය සිතුවිලි බැඳි හද පතුලේ.....
    සමුදුන් බවය පාලුව රැඳි කවි මඩුවේ........
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    වචනෙකින් ඔබ මට කල තුති පිදුම
    තව කවි ගලපන්නට දිරිමත් කල මාව
    මෙලෙසින් පද හතරක ගැලපුමට
    හිමි වන්නෙමි තුති ඔබ කල ඇරයුමට
    සතුටුයි මචන් උබ තව කවියක් ලියලා
    කවියෙන් කවිය උබෙ දස්කම් එයි ලියලා
    අරගෙන තවත් දේවල් කවියෙන් ගොතලා
    මඩුවට දමන්නකො මගෙ සිත යයි පිරිලා

     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    ලූලා නැතු වලට පන්ඩිත මඩ කනයා
    රකුසා නොමැති කවි මඩුවේ ඌ අය්යා
    එක පුන් සද නැගෙයි රැය ගනදුර පරයා
    පිලිගමු දිය රකුස් නම් සක්විති කවියා
    හිත හොද දොස්තරට හිරිහැර කරන රකුස්
    වාගේ නෙමෙයිනේ කවි පද බදින රකුස්
    රස කවි ලිය ලියා මඩුවට දාන රකුස්
    කවි සිත තිබෙන අය නොම වෙයි සැබෑ රකුස්

     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    janawari maase thaamath ada dahanamaya
    daranda behe wiyadannam apamanaya
    bonna nathuwa jeewithema adapanaya
    kochchara try kolath kohomada nowi naya :(
    ජීවන බර සැරයි පානුත් ගනන් ගිහින්
    බස් මිල පවා වැඩිවෙනවලු මෙහෙම ගිහින්
    බොර තෙල් බැරලෙ මිල ටික ටික පහල ගිහින්
    තෙල් සහනෙවත් අප හට ලැබෙනවද ඉතින්

     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    දෙවිඳුන් පැහැය ලද සරසවි මව් තුරුලේ.....
    කිවිඳුන් බොහොය අද ආගිය මේ හමුවේ....
    රැව් දුන් හැඩය සිතුවිලි බැඳි හද පතුලේ.....
    සමුදුන් බවය පාලුව රැඳි කවි මඩුවේ........
    මුල සිට ඇවිත් ඔබ කවි කී හැටි මතකයි
    මේ කවි මඩුව වෙත ඔබ කල දේ මතකයි
    අත්හැර තිබෙන විට ඔබ පණ දුන්නා මතකයි
    හැමදම මෙමට ඔබ දුන් උපදෙස් මතකයි

     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    හිත හොද දොස්තරට හිරිහැර කරන රකුස්
    වාගේ නෙමෙයිනේ කවි පද බදින රකුස්
    රස කවි ලිය ලියා මඩුවට දාන රකුස්
    කවි සිත තිබෙන අය නොම වෙයි සැබෑ රකුස්


    අපගේ මිතුරු කවියෙකි අශ්මන් ලමයා
    සැමගේ හිතදිනා කවි ලියනා සැටියා
    ලැබෙනා පෝස්ටුව වෙත පැසසුම් අගයා
    දමනා කවි තුලින් බැබලේ එල කිරියා
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    ඉන්නේ මිතුර මම තාමාත් ...............ඔපීසිය
    එනමුත් නොහැක ලොග් වී ඉන්නට ...කිරිය
    නොබලා ඉන්න බැරි තැන නොලියා.. කවිය
    ගත්තා සමාර්ට් ෆොනය කෙටුවා...... සොමිය
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    ජීවන බර සැරයි පානුත් ගනන් ගිහින්
    බස් මිල පවා වැඩිවෙනවලු මෙහෙම ගිහින්
    බොර තෙල් බැරලෙ මිල ටික ටික පහල ගිහින්
    තෙල් සහනෙවත් අප හට ලැබෙනවද ඉතින්


