එලකිරි සි0හල රස කතා

gaveen5555

Member
Feb 13, 2008
2,209
47
0
34
එලකිරි සි0හල රස කතා

Rep would be Nice


ක්‍රිකට් කතා…


කට්ටියම ඉස්කෝලේ යන කාලේ එක එක සෙල්ලම් කරනවානේ. සාමාන්යෙන් ඉස්කෝලෙක ගොඩක් සෙල්ලම් ජාති තියෙනවනේ. රනාත් අවුරුදු දොළහේ දහතුනේ කාලේ ඉදලාම එක එක සෙල්ලම් කරා. ඒකෙන් නැගලම ගිය සෙල්ලම තමා ක්‍රිකට්. දන්නවනේ ඉතින් ක්‍රිකට් කියන්නේ අපේ රටේ ජාතික කිරීඩාව කියලා. ඉතින් ඒ නිසාමද කොහෙද රනාත් ඉතාම උනන්දුවෙන් ඔය සෙල්ලම කළා. මේ කියන්න හදන්නේ එහෙම ඉස්කෝලේ වෙනුවෙන් ක්‍රිකට් ගහපු කාලේ වෙච්ච පොඩි කතා ටිකක්.

අං ඇවිල්ලද?

ඔන්න දවසක් රනාලගේ ඉස්කෝලෙයි තව ඉස්කෝලෙකුයි ක්‍රිකට් මැච් 1ක් ගහනවා. රනාලා ඒ ඉස්කෝලෙට ගිහිල්ලා තමා මැච් 1 ගැහුවේ. ඉස්සෙල්ලාම බැට් කළේ අනිත් ඉස්කෝලේ එවුන්. මූ ඒ ඉස්කෝලේ එදා රනාලත් එක්ක තරගෙට ක්‍රිකට් ගහපු එකෙක්. ඉතින් හිතාගන්නකෝ කොහොම ස්ටෑන්ඩඩ් 1ක් තියෙන්න ඇතිද කියලා. ඔන්න දැන් රනාගේ සයිඩ් 1 එවුන් බෝල් කරනවා. අම්මටසිරි අනිත් එවුන් රනාලට පොරි හැලෙන්න නෙළනවා. කොටින්ම කියනවනම් පළවෙනි විකට් 1 වැටුනේ ඕවර් 21ක් ඉවර උනාම. එතකොට ළකුණු සීයත් පැනලා. හිතාගන්නකෝ ගහලා තියෙන ගැහිල්ල. කොටින්ම කියනවානම් රනාගේ ටීම් 1 කැප්ටන් ස්ලිප්ලාවත් අයින් කරලා ඉස්සරහා ෆීල්ඩ් කරන්න දැම්මා. (සාමාන්යෙන් ඉස්කෝලේ ක්‍රිකට් වලදී ස්ලිප්ලා අයින් කරනවා කියන්නේ ෆීල්ඩ් කරන එවුන් හෙන ඩිසාස්ටර් සිටුවේෂන් 1ක ඉන්නවා කියන 1.) කියන්න බැරි උනා. රනාගේ ටීම් 1 කැප්ටන්ගේ නම මාලින්. ඌට ආදරේට කියන්නේ මාලි කියලා.

දැන් වැඩේ හරියන්නේම නෑ. අරුන් හිටු කියලා ගහනවා. හැම ඕවරේකදිම හතරේ පාරක් කොහෙන් හරි වදිනවා. බෝලර්ස්ලාත් කැමති නෑ දැන් බෝල් කරන්න. මහන්සියයි, වදින වැදිල්ලටයි තමා ඉතින්. දැන් මාලි අතේ බෝලෙ. බෝලෙ දෙන දෙන එකා දාන්න බෑ කියනවා. හෙන අවුල. රනාගේ ටීම් 1 විකට් කීපර්ගේ නම ප්‍රසාද්. කොල්ලෝ කියන්නේ ප්‍රයියා කියලා. මාලි ගියා ප්‍රයියා ළගට.

“උඹ ඔය ග්ලවුස් 2යි පෑඩ් 2යි ගලෝලා බෝල් කරපන්”. මාලි ප්‍රයියාට කිව්වා.

“මට බෑ. උඹට පිස්සුද බං?”. ප්‍රයියා ඇහුවා.

“යකෝ හැම එකාම බෑ කියනවා. උඹ ඕවර්ස් 3ක් දාලා දීපං”

මාලි කොහොමහරි ප්‍රයියාව කැමති කරගත්තා. දැන් ප්‍රයියා විකට් කීප් කරනකොට දාන ග්ලවුස්, පෑඩ්ස් පිට්ටනිය මැද්දෙම ගලෝනවා.
එතකොටම අපේ රිසව් ප්ලේයර් කෙනෙක් වතුර බෝතලේකුත් අරගෙන දුවගෙන ආවා.

“මාලි තමුසේ මොනාද ඕයි කරන්නේ? අන්න සෑර්ට මළ පැනලා හෙනට බනිනවා.” ඌ එහෙම කිව්වා. (සෑර් කිව්වේ කෝච්ට හොදේ)

“පළ යකෝ යන්න. තෝද කැප්ටන් මමද කැප්ටන්? සෑර් නෙමෙයිනේ මෙතන බෝල් කරන්නේ.” මාලියා බැනලා වතුර අරගෙන ආව එකාව එළෝ ගත්තා.

රනාලත් දැන් බලාගෙන ඉන්නවා ඊළගට මොකක්ද වෙන්නේ කියලා.

එතකොට පැවිලියන් 1 පැත්තෙන් හෙන සද්දයක් එනවා. සද්දේ දාන්නේ අපේ කෝච්.

“මාලී… මාලී… අං ඇවිල්ලද තමුසෙට? අං… අං…” කෝච් අත් 2 අං 2 වගේ ඔළුවට තියාගෙන ඇට් කරලා ඇහුවා.

