අඳුර මැදින් නුඹ එනවද ආදරේ අරන්
නැගෙන හිරු මැඳින් බසින හිරු මැඳින්
ඉතින් කියනවද මට ආදරෙයි එක වරක්
රිදෙන සිත දුකින් දැවෙන සිත දුකින්
සුසුම් පොඳයි නුඹ මට මගෙ ජීවිතය ගෙනියන
මගේ සුසුම් පොඳයි නුඹ
නුඹ ආදරෙයිද මට මහ සාගරය තරමට
කඳුළක් වෙන්නෙපා නුඹ
නිල් අහසක් තරමට දැනෙනවා නුඹගෙ සෙනෙහස
සරා සඳකි නුඹ මට සිත් අහසම එළිය කල
අඳුරක් දෙන්නෙපා නුඹ
නාමල් සුවඳකි නුඹ සිත් මළුවම සුවඳ කල
දැනෙනවා නුඹගෙ සෙනෙහස
නෙතඟින් කඩා හැලෙන කඳුළක් වෙන්නෙපා නුඹ
---------------------------
අවිහිංසක ඇස් දෙකකට කඳුලු දුන් තරම්
නපුරු උනේ කොහොමද නුඹ කියන් රත්තරං
පෙම් කළ සිත මේ තරමට රිඳවන්න තරම්
මම වරදක් කලාද, මට කියන් රත්තරං
නුඹ වෙනුවෙන් සිත පාමුල තැබූ පෙම් පැතුම්
මන්දාරම් හිස් අහසේ පාවුනා සුසුම්
සිත නුඹ ගැන විමසන හැම මොහොතකම ඉතිං
ඉවසන්නම් මගේ කඳුළ නුඹගෙ සතුට නම්
----------------------------
බුදුරුවගල වෙහෙර විහාරෙට වැඳලා මම
ඉල්ලන්නේ නුඹෙ සිතමයි සින්නක්කරයට
සමාවෙන්න විහාරයක පාරමි පිරුවට
කඳුළු බින්දු දන්නව නෙත් තුල සිරවුන
නුඹ වෙනුවෙන් රෑ අහසේ තරු කැටයක මම
ලියා තබන්නම් සෙනෙහස සිත තුළ දඟලන
නින්ද නැතුව තනියහනක විඳනා ගින්දර
දන්නව නම් නුඹ ඉන්නෑ ඈතට වී අද
ජීවිතයේ මාත්‍රයක මම දුන් කඳුළැලි
අද මා හට තේරෙනවා නුඹටත් වෙන්නැති
සත්තයි මම නුඹ වෙනුවෙන් හැඬූ තරම් මදි
ඒ හින්දා වෙන්නැති මේ කඳුලු කිනිති නිති
------------------------
මගෙ ප්‍රථම ආදරෙත් නුඹ පමණයි
අවසාන ආදරෙත් නුඹ පමණයි
නෙතු පියෙන තුරාවට නුඹ මගෙමයි
මට නුඹෙන් තොර ලොවක් නැති ගාණයි
ඔබට මමත් මම ඔබටත් නැතිව බැරි තරම්
ආදරයේ සෙනේ දියෙන් නෑවිලා පැතුම්
සිත හඬවන්නෑ අඹමල් රේණුවක තරම්
උණු කඳුළක් වැටෙන්නෙපා ඔබේ නෙතු අඟින්
සුළං රොඳක් වගේ ඇවිත් මගේ මුව අඟින්
සිපගන්නව ඔබේ දුවඳ යන්නෙ නෑ සිතින්
ඉන්න ඉසව්වට මගෙ හිත යනව මොහොතකින්
ඔබේ වඳන් ඇහෙනව මට ගීතයක් ලෙසින්
----------------------
සදාතනික ආදරයක් හිතේ තියෙනවා
ඔබ වෙනුවෙන් ඕන දුකක් මං උහුලනවා
මැදියම් රෑ අවදි වෙලා නුඹ ගැන සිහි කරලා
පැතුවෙ අහිංසක පැතුමන් ඉටු වෙන්නට කියලා
හීනෙන්වත් දුරස් වෙන්න මට නම් බෑ කියලා
ඔබ කිව්වා මතකයි මගෙ නළලෙ අත තියාලා
ඔබ මා හැර ගියොතින් මතු දවසක දුක දීලා
හිතාගන්න බෑ මම ජීවත් වේවිද කියලා
ඔබෙ ඇස් දෙක දිහා බලා කියනව මම දිවුරා
මලක් වගේ රැකගන්නම් මගෙ දිවි කැප කරලා
-----------------------
මගෙ කඳුළට ආස කරපු මගේ රත්තරන්
දෙකපුල් දිග ගලන කඳුළු කියයි පෙම් වදන්
පාරමිතා පුරපු හිතට දුන්නු ගින්දරින්
සතුටු වෙන්න පුලුවන් නම් හඬන්නම් ඉතින්
ළයට තියා බලාගත්ත මල් පොහොට්ටුව
පරවෙන්නට ඉඩක් දුන්නෙ රත්තරන් ඔබ
කළුවර රෑ පහන් කරපු සරා සඳ ඔබ
මා තනිකර අඳුරෙ තියා හැංගුනෙත් ඔබ
ඇස් දෙකේ කඳුලු රිඳුම් දිදී බිමට වැටුණම
හිනාවෙන්න තරම් නපුරු වෙලා අඳ ඔබ
පෙම්බර හිත පළුදු කරලා දුන්නු ගින්දර
දැවි දැවි හිත විමසන්නෙම ඔබේ දුක සැප
------------------------------
මල් වගේ සුමුදු හිත රිඳවා
දෑසෙ කඳුලු බින්දු තියා
හිතුවෙම නෑ කිසිම දිනක
මා තනිකර යාවි කියා
තරුකැට ගණන් කරන පාලු මේ රැයේ
ඇස් දෙක දිගේ කඳුලු බොදවෙලා ගියේ
ඔබේ හිතින් මට දඬුවම් කලා දැන් ඇතී
ඉස්සර වගෙ හිනාවෙලා යන්න ඇයි බැරී
හදවත ගිණිගයි ඔබ සිහිවෙනා රැයේ
මතකයි ලෙන්ගතු ඔබෙ වදන් මට ඇසේ
හිතාගන්න බෑ ඇයි හිත වෙනස් වී ඔබේ
දරාගන්න බැරි දුක හිත පෙලයි දැවි දැවී
-------------------
පිපෙන පිපෙන මල් සේරම බඹරුන් ළඟ නැලවෙනා හැටී
හිතට දැනුණ දුක් ගින්දර කියන්න මට කවුරුවත් නැතී
නුඹට දුන්නු කවි සේරම නුඹ මට ආපසු දුන්නු හැටී
මතකෙට එන හැම වාරෙම ඇස අද්දර උණු කඳුළු කැටී
හිතේ සියුම් තැන් රිඳවන ඔබේ හසුන් දිගේ නෙතු යවා
නෙතේ කඳුළකින් බොඳවන ඔය සිනහව මට විහිලු කලා
දැනේ සුවද ඒ හසුනක පිපුනු මලක වියලි පෙති නිසා
මගේ හිතත් ඒ පෙති සේ පරවීලා වියළිලා ගියා
මගේ කඳුලු පිසලන විට ඔබේ සුවඳ ලේන්සුව අරන්
ඔබේ සුවඳ මට දැනුණා ඔබ මා ළඟ ඉන්නවා ලෙසින්
හිතේ අඳුර දුරු වෙනවා එදා මතක සුවඳ යළි ඇවිත්
ඇසේ කඳුළ වියලෙනවා මොහොතක් මගෙ හිතට නුඹ ඇවිත්
--------------------------------
සඳේ එළියෙන් පවා ඇඳුනේ නුඹගේ සිනා
රැයේ සිහිනේ වෙලා හිනැහෙන් මා හා ඔයා
හදේ සෙනෙහෙ අමතක කර නොයන් මා දමා
මගේ පණ ඔයා
රෑ සිහිනෙන්වත් ඇවිදින් හමුවන්න ඔයා
නුඹයි මගේ ජීවිතේ සදා
සිහිනෙන්වත් හිතන්නෙපා යන්න මා දමා
ආදරෙයි මා සදා
අහිමි වෙන්න එපා හදේ නැගෙයි වේදනා
මගේ පණ ඔයා
මහද අහස් තලයේ පෑයූ සඳයි ඔයා
අමාවකයි නුඹ නැතිවුණ දා
හත්දින්නත් තරු පොකුරෙත් දුටුවෙ නුඹෙ සිනා
ආදරෙයි මා සඳා
අහිමි වෙන්න එපා හදේ නැගෙයි වේදනා
මගේ පණ ඔයා