එලකිරි සි0හල රස කතා

gaveen5555

Member
Feb 13, 2008
2,209
47
0
34
බැඳිල්ල


අපි පරණ දේවල් වලට කොච්චර ආසද ? ඒකනේ අපි අනුරාධපුරේ , පොලොන්නරුවේ යන්න ආස කරන්නේ. මමත් මගේ පරණ දේවල් වලට ආසයි. ඒව මතක් කර කර කොහේ හරි ලියල නැවත කියවීමෙන් ලොකු ආශ්වාදයක් ලබනව.

ලංකාවේ විවාහය දැනට ක්‍රම 2 කට සිදුවෙනවා. එනම්;

යෝජිත විවාහ සහ ප්‍රේම විවාහ යනුවෙන්ය.
මේ ක්‍රම 2 ටම අහු නොවී ඉතිරිවන කුණු රොඩු පත්තරවල මංගල දැන්වීම් පළ කරනවා නැත්නම් වැඩේ කපුවෙකුට බාර දෙනවා.
කොයි ක්‍රමේට කළත් ලංකාවේ සමාජයෙන් මකා දැමිය යුතු දෙයක් තමා මනාලියන් බලන්න යාම.

ඒක පිරිමි වන අපට නම් ආශික් වැඩක් උනාට……..බලන්න යන මුල් එකටම අපි කැමති වෙන්නේ නැහැනේ.ඒ ගෙදරින් හොඳට කාල බීල ඇවිත් පහුවදාට දන්නල යවනවා අපි කැමති නැහැ කියල.
එයින් ඒ ගෑනු ළමයට ඇති වන මානසික වේදනාව….

මෙහෙම කියන මමත් 3 පාරක්ම මනාලියන් බලන්න ගිහින් තියෙනවා.. අද ඒ ගැන….
මුලින් ම ගියේ කලවාන පැත්තේ.. කපුවා කීවෙ කෙල්ල හරි හැඩයි.. බලන්න ලෝබයි කියලයි..ඒත් එයා මටවත්, අපේ අම්මගෙ හිතටවත් ඇල්ලුවෙ නැහැ. එයා හරිම ලාබාල පාටයි. මොන්ටිසෝරි ටීචර් කෙනෙක් වගේ.

දෙවෙනි එක්කෙනත් ඒ කිට්ටුවම.හොඳ හැඩකාරි. සෑහෙන උගත් කමකුත් තියෙනව. ඒත් එයාගෙ කට සැර වැඩි. එයා පළාතෙ එක්තරා දේශපාලන පක්ෂයක කාන්තා සංවිධානයේ සබාපති. මගෙත් එක්ක කතා කළෙත් දේශපාලන වේදිකාවක කතා කරනවා වගෙ.මට තේරුම් ගියේ එයා කාල්මාක්ස්/ට්‍රොස්කි වැරදි ආකාරයට වටහාගෙන.

අපි හිස් අතින් ආපහු ආව.සුමානයක් විතර සද්ද නැතිව හිටියා. පස්සෙ ඒ ළමයා මට දුක හිතෙන දිග ලිපියක් එවා තිබුනා.

මට සිටියේ නැගණියක් පමණි. ඇය විවාහයෙන් පසුව සැමියා සමඟ වෙනත් ප්‍රදේශයක පදිංචියට ගියාය.

“නංගී ගියාට පස්සෙ ගෙදරම පාලුයි. කා ගැන හරි උඹේ හිතේ තියෙනවා නම් මට කියපන්… නැත්නම් ලබන ඉරිදා කිතුල්ගල යන්න ලෑස්ති වෙයන්. අර විල්සන් කපුවා තැනක් ලෑස්ති කරල තියෙනවා. පවුලේ එකම ගෑනු ළමයා.. අයියල දෙන්නයි.. හොඳ සල්ලි කාරයො.”
අම්මා කීවාය.

ඒ ඉරිදා උදාවිය…
විවාහ වන තුරුම මට ඇඳුම් තේරුවේ අම්මාය. අද දින ගමනට ඇඳීමටද මට , මම ඉතා ආසා කරන කහ පාට කමිසයක් අම්මා ගෙනැවිත් තිබිණ. ඒත් එය අත් කොට එකක් විය.
මා රිය පැදවූ අතර අම්මා පසු පස ආසනයේ වාඩි වූවාය

අතර මඟදී නංගී සහ ඇගේ සැමියා ද, විල්සන් කපු මහතාද රියට ගොඩ විය. නංගීගේ සැමියා කලු කළිසමක් හා නිල් ඉරි සහිත සුදු අත් දිග කමිසයක් ඇඳ සිටියේය.
“…..න්ත ඔයා අත් දෙක නමා ගන්න. නැත්නම් අර මිනිස්සු හිතයි මනමාලයා ඔයා කියල.”
“මම කීවා මෙයාට ටයි එකක් දා ගන්න කියල.. කොහෙද ඕන කමට යන ගමනක් නෙවෙයි නේ ”

” ටයි එකක් ඕන නැහැ අයියේ.. අත් කොට කමිසයක් ඇඳල ටයි එකක් දැම්මම නිකන් සේල්ස් රෙප් කෙනෙක් වගෙ..” නංගී කීවාය.
“ඈ කපු උන්නැහේ.. අපි ඔය බලන්න යන ළමය හැඩකාරියක් ද ?” අම්මා ඇසුවාය.
“මට නම් ඉතින් ලස්සනට පේනව. ඒත් ඉතින් තරුන මහත්තුරු ලස්සන බලන්නෙ වෙන විදිහකටනේ”
“තව ටිකයිනේ.. ගිහිල්ලම බලාගන්න බැරියැ”

ඇය අනොජා වීරසිංහගේ දුව දිල්කි මෙන් ලස්සන එකියක වේවා යැයි මම සිතින් ප්‍රාර්තනා කළෙමි.

ඔතනින් ඇතුළට හරවන්න යැයි කපුවා කීවේය. “මේ සේරම එයාලගෙ ඉඩම්”
වත්තට හරවනවාත් සමඟම මට ඇසුනේ ලී මෝල් වල සද්දය. මුලු පළාතම “ලී කුඩු” සුවඳය.
උඩු කය නිරාවරනව සරමක් පමණක් ඇඳ සිටි ලොකු බඩ ගෙඩියක් සහිත කාල වර්ණ පුද්ගලයෙක් රිය නතර කළේය. ඔහුගේ පපුවේ ලොම් වලද ලී කුඩු විසිරී තිබුනේය.

” මොකද පරක්කු .. අරහෙ කට්ටිය බලා ගෙන ඉන්නවා.. ඔහොම යං”
ඒ මනමාලිගෙ ලොකු අයියා.
මුලු ගමම අපේ පැමිණීම දන්නවා වගේය. පාර අයිනේ සිටි කොලු රෑනක් රිය ලුහු බඳින්නට විය.
ඇයගේ මව සහ පියා යැයි සිතිය හැකි දෙපළක් විසින් අප පිළි ගන්නා ලදී.

තත්පර 30 ක් විතර යන තුරු අප අතර කතාවක් නොවීය. ඊට සුදුසු මාතෘකාවක් නොවූ බැවිනි. ඒ ජේ වී පී භීෂණ සමයයි. දේශපාලනය සුදුසුම මාතෘකාව විය. අසල ගමක රජයේ ගොඩනැඟිල්ලක් ගිනි තබා ඇත. “මුන් සේරම අල්ලල පණ පිටින් පුච්ච්න්න ඕන” යැයි ඇයගේ පියා කීවේය.

තවත් සුලු මොහොතක් ගෙවී ගියේය. කොයි මොහොතක හෝ ඇය අප ඉදිරියට එනු ඇත. පාසැල් යන කාලයේ “ඇඩල්ස් ඔන්ලි” චිත්‍රපටියක් බලන්න ගොස් එය පටන් ගන්න තුරු ඇතිවන කුතුහලය මෙන් එකක් මට දැනිනි.
ඇයගේ මව විසින් වත්තම් කරගෙන ඇය අප ඉදිරියට ගෙන එනු ලැබුවාය. මුලින් මට බුලත් හෙප්පුව දී, පසුව මගෙ අම්මාට, මස්සිනාට ද, නංගීටද ආචාර කර මා ඉදිරියේ ඇති අසුනේ වාඩි වූවාය.

මට ඇයගේ මුහුණ දෙස කෙලින්ම බැලීමට ශක්තියක් නොවූ බැවින් ඇයගෙ දෙපා වල සිට ඉහලට මම මගේ දෑස රැගෙන ගියෙමි.
ඇයගේ දෙපා ඉතා විශාලය. කලකින් සේදූ බවක් පෙනෙන්නට නොවීය. පරන වූ “නිය ආලේප” තැනින් තැන පොතු ගැල්වී දුර්වර්න වූ නියපොතු නිරාවරනය විය.

විශාල ලය මඬලක් ඇය සතුවිය. නැහැය ඉන්දිරා ගාන්ධිගේ මෙන් විය. අත් කොට හැට්ටයක් ඇඳ සිටි අතර ඊටම ගැලපෙන සාරියක් ඉන්දියන් ක්‍රමයට එහෙත් අපිළිවෙලට ඇඳ සිටියාය.ඒ නිසාමදෝ වාඩිවූ විට කිළිටි රේන්දයක් ඇල්ලූ යට සාය ඉස්මතුවී පෙනුනේය.
” ජනවාරි වලට කලින් පෙබරවාරි ඇවිල්ලා යැයි” නංගී සිතනවා විය හැක.

ඔවුන් අප වෙනුවෙන් දිවා භෝජනය සූදානම් කළේය. මනමාලියගේ ලොකු අයියා පැමිණ මගේ මස්සිනාට යමක් රහසින් කියා ඔහු පැත්තකට කැඳවා,
“කෑමට පෙර මොකුත් කරනවාද ? සුදුවත් තියෙනවා ඕන් නම් රට බඩුත් තියෙනවා” යැයි කීවේය.
අප සැමට හොරෙන් මගෙ මස්සිනා යමක් සප්පායම් වී ඇත. ඔහු මුහුන විරිත්තමින් සිටිනු දැක අම්මාත්, නංගීත් ඔහු දෙස මාරුවෙන් මාරුවට රවා බැලීය.

දිවා භෝජනයට කුකුල් මසුත් , මා ඉතා ආසා කළ කොස් මාලුවත්, මුරුංගා හොද්දත් තව මොන මොනවාදෝත් විය.
ආපසු එන ගමනේදී විල්සන් කපු මහතා අවිස්සාවෙල්ලෙන් අපෙන් වෙන් වීය. හැතැප්ම කීපයක් එන තුරුම අප අතර කතා බහක් නොවීය.

“කොහොමද මල්ලී…තැන නම් වරදක් නෑ නේද?”
මස්සිනා ඇසුවේය…
” උඹලගෙ ඇස්වලට මොනව වෙලාද ? කිරි දෙන අම්ම කෙනෙක් වගේ හරියට ” අම්මා විරෝදය ප්‍රකශ කලාය.

” ඇයි අයියෙ දැක්කෙ නැද්ද ? අත් දෙක පුරාම මයිල්”

“මයිල් නැති ගෑනු කොහෙන් හොයන්නද ?” තවමත් වෙරි මතින් සිටි මස්සිනා සෙමෙන් පැවසීය. නංගී ඔහුට ටොක්කක් ඇන්නාය.
නිමි
 

gaveen5555

Member
Feb 13, 2008
2,209
47
0
34
ගී ගණිතය


මේකත් මේ අපෙ ඇම්ඩා සහෝදරයගෙ රසවත් සිද්දියක්ම තමයි. ඇම්ඩට ගොඩාක් සිද්දි සිද්ධවෙන්නෙ ස්කොලෙදිම තමයි. මේකත් එහෙම වෙච්ච එකක්.ඇම්ඩ ගණිතයට ගොඩාක් දුර්වලයි ( ඕකා මොකකටද දුර්වල නැත්තෙ කියල මගෙන අහන්න එපා). ගනිතය උගන්නවන සර්වත් ඇම්ඩට වහ කදුරු වගේ. කොහොමත් මේ සර්ගෙ ඉගැන්වීම බොහොම කම්මෙලි නිසා ඇම්ඩ විතරක් නෙවෙයි අනිත් ලමයිනුත් හරිම කම්මැලිකමෙන් තමයි පාඩම ඉගෙනගන්නෙ. සර් ත් මේක දෙනගෙන හිටියා. දවසක් සර්ට මරු අයිඩියා එකක් ආවා. ගීතයක් ආකාරයට පාඩම උගන්වන්න ඕනෙ කියලා සර්ට හිතුනා. ඔන්න දැන් සර් තාලෙට ගනන් උගන්වනවා. ආ.. ළමා..යී… කියන්..න.. බලන්..න.. පහෙන්… දෙක…ක් කියලා කියනකොට ළමයි “තුනා..යී…” කියලා කියන්න ඕනෙ. “ප..හෙ..න් එකා…ක්…” කියනකොට “හතරා..යී..” කියලා කියන්න ඕනෙ. ටික වෙලාවක් යනකොට ඇම්ඩාට මේකත් මහ වදයක් වගෙ දැනුනා. සර් දැන් ළමයින්ව නැගිට්ටලත් “ගී ගණිතයෙන්” ප්රශ්ණ අහනවා. ඇම්ඩා අකමැතිම දේ තමයි නැගිටවලා ප්රශ්ණ අහන එක, ඇම්ඩගෙ ටීචර්ස්ලත් අකමැතිම දෙයක් තමයි ඇම්ඩව නැගිටවල ප්රශ්ණ අහන එක (මොකද ඇම්ඩගෙ කට හොඳ නෑනෙ.) කොහොමින් කොහොම හරි ඇම්ඩගෙ වාරෙත් ආවා. ඔන්න සර් මෙහෙම අහනවා. “ආ ඇම්ඩා.. කියන්…න… බලන්..න… තුනෙන්.. එකා..ක්…” ඇම්ඩා පැනපු ගමන් කිව්වා “දිගා…යි….” කියලා. පාඩම එතනින් ඉවරයි… ඇම්ඩත් ඉවරයි…
 