“පල *** යන්න.” මාලි අතත් දික් කරලා කෝච්ට එහෙම කිව්වා.

එදායින් පස්සේ ඒ සීසන් 1 එක මැච් 1කවත් මාලි කැප්ටන් කළේවත් ප්‍රයියා බෝල් කළේවත් නෑ.

wHaTz Up

මේ වැඩේ උනේ රනාලා ගල්කිස්ස සයිඩ් 1 තියෙන සාන්ත කෑල්ලක් ඉස්සරහෙන් තියෙන ඉස්කෝලයක් එක්ක ගහපු මැච් 1කදී. ඒ ඉස්කෝලේ අය තමා බැට් කරන්නේ. උං හෙන පණ්ඩිතයි. බැට් කරන්න විකට් 1ට ආවම “කොහොමද මචං” කියලා ඇහුවම ජීවිතේට සිංහල වචනයක් අහලා නෑ වගේ මූණ දිහා බලනවා. ඕවා අල්ලන්නේ නෑනේ කොල්ලන්ට. ඔය වගේ එවුන් සෙට් උනාම මැද්දෙදි හොදට බයිට් කරනවා. බයිට් කරන්න සෙට් වෙන්නේ විකට් කීපර්, ස්ලිප්ලා ෆෝවඩ් ශෝට්ලෙග් වගේ ඉන්න එවුන් තමා.

සාමාන්යෙන් ඉස්කෝලේ ක්‍රිකට් වලදී බැට් කරනකොට බෝලෙට ගහනවට වඩා කරන්නේ බෝලේ ලීව් කරන එක. ඒ කියන්නේ නිදැල්ලේ කඩුළු රකින්නා වෙතට යවන 1. ඒක ක්‍රිකට්වල හැටි. පුළුවන් තරම් විකට් 1 ඉන්න කියලා තමා උගන්නන්නේ. ඉතින් අරුනුත් හොදට බෝලේ ලීව් කරනවා. රනාලට හෙන මළ. ඉතින් එක එක ඒවා කියනවා බැට් කරන එකාට. සමහර එවුන් ඒවාට මල පැනලා හයියෙන් ගහන්න ගිහින් අවුට් වෙනවා. ඒ උනාට සමහර උන් හිමීට හිනාවෙලා බිම බලාගෙන බැට් කරලා 100ක් ගහලා අවුරුද්දේ අන්තිමට හොදම ක්‍රිකටර් වෙනවා.

“ෆුල්ටොස් එකක් දාන්න කියපන් අරූට මුන්ට ඒකටවත් ගහගන්න පුළුවන්ද බලන්න”
“ඒයි, ඔය අතේ තියෙන එකේ නම බැට් 1. ඕකෙන් කරන්නේ බෝලෙට ගහන එක. නැතුව උඹ කරනවා වගේ දාන දාන බෝලෙට උස්සන 1 නෙමේ…”
“උඹ විතරද බං බැට් කරන්න ඉන්නේ. ඔහොම බෝල් කන්න එපා යකෝ. අනිත් එවුන්ටත් දීපිය. උනුත් ආස ඇති බැට් කරන්න…”
ඔය වගේ ඒවා තමා කියන්නේ. වැඩිපුරම කියන්නේ බැට් කරන එකාව මලපන්නන්න. මොකද එතකොට ඒකා මොනා හරි මෝඩ වැඩක් කරලා අවුට් වෙනවා. කුණුහර්ප කියන්නේ නෑ. අනික ඕවා අම්පයර්ලට රිපෝට් කලාම උන් පොතක ලියාගෙන උඩට රිපෝට් කරනවා. ඒක Carrier (මේකට හරියන සිංහල වචනේ කියන්නකෝ) 1ට හොද නෑ. රට නියෝජනය කරන ටීම් 1කට සිලෙක්ට් වෙනකොට පිට්ටනියේ යහපත් හැසිරීමත් බලනවා.

හරි ආයෙත් කතාවට.

ඔය වගේ එක එක දේවල් කියද්දි අරුන්ගේ එකෙක් අවුට් උනා. ඌ හෙන පණ්ඩිතයා. මැද්දෙ හිටියේ නිකම් ලෝඩ් පකීර් වගේ. ලකුණු 5ක්වත් ගැහුවෙත් නැද්ද කොහෙද. අවුට් වෙලා යනකොටත් රනාලගේ කට්ටිය මූට කිංඩියක් දෙකක් දැම්මා. අරූට මලේ මල. ඌ යන්නේ නැතුව නැවතුනා.

“වට්ස් අප්?”
ඌ ඇහුවා.

“වට්ස් අප් ***නේ නෑ, අවුට් උනානම් කට වහගෙන පලයං…” ෆීල්ඩ් කරන එකෙක් කෑ ගහලා එහෙම කිව්වා.
පිට්ටනිය මැද්දේ සිනා සාගරයයි. අම්පයර්ලටත් හිනා.

ඒ මැච් 1නම් රනාලා දින්නා
 
Last edited:

gaveen5555

Member
Feb 13, 2008
2,209
47
0
34
‘මිස්’ කෝල් එක



අපේ බින්දුවා ඒ කාලේ ගෑනු ලමයෙක් එක්ක පොඩි හුටපටයක් තිබ්බා. ඒ කාලේ කීවේ 2000 දශකයේ මුල් භාගය. ඉතින් ඒ mobile phone ආපුම කාලේ. අර color backlight තියෙන Sony Ericsson T100 එක ආපු කාලේ. මන් මේ කියන කාලේ call එකක් ගන්න විනාඩියකට මාර ගානක් ගියා. මට ගාන නම් මතක නෑ මොකද මන් ගාව ඒ කාලේ phone එකක් නොතිබ්බ නිසා. මල් වඩම් අනවශ්‍යයි, කෙලින්ම කතාවට බහිමු.
අපේ බින්දුවටයි ගෑනු ලමයටයි දෙන්නටම ඒ කාලේ phones තිබුනා. ඒත් මුන්ට call ගන්න ගියාම ඉඩම් විකුනන්න වෙනවා. ඉතින් දෙන්න කල්පනා කලා නොමිලේ calls ගන්න පුලුවන් විදියක් ගැන. අපේ බින්දුවා හෙන meter dial එක. ඌට කල්පනා උනා නියම method එකක් පනිවිඩ යවන්න. කොහොමද? බින්දුවා උගෙ පරෙවි කූඩුවේ පරවියෙක් අල්ල ගත්තා අරන් මූ සෑහෙන මහන්සි වෙලා පරවියා පුරුදු කල අත ඇරපු ගමන් කෙලින්ම කෙල්ලගේ ගෙදරට යන්නයි ආපහු එන්නයි. ඉතින් බින්දුවා කරන්නේ පණිවිඩය කොලේක ලියල ගැට ගහනවා පරවියගෙ කකුලේ. අත හැරපු ගමන් පරවිය යනවා කෙල්ල ගාවට. කෙල්ල කකුලෙන් කොලේ ලෙහලා අරන් එකර උත්තරේ ලියල ගැට ගහනවා. ආයිත් පරවියා යනවා බින්දුවා ලඟට. දැන් මුන් දෙන්නට මේ සෙල්ලම හරි ලෙසියි, පහසුයි, ලාබදායකයි. දිගටම වැඩේ මේ විදියට ගියා.
අම්මට හුඩු දවසක් පරවියා ගියා කෙල්ලගේ ගෙදරට කෙල්ල බැලුවා පරවියගේ කකුල. මල කෙලියයි පනිවිඩයක් නෑ. කෙල්ල දැන් ෆුල් අන්දොස්. මගදි ලියුම වැටුනද, පරවියා මගදි වෙන කොහේ හරි ගිහිල්ලා වෙන කෙනෙක් ලියුම ගත්තද. කෙල්ලට දැන් හෙන ප්‍රස්නේ. අන්තිමට කරන්න දෙයක් නැති තැන කෙල්ල ගත්තා බින්දුවට කෝල් එකක් මොකද උනේ දැන ගන්න.
බලද්දි බින්දුවා මොකද දන්නවද ලියුමක් නැතිව පරවියා යවලා තියෙන්නේ?

ඌ කෙල්ලට මිස් කෝල් එකක් දීලා
 
Last edited:

gaveen5555

Member
Feb 13, 2008
2,209
47
0
34
අපේ විත්ති


මං හිතාන හිටියේ අන්තිම පේලියේ අය කැම්පස් පොරවල් කියාය. එහෙත් මම නැග ඇත්තේ මොංටිසෝරි බබාලා ගෙන යන ස්කූල් බසයකටය.
අනුන්ගෙ ක්මෙන්ට්ස් නොකියවා පළමුව “අපේ විත්ති” රස විඳින්න.
සිංහළ භාෂාවේ එන ” ව්‍යංගාර්තය” කොපමණ උසස් lesa මා යොදා ගෙන ඇද්දැයි තේරුම් ගන්න. ඕනෑම දෙයක් දෙස වැරදි ලෙස බැලූවිට එය කුණුහරුප ලෙස පෙනේ.

අපේ විත්ති කතා පිංචේ වැරදි දෙයකට ඇත්තේ ” චූටි නැන්දා නාන අයුරු බලා සිටීම” පමණකි. මම එයට කුනුහරුප කියා නොකියමි.
තොටගමුවේ රාහුල හිමි කන්තාවගේ ලය මඬල හංසයාට උපමා කළේ , අම්මාගෙන් උක්කුං බොන කාලයේ එය දැකීමෙන් විය නොහැක. තරුන අවදියේ දී දිය නාන කාන්තාවන් දෙස හොරෙන් බලා සිටීමෙන් විය හැක.

එක් ව්‍යාපාරිකයෙකුගේ පුත්‍රයා , නාන කාමරයේ බිත්තියේ සෑදූ සිදුරකින් තම මව නාන ආකාරය හොරෙන් බලා සිටියදී පියාට අසුවිය. ඔහුට හොඳටම තඩි බා පසුව, මානසික වයිද්‍යවරයෙකු ළඟට ගෙන ගියේය. ඔහු පැවසුවේ එය සාමන්‍ය දෙයක් බවත් ළමයා ලොකුවෙන විට එය මග හැරී යනු ඇති බවත්ය. ළමයාට පහර දීමෙන් ලිංගිකත්වය පිළිබඳව ළමයා තුල “ෆෝබියාවක්” ඇතිවිය හැකි බවත් වයිද්‍යවරයා පැවසුවේය.ධර්මසිරි බංඩාරණායක ඔහුගේ ” තුන්වැනි යාමය” චිත්‍රපටයෙන් කීමට උත්සාහ කළේ මෙය නොවේද ?

පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ සංඝමිත්තා ශාලාවේ නාන කාමරයේ, දිය නාන කෙල්ලන් දෙස හොරෙන් බලා සිටියදී එහි සුලු සේවකයෙක් අතටම අසු විය. එවකට උපකුලපති වූ මහාචාර්ය වි……..ගේ මහතා හමුවට ඔහු පමුණුවන ලදී. ” තමුසේ මේ පුටුවේ වාඩිවෙනව. තමුසේගේ රස්සාව මට දෙනව” එතුමා කියා ඇත. මෙය කෙතරම් රසවත් දෙයක් ද? අන්තිම පේලියේ මොංටිසෝරි බබාලාට නම් මෙය කුණුහරපයක් විය හැක.