    තෙල් වල සහනයක් ජනතාවට.......... කුමට
    බස් වල මිල ගනන් ගොස් ඇති මුත් ....උඩට
    සතුටින් සැපෙන් ඉන්නට අපහට .......මෙරට
    එන්රීකේ ගත්ත බ්‍රා පමනක් ඇති .........අපට
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    ඉන්නේ මිතුර මම තාමාත් ...............ඔපීසිය
    එනමුත් නොහැක ලොග් වී ඉන්නට ...කිරිය
    නොබලා ඉන්න බැරි තැන නොලියා.. කවිය
    ගත්තා සමාර්ට් ෆොනය කෙටුවා...... සොමිය

    diya rakuso apith inne office eke
    boring wada godak asse paalu make
    saren sare duralanta boss ge sake
    wadath karan hitapan ban tiken tike :D
     

    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    කැරකෙන ලෝකයක හැල්මේ දිව යන්න
    පැරදෙන තරඟයක සිදුවේ රඟ දෙන්න
    සුවදෙන හොදම දේ බැරිවේ රැක ගන්න
    අවසන සියල්ලට හිමිවේ සමු දෙන්න

    ජීවන ගමන පසුපස අප දිව යනවා
    පාවෙන හීන මැද හැමදා තනි වෙනවා
    රෑවෙන දවල් වෙන මැද වයසද යනවා
    මේවෙන දේම ලොව යලි යලි සිදු වෙනවා
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,975
    2,207
    113
    Adelaide
    diya rakuso apith inne office eke
    boring wada godak asse paalu make
    saren sare duralanta boss ge sake
    wadath karan hitapan ban tiken tike :D

    කිවි නැති මඩුව වගෙ විට නොමැති ......................දුන්කොළ
    නූලත් කවි රටා වැටි පැදුර .............................පන්කොළ
    මෙහි කවි ලියන කොල්ලෙක් නේද .......................බං,හෙළ
    ට්විස්ටඩ් කවිය දාපන්කො ලියල, ............................සිංහල

    :yes::yes::P
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    කිවි නැති මඩුව වගෙ විට නොමැති ......................දුන්කොළ
    නූලත් කවි රටා වැටි පැදුර .............................පන්කොළ
    මෙහි කවි ලියන කොල්ලෙක් නේද .......................බං,හෙළ
    ට්විස්ටඩ් කවිය දාපන්කො ලියල, ............................සිංහල

    :yes::yes::P

    inda hita mamath liwwata ithin kaw peli
    sinhala fonts kotandanam kammali
    kadda nisa ahagaththata kunu kasali
    min mathu sada kadden kotami mama nosali :P
     
    • Like
    Reactions: Satan_at_Hell

    SaCy.StYLe

    Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET
    inda hita mamath liwwata ithin kaw peli
    sinhala fonts kotandanam kammali
    kadda nisa ahagaththata kunu kasali
    min mathu sada kadden kotami mama nosali :P


    කොටන දෙය නොවේ අය්යන්ඩිය වැදගත් ...
    වචනේ අරුතමය දැනගන් සැබෑ උගත් ...
    කඩ්ඩ නෙමෙයි දෙමලෙන් කිව්වත් කවියක් ...
    යහපත් කවියක් ගොතපන් හැමදාමත් ... :yes::yes:
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,975
    2,207
    113
    Adelaide

    කොටන දෙය නොවේ අය්යන්ඩිය වැදගත් ...
    වචනේ අරුතමය දැනගන් සැබෑ උගත් ...
    කඩ්ඩ නෙමෙයි දෙමලෙන් කිව්වත් කවියක් ...
    යහපත් කවියක් ගොතපන් හැමදාමත් ... :yes::yes:

    :yes::yes::yes:
     
    • Like
    Reactions: SaCy.StYLe

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    කවියක් වී තොල් පෙතිමත මුමුණන්න..
    හෙමි හෙමිහිට ඔබ මගෙ තුරුලට එන්න..
    දසුනක් වී නිදි බර නෙත් ඇහැරන්න..
    සඳ සාවී ඔබ හද කුටියට එන්න..:yes: