එලකිරි Night Club III

Status
Not open for further replies.

Edition

Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    යම පල්ලා : මොකද යම රජතුමනි ,ඔයහැටි කල්පනා මුඩ් ගහලා ??

    යම රජතුමා : කල්පනා කලේ ?? මම මේ කල්පනා කලේ මගේ පින් මහිමය ගැන


    යම පල්ලා : පින් මහිමය ? එක පාරටම මොකද රජතුමනි පින් මහිමය ගැන මතක් උනේ ?

    යම රජතුමා: මම කලින් අවුරුද්දේ ඇගේ ලේ නැතුව බන් හිටියේ ...

    යම පල්ලා : ඒ අහවල් එකකටද රජතුමනි

    යම රජතුමා: ලෝකෙ විනාශ වෙලා මිනිස්සු සේරම මෙහෙ ආවම අපට කෙල වෙනවා ඕයි.

    යම පල්ලා : මිනිස්සු එන තරමට අපිට ලැබෙන NGO ආධාර වැඩි වෙනවනෙ රජතුමනි කොහොමද කෙල වෙන්නෙ

    යම රජතුමා: උන් සේරම මෙහෙ ඇවිල්ල පිකටින් කරන්න ගනී මානව හිමිකම් කඩ වෙනවා කියල ඕයි.:lol: විමල්ට වතුර පොවන යන්නත් වෙයි ඕයි

    ඔන්න ඔහොමත් කතාවක් අහල තියෙනවද :lol:
    :lol::lol::lol:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    කරුමෙ සහෝ.නිශාචර පක්ෂියෙක් වගේ මමත්:(
    9.gif
    එක්ක කතා කරනවා ඇති සුවර් එකට රැට රෑට:P
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    රෑ තුන්යම දුක් වින්ඳා එළි වෙනකන් තරු ගැන්නා
    ආදයට පණ දුන්නා තේරෙනකොට කල් පැනලා
    ක්ලාස් හැමදා කට් කරලා තෑගි පිට තෑගි දීලා
    ජීවිතෙ ඔයාට දීලා තේරෙනකොට කල් පැනලා

    කෙල්ලෙක් ඉඳලත් බෑ දැන් නැතුවත් බෑ වාගේ
    ආදරෙ කරලත් බෑ නොකරත් පාලුයි වාගේ
    මං දැන්නෑ හිත කිව්වට දැන් හදවත වැටිලා
    අඬලම දැන් කඳුලුත් නැතිවා පෙර සංසාරෙදි කළ පව් මේවා

    ඔයාගෙ බොරු වලින්ම මගෙ කණුත් අඟුල් වැටිලා
    යන්තං තිබුණ ආදරෙත් දැන් හොඳටම මැකිලා
    හැමදේ වෙන්නේ මට දැන් හොඳටයි කියලා
    සේරම දුක අමතක කරලා යනවා මං ඇති දැන් දුක් වින්ඳා

    ballerina-crazy-rabbit-emoticon.gif

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    යන්නෙපා හැරදමා සෙනේ
    සිත හඬයි පාළුවේ
    නුඹම පමණි සතුට මගෙ ලොවේ
    සිත නිවයි නුඹේ ආදරේ

    දෑස් පියන් යට සඟවා නුඹෙ රුව
    දැකගමි නිහඩ රැයේ
    දහසක් තරු එළි දිලුනත් කුමටද
    සඳ නැති අඳුරු රැයේ
    සඳ එළියක් වී දිලුණා නුඹ මහදේ

    තුන් සිත නුඹ ගැන විමසයි සිය වර
    නෙතු නිදි නොමැති පැයේ
    ඈතින් ඈතට යන්න එපා නුඹ
    හඬවා සිත රහසේ
    මෘදු සුවඳක් සේ රැඳුනා නුඹ මහදේ

    love-you-crazy-rabbit-emoticon.gif

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සුන්දරම එක මලක් පමණයි පිපුණේ සිත් විලේ
    පින්වන්ත නොවුණි ඒ මල රැකගන්නට පපුතුරේ
    මේ අහිංසකම සිත ළඟ ගිණි අවුලා යන වෙලේ
    සංසාර පැතුම නේදෝ ඇස් දෙක ළඟ බොඳ කලේ

    අත් වැරදීමකින්ද ඔය නෙත් දෙක ඉඟි කලේ
    ජීවිතයේ වසන්තයට ඇයි සරඳම් කලේ
    නුඹ නිසාම එළියට වැටුනු සෙනෙහස් මන්දිරේ
    ආදරයේ පුරසඳ වත ඇයි කළුවර කලේ

    නුඹට මුළු හිතින්මයි මා ළං වී පෙම් කලේ
    අතීතයක මතක සුවඳ ළඟ මා තනි කලේ
    සිහිනයක රැඳී හිනැහී වියැකී ගිය මලේ
    දෑස් අඟින් උතුරා යයි සීතල හද විලේ

    help-crazy-rabbit-emoticon.gif

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සිහින සඳ රැයේ නෙතු මගේ තනිවෙලා
    ඔබ දුන්නු ආදරේ හද ගෙනෙයි වේදනා
    ඔබ තරහ වෙන්න නම් හමුවන්න එන්නෙපා
    පෙම් සිහින වලට නම් කඳුළු දෙන්නෙපා

    සිත යන්න යනකොට ඔබ දුන්නු දුක අරන්
    බොඳ වෙලා ගියා සංසාර පැතුම් මල්
    මට අහිමි උනේ මං පැතුව සිනා මල්
    මට උරුම උනේ දුක් කඳුළු පොකුරු මල්

    ලං වෙන්න බැරි තරම් ඔබ සිතට දුරින් මං
    පෙම් කරන තරම් සිත නොදැන ඔයා නම්
    සිත දෙන්න යළිත් මට තියාගන්න මං
    මට උරුම උනේ දුක් කඳුළු පොකුරු මල්

    head-crazy-rabbit-emoticon.gif

     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    උදේ පාන්දරම මුන් මගේ ඔලුවත් අවුල් කරනවා.....මම ‍යනවෝ.............
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    උපමා කෙරුවා මතකද එදා
    ඔබ මලක් යැයි මගෙ ජීවිතයේ
    දිවුරා කීවා ඇස් දෙස බලා
    ඔබ මාගෙමයි මේ හැම භවයේ
    නොකියා ගොස් ඔබ දුකක් ඉතිරිකර
    දරන්නෙ කෙළෙසද ආදරියේ
    දුන් දුක දරුනුයි සිතට මගේ

    රන් හුයකින් ඔය ගෙල සරසා
    අතිනත අල්ලා මගෙම කරන්
    ගෙන යන්නයි සැමදා මා සිතුවේ
    අද ඔබ කොයිබද මගෙ ළඳුනේ
    මැවු සිහින පා මුල වැටුනේ

    දිනෙන් දිනම දළු ලා වැඩි සෙනෙහේ
    එක් මොහොතකි අන්සතු වූයේ
    කියු වඳන් පැතු ඒ පැතුමන්
    සුළඟෙ ගිහින් දුර අහස් තලේ
    ඔබෙ සතුටයි සැමදා මා පැතුවේ
    සැනසෙමි මෙළෙසට මගෙ ළඳුනේ

    පතනෙමි සුපැතුම් ඔබට මගේ
    head-crazy-rabbit-emoticon.gif

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔබේ සේයා රුව කඳුළු බිඳුවක බොඳ වුණා
    මගේ පිවිතුරු පෙම සුසුම් සුළඟට මුසු වුණා

    මගෙන් තොර ලෝකයක් නැති බව එදා මිමිණූ වෙලාවේ
    ඔබේ කෙහෙරැලි මගේ මුහුනේ දැවටුනා ඒ වෙලාවේ
    අපි අපේමයි දිවුරුවා අපි මගේ මතකයෙ විතරමද රැඳුනේ

    සුපෙම්බර සෙනෙහසක් ළඟ සිත සිහින දකිනා වෙලාවේ
    මගෙන් තොර වෙන සිතක් ඔබ ළඟ කෙසේ තිබුණද දයාවී
    අපි අපේමයි දිවුරුවා අපි මගේ මතකයෙ විතරමද රැඳුනේ


    -----------------

    මම ඔයාට ආදරෙයිනෙ දිවිය තිබෙන තුරුම
    මට නම් බෑ කවදාවත් ඔයා නැතුව ඉන්න
    අපි දෙන්නගෙ ජීවන මඟ සොඳුරු තැනක් වෙන්න
    ඉක්මනටම හිමි කරගන්නට ආසයි නුඹව

    මේ ලෝකේ ඔයාව හැර වෙන කිසිවෙක් එක්ක
    දිවි ගෙවන්න බැරිවෙයි මට ජීවත් වෙන තුරුම
    මූණ පුරෝගෙන හිනැහී දැක්කම නුඹ මාව
    එතරම් සතුටක් කොහේද මේ ලෝකයෙ තවම

    කතා කරන ඇස් දැක්කම අමතක වෙයි ලොවම
    හෙමින් සැරේ කොඳුරනකොට සෙනෙහස ඇත බොහොම
    හීනෙන්වත් වරදක් නම් මම නොකලෙමි දිනක
    ජීවත්වන තුරාවටම පණ හරි දෙමි නුඹට

    ---------------------

    මතක කඳුළින් තෙමී දෙනුවන් සිතට නුඹ එද්දී
    බොඳව පැතුමන් ගිලිහුණා පෙම් සිතට දුක දෙද්දී
    නෙතට ඇරයුම් කලේ නුඹමයි සිතට ළං වෙද්දී
    පෙමට ගිණි දැල් දුන්නෙ ඇයි ඔබ සිතින් වෙන් වෙද්දී

    අතරමං කර ආදරෙන් මං සසර තනි වෙද්දී
    තනිවෙලා සිත තවත් හැඬුවා නුඹව සිහි වෙද්දී
    අසරණයි මං ආදරය ළඟ නුඹත් හැර යද්දී
    නොලැබෙනා එක සිතක් වෙනුවෙන් සිතම තනි වෙද්දී

    හුදෙකලා බව ලැබුණෙ මේ හැටි සිතින් තනි වෙද්දී
    විඳින්නෙමි දුක තනිවෙලා මං දෙනෙත් හඬවද්දී
    නුඹව පතමින් ඇවිත් මේ දුර යළිත් තනි වෙද්දී
    නොලැබෙනා එක සිතක් වෙනුවෙන් සිතම දුක් වෙද්දී
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    හැඟුම් මත්කලා ඒ නුරා දෑසේ මායා..
    නැගූ මල් හිනා හද පුරා සුවද දීලා..
    ඉඟිළි ගියාදෝ සයුරෙන් එහා..
    දුර යන්නේ හැංගෙන්නෙ මගෙ සිත දවාලා..
    සිනාසෙන්න බෑනේ ඔබේ සුවද නෑනේ..
    කොහෙදෝ මා දමා ඉඟිළුනේ..

    නිවන් ගැඹේහි සඳ හැංගුනා සේ..
    ඔබ එයිද ආයේ දෑස පේන මානයේ..
    මල පරවුනා සේ නොපිපෙයිද ආයේ..
    හද රැන්දු සිහිනේ බොඳවෙයිද මාගේ..
    හද විලම සනසන්න දුක මගෙ නිවාලා..

    සංසාර හීනේ ඔබ නේද මාගේ..
    මේ පෙම් කතාවේ ගිනි ඇවිලිලානේ..
    හමුවන්න ආයේ පෙරුමන් පුරන්නේ..
    ගිනි දැවෙන ලෝකයේ මම තනිවෙලානේ..
    මුනගැහුන තැන තාම මම ඉන්නවා..:(

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නුඹ මලක් වෙලා හිත අද්දර පිපුණාට
    නුඹ සඳක් වෙලා හිත් අහසේ පෑයුවට
    නුඹ දුකක් දීලා හිත් මළුවේ රැඳුනාම
    නෙතු කඳුලු හඬයි ලොවට මගේ රහසින්ම

    ඇස් දෙකම වගේ බලාගන්න කීවාට
    මගෙ දෙනෙත් අන්ධ කරලා නුඹ සැඟවුණිද
    සිත අමාවකේ බොඳ වී ඇත කඳුලින්ම
    හදවතට දුකක් දී නුඹ ගොස් ඈතටම

    හදවතේ සෙනෙහෙ නුඹ හට නොදැණුනාද
    නුඹ යන්න ගියේ සෙනෙහස අඩු වුණාද
    සඳවතට හොරෙන් තරු හට ඉඟි කලාද
    ඒ අමාවකෙත් එළියම නුඹ පැතුවාද

    ---------------------

    හඬන විටදි ඉකි ගසලා නුඹ සනසන්න
    රත්තරනේ කියා නුඹට තුරුලු වෙන්න
    හරි ආදරයෙන් ඔය රන් දෙතොල් සිඹින්න
    මගෙ වස්තුව දැන් අවසර නැතිද කියන්න

    දෙමාපියන් සිත් රිඳවා නුඹට පෙම් කලා
    නුඹ සිත රිඳවනු නොහැකිව අසරණ වූවා
    ලෝකය කීවත් නුඹ අන්සතුය කියලා
    නොපිලිගෙනම නුඹ හට තව තවත් පෙම් කලා

    ආදරයේ සියලු සතුට නුඹ හට දුන්නා
    මගෙ පණටත් වඩා හොඳින් රැකගෙන උන්නා
    කියාගන්න බැරි තරමට නුඹ චපල වුණා
    හදාගන්න බැරි තරමට හඳවත බිඳුනා

    --------------------------

    කඳුළු වලින් පුරවනවද මගෙ ජීවන ගමන
    අඳුරු වෙලා ඔයා නැතුව පාලුයි මගෙ ලොවම
    කඳුලු සලා ඇති වනතුරු හැඬුවත් මම නිතර
    ඔයා හොඳින් නම් මට ඇති ඒකයි මගෙ සතුට

    වත්සානේ ඇවිත් ගියා අපි දෙන්නට නැතුව
    කලබල නොවුනත් අපරාධයක් උනේ අපට
    අවසර අරගෙන හැමෝම සතුටින් පිනවන්න
    හිටපු නිසයි සිදුවුණෙ අද මෙහෙම දුකින් ඉන්න

    පෙරුම්පිරුවා ඇති වනතුරු එක සෙවනක ඉන්න
    අවසර දුන්නෑ කවුරුත් අපි දෙන්නගෙ පෙමට
    ඇති වනතුරු දුක් වින්දා මොකක්ද කළ වරද
    අහිංසකාවියෙ කියන්න ඔබ තවමත් මගෙද..?

     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    මායම් තරු රෑනේ බැල්මෙන් මිදී
    පායන් ආ සඳටයි බැදුනේ වෙලී
    රෑනෙන් මිදුනා මා නෑ අත් බැඳී
    මා නම් අද ඉන්නේ ප්‍රේමේ ගිලී
    සීතාවියක් හින්දා රෑ නෑ නිදී
    ඔබ හින්දයි තවමත් මා මග බලමින් ඉන්නේ රැඳී
    කවදාවත් රිදවන් නෑ හිමිවේ නම් උන්මාදිනී

    පාඩම් පොතේ සුවඳ අකුරින් ලියා දුන්
    උන්මාද ගීතේද ගැයුවේ ඔයා
    ඒ පොත් කොනේ ලියුව හසුනත් ඔයාටයි
    මේ පෙම් හැගුම් නැද්ද දැක්කේ ඔයා

    හැමදාම නෙතු කීව ඒ පෙම් කතාවේ
    හිතවත් කමක් නේද දැනුනේ කියා
    කවදා ද ඉටුවන්නෙ මේ ප්‍රාර්ථනාවන්
    දුක් ගින්දරේ හීන ඇවිලී ගියා

    මල්හීන හිත බැන්ද කිරිකෝඩු කාලේ
    එක හිනයක් ගාව මම නැවතිලා
    තරු වාගෙ දිලිහෙද්දි පොඩි ඇස් ඔයාගෙ
    බෑ දැන් කියාගන්න හිත ගොළුවෙලා

    දැනගත්ත‍ දා ඈත වෙන්වී ගියෝතින්
    හැමදාම විදවන්න මා මෙහි තියා
    නොකියාම ඉන්නම් මගේ ප්‍රාර්ථනාවන්
    මිතුදම් හොඳයි අහිමි වෙනවට වඩා
    :(

     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    උඹ මොකෝ බොල මෙච්චර උදෙන් නැගිටින්නෙ.. :shocked:
    උදෙන්ම නැගිටින්නේ පාඩම් කරන්න බන්.....වැඩ අරඹන්න කලින් පොඩ්ඩක් මේ පැත්තට ඔලුව දාලා ‍යන්න කි‍යලා ආවම උඹලා මොනවදෝ බහුබූත ගොඩක් ලි‍යලනේ.......
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අඳුර මැදින් නුඹ එනවද ආදරේ අරන්
    නැගෙන හිරු මැඳින් බසින හිරු මැඳින්
    ඉතින් කියනවද මට ආදරෙයි එක වරක්
    රිදෙන සිත දුකින් දැවෙන සිත දුකින්