බොළඳ ටෙලි නාට්‍ය බැලීමෙන්ද , ….රී වැනි කැලෑ පත්තර කියවීමෙන්ද, තොරතෝංචියක් නැතිව කියවන එෆ්.එම්. ගිරවුන්ගේ හරසුන් කතා ඇසීමෙන්ද, ලංකාවේ මිනිසුන් ගේ රස විඳීමේ හැකියාව මොට වී ඇති බව, මගේ ” අපේ විත්ති” කතා පිංචට සමහරු සපයා ඇති කමෙන්ට්ස් කියවීමෙන් තේරුම් යයි.

” හු ” යන්න හෝ ” කැ” යන්න මුලට දමා ********** තරු වලින් වසා පෙන්වන ඇම්ඩා ගේ කතා වලට සිනා යන්නේ කාටද
 
  • Like
Reactions: Silver bird

gaveen5555

Member
Feb 13, 2008
2,209
47
0
34
කෙසෙල්


මේක මම මේ ඇසින් දැක්කා වගෙ ලිව්වට පත්තරයකින් අහුල ගත්තේ හොඳේ.

ඔන්න දවසක් උපන්තේකට කෝච්චියක නොගිය හද්දා පිටිසර ගොයියො දෙන්නෙක් මුල්ම වතාවට කෝච්චියක ගමනකට සෙට් වෙලා වෙච්චි ඇබැද්දියක් තමා මේක.
මෙහෙම ටික දුරක් යනකොට කොච්චියට කෙසෙල් වෙලෙන්දෙක් ගොඩ උනා. පොඩ්ඩක් බඩගිනි ගතියක් තිබ්බ නිසා දෙන්නත් එක්ක කෙසෙල් ඇවරියක්ම ගත්තා. එකෙක්ට එතරම් බඩගිනි නෑ කියල නොකා හිටියත් අනිකා බඩ ගින්න ඉවසන්නම බැරි තැන එක කෙහෙල් ගෙඩියක් ලෙලි ගහන්න පටන් ගත්තා (කුණු හරුපයක් නෙවෙයි බං). ලෙලි ගහලා කෑල්ලක් කටට දාන කොටම (ඔය ආයෙත්). කොච්චිය කට්ට අලුවර (ලයිට් නැති) බිංගෙයකින් ගියා. එහෙම තත්පර 30ක් විතර ගිහින් එලියට ආවා. ආයෙත් තව කෑල්ලක් කටට දාගන්නකොටම ආයෙත් ඉස්සෙල්ලා වගේම බිංගෙයකින් ගියා. මේ පාර තත්පර 30ටත් වැඩියි. එලියට ආවම හොඳටම බය වෙලා හීං දාඩිය දාල ඉන්න මේකව දැකපු අනිකා අහනවා
“මොකද බං මේ? ”
“අම්මෝ මමනං ආයේ ජීවිතේට කෙසෙල් කන්නෙ නෑ.”
“ඇයි බං ඒ? ”
” ඇයි යකෝ මේ කෙසෙල් කන කන සෙරේට මගෙ ඇස් නිලංකාර වෙනවනෙ” කිව්වලු.

පසුව ලියමි :
ඊට පස්සෙ ඒ ගොයියෝ දෙන්නා ගමනාන්තයටම පරිස්සමෙන්, සතුටින් ගියා.
 

gaveen5555

Member
Feb 13, 2008
2,209
47
0
34
ආඳා…..



මේ කතාව සිරා එකක්. උනේ අපේ අති-ජාත මිත්‍රයෙක්ට (අයි මීන්.. වැඩිපුර ‍ෆිට් කියන එක.නැත්තන් අපේ සින්හල වැඩිපුර දන්න උන් හිතයි එක කුසේ උපන් කියල).
පොරගේ නම ආඳා(ඇත්ත නම ඕන නෑ. මේ කාඩ් එක)
මෑන් ඇරපු අතක් නෑ…. චරිතාපදානේ අපේ ඇඩ්මින් අයිය වගේමයි.හැම
වෙලේම ඉන්නේ අන්ඤො වෙලා.කන්නාඩි දාල කොන්ඩේ අවුල් කරගෙන ‍රැවුලත් බගෙට වවාගෙන හරියට ප්‍රොපෙසර් කැල්කියුලස් වගේ (හැබැයි හිත හොඳ කොල්ලා).