gaveen5555

Member
Feb 13, 2008
2,209
47
0
34
සැටඩේ ඉස්පෙසල්



මේ මාසේ 11 දාට අපේ වෙඩිං ඇනිවසරි එක. කී වෙනි එකද කියල නම් අහන්න එපා. ඒ ගැන ටිකක් කිට්ටුවෙන් යන කතාවක් තමා අද ලියන්න යන්නේ.
කසාදෙට වැඩි දෙනා පාවිච්චි කරන පොදු වචනය තමයි “බඳිනවා” කියන එක. “ඔයා බැඳලද?” “කවදද බඳින්නේ” ඒ වගේ. ඒකෙ නියම තේරුම “බැඳෙනවා” කියන එකයි.

සමහර වැරදි වලට උසාවියෙන් අත් හිටවූ සිර දඬුවම් නියම කරනවා. ඕකට ගමේ ගොඩේ කියන්නෙ ඇඟ බඳිනවා කියලයි.කසාදෙට සමහරක් පළාත් වල “හිරය” යන වචනය යොදා ගන්නවා. ” හිරයක් ගේනවා” “හිරයක් කරගන්නවා” යනාදී වශයෙන්.
මේකෙන් තේරෙනවා නේද කසාද බැඳිල්ල හිරේ යන වැඩක් කියල. උසාවියෙන් හිරේට නියම උනු මිනිහා නියම දවසට නිදහස ලබනවා.ඒත් කසාද බැඳපු මිනිහට කවදාවත් නිදහසක් ලැබෙන්නේ නැහැ.

(මම මේ ටික ලියා ගත්තෙත් වයිෆ් ගෙදර නැති වෙලාවක් බලල )
ඒ වගේම තමා සමහර පළාත් වල කියන්නෙ “දීගෙ” කියලා. “දීග දෙනවා”
“දීගෙක යනවා” ආදී වශයෙන්. දීගෙ කියන එකෙන් තේරෙන්නේ “දිගු වීම”
කියන එකයි.මොකක්ද දිගු වෙන්නේ.
අහල තියෙනවද මේක ? … ” නිදි වර්ජිතයාට රාත්‍රිය දිගයි” කියන එක. ඒ වගේ තමයි බැඳපු මිනිහට ජීවිතය “දිගයි”.

මේ සේරම ලියන්න මූලික උනේ.. අද සෙනසුරදා පරණ යාලුවෙක් ගෙදර ආවා.පොඩි ෂොට් එක්ක දැම්මා. පරණ දේවල් ගොඩාක් කතා කළා. ඒ අස්සෙ පිස්සු කේස් එක්ක වන රොහාන් ගැනත් ඇදිල ආවා. ඌ කතා සාගරයක්. මේ ඌ ගැන. මගේ කතාවෙ මාතෘකාව වන බැඳිල්ලයි රොහානුයි අතර තියෙන සම්බන්ධෙ තමා “නැන්දම්මා”
ජා-ඇල පදිංචි රොහාන් දවසක් මට සේයාරුවක් පෙන්නුවා.එහි වූයේ හොඳින් වැඩුනු ටිකක් තරබාරු එක වගේම කාන්තාවන් දෙන්නෙක්.”කියාපන් බලන්න මේ කවුද කියල?” රොහාන් මට කීවා.”ටුවින්ස්ලද?” මම ඇහුවා.
“නෑ.. වම් පැත්තෙ ඉන්නෙ දුව… අනිත් එක්කෙනා අම්මා”
දුවත් එක්ක රොහාන්ගෙ ප්‍රේම සම්බන්ධයක් තිබුනා. ගෙවල් දෙකෙන්ම වලි. හැමදාම රෑ 9.45 කෝච්චිය ගියාට පස්සෙ රොහාන් යනව කෙල්ල බලන්න එයාලගෙ ගේ පිටිපස්සෙ තියෙන කොහිල කොටුව ළඟට. ඒ වෙලාවට කෙල්ල එනවා චූ කරන්න.