    සුසුම් පොඳයි නුඹ මට මගෙ ජීවිතය ගෙනියන
    මගේ සුසුම් පොඳයි නුඹ
    නුඹ ආදරෙයිද මට මහ සාගරය තරමට
    කඳුළක් වෙන්නෙපා නුඹ
    නිල් අහසක් තරමට දැනෙනවා නුඹගෙ සෙනෙහස

    සරා සඳකි නුඹ මට සිත් අහසම එළිය කල
    අඳුරක් දෙන්නෙපා නුඹ
    නාමල් සුවඳකි නුඹ සිත් මළුවම සුවඳ කල
    දැනෙනවා නුඹගෙ සෙනෙහස
    නෙතඟින් කඩා හැලෙන කඳුළක් වෙන්නෙපා නුඹ

    ---------------------------

    අවිහිංසක ඇස් දෙකකට කඳුලු දුන් තරම්
    නපුරු උනේ කොහොමද නුඹ කියන් රත්තරං
    පෙම් කළ සිත මේ තරමට රිඳවන්න තරම්
    මම වරදක් කලාද, මට කියන් රත්තරං

    නුඹ වෙනුවෙන් සිත පාමුල තැබූ පෙම් පැතුම්
    මන්දාරම් හිස් අහසේ පාවුනා සුසුම්
    සිත නුඹ ගැන විමසන හැම මොහොතකම ඉතිං
    ඉවසන්නම් මගේ කඳුළ නුඹගෙ සතුට නම්

    ----------------------------

    බුදුරුවගල වෙහෙර විහාරෙට වැඳලා මම
    ඉල්ලන්නේ නුඹෙ සිතමයි සින්නක්කරයට
    සමාවෙන්න විහාරයක පාරමි පිරුවට
    කඳුළු බින්දු දන්නව නෙත් තුල සිරවුන

    නුඹ වෙනුවෙන් රෑ අහසේ තරු කැටයක මම
    ලියා තබන්නම් සෙනෙහස සිත තුළ දඟලන
    නින්ද නැතුව තනියහනක විඳනා ගින්දර
    දන්නව නම් නුඹ ඉන්නෑ ඈතට වී අද

    ජීවිතයේ මාත්‍රයක මම දුන් කඳුළැලි
    අද මා හට තේරෙනවා නුඹටත් වෙන්නැති
    සත්තයි මම නුඹ වෙනුවෙන් හැඬූ තරම් මදි
    ඒ හින්දා වෙන්නැති මේ කඳුලු කිනිති නිති

    ------------------------

    මගෙ ප්‍රථම ආදරෙත් නුඹ පමණයි
    අවසාන ආදරෙත් නුඹ පමණයි
    නෙතු පියෙන තුරාවට නුඹ මගෙමයි
    මට නුඹෙන් තොර ලොවක් නැති ගාණයි

    ඔබට මමත් මම ඔබටත් නැතිව බැරි තරම්
    ආදරයේ සෙනේ දියෙන් නෑවිලා පැතුම්
    සිත හඬවන්නෑ අඹමල් රේණුවක තරම්
    උණු කඳුළක් වැටෙන්නෙපා ඔබේ නෙතු අඟින්

    සුළං රොඳක් වගේ ඇවිත් මගේ මුව අඟින්
    සිපගන්නව ඔබේ දුවඳ යන්නෙ නෑ සිතින්
    ඉන්න ඉසව්වට මගෙ හිත යනව මොහොතකින්
    ඔබේ වඳන් ඇහෙනව මට ගීතයක් ලෙසින්

    ----------------------

    සදාතනික ආදරයක් හිතේ තියෙනවා
    ඔබ වෙනුවෙන් ඕන දුකක් මං උහුලනවා

    මැදියම් රෑ අවදි වෙලා නුඹ ගැන සිහි කරලා
    පැතුවෙ අහිංසක පැතුමන් ඉටු වෙන්නට කියලා
    හීනෙන්වත් දුරස් වෙන්න මට නම් බෑ කියලා
    ඔබ කිව්වා මතකයි මගෙ නළලෙ අත තියාලා

    ඔබ මා හැර ගියොතින් මතු දවසක දුක දීලා
    හිතාගන්න බෑ මම ජීවත් වේවිද කියලා
    ඔබෙ ඇස් දෙක දිහා බලා කියනව මම දිවුරා
    මලක් වගේ රැකගන්නම් මගෙ දිවි කැප කරලා