පොරට අපි දෙයක් හෙන වෙලාවක් තෙරුම් කලා කියහන්කො….මුත් හොඳට ඒක අහන් ඉන්නවා කටත් ඇරන්. ටික වෙලවක් ගියාම මු මුන දිහා බලල අහනව “මොකක්ද බන් කීවේ” කියල.කාපන්කො පොල් කොල. එහෙම ජාතියන්තර පොරවල් එක්ක තමා අපි ඉන්නේ..හිහ් හිහ්
සීන් එක වෙනකොට අපි කව්රුත් හිටියෙ නෑ.එත් මුගෙ කටින්ම තමා පිට උනේ..
අපි උසස් පෙල කරනකාලේ සෙනසුරාද ඉරිදා තමා පන්ති යන්නේ(මේ 1st ටයිම් එක..හැබැයි 7වෙනි පාර තමා මන් පලවෙනි S එක ගත්තේ)…
last row එකේ A/L කරපු ඕන එකෙක් දන්නවා 1st time කරන්න එන්ටර් වෙන විදිය. හැමෝම එන්නේ district 1st වෙන්ඩ හිතාගෙන. කෙලින්ම A4යි (මේකට general English ඇතුලත්).
උදේ 4ට නැගිටලා අම්මව ඇහරවල තමා අපි රෙඩි වෙන්නේ ක්ලාස් යන්ඩ.අනේ අහිංසක අම්මා… හිතනවා ඇති මගේ පුතා කොයි තරම් හොඳද කියලා. එත් ඔය මොරාල් එක අඩු වෙන්න වැඩ් කල් යන්නේ නෑ..උපරිම 3 මන්ත්ස්. ඉස්සෙල්ලම දිස්ත්‍රික් 1ස්ට් ඒක බහිනව පලවෙනි 20ට. පස්සේ අඩුම B3 ට. අන්තිමට S3ත් නෑ.
පහු පහු වෙනකොට කොහු කොහු…මාස 5කින් පස්සේ ක්ලාස් යන්නේ පලවෙනි සතියේ card එක ගන්ඩ විතරයි. අම්මා පාන්දර 2ට බෙල් තියලා 3 වෙනකල් ඇහරවනවා. මන් මේ විලුවකට ගත්තා නෙවේ. හුඟක් දෙනෙක්ට මේ එක්ස්පීරියන්ස් එක ඇති.
“පුතේ… දැං වෙලාව හරි නැගිටින්ඩ”
“හ්ම්ම්ම්ම්…..හරි මන් එන්නම්….”
හරියට මස් කඩේට දක්කන්න හදනව වගේ බැරි බැරියාව..අම්මා බත් උයන ගමන් ආයෙත් කාමරේට ඇවිත් බලනවා.
“උම්බ් තාමත් නිදිද…නැගිටපන් ගිහින් මුන හොද ගනින්..ආය මන් කියන්නේ කොස්සෙන් උම්බට…”
“මූ වගේ කාලකණ්නියෙක් හැදුවට වඩා හොඳයි වහු පැටියෙක් හැදුවනම්…”
අම්මා ඔහොම හරි කරල අපිට ඉගැන්නුවේ නැත්නම් සදා වල තමා.
හරි අයෙත් කතාවට…
1ස්ට් shy එකේ 1ස්ට් year එකත් එන්ඩ් වෙලා කස්ටියටම exam භීතිකාව වැලඳිල තිබ්බේ.. අපේ ආඳාත් අධ්‍යාපනයට බැහැලම වැඩ. අපි සුපුරුදු පරිදි ක්ලස් එකට යන්නේ 8ට 10ක් විතර තියලා.ක්ලාස් පටන් ගන්නේ 8ට. මොකෝ කලින් ගිහින් ඉස්සරහ පේලිය අල්ලන්නද? ඒ ගියත් ඉන්නේ අන්තිම පේලියෙ නොවැ.
ඒ උනාට අපේ අඳා එහෙම නෑ…. උදෙන්ම ගිහින් ඉස්සරහටම සෙට් වෙනවා. ඌ හිතන්නේ ඉස්සරහම හිටියම සේරම හරි exam ගොඩ කියලා.
ඕකා ක්ලස් එක පටන්ගෙන උපරිම අල්ලලා ඉන්නේ පැයයි. පස්සේ කණමදයා වගේ ඩෙස් එක උඩ බුදි.
ඔය සීසන් එකේ දවසක් අපි කල්ස් ගිහින් ඉන්නකොට ක්ලාස් එක පටන් ගෙන විනාඩි 10කට විතර පස්සේ ආඳා ආවා අදුම් පුරාම මඩ ගාගෙන මඩ කරිය වගේ…
අපිත් හෙනම අන්දොස්..වෙනදට අපිටත් කලින් අවිත් ඉස්සරහම ඉඳගන්න එකා අද මොකද මේ…
“ඈ බං ආඳා… උම්බ කවද ඉඳලද හාන්න පටන් ගත්තේ? මන් කිවේ මේ මී හරකුන්ගේ ජොබ් එක බාර ගත්තේ”
අපේ එකෙක් සර්ට පේන්නේ නැති වෙන්න හිමිට ආඳ පැත්තට හැරිල ඇහුවා.උන්ටත් ඉන්ඩ බෑ කට පියාගෙන….
“අනේ පලයන් යන්ඩ @#:.?>!…. ඇයි උම්බ නාවන්නද? මන් මේ මගදි එනකොට කකුල පැටලිලා මඩ වලක වැ‍ටුන”
ආඳ ඕක හෙන සරලව කියල දැන්මට ඊට වඩා දෙයක් අනිවා තියෙන්ඩ් ඕන.දැන් ඉතින් සිරා සීන් එක දැනගන්නකල් අපේ උන්ට නින්ද යන්නේ නෑ (ඒ වගේ දෙයක්වත් නිසා ක්ලාස් වල නින්ද යන්නේ නැත්නම් හොඳයි).
අපි ඒකට සුදුසු ක්‍රියා මාර්ගයක් අනුගමනය කලා.අපෙත් එක්ක ඉන්න හොන්ද පොරක්ව දැම්මා සීන් එක ආඳගේ කටින්ම අල්ල ගන්න.ඒ තමා අපේ කලුවා (දැං මිනිහ ආමි එකේ officer කෙනෙක්.තාම ඔයවගේ වැඩ තමා එහෙත් කරන්නේ).
කලුව ඉන්ටර්වල් එකේදි ගිහින් කවදවත් නැතුව වගේ ආඳට ආදරෙන් talk කරලා සීන් එක අහලා.ආඳත් ඉතින් කලුවගෙන් හතර අතේ පොරොන්දු අරගෙන මුද්දරයක් උඩ අත්සන් කරගෙන කාටවත් කියන්නේ නෑ කියලා(නෑ.. සිරවටම මුද්දරේක අත්සන් කරගෙන ).