හිනා වෙන්න එපා. මම මේ කියන්නෙ ඌ කිව්ව කතාවක්.
ඔහොම දවසක රොහාන් කෙල්ල තුරුලු කරගෙන ඇහුවා ‘ අම්මා නිදිද ?” කියල. “මම තමා අම්මා”…. රොහාන්ට තරු පෙනුනා. කොහොම උනත් එදා ඉඳල් දුවට හොරෙන් අම්මා සමඟත් , අම්මට හොරෙන් දුව සමඟත් රොහාන් පවුල කනව.
( නැන්දම්මල ගැන නියම කතා පොකුරක් මා ළඟ තියෙනවා. ඒවා ඊළඟ සෙනසුරාදා… කවුද ආවා. වයිෆ් වෙන්නැති…..මම නවතින්නම් )
 

gaveen5555

Member
Feb 13, 2008
2,209
47
0
34
දිය රෙද්ද…….!!!



මේක අහන්ට ලැබුණු පොඩි seen එකක්. කට්ටියම දන්නවනේ රත්නපුරේ පැත්තෙ නිල් කැටේට වතුර ගලන ඇළක්-දොළක්-ගඟක් ළඟ අපෙ කස්ටිය කරන දේ. මං දන්නවා දැන් කට්ටිය හිතන දේ.එහෙම ජරාව මොකුත් නෙමේ මෙයා මං කිව්වෙ මැණික් ගරන seen එක ගැන.ඔය මැණික් ගරනවා කියන්නේ නෝන්ඩි කේස් එකක්ලුනේ.උදේ ඉඳන් රෑ වෙනකන් මඩ
නාගෙන වතුරෙ බැහැං හෙන කරෝල කට්ටක් කනවා.පව් ඉතිං ඒ මිනිස්සු.

ඔන්න එක පවුලක ගෑණු කෙනා රක්ෂාව විදිහට කොරලා තියෙන්නෙ මැණික් ගැරිල්ල.හැමදාම මැණික් ගරලා අහවර උනාම එතනින්ම නාලා කොරලා
හැඩවෙලා පොෂ් වෙලා තමයි ගෙදර යන්නෙ.ඉතිං හැමදාම නාන්න ඕනි කොරන සබන්,තුවායක්,දිය රෙද්දක් එහෙම අරන් තමයි රක්ෂාවට යන්නෙ.(මේ දැන් මගෙන් අහන්න එපා දිය රෙදි කියන්නෙ මොනාද කියලා හරිය…)
ඉතිං හැමදාම ඉස්කෝලේ ගිහින් ඇවිත් සරමකුත් ගහං අම්ම වැඩ කරන පොට් එකට ඇවිත් නටන එකලු මෙ කෙනාගෙ කොලුවගෙ වැඩේ.

දවසක් වැඩ අහවර වෙලා නාන්න බලන කොට තමයි ගෑණු කෙනාගෙ ටිකිරි මොලේට මීටර් වෙලා තියෙන්නෙ හුටා නාන්න දිය රෙද්ද ගෙනල්ල නෑනෙ කියලා.ඉතිං කොලුවට අඬගහලා කිව්වලු
“දුවලා ගෙදර ගොහිං දිය රෙද්ද අරං වර” කියලා. ගෙදරටත් ඉතිං චුට්ට දුරයිලු.අපිට වගේ නෙමෙයිනෙ පොඩි උන්ට අස්ප කුලප්පුව නොවැ මූ සටස් ගාලා ගෙදර දුවලා දිය රෙද්ද සරමට තියලා සරම දෙපොට ගැහුවලු. (සරං අදින්න දන්නෙ නැති ජංගි විතරක් අඳින උන් මගෙන්
අහන්න එපා සරම දෙපොට ගහන්නෙ කොහොමද කියලා හරිද…)