    -----------------------

    මගෙ කඳුළට ආස කරපු මගේ රත්තරන්
    දෙකපුල් දිග ගලන කඳුළු කියයි පෙම් වදන්
    පාරමිතා පුරපු හිතට දුන්නු ගින්දරින්
    සතුටු වෙන්න පුලුවන් නම් හඬන්නම් ඉතින්

    ළයට තියා බලාගත්ත මල් පොහොට්ටුව
    පරවෙන්නට ඉඩක් දුන්නෙ රත්තරන් ඔබ
    කළුවර රෑ පහන් කරපු සරා සඳ ඔබ
    මා තනිකර අඳුරෙ තියා හැංගුනෙත් ඔබ

    ඇස් දෙකේ කඳුලු රිඳුම් දිදී බිමට වැටුණම
    හිනාවෙන්න තරම් නපුරු වෙලා අඳ ඔබ
    පෙම්බර හිත පළුදු කරලා දුන්නු ගින්දර
    දැවි දැවි හිත විමසන්නෙම ඔබේ දුක සැප

    ------------------------------

    මල් වගේ සුමුදු හිත රිඳවා
    දෑසෙ කඳුලු බින්දු තියා
    හිතුවෙම නෑ කිසිම දිනක
    මා තනිකර යාවි කියා

    තරුකැට ගණන් කරන පාලු මේ රැයේ
    ඇස් දෙක දිගේ කඳුලු බොදවෙලා ගියේ
    ඔබේ හිතින් මට දඬුවම් කලා දැන් ඇතී
    ඉස්සර වගෙ හිනාවෙලා යන්න ඇයි බැරී

    හදවත ගිණිගයි ඔබ සිහිවෙනා රැයේ
    මතකයි ලෙන්ගතු ඔබෙ වදන් මට ඇසේ
    හිතාගන්න බෑ ඇයි හිත වෙනස් වී ඔබේ
    දරාගන්න බැරි දුක හිත පෙලයි දැවි දැවී

    -------------------

    පිපෙන පිපෙන මල් සේරම බඹරුන් ළඟ නැලවෙනා හැටී
    හිතට දැනුණ දුක් ගින්දර කියන්න මට කවුරුවත් නැතී
    නුඹට දුන්නු කවි සේරම නුඹ මට ආපසු දුන්නු හැටී
    මතකෙට එන හැම වාරෙම ඇස අද්දර උණු කඳුළු කැටී

    හිතේ සියුම් තැන් රිඳවන ඔබේ හසුන් දිගේ නෙතු යවා
    නෙතේ කඳුළකින් බොඳවන ඔය සිනහව මට විහිලු කලා
    දැනේ සුවද ඒ හසුනක පිපුනු මලක වියලි පෙති නිසා
    මගේ හිතත් ඒ පෙති සේ පරවීලා වියළිලා ගියා

    මගේ කඳුලු පිසලන විට ඔබේ සුවඳ ලේන්සුව අරන්
    ඔබේ සුවඳ මට දැනුණා ඔබ මා ළඟ ඉන්නවා ලෙසින්
    හිතේ අඳුර දුරු වෙනවා එදා මතක සුවඳ යළි ඇවිත්
    ඇසේ කඳුළ වියලෙනවා මොහොතක් මගෙ හිතට නුඹ ඇවිත්

    --------------------------------

    සඳේ එළියෙන් පවා ඇඳුනේ නුඹගේ සිනා
    රැයේ සිහිනේ වෙලා හිනැහෙන් මා හා ඔයා
    හදේ සෙනෙහෙ අමතක කර නොයන් මා දමා
    මගේ පණ ඔයා

    රෑ සිහිනෙන්වත් ඇවිදින් හමුවන්න ඔයා
    නුඹයි මගේ ජීවිතේ සදා
    සිහිනෙන්වත් හිතන්නෙපා යන්න මා දමා
    ආදරෙයි මා සදා
    අහිමි වෙන්න එපා හදේ නැගෙයි වේදනා
    මගේ පණ ඔයා

    මහද අහස් තලයේ පෑයූ සඳයි ඔයා
    අමාවකයි නුඹ නැතිවුණ දා
    හත්දින්නත් තරු පොකුරෙත් දුටුවෙ නුඹෙ සිනා
    ආදරෙයි මා සඳා
    අහිමි වෙන්න එපා හදේ නැගෙයි වේදනා
    මගේ පණ ඔයා

     
    Status
    Not open for further replies.