තවත් ඉතින් මොනවද පහුවදා වෙනකොට මුලු පන්තියම සීන් එක දන්නවා..මේකයි වෙලා තියෙන්නේ.
ආඳලගේ ගෙවල් තියෙන්නේ වෙලක් ලඟ.බස් එකට නගින්න මහපාරට එන්න තියන පාර ටිකක් දුරයි. වෙල මැදින් තියන අඩි පාරේ ආවොත් ඉක්මනට එන්න පුලුවන්.ආඳ ගෙදරින් 5ට විතර මේලෝ දෙයක් පෙන්නේ නැති පට්ට කරුවලේ ක්ලස් එන්න ඇවිත්. මු එනකොට බස් එක එන සද්දේ මගදිම ඇහිලා. හදිස්සි නිසා මු ගියර් එක මාරු කරලා, දාල වෙල මැදින් තියන අඩි පාරට.
ඒකෙත් ඇවිත් තියෙන්නේ දුවගෙන. ටික දුරක් දුවගෙන එනකොට කව්දෝ පරේ මැද හිටපු පොරක්ගේ ඇඟේ වැදිල එහෙම්ම වැටිල තියෙන්නේ වෙලට.
මුත් ඉතින් පොත් ටිකත් බේරගෙන ලඟ හිටපු එකාගේ ඇඟේ එල්ලිලා ගොඩට අවිත් ඇහුවලු,
“අහ්…. මාමා….”
සද්දයක් නැතිලු…අයෙත් කීවලු,
“මාමා…මේ මං…….”
ලැබිල තියන උතරේ තමා….
“උම්ම්ම්ම්බෑ……………………….” කියලා
මේකා මහ කරුවලේ හැප්පිලා තියෙන්නේ වෙලේ හිටපු මී හරකෙක්ගේ ඇඟේ.
හොඳ වෙලාවට ඒකා (හරකා) අනින ටයිප් එකෙක් නෙවෙයි. නැත්තන් ගහෙන් වැ‍ටුන මිනිහට ගොනා ඇන්නා වගේ සීන් එකක් තමා වෙන්නේ..
කේස් එක කියන්නේ මේ අපේ ආඳ මෝඩය වගේ ඔය සීන් සේරම අරූට කීව එකනේ.
 
  • Like
Reactions: walkernet

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ow ow,mage eva kivve nene,elakiri eke ayatath balanna mn meke damme
    ඔයාගේ නෙමෙයි කියලත් කියලා නැහැනේ.. වෙන තැනකින් ගත්තා නම් ගත්ත තැන කියන්න ඕනේ... මොකද නැත්නම් ඒ අය බනින්නෙ එලකිරි එකට... දැන්වත් ගත්ත තැන දාන්න...
     

    gaveen5555

    Member
    Feb 13, 2008
    2,209
    47
    0
    34
    දිවුල් අන්නාසි ගස්ලබු ඇන්ඩ් XP


    ගොඩක් කාලෙකින් චමීරලාගේ කතා ලියවුනේ නැත්තේ මේ දවස් වල ගෙදර යැවෙන්නේ හෙනම අඩුවෙන් හින්දා.මේකත් කතාවක් නෙවේ නිකන් ඩයරි පිටුවක අගක් මුලක් නැතුව ලියපු දවසේ විස්තරය වගේ එකක්.
    දැන් ඉන්දිකයට සරුයි. උගේ පොල ඉස්සරහා තියන “Indhika mobile ” එකට දැන් සෑහෙන කස්ටමර්ස්ලා තොගයක් එනවා. චමීරයත් අපේ ගමේම පොඩියට බේකරියක් පටන් ගන්න යන්නේ. හැබැයි ඔව්වා කොහොම කෙරෙයිද කියලා නම් සුවර් නෑ.
    කාලෙකට පස්සේ මම,චමීර,නන්දන ඇන්ඩ් ඉන්දික එකට සෙට් වෙන්න හම්බුනා ඉන්දිකයගෙ කඩෙදි. එදා පොල දවසක්. කලින් කිව්වා වගේ ඉන්දිකයගෙ “පෝන් ශොප් ” එක තියෙන්නෙත් පොල ඉස්සරහමයි. ඉන්දිකය කඩේ වැඩ. මමයි චමීරයි නන්දනයයි ඉන්දිකයගේ කඩේට යන ගමන් හිටියේ. යන ගමන් දැක්කා පොලේ ඉස්සරහම හරියේ වෙලෙන්දෙක් දිවුල් විකුනනවා.
    “ආ… දිවුල් තිනයනවා. හොඳ වෙලාවට දැක්කේ අම්ම කිව්වා පොලේ තිබ්බොත් දිවුල් ගෙඩි ටිකක් ගේන්න කියලා ” නන්දනයා කිව්වා.
    අපි දිවුල් විකුනන තැනට ගියා.එතන දිවුල් ගොඩවල් ගහලා විකුනන්න තියනවා.
    “අය්යා දිවුල් කීයද?” නන්දනයා ඇහුවා.
    ” ගොඩක් හතලිහයි”
    “එතකොට පොඩ්ඩක් කීයද? මොකද මට ගොඩක් ඕන නෑ. පොඩ්ඩක් තිබ්බාම ඇති” නන්දනයා ඌ ඇර වෙන එකෙක් ජීවිතේට නොකියන ජාතියේ කතාවක් කිව්වා.
    දිවුල් විකුනන පොරත් මඤ්ඤං අහපු ප්‍රස්නෙට. මටයි චමීරයටයි පට්ට හිනා.
    “මේ නන්දනයො පන්ඩිතකං නැතුව දිවුල් ගෙඩි තුනක් අරන් යම ඉන්දිකයගෙ කඩේට. තොපි අපි එක්ක කිව්වට කමක් නැ දන්නැති එවුන්ට එහෙම කියන්ඩ එපා කැම්පස් ගියා කියලා. හිනාවෙයි තොපිට පිස්සු කිය්ලා ” චමීරයා නන්දනයට කින්ඩිය දාන ගමන් කිව්වා.
    ඊට පස්සේ දිවුල් ගෙඩි තුනකුත් අරන් සෙට් එක බැස්සා ඉන්දිකයගෙ කඩේට. පොල දා උනාට මොකෝ බල්ලෙක් නැ කඩේ.
    “අප්පට සිරි මේ මහත්තුරු කවද්ද අපේ ප්‍රාන්තෙට ගොඩ බැස්සේ. දැං අපි වගේ නෙවේ නෙ ලොකු පඩි ගන්න මහත්තුරුනේ. ගත්තෙ නැද්ද අලුත් පෝන් එකක් එහෙම ” ඉන්දිකය අපි දැක්ක විතරයි උගෙ කියවිල්ල පටන් ගත්තා.
    “අඩො ගත්තා පෝන් එකක් .බලපන් හොඳද කියලා. ඔරිජිනල් නොකියා ” මම අලුතෙන් ගත්ත පෝන් එක ඉන්දිකයට පෙන්නන ගමන් කිව්වා.
    “කෝ දීපන් බලන්න. මට දැන් යකෝ පෝන් එකක් අල්ලනකොට කිව්ව්හැකි චයිනීස් ද නද්ද කියලා.” එහෙම කියන ගමන් ඉන්දිකයා මගෙ පෝන් එක ගත්තා.
    ඉන්දිකයා පෝන් එක අරන් පොඩ්ඩක් හොලවලා උඩදාලා බලලා කිව්වා

