
වතිල කියන්නේ වෙනස් චරිතය රගපාන කෙනෙක්. එයා හදන්නේ
සම්මත රාමුවේ තියෙන දේවල් එහාට මෙහාට කරන්නයි.
උදාහරණයකට කිව්වොත් හැමෝම දන්නවා කුණුහරුප කියන්නේ වැරදි දේවල් කියලා
ඉතින් තරහකදී මිසක් කුණුහරුප කියන්නේ නෑ කවුරුත්. වතිල හදන්නේ එම සම්මතේ තියෙන එක විහිළු සමග එකතු කරන්න හදන එකයි. ඉතින් වතිල කියන කුණුහරුපයක් පවා කවුරුත් හිතන්නේ සමාන්‍යය දෙයක් හැටියටයි. සමාජේ වෙනස් කරන්න හදන එක හොදයි නමුත් වැරදි පැත්තට නෙවෙයි.
සමාජයක් හැදිලා තියෙන්නේ රාමුවක් තුළයි. එම රාමුව තුළ තියෙන සම්මතයන් සංස්කෘතියෙන් සංස්කෘතියට වෙනස් වෙනවා. යම් කිසි කෙනෙක් දන්නවා නම් රාමුව හදුනා ගෙන එයහි සිමාවන් ඉක්මවා යන්නේ නැතුව තියෙන සම්මතයන්ට අනුව ඉන්න. එම කෙනාට ලෙසේයෙන්ම ඉන්න පුලුවන්. නමුත් යම්කිසි කෙනෙක් එම රාමුව හොදින් හෝ නරකින් ඉක්මවා යන්න හදනවා නම් එම පුද්ගලයාට ගැරහිලි එනවා.
හොදින් රාමුව තරනය කරපු අය ශේෂ්ඨයන් වෙනවා
එම පුද්ගලයන් ලෙස මධ්‍යය්ත්න යුගයේ යුරෝපේ සිදුවු විද්‍යා විකාශනය කරපු අය දක්වන්න පුලුවන්. පල්ලියේ ප්‍රකාශ ලෙස දේව කේන්ද්‍රි වාද මුල්බැස ගෙන තිබුනු සමාජය හොද පැත්තට(යථාර්ත වාදී පැත්තට ) වෙනස් කරපු නිසා අදටත් එම මිනිසුන් ශේෂ්ඨයන් ලෙස හදුන්වනවා
නමුත් නරකට වෙනස් කරන හදපු හිට්ලර් වගේ මිනිසුන්ව අදටත් සමාජය ගරහනවා.