ඉතිං මූ සරම අස්සෙ රෙද්ද ගහං එක දිවිල්ලලු ගඟ ගාවට.මූ දුවන තැනින් එවෙලෙ ගියාලු අපෙ පොළිස් රාළහාමි කෙනෙක්.කොල්ලගෙ සරම අස්සේ මොනවද තියනව දැකලා රාළහාමි මුගෙන් ඇහුවලු
“මොනාද බොල සරම අස්සෙ කියල”
මූ හැරෙන තැපැලෙන් කිව්වලු “අම්මගෙ රෙද්ද කියලා”.
ඕකට රාළහාමිට මළපැනලා කොල්ලගෙ කණ අත ගෑවලු
“එහෙනම් මේකත් අරං පළ” කියලා.
අන්තිමට ඇත්ත කියන්න ගොහින් මූ රෙද්ද දෙන්න ගියේ ජම්බක් වෙච්ච
කණත් අතගගාලු.
 

gaveen5555

Member
Feb 13, 2008
2,209
47
0
34
බාසා ප්‍රශ්න


කැම්පස් එකේ ඉන්නකොට එක එකාගේ එක එක බාසාවල් තියෙන්නේ. ගාල්ල මාතරින් ආපු අය උන්ගේ බාසාව . ඕන එක්කට “මොකදැයි මක්කටෙයි” තමා. මාතලේ පැත්තෙං ආපු එවුන්ගේ තව බාසවක් . එකෙක් හිටියා ඌ හොඳයි කියන එකට කියන්නේ “සැරයි” කියලා. ඔය රත්නපුරේ පැත්තේ එවුන් ඕන එක්කට “හත්ඉලව්වේ” කියාගත්ත ගමන්.
ඔය අස්සේ එක එක පැතිවල එවුන් එක එක පැතිවල එවුන්ට නෝන්ඩි දානවා. අර මාතර එවුන්ට කියන ප්‍රසිද්ද කතාවක් තියෙන්නෙ .
දවසක් මාතර එකෙක්ට පිටකොටුවෙන් පොඩි වලියක් සෙට් උනාලු. එතන හිටපු වලි කාරයෙක් මාතර එකාට කිව්වලු “අඩෝ අපි මේ කොලඹ හරිද?. කොහෙන්වත් ආපු එවුන් කොහොමද යකෝ අපෙං ගේම ඉල්ලනේ”
එතකොට මාතර පොර කිව්වලු
“ඇයි අඩො … අපිත් කොලඹ තමා හරිය…. ”

ඕක කිව්වාම ගාල්ල මාතර එවුන්ට මල පැනලා අනික් පැත්තට කතන්දර කියනවා.
“අපි යකෝ තොපි වාගේ බස් හිටවන්නේ නැ , බස් නවත්තනවා. අනික තොපි බත් කනකොට ඕන එලවලුවකට කියන්නේ මාලු කියලා. අපි යකෝ මාලුයි එලවලුයි ඔක්කොම එක්ක බත් කනවා. “
ඔව්වා තමන්ගේ පැතිවල බාසාව හින්දා ඇරගත්තුවා.ඔය ප්‍රාදේශීය බාසා සිද්දි ඇරුනාම පොඩ්ඩ වචනේ වැරදුන ගමන් කොල්ලන්ට කතා කියනවා. මොබයිල් ෆෝන් බිල් pay කරන විදි ගැන කතාවෙනකොට කියපු කතා දෙකක් තිබ්බා.
දවසක් කොල්ලෙක් අපි ඉන්න තැනට අවිල්ල කිව්වා
“මචන් ඩයලොක් බිලක් බඳින්න තැනක් කියපංකෝ” කියලා.
එතකොට බංඩාරයා කිව්වා. “උඹට ඕක බඳින්න හදිස්සිද?”
“ඔව් බං”
“එහෙනං ඔය බිල අර අඹ ගහට තියලා බැඳපන්”
හැබැයි ඔය චන්ඩි කතාව කිව්වට මොකෝ බන්ඩාරයටත් ඕකෙම අනික් පැත්ත උනා.
දවසක් බංඩාරයා ලකියට කිව්ව
“මේ ඕයි. දෙදහක ටෙලිපෝන් බිලක් තියනවා, ගෙවාගන්න විදිහක් කියපන්කෝ”
“ඔය ගලක අතුල්ලලා වගේ ඕක ගෙවාගන්න බැයිද?” ලකියා අනික් පැත්තට කියලා දැම්ම.