    “මේක චයිනීස් ”

    මට මල පැන්නා.ඇයි දෙයියනේ ඉඳලා ඉඳලා ගත්ත පෝන් එකනේ.

    “නැ බං…. ඕක හන්ගේරියන් එකක් ”

    “හන්ගෙරි නෙවේ මොන ගෙරියගෙ උනත් මේක නං චයිනීස්. ආයෙ බං මම මොකද උඹට බොරු කියන්නේ මේක චයිනීස්. කීයක් උනාද මේකට? ” ඉන්දිකය ඇහුවා.

    මටත් දැන් පොඩ්ඩක් අවුල් වගේ. පෝන් එකේ හන්ගේරියන් කියල ගහල තිබට විකුනපු එකා මාව ඇන්දුවද දන්නැනේ.

    “පහලවක් ගියා ” මම කිව්වා.

    එතකොට මෙච්චර වෙලා සද්ද නැතුව සිද්දිය බලාගෙන හිටපු චමීරය සීන් එකට එන්ටර් උනා.

    “ඕකට පාලොස්දාහක් ගියාද…? මම වගේ රුපියල් හාරදහකට මැද මිදුලක් ගනිංකෝ. කැමරාද ටීවිද ගේම්ද හැම මඟුලම තියනවා මෙකෙත්” චමීරයා උගේ චයිනීස් පෝන් එක පෙන්නන ගමන් කිව්වා. චයිනීස් පෝන් වලට ගමේ කොල්ලො කියන්නේ “මැද මිදුල් ” කියලා.ඕක ගැන අහපුවාම ඉන්දිකය කිව්වේ ඒ සමහර චයිනීස් පෝන් වල සයිස් එක මැද මිදුලක් තරම් ලොකු හින්දා කියලා .

    “අපෝ බං චයිනීස් පෝන් නං ගන්ඩ එපා . උඹත් ඕක විහික්කරලා දාපං ” පැත්තක හිටපු නන්දය චමීරයට කිව්වා.

    “ඒ මොකෝ ” චමීරය ඇහුවා

    “ඔව්ව පාවිච්චි කරන එක ඇඟට හොඳ නෑ. වඳ වෙනවා.” නන්දනයා කිව්වා.

    “ඉතිං හොඳයිනේ. එතකොට වැඩ වරද්දගත්තහම ගැට අන්නාසියි අමු ගස්ලබුයි හොය හොයා දන්නගලන්ඩ වෙන්නෙත් නැනේ. අනික මම වගේ තව එකෙක් නොහදා ඉන්න එකම සමාජෙට කොරන කොච්චර සේවයක්ද? හා බොරුද මම කියනේ ” චමීරය කිව්වා.

    “ඒ බං මොනවටද බං ගැට අන්නාසියි අමු ගස්ලබුයි ගන්නේ ” නන්දනයා ඇහුවා.

    චමීරය උත්තරේ දෙන්න හදනකොට ඉන්දිකය මැද්දට පැන්නා.

    “හෝව් හෝව් මේ….. ඉස්සරහ පොල. එතන ඉඳන් හංදිය පැත්තට ගිහාම පොලිසිය. මේ ඔය මඟුල් මෙතන කියවලා මට කඩෙත් වහගන්ඩයි වෙන්නේ. මේ නන්දනයො මම උඹට ඕක පස්සේ කියල දෙන්නම් , අනික මට සීයට දෙසීයක් සුවර් උඹට නං ජීවිතේට එව්වා ඕන කරන සීන් එකක් වෙන්නේ නැ කියලා. ඕන්නං උඹ බැන්දට පස්සෙ මම උඹට වැල් පෙනෙල කැඳයි රටකජුයි ගෙනල්ල දෙන්නම්.ආං එව්ව නං උඹට ඕන වෙයි”

    ඹදින කතා කියනකොට් නන්දනය පොඩ්ඩක් ලැජ්ජයි.

    “මට කියන්නේ. දැං ෆෝන් කඩේකුත් තියන එකේ උඹ ඹැඳපංකෝ” නන්දනයා ඉන්දිකයට කිව්වා.

    ඉන්දිකයට මල පැන්නා “ඹඳින්ඩ. උඹ කියන්නේ ඹැඳලා යස අගේට බත් කන කෙල්ලන්ට පාං දෙන්ඩ කියලද? ”

    “මේ ඒක නෙවේ කසුනා මගෙ කොම්පුටරේට විස්ටා ගහල දියංකො. මම දැක්ක හංදියෙ කොමියුනිකෙෂන් එකේ විස්ටා ගහල තියනවා. ඒක හෙන ලස්සනයි බං. ” ඉන්දිකය කිව්වා.

    “දැං XPද තියෙන්නේ” නන්දනය ඇහුවා.

    “ඔව්”

    නන්දනයා එතකොට උගෙ ජාතියේ සිරා කතාවක් කිව්වා

    “කසුනා උඹ දන්න්වද මට කොල්ලෙක් සිරා කතාවක් කිව්ව.XP shut down වෙද්දි වැටෙන්නේ windows is shutting down කියල නේ”

    “ඔව් ඉතිං”

    “windows කියන්නේ බහු වචනයක් නේද? එතකොට windows is shutting down කියන එක වැරදියි නේද? windows are shutting down වෙන්න ඕන නේද?”

    ඌ කියපු කතාව හරිද වැරදිද මම දන්නේ නෑ. ඊට පස්සේ ආපු වින්ඩොව්ස් ලගෙ OS වල shut down වෙද්දි වැටෙන්නේ shutting downකියල විතරයි. windows කෑල්ල නෑ.
     

    gaveen5555

    Member
    Feb 13, 2008
    2,209
    47
    0
    34
    ඔයාගේ නෙමෙයි කියලත් කියලා නැහැනේ.. වෙන තැනකින් ගත්තා නම් ගත්ත තැන කියන්න ඕනේ... මොකද නැත්නම් ඒ අය බනින්නෙ එලකිරි එකට... දැන්වත් ගත්ත තැන දාන්න...


    hari hari bn,the last row eken gaththe;)
     

    gaveen5555

    Member
    Feb 13, 2008
    2,209
    47
    0
    34
    ටයිඩ් සෑර්



    කළින් පාර ලියපු ජයන්තගේ කතාව නැගලා ගිය නිසා ජයන්තයාගේම තවත් වීර වික්‍රමයක් ලියන්න හිතුනා.

    මේකයි කතාව.

    11 වසරේ අපේ පන්තිය අයිනෙන් තමා ස්ටාෆ් රූම් 1ට යන්න තියෙන්නේ. ඉතින් අපිට හෙනම වදේ ඕක. ඇයි හැම තිස්සෙම කවුරු හරි සෑර් කෙනෙක් මිස් කෙනෙක් ඔතනින් යනවාමයි. ආතල් 1 ඉන්නේ බොහොම කලාතුරකින්.

    කට්ටිය දන්නවනේ, කොහොමත් ඉස්කෝලේ යන කාලේ ගොඩක් කොල්ලොන්ට තියෙන්නේ සුදු පාට කලිසම් 1යි නැත්තම් 2යි. කොහොමත් ඔය 11 වසරේ තුන්වෙනි වාරේ විතර වෙනකොට ඔය කලිසම් ඔක්කොම හෙන හිරයි. මොකද මැහුවේ මාස හත අටකට කළින් නිසා.

    පන්තියේ ලාස්ට් රෝ 1 යාව ජීව සාමාජිකයෙක් තමා ජයන්ත. කරුමෙට මේකාගේ සීට් 1 තියෙන්නෙත් ස්ටාෆ් රූම් 1ට යන පැත්තෙමයි. ජයන්තයා ටිකක් මහත කොල්ලා. ඉතින් ආණ්ඩුවෙන් දෙන රෙදි යාර 2 යන්තමට තමා ඇති වෙන්නේ මුගේ කලිසම මහගන්න. ජයන්තගේ කලිසමත් හෙනම හිරයිලු. ඉතින් ගොඩක් වෙලාවට ඕකා පන්තියේ ඉන්නේ කලිසමේ බකල් 1 ගලෝගෙන. ඒ උගේ හැටි. ඕක පන්තියේ කොල්ලෝ ඔක්කෝම වගේ දන්නවා.

    දවසක් උගන්නන්න කවුරුවත් නැතිවෙලාවක ජයන්තයා කලිසමේ බකල් 1 විතරක් නෙමේ සිප් 1ත් බාගෙට ඇරගෙන ෆුල් ආතල් එකේ අ.පේ ලෝගෝ 1 තියෙන විදියටම පුටුවේ ඉන්නවලු. ආයේ ඉතින් කියන්න දෙයක් නැහැනේ ඔය ස්වරූපය ලාවට හරි 18+ කියලා. ඔය වෙලේ කරුමෙට වගේ අපේ ඕ ලෙවල් සෙක්ෂන් හෙඩ් සෑර් ඔතනින් ගිහින්. දන්නවනේ ඉතින් සෙක්ෂන් හෙඩ්ලගේ හැටි. ඉස්කෝලේ ඉන්න නරුමම සෑර්ලාව තමයි හොයලම සෙක්ෂන් හෙඩ් කරන්නේ. අපේ එකත් ඒ වගේම තමා. පොර දැක්කලු ජයන්තයා ආතල් සුවෙන් ඉන්න හැටි.

    සෑර් : ඕයි ජයන්ත. මොකක්ද ඕයි තමුසේ ඔය ඉන්න විදිය. බලනවා මෙතනින් ටීචර්ස්ලත් යනවා එනවා. ඇඳගන්නවා ඔය කෙහෙල්මල.
    සෑර් එහෙම කිව්වලු.

    ජයන්ත : සෑර් ටයිඩ් සෑර් ටයිඩ්…
    ජයන්තයා අත් දෙකෙන් දෙපරන්ද වහගන්න ගමන් හෙන බයාදු විදියට එහෙම කිව්වලු.

    දැ.ගැ.පි
    1. මේ කතාව “ලු” වලින් කිව්වේ මේ සීන් 1 චෙන වෙලාවේ රනා පන්තියේ හිටපු නැති නිසා. මේක රනාට කිව්වේ ඒ වෙලාවේ පන්තියේ හිටපු වෙන එකෙක්.
    2. සෙක්ෂන් හෙඩ් සෑර් අපිට මොනාවත් ඉගැන්නුවේ නෑ. එහෙම 1 පොර් ජයන්තයාව නමෙන් දන්නවා කියන්නේ හිතන්නකෝ ජයන්තයා කොච්චරනම් ෆේමස්ද කියලා.
    3. මොකක් හරි හේතුවක් නිසා එදා සෑර් අරහෙම කියලා ගිහිල්ලා තියෙනවා. ඒකට හේතුව අදටත් කවුරුවත්ම දන්නේ නෑ.